Wednesday, February 18, 2026
Thursday, February 12, 2026
උද්ධච්ච වචනාර්ථය
උද්ධච්චය
සිංහල භාෂාවේ නිතර භාවිත වන "උද්ධච්ච" යන්නට අරුත් දෙකක් ඇති බව සිංහල ශබ්දකෝෂය අනුව පෙනේ.
(1). උඩඟු බව, අහංකාර බව පළමු අර්ථයයි. අප සමාජයේ වැඩි පිරිසක් උද්ධච්ච යන වචනය භාවිත කරන්නේ හා වටහා ගන්නේ මේ අර්ථයෙනි. උදස් යනු මීට සමාන වචනයකි.
මේ වචනය සඳහන් උදෘතයක් "උඩඟු වුවක්ගේ ස්වභාවය උද්ධච්ච නමි" යනුවෙන් හැරමිටිගල සිරි ධීරානන්ද හිමියන් ශෝධනය කළ, පුරානසන්න සහිත මහාසතිපට්ඨාන නම් කෘතියේ (මුද්‍රණය 1941-51) 682 පිටුවේ සඳහන් වන බව සිංහල ශබ්දකෝෂයේ සඳහන් ය. උදස්, උදහස යනු සමාන වචන වේ.
(2). සිතෙහි ඇති විසුරුණු බව හෙවත් නොසන්සුන් බව ද උද්ධච්ච නම් වේ. "අළු ගොඩකට ගලක් ගැසූ කලක මෙන් සිතෙහි ඇතිවන විසුරුණු නොසන්සුන් ස්වභාවය ලෙස" මෙය ශබ්දකෝෂයේ දැක්වේ. මෙය අකුසල චෛතසිකයකි. මෙම වචනය සඳහා මූලාශ්‍රය ලෙස ගත් කෘති කීපයක් එහි දක්වා ඇත. ඒ අතර, සාමණේර ප්‍රශ්න සන්නය (18 පමණ රචිත, 1926 දී මුද්‍රිත බෙන්තර ශ්‍රී සරණංකර ශෝධනය, 137 පිටුව), අභිධර්මය (ඩබ්ලිව්. ඩී. සී වාගීශ්වරගේ කෘතියේ 1946 මුද්‍රිත උහන්ඕවිට සුසනතිලක ශෝධනය, 2 පිටුව) හා කළුතර ධර්මදේශනා (1944දී මුද්‍රිත පී.ඩී. ද අල්විස් ප්‍රකාශනය, 224 පිටුව) හා මිළින්ද ප්‍රශ්නය (18 සියවසේ කෘතියේ 1923 මුද්‍රිත පී. ඒකනායක ශෝධනය, 505 පිටුව) දැක්වේ.
උද්දච්චකුක්කුකුච්චය
ඉහත දෙවැනි අරුත හා සම්බද්ධ වදනයක් වන "උද්දච්චකුක්කුච්චයය" යනු පංචනීවරණවලින් එකකි. මෙහි එන "කුක්කුච්චය" යන්නෙන් අදහස් වන්නේ, තමන් කළ අයහපත් දේ/ දුසිරිත් ගැන හා නොකළ යහපත් දේ/ සුසිරිත් ගැන නැවත නැවත පසුතැවිලි වන ස්වභාවයයි.
මීට අදාළ Facebook පෝස්ටුව මෙතැනින්
සටහන -
ධනේෂ් විසුම්පෙරුම
2026-02-12
Friday, February 6, 2026
තවමත් ඔබ පමා නැත
"ඔබේ ගමන්මඟ වෙනස් කිරීමට
Wednesday, February 4, 2026
Tuesday, February 3, 2026
"මේ සීට් එකත් යනවා" (බස් කතා 17)
එදා හොරණින් ඉංගිරිය බස් එකකට නැග්ගෙ ගුරුගොඩ යන්න.
මට ඉදගන්න සීට් එකක් ලැබුණා. තව සීට් තිබ්බත් කිට්ටුව බහින අය ඉන්නව හිටගෙන, ඉදගන්නෙ නැතිව. ඒ බස් එකේ කිට්ටුව බහින අය වැඩියි තමයි.


