Wednesday, December 30, 2020

Crudia zeylanica - දුලබ ආවේණික ශාකයක කතාව

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.30, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/12/30/feature1.html
(විදුසර මුල් ලිපිය යාවත්කාලීන කර ඇත.)



Crudia zeylanica යනු ශ්‍රී ලංකාවේ පමණක් දැකිය හැකි හෙවත් අපේ රටට ආවේණික ශාකයකි. එයට ප්‍රකට සිංහල නාමයක් නොමැති අතර, එය සුලභ ශාකයන් නොවීම ද මීට හේතුවක් වූ බව පෙනෙයි. (මෙම ශාකයට පණු කරඳ ලෙස  නමක් භාවිත වන බව භාතිය ගොපල්ලව මෑත දී සඳහන් කර ඇත.) මේ වන විට ඊට Sri Lanka Legume නම්‍ ඉංග්‍රීසි නම භාවිත වෙයි. කලක් මෙරටින් මෙන්ම ලෝකයෙන් ද වඳ වී ගොස් ඇති බව සිතූ මේ ශාකය යළිත් මෑතක දී හමු විය. එසේ අනාවරණය කරගන්නා ලද මේ විශේෂයේ ශාකයක් පිහිටා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවදානමකට ලක්ව ඇති නිසා අද වන විට මේ ගැන ගැන යම් සාකච්ඡාවක් ඇති වී තිබෙයි.

ශාකය පිළිබඳ අතීත වාර්තා


මේ ශාකය පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි ජී. එච්. කේ. ත්වේටේස් සංග්‍රහ කරන ලද, 1864 වර්ෂයේ දී පළ වූ, Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants නම් කෘතියේ සඳහන්ය. ඒ Detarium zeylanicum නම් උද්භිද විද්‍යාත්මක නාමයෙනි. මේ ශාකය කළුතරට නුදුරු ගල්පාත ප්‍රදේශය බව ඔහු කියයි.

(රූපය - Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants, 414-15 පිටු)

මෙම ශාකයේ ලක්ෂණ අනුව Crudia zeylanica ලෙස නම් කරන ලද්දේ 1866 දී ජෝර්ජ් බෙන්තම් විසිනි. ඒ රනිල ශාක කුලයේ නිවර්තන කලාපීය නව ගණ හා විශේෂ සම්බන්ධව Transactions of the Linnean Society of London සඟරාවට රචනා කරන ලද ලිපියකය. 

මේ පිළිබඳව තවත් උද්භිද විද්‍යාත්මක ප්‍රකාශන කීපයක සඳහන් වෙයි. ඒ අතර ඇති 1872 දී ප්‍රකාශිත Flora Sylvatica on Southern India නම් කෘතියේ පළමු වෙළුමේ ඇති නිදර්ශකයක රූපයක් මේ ලිපියේ ඉහළ දැක්වෙයි. එහි කර්තෘ රිචඩ් හෙන්රි බොඩොමි එම ශාකය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ගල්පාත ප්‍රදේශයෙන් පමණක් බව කියයි. 

1879 දී පළ වූ Flora of British India හි දෙවැනි වෙළුමේ මේ ශාකය ගැන සඳහන් කරන ජේ. ජී. බේකර් එය හමු වී ඇත්තේ ලංකාවේ කළුතරට නොදුරු ප්‍රදේශයකින් බව සඳහන් කරයි. 

(රූපය - Flora of British India, 2 වෙළුම, 271 පිටුව)


1880 සිට 1896 දක්වා කාලයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි හෙන්රි ට්‍රයිමන් තමා මේ ශාකය නිරීක්ෂණය කළේ 1861 හා 1863 වර්ෂවල දී කළුතර දිස්ත්‍රික්කෙය් ගල්පාත ප්‍රදේශයෙන් ලබාගන්නා ලද නිදර්ශක දෙකෙන් පමණක් පවසයි. ඒ ඔහුගේ Handbook to the Flora of Ceylon කෘතියේ 1894 වර්ෂයේ දී පළ වූ දෙවන වෙළුමේය. මෙම ශාකය ඉතා දුර්ලභ බවත් ආවේණික ශාකයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. 

(රූපය - Flora of Ceylon, 2 වෙළුම, 113 පිටුව)


Revised Handbook to the Flora of Ceylon කෘතියේ හත්වැනි වෙළුමේ සඳහන් වන අන්දමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයෙන් ලබාගත් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේ ඇත. එය 1911 පෙබරවාරි 20 දින එකතුකරන ලද බව ද සඳහන් වෙයි. මේ පත්‍රිකාව මත පසුව යමෙකු විසින් කපා දමන ලද බවට අරුත් දෙන 'cut down' යනුවෙන් සඳහන් කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ අනුව පෙනෙන්නේ මේ ශාකය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වවා තිබී පසුව කිසියම් හේතුවක් නිසා කපා දමන ලද බවයි. එය එම ශාකය මිය යෑම නිසා හෝ කඩාවැටීම නිසා වීමට ඉඩ තිබෙයි.

මේ ශාකයේ නිදර්ශක කීපයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තිබී ඇති බව පෙනෙයි. Loris සඟරාවේ 6වන වෙළුමේ අංක 2 කලාපයට 1982 දී මහාචාර්ය සී.වී.එස්. ගුණතිලක හා මහාචාර්ය ඩී.එස්.ඒ. විජේසුන්දර විසින් ‘ශ්‍රී ලංකාවේ කාෂ්ඨීය ශාක විශේෂවල විතැන් සංරක්ෂණය (Ex-situ conservation of woody plant species in Sri Lanka) යන මාතෘකාවෙන් රචනා කරන ලද ලිපියේ දැක්වෙන පරිදි ලංකාවේ දැකිය හැකි ආවේණික ශාක පහකම වාර්තා වී ඇති අවසන් වාසස්ථානය වී ඇත්තේ පේරාදෙණිය උද්භිද උද්‍යානයයි. මේ ශාක අතරින් එකක් වන්නේ අප සඳහන් කරන Crudia zeylanica ශාකයයි. (එම ලිපියේම සඳහන් පරිදි ඉන් එක් ශාකයක් වන Mesua stylosa ශාකය ඒ කාලයේදීම බුලත්සිංහල වගුරු වනාන්තරයෙන් නැවත සොයාගැනීමට හැකි විය.). මෙම ලිපියේ විතැන් සංරක්ෂණයේ වැදගත්කම හා උද්භිද උද්‍යාන සතු කාර්යභාරය පැහැදිලි කර දී ඇති ලිපියකි.

ශාකයේ සංරක්ෂණ තත්ත්වය


19 වැනි සියවසේ දෙවන භාගයේ දී ට්‍රයිමන් විසින් දුර්ලභ ශාකයක් ලෙස සදහන් වූ මේ ශාකය පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නේ පසුකාලයක දී ය. 1993 වර්ෂයේ තාවකාලික ලේඛනයේ දී මේ ශාකය තර්ජනයට පත් ශාකයක් ලෙස ද, 1999 දී IUCN Sri Lanka මගින් ප්‍රකාශිත 1999 List of Threatened Fauna and Flora of Sri Lanka ට අනුව ඉහළ තර්ජනයක් ඇති ශාක විශේෂයක් ලෙස ද නම් කර ඇත.

අන්තර්ජාතික රතු ලයිස්තුවේ දත්ත අනුව මේ ශාකය වඳ වී ගිය ශාකයක් ලෙස නම් කරන ලද ඇගැයීම 1998 වර්ෂයේ දී සිදු කර ඇති එකකි.

2007 වර්ෂයේ දී IUCN Sri Lanka හා පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2007 Red List of Threatened Fauna and Flora of Sri Lanka වාර්තාවේ මෙම ශාකය ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය ශාකයක් ලෙස සඳහන් වෙයි. 2012 ජාතික රතු ලැයිස්තුවේ ද (National Red List 2012 of Sri Lanka) මෙය සඳහන් වන්නේ වඳ වී ගිය ශාකයක් ලෙසය.


නැවත සොයාගැනීම


මේ ශාකය පසුගිය වර්ෂයේදී අනාවරණය කරගෙන ඇත්තේ සැලකිය යුතු කාලයකට පසුව බව පෙනෙයි. දැනගැනීමට ඇති ආකාරයට මෙහි ශාකයේ පැළ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරගැනීමට  මේ වන විට හැකියාව ලැබී තිබෙයි. එබැවින් එය යෝග්‍ය පරිසර තත්ත්ව ඇති ස්ථානවල සංරක්ෂණය සඳහා පියවර ගත හැකිිිය. මේ ශාකය වාර්තා වන ප්‍රදේශවලින් ද හමුු වී ඇති බව ඒ පිළිබඳ අධයයනය කළ පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. ඒ පිළිබඳ සිදුකරන ලද ගවේෂණ ගැන ඉදිරියේදී අපට අසන්නට ලැබෙනු ඇත.


විදුසර මුල් ලිපිය මෙහි දී යාවත්කාලීන කර ඇත. අවසන් යාවත්කාලීන කිරීම 2021.01.20 දින දීය.

Wednesday, December 23, 2020

දළ සඳහා අප්‍රිකානු ඇතුන් මැරූ තරම හෙළි කළ පර්යේෂණයක්

ධනේෂ් විසුම්‌පෙරුම

විදුසර, 2020.12.23, පි 6

http://www.vidusara.com/2020/12/23/feature1.html



ඇත් දළ ලබාගැනීම සඳහා ඇතුන් දඩයම් කිරීම අලි ඇතුන්ගේ පැවැත්මට එල්ල වූ මූලික තර්ජනයකි. කැටයම් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ ආදිය තැනීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක අතීතයේ සිට ඇත් දළ භාවිත කර ඇත. ඒ නිසා ඇත් දළ වෙළෙඳාම ඇතැම් රටවල වැදගත් ආදායම් මාර්ගයක් ද වී තිබිණි. එසේ දළ පිණිස හා ක්‍රීඩාවක් ලෙස දඩයම් කිරීම මෙන්ම වාසස්ථාන අහිමිවීම ආදි විවිධ හේතුවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට අලි ඇතුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව තිබෙයි. අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලින්ට මේ තර්ජනය වඩාත් බරපතළය. සංරක්ෂණ උත්සාහය නිසා අද වන විට ඇත් දළ වෙළෙඳාම බොහෝ රටවල නීතිවිරෝධී ක්‍රියාවකි. එහෙත් මේ සඳහා ඇති ඉල්ලුම නිසා එම වෙළෙඳාම රහසේ සිදුවෙයි. 

අතීතයේ සිට අලි ඇතුන් දඩයම් කළ විවිධ රටවල ඒ දඩයමේ තරම ගැන විවිධ වාර්තා දැකිය හැකිය. ඒ සමහර තොරතුරු අනුව මේ ඇත් දඩයම සැලකිය යුතු තරම් බරපතළ බව පෙනෙයි. කෙතරම් ප්‍රමාණයකින්, කෙතරම් විශාල ලෙස අලි ඇතුන් දඩයම් කළේද යන්න ගැන වන එවැනි විස්තරවල එන කරුණු ගැන ඇතැම් ශාස්ත්‍රඥයන් පවා සැක පහළ කළ අවස්ථා ද තිබේ. ඍජුවම මේ ගැන නොකළ පර්යේෂණයක් නොවූව ද පුරාවිද්‍යාත්මක හා ප්‍රවේණික ද්‍රව්‍ය ගැන සිදු කළ අධ්‍යයනයකින් අප්‍රිකාවේ ඇත් දඩයමේ තරම ගැන වැදගත් කරුණු කීපයක් අනාවරණය වී ඇත. 

