ධනේෂ් විසුම්පෙරුම
පසුගිය සතියේ විද්‍යාත්මක පුවත් ඇතුළත් ජාත්‍යන්තර වෙබ් අඩවිවල දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ වැදගත් පුවතක් දැකිය හැකි විය. එයින් පැවසුණේ ලෝකය උණුසුම් වීමේ වේගයේ යම් අඩු වීමක් මෑත කාලයේ දී නිරීක්‌ෂණය කළ හැකි බවකි.
මේ පුවත් සඳහා පදනම් වී තිබුණේ Nature Geoscience සඟරාවේ පළ වූ වාර්තාවකි. එහි සඳහන් ව ඇති අන්දමට, ඊට පෙර දශකය හා සාපේක්‌ෂව, මෑත දශකයක කාලය ඇතුළත මිහිතලය උණුසුම් වීමේ (ගෝලීය උණුසුම් වීමේ) වේගයේ කිසියම් අඩු වීමක් සිදු වී ඇති බව පැහැදිලි ය. (මූලාශ්‍රය( Nature Geoscience,DOI:10.1038/ ngeo1836). එහෙත් මේ නිසා සත්‍ය වශයෙන් ම සිදුවිය හැක්‌කේ කෙබඳු දෙයක් ද යන්නට පිළිතුරු උක්‌ත ලිපිය ම`ගින් ලබා දී ඇත. ඒ අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැමේ කිසියම් අඩු වීමක් කෙටිකාලීන වශයෙන් දැකිය හැකි වනු ඇත. මේ තත්ත්වය ඉදිරි දශක කිහිපයක කාලයේ දී සිදු විය හැකි ය. අන්තර්ජාතික දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර්ආණ්‌ඩු මණ්‌ඩලය (IPCC) ම`ගින් 2007 වර්ෂයේ දී නිකුත් කළ සිවුවැනි ඇගැයීම් වාර්තාවේ සඳහන් වන්නේ කෙටිකාලීන උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක 1-3 අතර ප්‍රමාණයක් ගනු ඇති බව ය. එහෙත් මේ නව විශ්ලේෂණයට අනුව, පසුගිය දශකයක කාලයේ සිදු ව ඇති උෂ්ණත්වය ඉහළ යැම පමණක් සලකා බැලුව හොත්, කෙටිකාලීන උෂ්ණත්ව පුරෝකථනය සෙල්සියස් අංශක 0.9ත් 2.0ත් අතර තරම් වේ. ඔවුන් පවසන ආකාරයට ඉදිරි දශක කිහිපයක කාලයේ දී ලෝකයේ උෂ්ණත්වය ඉහළ යනු ඇත්තේ මේ වන විට පිළිගෙන ඇති අපේක්‌ෂා කරන ලද ප්‍රමාණයට වඩා 20%ක් පමණ සෙමින් ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ලෝකය උණුසුම් වීමේ බලපෑම ඇති වන අතර එය තරමක් පමා වීම පමණක් සිදු විය හැකි ය. එනම්, 2050 වන විට ඇති වෙතැයි අපේක්‌ෂිත තත්ත්වය තවත් දශකයක් හෝ වසර 15ක් පමණ පමා වීමක් පමණක් විය හැකි ය.
මේ අනුව පැහැදිලි වන එක් කරුණක් වන්නේ බෙහෙවින් ආන්තික පුරෝකථන සැබෑ වීමට ඇති අවස්‌ථාව අඩු බව ය. එහෙත් එයින් දිගුකාලීන උෂ්ණත්ව වර්ධනයට බලපෑමක් ඇති නො වන බවක් පෙනේ. උක්‌ත පර්යේෂණයේ ම දක්‌වා ඇති ආකාරයට, මේ බලපෑම් හේතුවෙන් දිගුකාලීන වශයෙන් පුරෝකථනය කර ඇති උණුසුම වැඩි වීම සැලකිලිමත් අගයකින් වෙනස් වීමක් සිදු නො වනු ඇත. සිවුවැනි දේශගුණ ඇගැයීමට අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සඳහා දිගුකාලීන වශයෙන් ලබා දී ඇති අගය සෙල්සියස් අංශක 2ත් 4.5ත් අතර ප්‍රමාණයකි. මේ නව අධ්‍යයනයට අනුව එය 0.9ත් 5.0ත් අතර ප්‍රමාණයක් වනු ඇත. (ඊට ගත වූ දශකයක කාලය පිළිබඳ දත්ත ද ඇතුළත් ය.) මින් පෙනෙන්නේ මිහිතලයේ උෂ්ණත්වය ඉහළ යැම පිළිබඳ පුරෝකථන දිගුකාලීන වශයෙන් එතරම් වෙනස් නො වනු ඇති බව ය. දේශගුණ වෙනස් වීම තවදුරටත් බරපතළ බව පැහැදිලි ය.
