Friday, February 6, 2026

තවමත් ඔබ පමා නැත

"ඔබේ ගමන්මඟ වෙනස් කිරීමට

තවමත් ඔබ පමා නැත..."


(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)


රජයේ සේවයෙන් වයස අවුරුදු 60 දී විශ්රාම ලබා ඉන්පසුව ශාස්‍තීය අධ්‍යයන සහ ලේඛන කටයුතු සඳහා පිවිසි පෞද්ගලිකව දැන සිටි අයෙකු මට සිහියට ඒ. ඔහු ලියූ නවකතා, කෙටිකතා හා ශාස්ත්‍රීය පොත් ගණන එක් අතක ඇඟිලි ගණනට සමාන ය. එහෙත්, ඒ අතර රාජ්‍ය සම්මාන ලියූ ශාස්ත්‍රීය කෘතියක් හා හොඳම නවකතාවට රාජ්‍ය සම්මාන ලද කෘතියක් තිබේ. අද අප අතර නැති ඔහුගේ නම ඇසෙන්නේ ඒ කටයුතු නිසා ය.

එසේ නම් ඔබ තවම පමා නැත.

ඔබේ අරමුණ තෝරාගන්න. ඉලක්ක හඳුනාගන්න.

අවශ්‍ය වන්නේ ඒ සඳහා කැපවීමෙන් කටයුතු කිරීම ය. වෙහෙසීම ය.


සම්බන්ධිත Facebook සටහන සඳහා Click කරන්න.

2026.02.02

Saturday, January 17, 2026

ලියුම් දෙකක කතාවක්

මේක අන්තර්ජාතික හෑල්ලක්. ප්‍රබන්ධ කතාවක්.

ස්ටාලින්ට පස්සේ සෝවියට් දේශයේ නායකයා වෙන්න නියමිත උනේ නිකීතා කෘෂෙෆ්. තමන් ලියපු ලියුම් දෙකක් තියන තැන කෘෂෙෆ්ට කියපු ස්ටාලින් කීවාලු රටේ අමාරුම ප්‍රශ්නයක් ආවොත් එකක් ඇරලා බලන්න කියලා. ඊටත් අමාරු එකක් ආවොත් දෙවැනි එක බලන්න කියලා.
ඉතින් ස්ටාලින්ට පස්සේ කෘෂෙෆ් රටේ නායකයා උනා. එයාට විසඳුමක් නැති අර්බුදයක් ඇති උන වෙලාවේ පළවෙනි ලියුම ඇරලා බැලුවාලු. ඒකෙ තිබ්බේ මෙහෙම - "හැමදේකටම මට බනින්න - මීට ස්ටාලින්" කියලලු. කෘෂෙෆ් ඒ විදියට කරලා ඒ ප්‍රශ්නයෙන් බේරුණාලු.
තව ටික දවසකින් ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් ආවලු. කෘෂෙෆ් ඉතින් දෙවැනි ලියුම බැලුවාලු. ඒකෙ තිබ්බේ..., "ලියුම් දෙකක් ලියන්න - මීට ස්ටාලින්" කියලයි!
මේ කතාව ප්‍රබන්ධයක් විදියට "A Tale Of Two Letters" නමින් Washington Post පුවත්පතේ 1982 වර්ෂයේ විතර පළවූවක් - මාක් ෂීල්ඩ්ස් නම් රචකයා ඒක ලියන්නෙ ඇමරිකානු සිදුවීමකට සම්බන්ධ කරලා (පළවෙනි කමෙන්ට් එකේ Washington Post ලින්ක් එකයි, පුවතයි දෙකම ඇති. කාලෙකට කලින් කියවලා තිබ්බා. දැන් ඒක කියවන්න නම් ඒ ‌වෙබ් අඩවියට Subscribe කරන්න වෙනවා).
තව දෙයක්, මේ කතාව කාලයකට කලින් මං සිංහලෙන් කියවල තිබ්බේ ලියුම් තුනක් විදියට. ඒකෙ විදියට දෙවැනි ලියුමේ තිබ්බේ "හැමදේකටම සිස්ටම් එකට බනින්න" කියලයි!
පොඩ්ඩක් හිතන්න, ඔය උඩ කතාව ප්‍රබන්ධයක් උනත්, ඔය මතවාදය වෙන රටවලට ඇප්ලයි කරන්නත් බැරි නෑ. ඇත්තටම ඇප්ලයි කරල තියනවත්- කලින් හිටපු අයටත්, සිස්ටම් එකටත් බනින එක ඒ රටවල්වල සුලබ දෙයක්.


A Tale of Two Letters By Mark Shields

January 14, 1982

සබැඳිය -