ගිලුණු නැවකින් ලැබුණු ඇත් දළ

2008 වර්ෂයේ දී නැමීබියාවේ වෙරළාසන්න දියමන්ති පතලකින් හමු වූ, වැල්ලෙන් වැසීගිය නෞකාවක ශේෂවලින් මේ පර්යේෂණයේ කතාව ආරම්භ වේ. මේ නැව පිළිබඳ සාධක අනාවරණය වීමෙන් පසු දියමන්ති කැනීම නවතා කෙටි කාලයක් තුළ පුරාවිද්‍යා කැනීමක් සිදු කර ඇත. එම නැවේ ටොන් හතලිහක පමණ නැව් බඩු තොගයක් තිබූ බව හෙළි වී තිබෙයි. එසේ හමු වී ඇති විවිධ ද්‍රව්‍ය අතර රිදී හා රන් කාසි, තඹ කුට්ටි හා ඇත් දළ වැඩි වටිනා  ද්‍රව්‍ය තිබී ඇත. එසේම විවිධ නාවුක උපකරණ හා නැවේ භාවිත වූ මෙවලම් ද කැනීමෙන් හමු වී ඇත. විවිධ පර්යේෂකයන් විසින් මේ ද්‍රව්‍ය එදා සිට සිය අධ්‍යයන සඳහා යොදාගනු ලැබෙයි.

මෙම නැවෙන් හමු වූ එක් පෘතුගීසි කාසි වර්ගයක් නිකුත් කරන ලද කාල වකවානුව හා එම කාලසීමාවේ දී එම ප්‍රදේශයේ දී අතුරුදන් වූ නෞකා පිළිබඳ ලිඛිත සාධක ද යොදාගනිමින් එම නැව කුමක්දැයි අනාවරණය කරගැනීමට හැකි වී ඇත. එය බොම් ජීසස් (Bom Jesus) නම් වූ පෘතුගීසි වෙළෙඳ නෞකාවකි. 1533 වර්ෂයේ දී ඉන්දියාව දෙසට යාත්‍රා කරන අතර ඒ නැව අතුරුදන් වී තිබෙයි. මෙම නෞකාව ඉන්දියාව දෙසට යාත්‍රා කරමින් තිබූ බව තීරණය කර ඇත්තේ එහි තිබී හමු වූ තඹ කුට්ටි තොගය නිසාය. එම තඹ කුළු බඩු මිල දී ගැනීමට යොදාගැනීමට අපේක්ෂා කළ ඒවාය. මේ කරුණු අනුව වසර 487ක් පමණ පැරණි නැවක් වන මෙය දකුණු දිග අප්‍රිකාවෙන් හමු වී ඇති පැරණිම නෞකාව ද වෙයි.

නැවේ අඩංගු ද්‍රව්‍ය හා එහි පිහිටීම අනුව එය ශුභ පාර්ථනා තුඩුව දෙසට යාත්‍රා කරමින් තිබිය දී විශාල කුණාටුවට හසු වී උතුරු දෙසට සැතපුම් සියගණනක් ගසාගෙන ගොස් නැමීබියානු වෙරළට ආසන්නව මුහුදුබත්ව විනාශයට පත්වන්නට ඇත. එය අද වැල්ලෙන් වැසුණු බිමකි. මුහුදු මට්ටමට වඩා අඩි විස්සක් පමණ ගැඹුරින් මේ නැව තැන්පත් වී ඇත. 

ඇත් දළවල ප්‍රවේණික දත්ත

නැමිබියාවේ, ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ පර්යේෂක පිරිසක් මෙම නැවෙන් හමු වූ ඇත් දළ පිළිබඳ සිදු කළ අධ්‍යයනයකින් ප්‍රධාන කරුණු දෙකක් අනාවරණය කරගෙන ඇත. ඉන් එකක් පුරාප්‍රවේණික විශ්ලේෂණය මගින් ද දෙවැන්න වන්නේ සමස්ථානික විශ්ලේෂණය මගින් අනාවරණය වී තිබෙයි. 

නැමීබියාවට ඔබ්බෙන් වූ සිසිල් සාගරයේ ගිලී තිබූ බැවින් මේ ඇත් දළ ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ නිසා නැවේ තිබී හමු වූ දළ 62ක තොගයකින් දළ 44කින් සාර්ථක ලෙස DNA ලබා ගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබිණි. එම පෞරාණික ප්‍රවේණික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ දී විද්‍යාඥයගේ අවධානය යොමු වී ඇත්තේ මයිට්‍රකොන්ඩ්‍රියාවල DNA හෙවත් mtDNA පිළිබඳවය. මයිට්‍රකොන්ඩ්‍රියා යනු සෛලවල ඇතුළත් එක් සංඝටකයක් වන අතර එහි ප්‍රවේණික ද්‍රව්‍ය පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ මව් පාර්ශ්වයෙනි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් දුවෙකුට හෝ පුතෙකුට ලැබෙන්නේ තමන්ගේ මවගේ මයිට්‍රකොන්ඩ්‍රීය DNA ය. එබැවින් පරම්පරා හඳුනාගැනීමේ දී වැදගත් වෙයි. 

මෙම මයිට්‍රකොන්ඩ්‍රීය DNA අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මේ නැවෙන් ලැබුණු ඇත් දළ අයත් වන්නේ අප්‍රිකානු වනාන්තර අලින්ට (African forest - Loxodonta cyclotis) බවයි. අප්‍රිකාවේ වෙසෙන අනෙක් අලියා සැවානා අලියාට (African savanna - Loxodonta africana) අයත් ඓකදර්ශ (Haplotype) අතර මේ දළවල DNAවලින් ලැබී නැත. එසේම මධ්‍යම අප්‍රිකානු අලිගහනවල දැකිය හැකි ශාඛාවලට අයත් ඓකදර්ශ ද හමු වී නැත. ඒ අනුව මේ දළ අයත් වූයේ බටහිර අප්‍රිකාවේ වාසය කළ අප්‍රිකානු වනාන්තර අලින්ට බවට පෙනී යයි. බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික් වෙරළ ප්‍රදේශයෙන් පෘතුගාලයට අපනයනය කළ බවට ඓතිහාසික වාර්තාවලින් ලැබෙන සාධක සමඟ ද මෙය ගැලපේ. මේ ඇත් දළ ගිනියාබොක්ක ප්‍රදේශයෙන් නැව්ගත කළ ඒවා බව මේ පර්යේෂකයින්ගේ නිගමනයයි. 

එසේම ප්‍රවේණික කරුණු අනුව මේ අලින් එකිනෙකට වෙනස් රංචු 17කට අයත් වූ බව ද හෙළි වී තිබෙයි. අප්‍රිකාවේ එම කලාපයේ අද වන විට දැකිය හැක්කේ ඒ අතරින් රංචු හතරක් පමණකි. ඒ අනුව අතීතයේ සිදු වූ දඩයම් කිරීම නිසා සෙසු අලි රංචු වඳ වී යන්නට ඇති බව සිතිය හැකිය. මේ අනුව ගත වූ වසර පන්සීයක පමණ කාලය ඇතුළත අලින්ගේ විවිධත්වය විශාල ලෙසින් අඩු වීමට මහා පරිමාණ දඩයම හේතු වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම මේ හමු වූ දළවල දිග අනුව, ගැහැණු පිරිමි සතුන් ද, වැඩුනු හා තරුණ ද යනුවෙන් වෙනසක් නොමැතිව දඩයම් කර ඇති බව ද පැහැදිලිය.

අලින් ජීවත් වූ ප්‍රදේශ හඳුනාගැනීම

අලින් ජීවත්වන්නේ ගැහැණු සතුන් විසින් නායකත්වය ගන්නා කණ්ඩායම් ලෙසයි. එසේම මේ කණ්ඩායමක් හෙවත් රංචුවක් සාමාන්‍යයෙන් ජීවත්වන්නේ එකම භූගෝලීය ප්‍රදේශයකය. එබැවින් මේ පැරණි ඇත් දළවලින් ඒවා අයත් වූ සතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. එම අලින් එකම ප්‍රදේශයක ජීවත්වෙමින් ආහාරගන්නා නිසා ඒ ආහාරවල ඇතුළත් පරමාණු ඔවුන්‌ගේ දළ තුළ තැන්පත් වෙයි. එසේ තැන්පත්වන ද්‍රව්‍යවල ඇති ස්ථාවර කාබන් හා නයිට්‍රජන් සමස්ථානික විශ්ලේෂණය මගින් මේ ඇතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. 

මේ ඇතුන්ගේ දළවල ඇතුළත් කාබන් 13 සමස්ථානිකවල ඉහළ අගය අනුව ඔවුන්ගේ ආහාරයේ C4 වර්ගයේ තෘණ සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්ත වී තිබෙයි. එහෙත් වනාන්තරවල වෙසෙන අලින්ගේ ආහාරයේ දැකිය හැක්කේ C3 වර්ගයේ ආහාර පමණක් නිසා ඔවුන්ගේ කාබන් 13 සමස්ථානික පිරිහී ගොස් තිබෙයි. එසේම නයිට්‍රජන්  සමස්ථානික අගය අනුව ද නැවෙන් හමු වූ දළ හිමි සතුන් ඝන වනාන්තර හෝ විවෘත ශුෂ්ක පරිසරයක වාසය කළ අලින් නොවෙන බව තහවුරු වී ඇත.

මෙහි දී හෙළි වී ඇත්තේ මේ වනාන්තර අලින් වුවත් අප්‍රිකාවේ බටහිර වෙරළේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති ගිනියානු වනාන්තර ප්‍රදේශයට එපිටින් පිහිටි වනාන්තර හා සාවානා මිශ්‍ර පරිසරයේ හා වියළි වනාන්තර ප්‍රදේශයේ ජීවත් වූ අලින් විය හැකි බවයි. එම ඇතුන් ඝන වැසි වනාන්තර පැවති ප්‍රදේශවල ජීවත් වූවන් නොවන බව පැහැදිලි වී ඇත. මෙතෙක් පැවති එක් විශ්වාසයක් වූයේ එම සැවානා ප්‍රදේශයට වනාන්තර අලින් ව්‍යාප්ත වූයේ 19-20 සියවස්වල දී සැවනා අලින්ගේ ගහන අඩු වූ පසුව බවයි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනෙන්නේ අඩු වශයෙන් අදට වසර පන්සීයකට පමණ පෙරදී ද වනාන්තර අලින් ඒ ප්‍රදේශයේ ජීවත් වූ බවයි. ඒ අනුව ඒ කාලයේදී අප්‍රිකානු වනාන්තර අලියාගේ ව්‍යාප්තිය ඒ ප්‍රදේශ දක්වාම තිබී ඇත. එසේම එය එකල පෘතුගීසී වෙළෙද නෞකා පැමිණි ස්ථාන හා ගැලපෙයි. 

සංරක්ෂණයට ඇති අදාළත්වය

කිසියම් සත්ත්ව විශේෂයක ප්‍රවේණික විවිධත්වය අඩු වීම එම සත්ත්ව විශේෂයේ වඳ වී යෑමේ අවදානම ඉහළ යෑමට හේතු වන බව පැහැදිලි කරුණකි. අප්‍රිකානු මහාද්වීපයේම ජීවත්වන චීටා සතුන් අද මුහුණ දී ඇති තත්ත්වය මෙයයි. මිනිසුන් මැදිහත් වී ආරක්ෂා කරගත් හා නැවත ස්වාභාවික පරිසරයට හඳුන්වා දුන් සමහර සතුන් ද මේ තත්ත්වයට මුහුණ දී ඇත. 

මෙම පර්යේෂණයෙන් හෙළි වන කරුණු අලි සංරක්ෂණයට මෙය යොදාගත හැකිය. අද වන විට ද නීතිවිරෝධිව ලබාගත් ඇත් දළ විශාල ලෙසින් හමු වන අවස්තාවල දී ඒවායේ DNA විමර්ශනය කිරීම මගින් අලින් කුමන ප්‍රදේශයක වාසය කරන්නවුන් ද යන්න හදුනාගැනීම මේ වන විටත් සිදුවෙයි. මේ පර්යේෂණයේදී එය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර එම ක්‍රමවේදය ලෝකයේ දැකිය හැකි ඇත් දළ එකතු පැමිණි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා යොදාගත හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සංරක්ෂණය සඳහා වැදගත්ය.

ඡායාරූප - අන්තර්ජාලයෙනි.