කෙසේ වෙතත් මේ නව පර්යේෂණය පිළිබඳ විවේචන ද පවතී. නිදසුනක් ලෙස ඉහත අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති ආකාරයට පසුගිය දශකයක කාලයේ දී ජනනය වූ තාපය මුහුදු ජලයට අවශෝෂණය කර ගබඩා කරගෙන තීබීම මේ තත්ත්වයට වැඩි දායකත්වයක් ලබා දෙන කරුණ වේ. එහෙත් මේ අදහස වැඩි අවධානයකට යොමු කළ යුතු බව ඇතැම් විද්‍යාඥයන් ගේ අදහස වේ. ඊට හේතුව වන්නේ ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට සාගරයේ මේ ක්‍රියාවලිය ස්‌වාභාවික ක්‍රියාදාමයක් නිසා ඇති විය හැකි ය. එය එල් නිනෝ හා බහුදශකමය අත්ලාන්තික් දෝලනය (Atlantic Multidecadal Oscillation) නිසා විය හැකි ය. එවැන්නකින් අවශෝෂණය කළ තාපය නැවත ආපසු පරිසරයට එක්‌වීමට ද ඉඩක් පවතී.
මේ කතාව අලුත් දෙයක් ද?
මේ උෂ්ණත්වය ඉහළ යැම අඩු වීම අලුත් දෙයක් නම් නො වේ. මිහිතලය උණුසුම් වීමේ වේගයේ අපේක්‌ෂිත ප්‍රමාණයට වඩා කිසියම් අඩු වීමක්, මෑත කාලයේ දී දැකිය හැකි බව මීට පෙර පර්යේෂණාත්මතව පෙන්වා දී තිබේ. නිදසුනක් ලෙස ගත හොත්, 1998-2008 අතර කාලය ඇතුළත ඇති වූ උෂ්ණත්ව වෙනස් වීම ඉන් පෙර කාලයේ දී තරම් නො වූ බව පෙන්වා දුන් වාර්තා 2009 දී පළ විය. මේ එක් වාර්තාවකට අනුව 2005-2008 අතර කාලයේ දී ලෝකයේ ගොඩබිම මතුපිට උෂ්ණත්වයේ යම් අඩු වීමක් දැකිය හැකි ය. එහෙත් 2009-2010 කාලයේ දී ලෝකයේ උෂ්ණත්වය යළිත් වර්ධනය විය.