(මූලාශ්‍රය: Current Bology, DOI: 10.1016/j.cub.2020.10.086)

Wednesday, December 16, 2020

ජෛව ස්කන්ධය ඉක්මවා ගිය මානවකෘත ස්කන්ධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.16, පි. 9

http://www.vidusara.com/2020/12/16/feature4.html





පෘථිවිය මත පවත්නා මිනිසුන් විසින් නිෂ්පාදනය කරල ලද ද්‍රව්‍යවල ස්කන්ධය හෙවත් මානවකෘත ස්කන්ධය මේ වර්ෂය වන විට පොළාව මත ඇති සමස්ත ජෛව ස්කන්ධයට වඩා අධික බව පසුගියදා නිකුත් වු අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි.

1900 වර්ෂයේ දී ලෝකයේ මානවකෘත ස්කන්ධය තිබී ඇත්තේ ගිගා ටොන් 35ක් පමණ අගයකය. එය එකල ලෝකයේ පැවති සමස්ත ජෛව ස්කන්ධයෙන් 3%ක් තරම් වී ඇත. එහෙත් මේ මානවකෘත ස්කන්ධය 2020 වන විට ටෙරාටොන් 1.1ක් (ගිගාටොන් 1100ක්) පමණ තෙක් වර්ධනය වී ඇත. එ් අනුව 2020 වර්ෂය හෝ ඊට වසර 6ක් එහා මෙහා වූ කාලයක් ඇතුළත ලෝකයේ මානවකෘත ස්කන්ධය, ජෛව ස්කන්ධයෙහි බර ඉක්මවා ගොස් ඇත.


මානවකෘත ස්කන්ධය හා ජෛව ස්කන්ධය


මෙහිදී මානවකෘත ස්කන්ධය (anthropogenic mass) ලෙස සලකා ඇත්තේ මිනිසුන් විසින් නිපදවනු ලැබූ ද්‍රව්‍යවල ස්කන්ධයයි. ඊට මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලබන අප්‍රාණික වූ ඝන ද්‍රව්‍යවල ස්කන්ධය ඇතුළත්ය. එසේම විනාශ කර දැමු හා භාවිතයෙන් ඉවත් කරන ලද ද්‍රව්‍යවල ස්කන්ධය ඊට ඇතුළත් නොවේ. බර ලෙස සලකා ඇත්තේ ජලය නොමැති වියළි බරය. ස්වාභාවික පරිසරයේ ද්‍රව්‍ය ප්‍රවාහයෙන් ආරම්භ වී සමාජආර්ථික පද්ධතියට එක් වන මේ ද්‍රව්‍යවල ස්කන්ධය මානවකෘති හෙවත් මෙවලම් (artefacts) ලෙස එකතු වීම සිදුවේ. මේ මානවකෘත ස්කන්ධය යනු භෞතික තාක්ෂණගෝලයට (physical technosphere) ඇතුළත් වන ඇසට පෙනෙන අප්‍රාණික සංඝටකය ලෙස ද හැඳින්විය හැකිය.

මේ මාකවකෘත ස්කන්ධය කාණ්ඩ හයකට බෙදා දක්වා තිබෙයි. ඒ කොන්ක්‍රීට්, මිශ්‍රණ ද්‍රව්‍ය (aggregate - මාර්ග හා ගොඩනැගිලිවල පදනම් සඳහා යොදාගන්නා බොරළු හා වැලි වැනි ද්‍රව්‍ය), ගඩොල්, ඇස්ෆෝල්ට් (asphalt - තාර ඇතුළත් කාණ්ඩය), ලෝහ යන ප්‍රධාන අංශ පහක් හා දැව, වීදුරු හා ප්ලාස්ටික් ඇතුළත් අතිරේක කාණ්ඩයක් ලෙසය. මේ කාණ්ඩවලට සමස්ත මානවකෘත ස්කන්ධයෙන් 98%ක් පමණ අයත් වෙයි. කෙසේ වෙතත් මේ ද්‍රව්‍ය උකහාගැනීමේ ක්‍රියාවලියේදී භාවිත නොකරන ද්‍රව්‍ය මෙහිදී ගණන් බලා නැත. නිදසුනක් ලෙස ගතහොත් ඉදිකිරීම් කර්මාන්තයේදී කනිනු ලබන ගල් හා පස් මෙන්ම දැව කර්මාන්තයේදී භාවිත නොකරන කොටස් මීට ඇතුළත් නොවෙයි. එමෙන්ම ඉදිකිරීම් සඳහා යොදාගනු ලැබෙන කාර්මික දැව මානවකෘත ස්කන්ධය තුළට ඇතුළත් කරගෙන ඇත්තේ එය මිනිසුන් විසින් තැනූ මානවකෘති හෙවත් මෙවලම් තුළ ඇතුළත් වන නිසාය.

මේ මානවකෘත ස්කන්ධය ගණන්බලා ඇත්තේ 1900 වර්ෂයේ සිට වන අතර, එය එහි ආරම්භක අගය සේ සලකා ඇත. ඒ වර්ෂයේ දී මානවකෘත ස්කන්ධය ගිගාටොන් 35ක් ලෙස ගණනය කර ඇත්තේ 1820-1900 අතර කාලයේ ද්‍රව්‍ය ප්‍රවාහ දත්ත භාවිත කරමිනි. (1820 දී මානවකෘත ස්කන්ධය ශුන්‍ය වූ ලෙස සලකා ඇත. ඊට පෙර තිබූ සමුච්චිත මානවකෘත ස්කන්ධය ඉතා සුළු ප්‍රමාණයක් වූ බැවින් 20වන සියවසේ ඇති වූ වර්ධනය පිළිබඳ ගණනය කිරීමට ඉන් සිදුකරන බලපෑම නොවැදගත් සේ සලකා ඇත.).

ජෛව ස්කන්ධය යනු පෘථිවිය මත දැකිය හැකි ජීවීන්ගේ සමස්ත ස්කන්ධයයි. මේ අධ්‍යයනය සඳහා වියළි ජෛව ස්කන්ධය යොදාගෙන ඇත. අදාළ වූ කාලය වූ 1900 සිට 2017 දක්වා කාලයේ ලෝකයේ ජෛව ස්කන්ධය ගණනය කිරීමේදී විවිධ ප්‍රවේශවලින් ලබාගත් ජෛව ස්කන්ධ ගණනය කිරීම් ආශ්‍රයෙන් සංකලනය කළ අගයක් යොදාගෙන තිබෙයි. මුලින්ම එහිදි ගණනය කර ඇත්තේ ශාක ජෛව ස්කන්ධයයි. එය සමස්ත ජෛව ස්කන්ධයෙන් 90%ක් පමණ ප්‍රමාණයක් වෙයි. පාංශු කාබන් යනු සජීවී ජෛව ස්කන්ධයක් නොවන බැවින් එය මෙම ගණනය කිරීමේදී සලකා බලා නැත. ශාක නොවන ජෛව ස්කන්ධය ගණනය කිරීමේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ ජෛව ස්කන්ධය ද ඇතුළත් කර ඇත.

මෙම මානව භෞතික තාක්ෂණගෝලයට ඇතුළත් වන ජෛව ස්කන්ධයක් ද තිබේ. ඊට අයත් භෝග වගා, පශු සම්පත වැනි දෑ මානව අවශ්‍යතා සඳහා නිෂ්පාදනය වන නමුත් මෙහි දී ඒවා ඇතුළත් කර ඇත්තේ ජෛව ස්කන්ධයටය.

මානවකෘත ස්කන්ධ අපද්‍රව්‍ය (anthropogenic mass waste) ප්‍රමාණය ද මානවකෘත ස්කන්ධයට එකතු කර සැලකුවහොත් ඒවායේ එකතුව ජෛව ස්කන්ධය ඉක්මවා ගොස් ඇත්තේ 2013 වර්ෂයේදී පමණ බව ද මෙහිදී හෙළි වී ඇත. එමෙන්ම ජෛව ස්කන්ධය සඳහා තෙත් ජෛව ස්කන්ධය ගතහොත් මානවකෘත ස්කන්ධය එය ඉක්මවා යෑම සිදුවන්නේ 2037 වර්ෂයේදී ය.


වැදගත් කරුණු කීපයක්


මෙම අධ්‍යයනයෙන් අනාවරණය වූ වැදගත් කරුණු කීපයක් මෙසේ දැක්විය හැකිය.
  • 1900 සිට මේ දක්වා ලෝකයේ සිදු වූ මානවකෘත ස්කන්ධයේ ඉහළ යෑම ගැන සැලකූ විට එම ස්කන්ධය සෑම වසර විස්සකට පමණ වරක් දෙගුණ වී ඇත.
  • මානවකෘත ස්කන්ධය ඉහළ යන වේගය වෙනත් ආකාරයකින් දක්වන්නේ නම්, එක් මිනිසෙකුගේ බරට වඩා අධික මානවකෘත ස්කන්ධයක් සතියක් තුළ දී නිපදවේ.
  • ලෝකයේ ඇති ප්ලාස්ටික්වල ස්කන්ධය (අපද්‍රව්‍ය සමඟ) සියලු භෞමික සතුන් හා සාගර ජීවීන්ගේ ස්කන්ධයට වඩා අධිකය. ලෝකයේ ප්ලාස්ටික් ගිගා ටොන් 8ක් පමණ ඇති අතර, ජීවත්වන සියලු සතුන්ගේ ජෛව ස්කන්ධය ගිගාටොන් 4ක් පමණ වෙයි.
  • මානවකෘත ස්කන්ධය කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අවස්ථා හඳුනාගත හැකිය. 1950 දශකය මැද පමණ සිට කොන්ක්‍රීට් භාවිතය පුළුල්වීම මෙන්ම 1960 දශකයේ දී පදිකවේදිකාවල ඇස්පාල්ට් ඇතිරීම ප්‍රචලිතවීමත් සමඟ මානවකෘත ස්කන්ධයේ කැපීපෙනෙන වර්ධනයක් ඇති වී තිබෙයි. එසේම දෙවන ලෝක සංග්‍රාමය අවසන් වු පසුව උදා වූ වර්ෂවල මානවකෘත ස්කන්ධයේ ඇති වූ 5%ක පමණ වර්ධනයක් ඇති වී ඇත. එයට හේතු වී ඇත්තේ සම්පත් පරිභෝජනය මෙන්ම නාගරික සංවර්ධනය වේගවත් වීමයි. එය “මහා වේගවත් වීම” (Great Acceleration) ලෙස ද හැඳින්වෙයි.
  • එසේම ලෝකයේ ඇති වූ ආර්ථික අවපාත කාලවලදී මානවකෘත ස්කන්ධයේ අඩුවීමක් දැකිය හැකිය. 1930 දශකයේ ඇති වූ “මහා අවපාතය” (Great Depression) කාලයේ හා 1979 ආසන්න කාලයේ දී පමණ ඇති වූ තෙල් අර්බුදයේ දී ද මේ අඩුවීම දැකිය හැකිය.
  • කෙසේ වෙතත් ජෛව ස්කන්ධයේ දැකිය හැක්කේ වඩා අඩු වෙනසකි. 1900 සිට මේ දක්වා ගත වූ කාලයේදී ජෛව ස්කන්ධයේ සුළු අඩු වීමක් දැකිය හැකිය.
  • අද දැකිය හැකි වේගයෙන් මිනිසුන්ගේ නිෂ්පාදනය වර්ධනය වුවහොත් 2040 වර්ෂය වන විට මිනිසුන් විසින් නිපදවන ලද මානවකෘත ස්කන්ධය ටෙරාටොන් තුනක් පමණ විය හැකිය.
  • නුතන ජනගහනයට අවශ්‍ය ශාක වැවීම නිසා ජෛව ස්කන්ධය ඉහළ ගොස් ඇති බව සත්‍ය වන නමුත්, වන විනාශය හා භූමි භාවිතය ආශ්‍රිත වෙනත් කටයුතු නිසා අහිමි වී ඇති ජෛව ස්ක්න්ධය ඊට වඩා අධිකය.


මානව බලපෑමේ තරම


සරලව පවසන්නේ නම් මේ මානවකෘත ස්කන්ධය ඉහළ යන්නේ පරිභෝජනය ඉහළ යෑම සහ නාගරික සංවර්ධනය නිසාය. එසේම මේ අධ්‍යයනය ලෝකයේ මානව පියසටහනේ තරම පෙන්වා දෙන්නකි. එය මිනිසා විසින් පෘථිවිය මත ඇති කර තිබෙන බලපෑමේ තරම පෙන්වා දෙයි. මිනිසා ලෝකය වෙනස් කිරීමට සිදුකර ඇති දායකත්වය ගැන සාධක සපයන්නකි.

මේ වන විට මිනිසා ලෝකය වෙනස් කිරීම සඳහා සිදුකර ඇති කාර්යය මෙහි දී පැහැදිලි වේ. එසේම මිනිසා සහ සොබාදහම අතර ඇති සමතුලිතතාවය සම්බන්ධව කටයුතු කිරීමේ ඇති වැදගත්කම මෙයින් යළිත් අවධාරණය කරනු ලැබෙයි.

මේ අධ්‍යයනය වර්තමාන වකවානුව මානව යුගය (Anthropocene) ලෙස නම් කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවට සහයෝගයක් ලබා දෙයි. එය මිනිසුන් විසින් ලෝකයේ සිදු කර තිබෙන වෙනස්කම් පෙන්වන්නකි. මේ අධ්‍යයනය මගින් මානව බලපෑමෙන් ඇති වු මානව යුගය සම්බන්ධව ස්කන්ධය පාදක කරගත්, ප්‍රමාණාත්මක හා සංකේතාත්මක ලක්ෂණයක් පෙන්වා දෙන බව පර්යේෂකයන් විසින් සඳහන් කර තිබේ.

(මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-020-3010-5)


Tuesday, December 15, 2020

දේශගුණ සටනට ඇමෙරිකාව යළි එක් වෙයි ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.02, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/12/02/feature1.html


පසුගිය නොවැම්බර් මස මුල වන විට ලෝකයේ අවධානය යොමු වී තිබුණේ ඇමරිකාව වෙතය. ඒ මෙවර ඇමරිකාවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද යන්න නිසාය. වඩාත් ජාතිකවාදී දේශපාලනයක යෙදුණු ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගනු ඇති ද, නැතහොත් වඩා ලිබරල් හා ජාත්‍යන්තරවාදී අදහස් ඇති ජෝ බයිඩන් ජයගනු ඇති ද යන්න අපැහැදිලි වූ නිසාය. දින ගණනාවක් ඇදීගිය අවිනිශ්චිත තත්ත්වය අවසානයේ අවසානයේ ජෝ බයිඩන් ජයග්‍රහණය කර ඇති බව පැහැදිලිය. ඒ පිළිබඳ අවසන් ඡන්ද මණ්ඩල විමසීම පවත්වන්නේ දෙසැම්බර් මස මැද දීය. එහෙත් මේ සිදුවීම් අතර පරිසරය සම්බන්ධව වැදගත් සිදුවීමක් ද සිදුවිය. ඒ නොවැම්බර් 4 වැනි දා ඇමරිකාවට ඇමරිකාව පැරිස් දේශගුණ ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වීමයි.

දේශගුණ වෙනස් වීම සම්බන්ධව මේ වන විට ලෝකය හමුවේ ඇති එකම ගිවිසුම්ගත වැඩපිළිවෙල වන්නේ පැරිස් ගිවිසුමයි. 2100 වර්ෂය වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන ප්‍රමාණය, පූර්ව කාර්මික අවධියේ පැවති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක දෙකක උපරිමයකට සීමා කිරීමට හා එම අගය අංශක 1.5 සීමාවේ තබාගැනීමට උත්සාහ කිරීමත් මේ ගැවසුමේ අරමුණු වෙයි. 2015 වර්ෂයේ ඇති කරගන්නා ලද් එය මූලික වශයෙන්ම ස්වේච්ඡාවෙන් සිදුකරන කටයුතු හා සම්බන්ධ ගිවිසුමක් වන ඊට අනුව ඒ ඒ රටවල් තම රටවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සඳහන් කර ඇත. ඒවා මේ වන විට සංශෝධනය කෙරෙමින් ද තිබෙයි. විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇති පරිදි මේ පොරොන්දුවල දී ඇති ඉලක්ක අත්පත් කරගත්තද ලෝකයේ උෂ්ණත්වය පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත සීමාව ඉක්මවා ඉහළ යා හැකිය. ඒ අනුව බරපතළ දේශගුණ වෙනස් වීමක් අපට අපේක්ෂා කළ හැකිය.


ඇමරිකාව ගිවිසුමෙන් ඉවත් වීම


මෙවැනි තත්ත්වයක් තිබිය දී 2016 දී ඇමරිකාවේ ජනාධිපති වූ ට්‍රම්ප් සිය මැතිවරණ පොරොන්දු සනාථ කරමින් 2017 ජුනි මාසයේදී ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වන බව කීවේය. එහෙත් ඒ සඳහා ද අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය නිසා එය පමා විය. ගිවිසුම 2015 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද නමුත් එය බලාත්මක බවට පත්වූයේ 2016 නොවැම්බර් මස 4 දාය. ඒ ලෝකයේ හරිතාගාර වායු විමෝචනවලින් 55%ක් සඳහා වගකිව යුතු රටවල් 55ක් එය අපරානුමත කිරීමෙන් පසුවය.

යම් රටකට තමන් ගිවිසුමෙන් ඉවත් වන බව දැන්වීම සඳහා ගිවිසුම බලාත්මක තත්ත්වයට පත්වන දිනයේ සිට වසර තුනක කාලයක් බලා සිටීමට සිදුවේ. ඉන් පසුව ගිවිසුමෙන් ඉවත් වීම සඳහා ද තවත් වසරක් පමණ කාලයක් ගිවිසුමේ රැඳී සිටීමට සිදුවේ. ගිවිසුම බලාත්මක වූ දින සිට වසර තුනක් ගත වූ 2019 නොවැමබර් මස 4 වන දා ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වන බව දැනුම් දීම ක්‍රියාත්මක විය. එැතැන් සිට වසරක් ගත වූ 2020 නොවැම්බර් 4 දා ඇමරිකා එක්සත් ජනපද නිලවශයෙන් පැරිස් ගිවිසුමෙන් ඉවත් වූ පළමු රට විය.


ඇමරිකාව කොයිබටද?


ට්‍රම්ප් පරදවා බයිඩන් ජයගැනීමෙන් පසුව දැන් ඇත්තේ අමරිකාව කොතැනට ද යන්න දැනගැනීමය. ලබන ජනවාරියේ ජනාධිපති ධූරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ජෝ බයිඩන් පවසා තිබුනේ පැරිස් ගිවිසුමට යළිත් එක්වන බවයි. ඒ නීති රීති අනුව ඒ සඳහා මාසයක කාලයකට පෙර දැනුම්දීම ප්‍රමාණවත්ය. ජො බයිඩන් කටයුතු කරන ආකාරය ඉදිරියේදී බලා ගැනීමට හැකිය.

බයිඩන් සිය ජනාධිපතිවරණ සමයේ ඉදිරිපත් කළ දේශගුණ පැකේජය ඇමරිකානු ජනාධිපතිරවයෙකුගේ හොඳම බලාපොරොත්තු සහගත දේශපාලන පැකේජය ලෙස දක්වා ඇත. එය ක්‍රියාත්මක කළහාත් වඩාත්ම ප්‍රගතිශීලී දේශගුණ උපායමාර්ගය විය හැකි බව විචාරකයන්ගේ මතයයි. එහෙත් යළිත් ඇමරිකාව දේශගුණ සටනය එක් කිරීමට ජෝ බයිඩන් ඉදිරියේ ඇති මාර්ගය දුෂ්කර එකක් විය හැකි බව සමහරුන් විසින් පෙන්වා දී තිබෙයි. විශේෂයෙන් ඇති වූ පසුබෑම මෙන්ම, ආර්ථික කරුණු ද ඊට බලපායි.

ඇතැම් විශ්ලේෂකයන්ට අනුව බයිඩන්ගේ මුළු පළමු පාලනකාලයම ගත වනු ඇත්තේ පසුගිය කාලයේදී ඇති වූ වෙනස්කම් යථා තත්ත්වයට පත් කිරීමට විය හැකිය. පැරිස් ගිවිසුම සම්බන්ධ වෙනත් පාර්ශ්ව මේ වන විට ඔවුන් ලබා දී ඇති ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්ව (NDC) යළි පුනරීක්ෂණය කරමින් සංශෝධනය කරමින් සිටියි. ඒ අදාළ රටවල ශුද්ධ කාබන් විමෝචන ශුන්‍ය වූ තත්ත්වය උදාකරකැනීම පිළිබඳ ඉලක්ක ද ඇතුළත්වය. සමහර රටවල් මේ වන විට ඒ සඳහා දින නියම කරගෙන තිබේ. යුරෝපා මහාද්වීපය ඒ සඳහා දින 2050 වර්ෂය ද, චීනය ඒ සඳහා 2060 ලෙස ද දින නියම කර තිබෙයි. ජපානය ද 2050 සඳහා දින නියම කරගෙන තිබේ. (රටක් සම්බන්ධව නම්, ශුද්ධ කාබන් ශුන්‍ය තත්ත්වය යනු එරට විමෝචනය වන කාබන් විමෝචන හා සමාන කාබන් විමෝචන ප්‍රමාණයක් ඉවත් කිරීමයි. ඒ අනුව ඒ රටෙන් ලෝකයේ වායුගෝලයට කාබන් විමෝචන එක් නොවේ.)

2016 දී ඇමරිකාව පැරිස් ගිවිසුම හා එක් වූ අවස්ථාවේදී ඔවුන්ගේ ප්‍රකාශිත ඉලක්කය වූයේ 2025 වර්ෂය වන විට එරට විමෝචන ප්‍රමාණය 2005 මට්ටමෙන් 26-28%ක් අතර ප්‍රමාණයකින් අඩු කිරීමයි. එහෙත් ට්‍රම්ප් පාලනය යටතේ මේ බලක්කට ආපසු හරවා යැවූවා පමණක් නොව බොහෝ රාජ්‍ය වෙබ් අඩවිවලින් මේ ඉලක්කය ඉවත් කිරීමට ද කටයුතු කරන ලදි.


බයිඩන්ගේ සැලසුම්


බයිඩන් ද පවසා ඇත්තේ පොසිල ඉන්ධනවලින් ඈත්වීමේ දී ස්වාභාවික වායු භාවිත කරන බවයි. බයිඩන්ගේ ඉලක්ක අනුව එරට විදුලි සැපයුම 2035 වන විට කාබන් විමෝචනවලින් තොර පිරිසිදු බලශක්ති සැපයුමක් වනු ඇත. එසේම, ශුද්ධ කාබන් ශුන්‍ය රටක් වීමේ ඉලක්කය ද 2050 වර්ෂයයි.

ඔහුගේ සැලසුම් අතර රටේ ගොඩනැගිලි මිලියන හතරක බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් විමෝචන අඩු කිරීම ද වෙයි. ඒ සඳහා අපේක්ෂිත වියදම ඩොලර් ට්‍රිලියන දෙකක් පමණය. එසේම ප්‍රවාහනය හා විදුලිබලයෙන් ධාවනය වන රථ නිෂ්පාදනය සම්බන්ධව ද වියදම් කිරීමට ද ඔහු අපේක්ෂා කරයි. මේ හරහා රැකියා උත්පාදනය ද ඔහුගේ අපේක්ෂාවකි. එය ආර්ථිකයට වැදගත් වනු ඇත්තේ පශ්චාත්-COVID-19 තත්ත්වය හමුවේ ලෝකය මුහුණ දී ඇති තත්ත්වය නිසාය.