අදාළ කාලයේ උෂ්ණත්වයේ පැහැදිලි වර්ධනයක් හඳුනාගැනීම අපහසු වූයේ ඇයි ද යන්නට හේතු සෙවීමට උත්සාහ ගත් අධ්‍යයනයක වාර්තාවක් 2011 වර්ෂයේ දී පළ විය. එහි දී පෙන්වා දෙන ලද්දේ අදාළ වෙනස් වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ස්‌වාභාවික හේතු වන නමුත්, ඒ නිසා මානව ක්‍රියාකාරකම් නිසා ඇති වන දේශගුණ වෙනස් වීම පිළිබඳ මතවාදයට ගැටලුවක් ඇති නො වන බවත් ය. ගත වූ ශතවර්ෂය ඇතුළත එවැනි උණුසුම් වීම නැවතුණු අවස්‌ථා දෙකක් ද දැකිය හැකි ය. ඉන් එකක් 1940 ගණන්වල වන අතර අනෙක 1970 ගණන්වල දී ය. ඊට හේතු සේ සඳහන් වන්නේ උෂ්ණත්වය නිසා ඇති වූ වෙනස් වීමට වඩා වැඩි සිසිල් වීමක් සල්ෆර් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ම`ගින් ඇති වීම ය. එහෙත් 1970 දශකයෙන් පසුව කාර්මික රටවල ඇති වූ වෙනස් වීම් නිසා සල්ෆර් ඩයොක්‌සයිඩ් විමෝචන අඩු වීම හා හරිතාගාර වායු විමෝචන ඉහළ යැම මෑත කාලයේ දී මිහිතලය උණුසුම් වීමේ වර්ධනය සඳහා දායක වී තිබේ. (මූලාශ්‍රය : Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/ pnas.1102467108)
මෙවැනි අදහස් පිළිබඳව ලෝක ප්‍රකට දේශගුණ විද්‍යාඥයකු වන ඡේම්ස් හැන්සන් ගාඩියන් පුවත්පතට දක්‌වා තිබූ අදහස් මෙහි දී වැදගත් වෙයි. ඔහු පැවසූවේ, ගත වූ දශක දෙකක කාලයේ දී උෂ්ණත්වය ඉහළ ගොස් නැතැයි පැවසීම සත්‍යයක් නො වන බව ය. ගත වූ දශකයේ දී ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.1කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය ඊට පෙර දශකයේ දී දැකිය හැකි වූ 0.2ක අගයට වඩා අඩු ය. මෙවැනි වෙනසක් ඇති වීමට ස්‌වාභාවික ක්‍රියාවලි හා විචල්‍යතා දායක වන බව ඔහු ගේ අදහසයි. මේ නිසා දේශගුණ වෙනස් වීම නැවතී ඇතැයි සිතීමට නොහැකි බව ඔහු ගේ විශ්වාසයයි. තවදුරටත් මේ පිළිබඳව අදහස් දක්‌වන ඔහු පවසන්නේ මෙය කිසියම් ආකාරයකට අවධානය ඉවත යොමු කිරීමේ උපක්‍රමයක් විය හැකි බවයි. එහි අරමුණ වන්නේ සාමාන්‍ය ජනතාව නොමඟ යෑවීම විය හැකි බව ද ඔහු පවසයි.
කල් මැරීමට තරම් කාලයක් නැත
අප මේ ලිපියට මාතෘකා කරගත් අධ්‍යයනය පිළිබඳව ඇතැම් ජනමාධ්‍ය දැක්වූ ප‍්‍රතිචාරය තුළ දැකිය හැකි වූයේ මේ පිළිබඳව ඇති උනන්දුවේ තරමයි. ඇතැම් මාධ්‍යයක් උෂ්ණත්වය ඉහළ යෑම අඩු වී ඇති බව දක්වා තිබූ අතර ඇතැම් මාධ්‍ය ආයතන මෙහි නිවැරදිතාවය හා අර්ථදැක්වීම් පිළිබඳවද සාකච්ඡුා කර තිබිණි.
මෙවැනි පුවතක් සඳහා වැඩි ප‍්‍රසිද්ධියක් ලැබීමෙන් සිදු විය හැක්කේ කුමක්ද? එ් නිසා දේශගුණ වෙනස් වීම පිළිබඳව ජනතාව අතර සැකයක් ඇති විය හැකිය. මේ වන විටත් ලෝකයේ දියුණු රටවල ජනතාව අතර දේශගුණ වෙනස් වීම පිළිබඳ යම් යම් සැක සංකා ඇති බව සමීක්ෂණ මගින් පෙනී ගොස් ඇත. මේ තත්ත්වය අප අද අත්විඳින දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට ගන්නා උත්සාහයට බලපෑමක් ඇති කළ හැක්කකි.