මෙවැනි පසුබිමක දී බයිඩන් විසින් ජෝන් කෙරී සිය විශේෂ දේශගුණ නියෝජිතයා ලෙස පත් කිරීම ද වැදගත් සිදුවීමකි. ඔබාමාගේ පාලන කාලයේ එරට රාජ්‍ය ලේකම් තනතුර දරා ඇති කෙරී වඩාත් ප්‍රකටව ඇත්තේ දේශගුණ වෙනස්වීම සම්බන්ධ ක්‍රියකාරිකයෙකු ලෙසය. පැරිස් ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවලදී ඇමරිකාව සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක් ඉටු කර ඇත්තෙකි.

කෙසේ වෙතත්, බයිඩන් ගන්නා තීරණවලට එරට සෙනෙට් සභාව අභියෝගයක් වනු ඇතැයි සිතිය හැකිය. මෙවරද පත්ව ඇත්තේ දේශගුණ වෙනස් වීම සම්බන්ධව බෙහෙවින් බෙදී පවත්නා සෙනෙට් සභාවකි. එහි බලය කාට හිමිවන්නේද යන්න තවමත් කිව නොහැකිය. ඇමරිකාව කියොටෝ සන්ධානයට අත්සන් තැබුව ද ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ට ඒ සඳහා සෙනෙට් සභාවේ අනුමැතිය ලබාගත නොහැකි විය. සෙනෙට් සභාවේ අනුමැතිය නොමැතිව ඔබාමා ගිවිසුමට අත්සන් තැබීම ද ගැටලුවක් වු අතර, ඔහුට සිය පාලනකාලයේදී පැරිස් ගිවිසුමට සෙනෙට් සභාවෙන් අනුමැතිය ගෙන අපරානුමත කරගැනීමට නොහැකි විය.


ඇමරිකාව වැදගත් ද?


ඇමරිකානු දේශපාලනය මෙන්ම ඇමරිකාවේ දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ ක්‍රියාකාරිත්වය ද ලෝක පරිසරයට වැදගත්ය.

1997 දී අත්සන් කළ කියෝටෝ සන්ධානය බලාත්මක වීම සඳහා අවශ්‍ය වූ විමෝචනවලින් 55%ක් නිකුත් කරන රටවල් ප්‍රමාණය ලබාගෙන එය බලාත්මක තත්ත්වයට පත් කරගත හැකි 2005 වර්ෂයේ දී ය. එහෙත් ඒ වන විට එය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබිණි. දියුණුවන රටවලට පමණක් වගකීම පැවරුණු මේ සන්ධානයට එකඟ වීමට ඇමරිකාව අකමැති වූ අතර දිගින් දිගටම පෙන්වා දුන්නේ ලෝකයේ සියලු රටවලට වගකීම පැවරෙන ගිවිසුමක් අවශ්‍ය බවය. ඊට තවත් රටවල සහාය ලැබිණි. එසේ ලෝකයේ සියලු රටවලට හරිතාගාර විමෝචන සම්බන්ධ වගකීමක් පැවරෙන ගිවිසුම වූයේ පැරිස් ගිවිසුමයි. බැරැක් ඔබාමා ඊට එකඟ වුවද ඉන් පසු බලයට පැමිණි ට්‍රම්ප් එයින් ද බැහැර විය.

2018 සංඛ්‍යාලේඛන අනුව අද වන විට ඇමරිකාවේ හරිතාගාර වායු ප්‍රමාණය ලෝකයේ දෙවැනි තැන ගනියි. එය ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචන අතරින් 15%ක් පමණ වේ. එවැනි තත්ත්වයකදී ලෝකයේ ප්‍රධාන විමෝචකයෙන් ගිවිසුමෙන් ඉවත් වීම ගැටලුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ වන විට යුරෝපයේ ඇතැම් අන්ත දක්ෂිණාංශික පක්ෂවල දැකිය හැකි දේශගුණ විරෝධී හා සංශයවාදී ප්‍රතිපත්තිවලට ද ඇමරිකාව පසුගිය කාලයේ දැක්වූ ක්‍රියාකාරකම් හේතු විය.

අනෙක් අතට ඓතිහාසික වශයෙන් ලෝකයේ වැඩිම කාබන් විමෝචන ප්‍රමාණයක් නිකුත් කර ඇති රට ලෙස ඇමරිකාව හැඳින්විය හැකිය. අද වන විට ඒක පුද්ගල විමෝචන ප්‍රමාණය ගත් විට ලෝකයේ සිව්වන තැන පසුවන්නේද ඔවුන්ය. එය ටොන් 16.56ක් පමණ වේ. මේ නිසා අද ලෝකය හමුවේ ඇති බරපතළ අර්බුදයට විසඳුම් සෙවීමේදී ඇමරිකාව සතු වගකීම සුළු කොට තැකිය නොහැකිය. ඇමරිකාවේ කටයුතු ඇමරිකාවට පමණක් බලපාන්නේ යැයි සිතීම නිවැරදි නැත. ඇමරිකාව දේශගුණ විසඳුමක් සඳහා සම්බන්ධ කරගැනීම වැදගත් වන්නේ මේ නිසාය.

Wednesday, December 9, 2020

සුරදූත ප්‍රේමය - "Angel Love" (ඉස්කෝලෙ කතා 6)

 


මේක ඉස්කෝලෙ කතාවකට වඩා ටියුෂන් පංතියක කතාවක්. 1988 වර්ෂයේ 11 වසරෙ ඉන්න කාලෙ මම ගිය ගණන් පංතියෙ වූ සිදුවීමක්. ඒක නුගේගොඩ නාවල පාරෙ තිබ්බ ප්‍රසිද්ධ පංතියක්. ළමයි තුන්හාරසීයක් හිටිය ඒ පංතියෙ ඉගැන්වූ හා ආයතනය හිමි වූ සර් ටිකක් සැරයි. කොල්ලො කෙල්ලො යාලු වීම වළක්වන්න අවංකවම ලොකු උත්සාහයක් ගත්තා. ගොඩක් දවස්වල ගෑණු ළමයි ටික යවලා මිනිත්තු දහයකට විතර පස්සෙ තමයි කොල්ලන්ව යවන්නෙ. ඒත් ඉතින් අර "සැබෑ උවමනාව" තියන, "ඇත්තටම ආදරය කරන" ගෑණු ළමයි එතැන තිිබුණු ළිදෙන් වතුර එහෙම බීලා, හෙමින් ගිහින් අතරමගදි අදාළ පුද්ගලයා එනකම් ඉන්නවා. කොල්ලන්ව මුලින් යැව්වෙ එකම එක දවසයි!

මේ පංතියෙ එක විශේෂ චරිතයක් හිටියා. ඒ පංතියේ සිටි අයගෙන් මට තවමත් නමින් මතක ඔහු පමණයි. ධනවත් පවුලක එකම පුතා වූ ඔහුු කොළඹ ප්‍රධානම පාසලක ඉගෙනගත්තෙ (මගේ පාසලේ නෙමෙයි. ඒ ගැනත් කියන්න වෙන කතාවක් තියනවා). මතක විදියට අම්මා නෑ. තාත්තා විතරයි හිටියෙ. හොඳටම නිදහස භුක්ති වින්ද, ටිකක් සෙල්ලක්කාර, පොෂ් පෙනුමක් තියන හාදයෙක්. 

මෑන් තමයි පංතියෙ එකට හිටපු කොල්ලො සෙට් එකේ අප්‍රකාශිත නායකයා. මාත් ඉතින් ඒ සෙට් එකේ හිටියා. අපි හත් අට දෙනෙක් තමයි නාවල දිහාට පයින් ගෙදර එන්නෙ (වෙන යන්න ගමන් එහෙම තිබ්බෙ නැත්තං හොඳේ...).

අපේ කතා නායක මිත්‍රයා ඒ වෙනකොට කෙල්ලො කීප දෙනෙක් හිටපු කෙනෙක්. ඒත් ඒ කිසිවක් සීරියස් ඒව උනේ නෑ. ඒ පංතියෙ කලින් අවුරුද්දෙත් කෙල්ලො කීප දෙනෙක් එක්ක යාළුවෙලා හිටියාලු. (අපේ මිත්‍රයගෙ පෙනුමට අකමැති වන කෙල්ලෙක් නැති තරම් කියතෑකි)

ඒ අලුත් අවුරුද්දෙ මෑන් ටිකක් පස්සෙන් ගිහින් යාළු වුණ කෙල්ලෙක් හිටියා - එයා අහිංසක ඇස් දෙකක් තිබ්බ, සුදු, ටිකක් උස ලස්සන කෙල්ලක්. පැහැදිලිව කැපී පෙනෙන සෙමින් ගමනක් තිබූ කෙනෙක්. නුගේගොඩට කිට්ටුව පදිංචිව සිටි ඈ යමක් කමක් ඇති පවුලක බව පෙනේනනට තිබ්බා. වැල්වටාරම් නැතිව කීවොත් යාලුවුනොත් සිරාවටම ලව් කරන්න හිතෙන කෙල්ලෙක්.

ඉතින් ඒ ආදර කතාවෙ මුල් කාලෙ ඒ කෙල්ල එවූ ලිපියක් අපේ සෙට් එකේ හැමෝම වගේ කියෙව්වා. ඒ‌කත් එක්ක අමුණලා තිබ්බා "Angel Love" කියා සඳහන් වූ මුද්‍රිත ටැග් එකක්. කළු-සුදු එකක් වූ එහි කපල් එකක් සරල නැටුමක ඉන්න චිත්‍රයක් තිබ්බෙ... එයා ලිපියෙත් කියලා තිබ්බෙ එයාලගෙ ආදරය "ඒන්ජල් ලව්" එකක් බව... වචනයෙන් වචනය මතක නැතත්, ඒක මං කියෝපු ලස්සනම පෙම් හසුනක් බව නම් මතකයි. අවුරුදු 16ක විතර කෙල්ලෙක් ලියූ එකක් ද කියලත් හිතෙන තරම්. එදා අපේ කට්ටිය යාලුවට දුන්න උපදෙස උනේ "ඒකි පව් බං", "ඒක සිරාවට කරපන්" කියලයි.

මොන විකාරද? ඒ ආදරයත් වැඩි කාලයක් තිබ්බෙ නෑ. අපේ සෙල්ලක්කාරයගෙ සාමාන්‍ය ක්‍රමයටම වගේ ඒ ආදරය නැවතුනා. පංතියෙ අන්තිම දවස්වල ඒ කෙල්ල දුකෙන් හිටි බව කාටත් පෙනෙන්න තිබ්බා. ඒ තමයි සුරදූත ආදරයකට වූ දේ...

ඒ ටැග් එක මට නම් කවදාවත් අමතක නොවන ටැග් එකක්. මේ සමඟ ඇති රූපය ඊට කිට්ටු කරන්වත් බෑ! ඒ ගෑණු ළමයටත් තිබ්බෙ අමතක නොවන මූණක්. පසුකාලයක අපි උසස්පෙළ කරද්දි වගේම මම සරසවි යන කාලෙදි නුගේගොඩ නගරයෙදි ඒ ගෑණු ළමයාව ඉදහිට දැක්කා - 2000 වර්ෂය විතර වනතුරු. ඉන් පස්සෙ දැක්කෙ නෑ.

තාමත් මට මතකයි ඒ මූණ... දැන් දැක්කොත් හඳුනාගන්න පුළුවන් ද කියලා නම් කියන්න බෑෑ.

(පසු සටහන - මෙහිඑන පොෂ්, සෙට් එක වැනි වදන් අප එකල භාවිත කළේ නැත.)

ධනේෂ් විසුම්පෙරුම

2020.12.09    

Saturday, December 5, 2020

රාජකාරි ලිපි ලිවීමේ කොලිටිය! (ඉස්කෝලෙ කතා 5)



මේක උනේ 8 ශ්‍රේණියෙදි - හරියටම කීවොත් 1986දි. එදා අපේ සිංහල පාඩම උනේ ලිපි ලිවීම. මැදිවයසෙ හිටපු සිංහල සර් උගන්වන්න පටන් අරන් මුලින්ම රාජකාරි ලිපියක් නිසි ලෙස ලිවීමේ වැදගත්කම කීවා.

"දවසක් මම කරවල කඩෙන් කරවල වගයක් ගෙනාවා. ඒවා ඔතන් ආපු කොලේ තිබ්බ අකුරු මට හුරුයි. ඉතින් ඒක මොකද්ද කියලා බැලුවම ඒක මම කලින් දවසක කාර්යාලයකට යවපු ලියුමක්. මටම ලැජ්ජා හිතුනා ඒක ලියල තිබ්බ හැටි දැකලා. ඒ කියන්නේ ඒ ලියුම වැඩක් නෑ කියලා ඒ අය විසි කරලා"

අපේ උන් කීදෙනෙක් මේක විශ්වාස කළා ද කියලා මං දන්නේ නෑ. එකෙක් නං පස්සෙ මෙහෙම කිව්වා - 

"එතකොට සර්ත් ලියුම් ලියන්න ඉගෙනගෙන තියෙන්නෙ ළඟදි ද?"

(පින්තූරය අන්තර්ජාලයෙනි. පෙළ පොතක එන්නක් විය යුතුය.)

ධනේෂ් විසුම්පෙරුම


2020.12.05

Monday, November 30, 2020

ක්ෂුද්‍ර පරිණාමයට සාධක සපයන වසර මිලියන දෙකක් පැරණි හිස්කබල

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.11.18, පි. 8 (Vidusara)

http://www.vidusara.com/2020/11/18/feature3.html



Paranthropus robustus මානව හිස්කබල

අදට වඩා වර්ෂ මිලියන දෙකක් පමණ පැරණි ආදිමානව හිස්කබලක් දකුණු අප්‍රිකාවෙන් සොයාගෙන ඇති බව පසුගියදා වාර්තා විය. ඔස්ට්‍රේලියානු පර්යේෂකයක් පිරිසක් විසින් සොයාගෙන ඇති මේ හිස්කබල මානව පරිණාමය පිළිබඳ කරුණු ගණනාවක් හෙළිකරන අධ්‍යයනයක් නිසා වැදගත් බව පෙනෙයි.

මේ හිස්කබල අයත් වන්නේ Paranthropus robustus නම් මානව විශේෂයකටය. එම මානවයින්ගේ මෙතෙක් හමු වී ඇති හොඳම හිස්කබල මෙයයි.

Paranthropus robustus යනු Homo erectus මානවයාට සමකාලීනව ජීවත් වූ හා ඥාතිත්වයක් දක්වන විශේෂයකි. කෙසේ වෙතත් Paranthropus robustus මානවයින් Homo erectus කලින් වඳ වී ගොස් තිබෙයි. Homo erectus යනු නූතන මානවයාගේ ඍජු පූර්වජයෙකි; අප ද අයත් වන Homo ගණයට අයත් වන්නෙකි.

මේ පොසිල හිස්කබලේ කොටස් හමු වී ඇත්තේ 2018 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ප්‍රදේශයට උතුරින් පිහිටා ඇති ඩ්‍රිමොලෙන් (Drimolen) නම් ලෙන් සංකීර්ණයෙනි. එම පොසිල ලැබුණු ස්ථානයට මීටර් කීපයක් නුදුරින් Homo erectus ළමයෙකුගේ හිස්කබලක් හමු වී තිබුණේ 2015 වර්ෂයේදී පමණය. එසේම Australopithecus මානව සාධක ද මේ ස්ථානයෙන් හමු වී තිබිණි. පසුගිය අප්‍රේල් මාසයේදී Science සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් මේ ලෙන් සංකීර්ණයේ මානව රූපි මේ විශේෂ තුනම එක සමාන කාලයක දී වාසය කළ බව පෙන්වා දී තිබිණි. එය අද තත්ත්වයට වඩා වෙනස් වූ තත්ත්වයකි. අද වන විට ලෝකයේ පවතින්නේ එක් මානව රූපි විශේෂයකි. ඒ Homo sapiens හෙවත් නූතන මානවයින් පමණකි. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.aaw7293)


ඩ්‍රිමොලෙන් ලෙන් සංකීර්ණය

මේ මානවයින් විසූ කාලය ගැන කාලනිර්ණය කිරීම සඳහා එම පර්යේෂකයන් විසින් කාලනිර්ණ ක්‍රම තුනක් භාවිත කර තිබෙයි. විද්‍යුත් භ්‍රමණ සම්ප්‍රයුක්තතා ක්‍රමය (electron spin resonance), පුරාචුම්බකත්වය (palaeomagnetism) හා යුරේනියම්-ලෙඩ් කාලනිර්ණය (uranium-lead dating) යනු ඒ ක්‍රම ත්‍රිත්වයයි. ඒ අනුව උක්ත මානවයින්ගේ පොසිල අයත්වන්නේ අදින් වසර මිලියන 2.04ත් 1.95ත් අතර කාලවකවානුවකටය.


ක්ෂුද්‍ර පරිණාමයක්


මෙම ඩ්‍රිමොලෙන් ලෙන්වලින් හමු වූ Paranthropus robustus හිස්කබලට අනුව මීට පෙර හමු වී ඇති එම විශේෂයේ අනෙක් නිදර්ශකවලට වඩා වෙනසක් පෙන්වයි. මේ හමු වී ඇති හිස්කබල පිරිමි එකක් බව විශ්වාස කරන අතර එය එතැනින්ම කලින් හමු වී ඇති ඒ විශේෂයටම අයත් ගැහැණු සතෙකුගේ බව සැලකෙන නිදර්ශකයකට වඩා ප්‍රමාණයෙන් විශාලය. එහෙත් එය ස්වට්ක්‍රාන් (Swartkrans) නම් ස්ථානයෙන් හමු වී ඇති සෙසු පිරිමි හිස්කබල්වලට වඩා ප්‍රමාණයෙන් කුඩාය.

මෙතෙක් විශ්වාස කරන ලද්දේ ගැහැණු පිරිමි සතුන් වීම නිසා මේ වෙනස ඇති වන්නට ඇති බවයි. එහෙත් මේ හිස්කබලේ හමුවීමත් සමඟ මේ ස්ථාන දෙකෙන් හමු වී ඇති පොසිල මානවයන්ගේ ප්‍රමාණවල වෙනස්කම් හුදෙක් ගැහැණු හා පිරිමි සතුන් වීමෙන් පමණක් විසඳාගත නොහැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එම ගහන දෙකේ වෙනස්කම් ලෙස ඒවා සැලකිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි. ඒ වෙනස සඳහා හේතු පැහැදිලි කිරීමක්ද ඔවුන් සිදුකර ඇත.

එම ස්ථාන දෙකේ කාලනිර්ණයේ වෙනස වසර 200,000ක් පමණ වෙයි. ඒ අනුව ඩ්‍රිමොලෙන් ස්ථානයේ මානවයින් වඩාත් මුල්කාලීන ගහනයක් වන අතර, ස්වාට්ක්‍රාන්ස් ස්ථානය ඊට වඩා මෑත කාලීන ගහනයක් වෙයි. මෙම පොසිල විශ්ලේෂණයේදී පෙනි ගොස් ඇත්තේ ඩ්‍රිමොලින්වලින් හමු වූ මානවයන්ගේ හිස්කබලේ අංග අනුව ඔවුන්ට සැපීමට හා විකීමට වැඩි ශක්තියක් යෙදවීම අසීරු කරුණක් වූ බවයි. ඔවුන්ට සාපේක්ෂව වඩා මෑතකාලීනව ජීවත් වූ ස්වාට්ක්‍රාන්ස් පොසිල අනුව ඒ ආදිමානවයන්ට එසේ වැඩි ශක්තියක් යෙදවීමට හැකියාව ලැබී තිබිණි. මෙය වසර 200,000ක පරතරයක් ඇති එකම විශේෂයකට අයත් පොසිල වන නිසා එවැනි පරිණාමීය වෙනසක් වී තිබීම වැදගත් කරුණකි.

මෙවැනි වෙනස්කම් සඳහා හේතුව ලෙස මේ පර්යේෂකයන් විශ්වාස කරන්නේ ප්‍රදේශයේ ඇති වූ දේශගුණ වෙනස් වීමක් මීට බලපා ඇති බවයි. එහි දී සිදුව ඇත්තේ වඩාත් සීතල හා වියළි දේශගුණ තත්ත්වයක් ඇතිවීමය. ඒ සමග මේ ආදිමානවයින්ගේ ආහාරවල වෙනස් වීම් ඇති විය. එතෙක් එම ප්‍රදේශවල දැකිය හැකි වු වෘක්ෂලතාවල වෙනස් වීමත් සමඟ අනුභව කිරීමට වඩාත් අසීරු වූ ශාක ද්‍රව්‍ය මත යැපීමට මේ ආදිමානවයින්ට සිදු වී ඇත. එබැවින් වඩා කාර්යක්ෂම හා ශක්තිමත් සැපීම් හා විකීම් කළ හැකි අය ස්වාභාවිකවරණය මගින් ඒ ගහනය තුළ ප්‍රමුඛ වී ඇති බව ඔවුන්ගේ පැහැදිලි කිරීමයි.

මේ ආකාරයෙන් එක් විශේෂයක් තුළ සිදු වී ඇති පරිණාමය හදුනාගැනීම සඳහා මෙවැනි අවස්ථා ඇත්තේ අඩුවෙනි. එයට එක් හේතුවක් වී ඇත්තේ පොසිල හමුවී ඇති ප්‍රමාණය අඩු වීමය. අනෙක වන්නේ ඇති වී ඇති වෙනස සියුම් එකක් වීමය. ගහනයක් තුළ සාපේක්ෂව කෙටි කාලයක් තුළ ඇති වන මේ පරිණාමය ක්ෂුද්‍ර පරිණාමය (micro evolution) නම් වේ.

කෙසේ වෙතත් මිලියන දෙකක් පමණ ඈත අතීතයේ දී වඩාත් සුලභව සිට ඇත්තේ මේ Paranthropus robustus මානවයන්ය. එහෙත් අවසානයේදී පරිණාමයේදී අද දක්වා පැවත එන්නේ Homo erectus මානවයන්ගෙන් පැවත එන්නන් වූ නූතන මානවයා හෙවත් Homo sapiens ය.


Paranthropus robustus මානවයා


මේ ආදිමානවයින් වාසය කර ඇත්තේ අදින් වසර මිලියන 2ක සිට වසර 600,000ක් පමණ දක්වා කාලයේදීය. මුලින්ම 1938 වර්ෂයේදී අනාවරණය වූ මේ ආදිමානවයින් මුලින්ම විස්තර කරන ලද මුල් ආදිමානවයින් ලෙස සැලකේ. ඔවුන්ගේ පොසිල වැඩි වශයෙන් හමු වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙනි. (කෙසේ වෙතත් මේ ආදිමානව විශලේෂය වලංගු නොවන බවට ද තර්කයක් ඇති අතර එය Australopithecus මානවයින්ම බව යෝජනා වී ඇත. එවිට මේ විශ්ෂය සැලකෙන්නේ Australopithecus robustus යනුවෙනි)

Paranthropus robustus යනු ඝනකමය වැඩුණු හිස්කබල්, විශාල දත් සහ කුඩා මොළයක් තිබූ මානවයෙකි. එසේ වූයේ මේ මානවයින්ගේ ආහාරය අල වර්ග, පොතු වර්ග වැනි වඩාත් ඝනකම ශාක කොටස් වීම නිසාය. එය පරිණාමයේදී ඇති වූ වෙනසක් ලෙස සැලකේ. මේ විශේෂයේ පිරිමින් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 132ක් පමණ උස් වූ අතර, ගැහැණුන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 110ක් පමණ උස් වූ බව ගණනය කර ඇත. ඔවුන්ගේ මොළයේ ධාරිතාව ඝන සෙන්ටිමීටර් 476ක් පමණ තරම් අඩු අගයකි.