මෙයින් වාසි ලබන්නේ කවුරුන්ද යන්න එතරම් ඇපැහැදිලි කරුණක් නොවේ. එය කාණ්ඩ කිහිපයකින් දැක්විය හැකිය. ඉන් පළමු කාණ්ඩය වන්නේ දේශගුණ සංශයවාදීන්ය. මේ වන විට බෙහෙවින් අඩු අවධානයකට ලක්ව සිටින දේශගුණ සංශයවාදීන්ට මෙවැනි සිදුවීම් හරහා ප‍්‍රචාරයන් ලබා ගත හැකිය. ඇතැම් දේශගුණ සංශයවාදී ජනමාධ්‍ය පවා මේ සිදුවීම පිළිබඳව ලබාදී ඇති ප‍්‍රතිචාර සලකන විටද මේ බව පෙනේ. අනෙක් අතට මේ හා සමාන උත්සාහයක යෙදී සිටින තවත් පිරිසක් වන්නේ ලෝකයේ විවිධ බලශක්ති සමාගම් දැක්විය හැකිය. ඔවුන්ටද අවශ්‍ය වන්නේ වර්තමාන පොසිල ඉන්ධන මත රැුඳුණු ආර්ථිකය පවත්වාගෙන යෑමය. එ් හුදෙක් වෙළෙඳ වාසි සඳහාය.
එසේම දේශගුණ වෙනස් වීම පිළිබඳ පිළියම් සෙවීමේ උත්සාහය පමා කිරීමේ උත්සාහයක ලෝකයේ රටවල් ගණනාවක් ඍජුව මෙන්ම වක‍්‍රවද යෙදී සිටින බව අප දන්නා කරුණකි. මේ අතරින් වඩාත් ප‍්‍රමුඛ වන්නේ ඇමරිකාවයි. යුරෝපා සංගමය සමස්තයක් ලෙස දේශගුණ වෙනස්වීමට විසඳුම් සෙවීමට උනන්දුවක් දැක්වුවද, එහි ඇතැම් සාමාජිකයන් අනෙක් රටවල් හා සමාන උනන්දුවක් මේ පිළිබඳව දක්වන්නේ නොවේ.
එහෙත් අද ලෝකයට අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මනින් දේශගුණ වෙනස් වීමට කල්පවත්නා විසඳුමක් සොයාගැනීමයි. දේශගුණ වෙනස් වීම මේ වන විට සිදුවෙමින් පවත්නා දෙයකි. බොහෝ දියුණු වෙමින් පවත්නා රටවල් දේශගුණ වෙනස්වීමේ වැඩි බලපෑමක් මේ වන විටත් අත්දකිමින් සිටියි. එසේම බොහෝ අධ්‍යයනවලින් පෙන්වාදී ඇති ආකාරයට, ලෝකයේ හරිතාගාර වායු විමෝචන සහමුලින්ම නවතා දැමුවද අද දක්වා ඉහළ ගොස් ඇති හරිතාගාර වායු විමෝචන නිසා දැඩි දේශගුණ වෙනස්වීමක් අනාගතයේදී ඇති විය හැකිය. මේ පිළිබඳව කරුණු විද්‍යාත්මක සාධක සපයන අධ්‍යයන වාර්තා රාශියක් මෑත කාලයේදී පළ වී තිබේ. එය අමුතුවෙන් පැවසිය යුතු දෙයක් නොවේ.
අනෙක් අතට උක්ත අධ්‍යයනයේදී පැහැදලිව පෙන්වාදී ඇති පරිදි, ඔවුන්ගේ සොයාගැනීම් අනුවද ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳ දිගුකාලීන පුරෝකථනවල එතරම් වෙනස්කමක් ඇතිවිය නොහැකිය. මේ නිසා අප මේ අධ්‍යයනයෙන් දේශගුණ වෙනස්වීම වැළැක්වීම සඳහා අප ගන්නා උත්සාහය අත්හැරීම කළ යුතු නොවේ. මේ අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑමේ වේගය මෑතදී අඩු වී තිබීම සතුටු විය හැකි තරම් කරුණක් නොවේ.
http://www.vidusara.com/2013/05/29/feature2.html

No comments:
Post a Comment