වඩාත් ප්‍රාථමික ලක්ෂණ තිබූ Australopithecus මානවයින් වඳ වී යාම හා මෙම Paranthropus robustus මානවයින්ගේ සම්භවය සමාන කාලයක දී ඇති වූ බව මෙතෙක් පැවති සාධක මත පැවති මතයයි. එසේම Homo erectus ඇති වී ව්‍යාප්ත වන්නේ ද මේ කාලයේදීය. සාපේක්ෂව කුඩා දත් හා විශාල මොළයක් තිබූ Homo erectus මානවයාගෙන් මේ මානවයින් පැහැදිලිව වෙනස් වූයේය. ඔවුන්ගේ ආහාරයද ශාක ආහාර මෙන්ම මස්වලින්ද යුත්ක විය.


මූලාශ්‍රය - Nature Ecology & Evolution, DOI: 10.1038/s41559-020-01319-

Saturday, November 28, 2020

තල්මහ රැකගැනීමට නැව් ගමන්මග වෙනස්‌ කරමු ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 26.08.2015 - Vidusara

http://www.vidusara.com/2015/08/26/feature1.html


සාගරයේ විශාලතම සත්ත්ව විශේෂ අතරට ගැනෙන්නේ තල්මහ විශේෂ ය. මේ අතරින් නිල් තල්මහ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු වී ඇත්තේ ලෝකයේ වෙසෙන විශාලතම සත්ත්වයා ද වන නිසා ය. ශ්‍රී ලංකාව අවට ඇති සුවිශේෂ තත්ත්ව නිසා මෙරට අවට සාගරයේ ද තල්මහ විවිධත්වය ඉහළ මට්‌ටමක පවතී. නිල් තල්මහ, බ්‍රයිඩ් ගේ තල්මහ, මන්ද තල්මහ වැනි තල්මහ විශේෂ දැකිය හැකි සාගර ප්‍රදේශ ගණනාවක්‌ අපේ රට අවට මුහුදේ පවතියි. මේ ආශ්‍රිතව තල්මහ නැරඹීම අද වන විට සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු ආදායම් ලබන අංශයක්‌ ලෙස වර්ධනය වී තිබේ. එසේ ම නිල් තල්මහ නැරඹීම සඳහා ලෝකයේ සුදුසු ම ස්‌ථානයක්‌ ලෙස ශ්‍රී ලංකාව ඇතැම් විට හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත් තල්මහ ගෙන් ගහන වූ අපේ රටේ දකුණු මුහුදු තීරය තරමක්‌ කාර්යබහුල නාවික ගමන් මාර්ගයක්‌ වේ. මේ හේතුව නිසා ඇතැම් විට තල්මහ නැව්වල ගැටුණු අවාසනාවන්ත අවස්‌ථා සම්බන්ධව අපට විටින් විට අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව මෙරට වෙරළ වෙත ගොඩගසන තල්මහ දේහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ නැව්වල ගැටී තුවාල වී මිය ගිය සතුන් ගේ දේහ වේ. එසේ ම මෙසේ නැව්වල ගැටුණු තල්මහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ නිල් තල්මහ බව වාර්තා වී තිබේ. මේ අනුව තල්මහ ඝනත්වය ඉහළ වීම හා ඉහළ නැව් ගමනාගමනයක්‌ තිබීම නිසා අපේ රටට දකුණින් වූ මුහුදු ප්‍රදේශය තල්මහ හා නැව් අතර ගැටුම් ඇති වීමට අවස්‌ථාව ඉහළ වූ ප්‍රදේශයකි. මෙසේ නැව් සමග ගැටීමෙන් මිය යන සතුන් ගේ මරණ සියල්ල ම නිසි ලෙස වාර්තා නො වන බැවින් සත්‍ය වශයෙන් පවත්නා තත්ත්වය මීට වඩා බරපතළ විය හැකි ය.

නැව්වල ගැටීම නිසා තල්මහ මිය යැම හුදෙක්‌ ඉන්දීය සාගර කලාපයට පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස තල්මහ සතුන් දැකිය හැකි බොහෝ ප්‍රදේශවලට පොදු වූ ගැටලුවකි. මේ නිසා ජාත්‍යන්තර සාගර සංවිධානය (IMO) සිටේසියානුවන් හා ගැටීම් වැළැක්‌වීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් සඳහන් වන ලේඛනයක්‌ ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ නැව් ගමනාගමනයේ දී යොදාගැනීම පිණිස ය.

මේ අතර ශ්‍රී ලංකාව අවට කලාපයේ පවත්නා නැව්-තල්මහ ගැටුම සම්බන්ධව ජාත්‍යන්තර තල්මහ කොමිසමේ (IWC) විද්‍යාත්මක කමිටුවේ අවධානය වසර කිහිපයකට පෙර පමණ යොමු වූ අතර, එමගින් මෙරට රජයේ අවධානය මේ කෙරෙහි යොමු කිරීමට ක්‍රියා කරන ලදි. එසේ ම නාවික ගැටුම් නිසා තල්මහ ගහනයට ඇති වන බලපෑම් සම්බන්ධව ජාත්‍යන්තර මට්‌ටමේ අධ්‍යයනයක්‌ කිරීම පිළිබඳව සැලකිල්ලක්‌ යොමු වූයේ ද මේ තත්ත්වයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. ඒ අනුව මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයක්‌ Regional Studies in Marine Science නම් ප්‍රකාශනයෙහි පළ වීම සඳහා පිළිගෙන ඇත (DOI: 10.1016/j.rsma.2015.08.002). එහි දී අනාවරණය වී ඇති කරුණු අපේ අද අවධානයට ලක්‌ වේ.

අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වූ කරුණු

මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වූ ප්‍රධාන කරුණු දෙකක්‌ මෙහි දී හඳුනාගත හැකි ය. ඉන් පළමුවැන්න වන්නේ ශ්‍රී ලංකාවට දකුණින් වූ සාගර කලාපයේ නිල් තල්මහ ව්‍යාප්තිය පිළිබඳව කරුණු අනාවරණය කරගැනීම ය. දෙවැනි වැදගත් කරුණ වන්නේ මේ තල්මහ ව්‍යාප්තව ඇති ප්‍රදේශයේ හා ඉන් එපිට මුහුදු ප්‍රදේශය හරහා වැටී ඇති නාවික ගමන් මාර්ගයේ නාවික කටයුතු පිළිබඳව සොයා බලා ඉන් තල්මහ සතුන් ගේ ව්‍යාප්තියට බලපාන අකාරය අනාවරණය කරගැනීම ය.

2014 පෙබරවාරි හා 2015 අප්‍රේල් කාලය අතර විවිධ දේශගුණ තත්ත්ව පැවැති කාලවකවානුවල දී (අන්තර්මෝසම්, ඊසානදිග මෝසම් හා නිරිතදිග මෝසම්) දින 29ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ සාගරයේ තල්මහ දෘෂ්‍ය හා වනි රේඛා අනුච්ඡදයක්‌ ඔස්‌සේ තල්මහ නිරීක්‌ෂණය කිරීම මෙහි දී මූලික වශයෙන් සිදු කර තිබේ. මෙහි දී උතුරු අක්‌ෂාංශ 5° 28' හා 5° 53' අතර කලාපයේ නැව් ගමනාගමනයට සාපේක්‌ෂව තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව සලකා බලා ඇති බව පෙනේ. එA අනුව මේ අධ්‍යයන ප්‍රදේශයට නාවික ගමනාගමන මාර්ගයට උතුරින් නාවික සැතපුම් තුනක්‌ ද, දකුණින් නාවික සැතපුම් 15ක්‌ ද ලෙස එය සම්පූර්ණයෙන් ම ආවරණය වී තිබේ.

මේ අනුව කිලෝමීටර් 3268ක්‌ පමණ දීර්ඝ ප්‍රදේශයක්‌ පුරා සිදු කරන ලද නිරීක්‌ෂණවලින් පෙනී ගොස්‌ ඇති ආකාරයට නිල් තල්මහ කණ්‌ඩායම් 193ක්‌ පමණ නිරීක්‌ෂණය කර ඇති අතර, මේ එක්‌ කණ්‌ඩායම දැකිය හැකි සතුන් ගේ මධ්‍යන්‍යය 1.46ක්‌ පමණ වී ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, නිරීක්‌ෂණය කර ඇති මළු තල්මහ ගණන 281ක්‌ පමණ වේ. මේ අතර නිල් තල්මහ ඉහළ ම ඝනත්වයක්‌ හමු වී ඇත්තේ වර්තමාන නාවික ගමන් මාර්ග පිහිටා ඇති ප්‍රදේශවල ම වීම විශේෂත්වයකි. එය ඇතැම් විට කිලෝමීටරයකට 0.1ක්‌ පමණ තරම් උපරිමයක්‌ දක්‌වා ළඟා වී තිබීම වැදගත් ය. එය වාර්තා වී ඇත්තේ බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගයේ ය.

නැව් ගමන් මාර්ග සම්බන්ධව ගත් විට බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය හා නැෙගනහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය යන දෙක ම ලෝකයේ ඇති වඩාත් කාර්යබහුල හා නැව් ඝනත්වයෙන් ඉහළ ම නාවික මාර්ග අතර වේ. ඒ අනුව මේ නැව් ගමන්මාර්ග දෙකේ පිළිවෙළින් වසරකට කිලෝමීටරයකට 1090ක්‌ හා 810ක්‌ පමණ නැව් ඝනත්වයක්‌ දැකිය හැකි ය. මේ නැව් මාර්ගයේ නැව් ගමනාගමනය මෑත කාලයේ දී ඉහළ ගොස්‌ තිබේ. 1993-2002 අතර කාලයේ මේ ප්‍රදේශයේ පැවැති නැව් ගමනාගමනයට වඩා 2003-2012 අතර කාලයේ දී නැව් ගමනාගමනය 300%කින් පමණ ඉහළ ගොස්‌ ඇති බව වාර්තා වේ. මේ වර්ධනය අත්ලාන්තික්‌ හා පැසිෆික්‌ යන සාගර ප්‍රදේශවලට වඩා ඉහළ මට්‌ටමක පවතී.

පිළියමක්‌ සෙවීම

මේ අනුව නිල් තල්මහ ඉහළ ඝනත්වයක්‌ ශ්‍රී ලංකාවට දකුණින් පිහිටා ඇති අධික නැව් ගමනාගමනයක්‌ ද ඇති නාවික ගමන් මාර්ගයක දැකිය හැකි ය. එය මේ සතුන් හා නැව් අතර ගැටුම් ඇති වීම කෙරේ බලපාන කරුණකි. මේ නිසා මේ තත්ත්වය විසඳීම සඳහා යෝග්‍ය පිළියමක්‌ සොයාබැලීම ද වැදගත් ය.

තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව තත්ත්වය හඳුනාගෙන ඇති බැවින් මේ තත්ත්වයට කිසියම් පිළියමක්‌ ද මේ අධ්‍යයනය තුළින් ම පැහැදිලි වී තිබීම වැදගත් කරුණකි. උක්‌ත පර්යේෂකයන් විසින් යෝජනා කෙරෙන පරිදි වර්තමාන නැව් ගමන් මාර්ගය තවත් නාවික සැතපුම් 15ක්‌ පමණ දකුණු දෙසට ගෙන යැමෙන් මේ තත්ත්වයට පිළියමක්‌ ලැබේ. එසේ කළ හැකි නම්, වර්තමානයේ දී නිල් තල්මහ මුහුණ දී ඇති අවදානම 95%ක්‌ පමණ තරම් අඩු කරගත හැකි ය. එහෙත් එවැනි පියවරක්‌ ගත හොත් නැව් ගමනාගමනයට කිසියම් ආර්ථික බලපෑමක්‌ ද ඇති වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ නිසා ප්‍රධාන නාවික ගමනාන්තවලට ඇති දුර ප්‍රමාණය ඉහළ යයි. නැව් ගමන් මාර්ගය වෙනස්‌ කළ හොත් රතු මුහුද දෙසට හා එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 5කින් පමණ ද, ඉන්දියාවේ බටහිර වෙරළට හා අරාබියේ ගල්ෆ් ප්‍රදේශයට යන එන නැව්වල මුළු දුර නාවික සැතපුම් 9කින් ද ඉහළ යා හැකි ය. අනෙක්‌ අතට කොළඹට යන හෝ එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 12කින් පමණ ඉහළ යා හැකි ය. මේ දුර ඉහළ යැම සාපේක්‌ෂව අඩු බව පෙනේ. මේ පර්යේෂකයන් යෝජනා කරන විසඳුම කෙතෙක්‌ දුරට ජගත් මට්‌ටමේ නාවික අධීකාරීන් විසින් අනුමත කෙරෙනු ඇති ද යන්න අපට අනාගතයේ දී දැකිය හැකි වනු ඇත.

එසේ ම මේ සාගර ප්‍රදේශයේ දැකිය හැකි වෙනත් තල්මහ විශේෂ සම්බන්ධව ද වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන තවත් කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ ප්‍රදේශයේ දී බ්‍රයිඩ් ගේ තල්මහ (Bryde's whale) හා මන්ද තල්මහ (Sperm whale) මෙවැනි තවත් විශේෂ අතර වේ.

අනෙක්‌ අතට මෙසේ තල්මහ නැව්වල ගැටීම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්‌ ද මේ වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව පැටවුන් හා තරුණ වියේ පසු වන සතුන් ගේ ගැටීම් ඉහළ යැම එවැනි එක්‌ තත්ත්වයකි. මීට හේතු විය හැකි කරුණු අතර නැව් නිසා ඇති වන අනතුරු සම්බන්ධව මේ සතුන්ට එතරම් අවබෝධයක්‌ නොමැති වීම හෝ වැඩි කාලයක්‌ සාගරය මතුපිටට ආසන්නව ගත කිරීම දැක්‌විය හැකි ය.

මේ පර්යේෂණය සඳහා තිලක්‌ ප්‍රියදර්ශන හා සමීර සධුසංඛ රන්දගේ යන ශ්‍රී ලාංකික පර්යේෂකයන් ද, අබිගේල් ආලිංග්, සුසානා කල්දේරාන්, ජොනතන් ගෝඩන්, රසල් ලීපර් හා ලින්ඩ්සේ පෝටර් යන විදේශීය පර්යේෂකයන් පිරිස ද සම්බන්ධ වී ඇත.

http://www.vidusara.com/2015/08/26/feature1.html 

Documented tsunamis in the last five 500 years (Tsunami History Pt. 2)

Dhanesh Wisumperuma


The Island, 15.02.2005

http://archive.island.lk/2005/02/15/features5.html

Part 1 of the article - Tsunami during King Kelanitissa’s Reign


After the tsunami during King Kelanitissa's reign, described in our chronicles, there have been few reported natural disasters in our history. There have been a few earthquakes referred to as polo kampitha vima, and bhumikampa in Sinhalese. There have even been a few that are connected with important religious occasions in history. However, there is no mention of deluging of the sea, inundation of land or tidal waves. On the other hand, we cannot assume that there were no tsunamis, as there may have been unrecorded tsunamis. We must remember that the importance of recording such events was not among the highest priorities of chronicle writers.

Apart from the chronicles, earthquakes have been documented in western writing on Sri Lanka since the arrival of the Portuguese in the 16th century. However, most of them are on earthquakes and I am yet unable to trace writing referring to a tidal wave or tsunami.



1615 and 1627

Some newspaper articles mentioned that there had been a tsunami in 1615. However, it was an earthquake only and there was no tsunami associated with it. Reports describing this event are scarce and the most interesting is a Portuguese four-page pamphlet, titled "True Description of the Terrible Earthquake" with a strong religious background, published in Lisbon in 1616. In this, the 1615 incident is clearly depicted as an earthquake.

This particular earthquake struck the island on 14th April 1615. Before occurred, a 'fearful comet' with three tails was seen in the sky from March 7th, frightening people. According to this pamphlet, several deceases and other calamities occurred, spread rapidly resulting in death of humans, animals and fish. Eventually on April 14 at 7 o'clock in the evening, the earthquake took place and the shocks lasted until the next morning. The description of this terrible event provides details about what happened on that sorrowful night. Apart from the quake, there was lightening which would have caused fires too. According to the above-mentioned document, at least 2,000 people died due to the earthquake and lightning. About 200 houses were destroyed. It also describes damage to a stone bridge, bastion etc.

This seems to be an earthquake that caused immense damage to the island. However the pamphlet never mentions any tidal waves or other strong sea action, hence we cannot conclude that there was a tsunami based on this document.

There is a mention of high tides that deluged Jaffna on 20th February 1627 in De Queyroz's "Temporal and Spiritual Conquest of Ceylon". However, according to this description, these tides seems to be associated with a severe storm. There is no mention about an earthquake or any vibrations. Hence there is no evidence to assume that was a tsunami.

Tsunamis are ocean waves produced by movements of the ocean floor associated with earthquakes, volcanic eruptions or landslides. The word tsunami, which means 'harbour waves' came into wide use after it was officially approved for general use during an international scientific conference in 1963.

Other Earthquakes

Apart from the above, there were several minor earthquakes that were sensed in Sri Lanka. During the British occupation of the island, these earthquakes had been reported in newspapers and in the government gazette. Two of these earthquakes occurred in the early 19th century.

The first earthquake, recorded after the British captured the low country of the island, struck Batticaloa area on 13th July 1814. That was described in an extract of a private letter published in The Ceylon government gazette. In that eyewitness's report, he states that he was unable to record the effect on water bodies including sea and lagoon.

A second earthquake was sensed in Colombo, Trincomalee, Jaffna and Batticaloa on 9th February 1823. It had been strongest in Batticaloa, although no material damage is on report. According to available details, there have been no tsunamis associated with these earthquakes.

There are at least six major tsunamis that occurred between the 16th - 19th centuries as identified in this region by scientists. These tsunamis were recorded in 1524, 1762, 1819, 1847, 1881 and 1883 respectively. According to available details, the tsunamis in 1881 and 1883 were recorded from Sri Lanka. The main objective of this article is to discuss the tsunami that occurred following an earthquake in 1881 and volcanic eruptions in1883.



Tsunami in 1881


This tsunami was the result of a submarine earthquake beneath the Andaman Islands and struck on the eastern coast of Sri Lanka in the morning on 31st December 1881. Both the earthquake and tsunami were detected in Sri Lanka. One of the descriptions available is in the report on the Trincomalee district published in the Administrative Reports of 1881. Under a paragraph named "Notable Occurrences" it is mentioned that the earthquake that had been sensed in several parts of the district and the town resulted in minor damages to the rest house in Kantalai. A tsunami followed this quake. In the above description, it is mentioned that the water in the inner harbour rose and fell several times, receding from the shore in front of the Kachcheri to some distance and quickly flowing in again to the shore.' This was also noticed at Gun Wharf Pier and recorded by an officer of the Royal Engineers Department when the work at the pier was underway.

This tsunami was reported from Batticaloa area too and tide gauge stations of India around the Bay of Bengal.

The well-documented tsunami in 1883




The series of volcanic eruptions popularly known as the Krakatau (Krakatoa) eruption starting on 26th August 1883 was one of the largest volcanic eruptions in history. Thousands died and a part of the island of Krakatau, situated in the Sunda Strait between the Java and Sumatra islands was submerged. These eruptions created a tsunami that travelled across the Indian Ocean. Although this was a land eruption, the tsunami was created by the submarine explosions, collapsing of the calderas and the magma flow entering the sea. The tsunami travelled a long distance and was recorded in Ceylon, India etc.

After the recent tsunami in South Asia, several persons had mentioned that there are no reliable records in Sri Lanka for the tsunami of 1883. They may be referring to the newspaper reports. However, there is one dependable and somewhat scientific report, which is also an official report on the tsunami. This report has recorded tsunami conditions from at least 15 places along the coast of the island, the damage caused and at least one death.



Newspaper Reports


Although newspaper reports of this tsunami were discussed in some media, I would like to take a quick look at what these reports are saying. We have reports from newspapers where we can observe that the people had some sort of knowledge of what was happening. Although the word used for this tsunami was tidal waves, it was a tsunami.

The Times of Ceylon on 28th August 1883 describes the tidal waves off the coast. This description is mainly about what happened at the Colombo harbour, and describes it as a sudden and remarkable disturbance of the water. According to this description waves from seaward, round the head of the breakwater, passed quite up to the Jetties and the Custom House premises, where a rise of six feet was distinctly noted." This describes the receding of waves, which took place soon after. However the harbour authorities were judging the cause for this to some extent, stating that this can be caused "only by an earthquake below the water of the ocean some short distance off the coast.

The tusnami in the Galle harbour is described in the same newspaper on the 29th and 30th.The reports said it was caused by the Krakatoa eruption.

In the Observer newspaper, it was described the rise and fall of water at Colombo harbour. In this report, it is clearly stated by the harbour authorities that this may be a result of an underwater volcanic eruption.

This tsunami was even recorded in the Sinhala press, but based mainly on the reports of English papers. The Sarasavi Sandaresa newspaper gives a description about the tsunami under the title "Muhude Apuru Diya Hindeemak" (Remarkable receding of the sea) on 31st August 1883. A lengthy description in the Sarasavi Sandaresa, published on September 7th, states that the water receding from the Colombo harbour was about 8-10 feet. Another important event it reports is that the people went to the sea and collected things that were unearthed when the sea receded. People in Galle were able to catch fish when the water receded. It is stated that there were reports of tidal waves from Panadura, Kalutara, Galle, Batticaloa and some other places.

A government report of tsunami


However, the most important report is the government report on the tsunami. J. Stoddart, acting surveyor-general of Ceylon was the compiler of the report. After the initial reports of the tidal waves and volcanic eruption, he had issued circulars to government agents and other officers stationed along the coast requesting more information such as details of the rise and fall of the sea, shocks of the earthquake, sounds etc. He was able to compile a report from the details he obtained from them. Stoddart submitted it to the colonial secretary in March 1884. This particular report was published as sessional paper No. IV of 1884. This is the best source for the tsunami in 1884.

The table gives details of the tsunami impact of 1883 and is prepared from the data published in the above mentioned sessional paper. The times, wave height and the number of tidal (tsunami) waves were given as ranges because as I think, the people had to recall the events later and the lack of tidal gauges in certain places.

In many of the above-mentioned places sound from the eruptions were heard since the night of the August 26th and mainly in the morning of the 27th. Most people said the noise had been similar to distant thunder or canon. (The third eruption of the total of 4 major eruptions is said to be the largest sound ever heard by humanity and was recorded 4,800 km away!)

Rising of water is mentioned in some places including Trincomalee and Batticaloa as it rose with some force. In Navalaru and Panama saltwater intrusion was detected a long way inland, 1.5 miles in the former. This gives us an idea of the power of the waves and the distance they penetrated.

The damage due to the tsunami is considerably low as the waves were not so powerful. However, the waves in some places were considerably higher than the highest tide. For example in Hambantota, it was estimated that water rose up to 12 feet. I have summarized the details of the damage in the table. The woman who died due to injuries suffered at Arugam Bay was the only person to die in this tsunami.

According to the reports, nothing has been reported in the area between Mannar and Jaffna apart from the sound of the eruption. (A paper published in 2003 in the journal called Natural Hazards and Earth System Sciences on the tsunami propagation of the1883 volcanic eruption mentions the impact on the Dutch Bay in Kalpitiya as Negombo, probably due to a mistake.)

What are the lessons we can learn?


These tsunami documentations and details were prepared more than a century ago. They should have been used for a better understanding of tsunamis in Sri Lanka. For instance, a closer look at the times impacts was first observed may be important. According to the available data, it can be noticed that tsunami waves first struck the eastern coast, the south and then the west. However, records of first strikes in the eastern coast are not as clear as in Batticaloa.

Unfortunately, this has not happened to a satisfactory extent to at least give the general public an understanding of natural disasters like tsunamis. Historical evidence of the tsunamis will definitely be a strong foundation for such a programme.

We must accept one thing. Tsunamis are not new to us, That is the truth. We should have known about tsunamis and how to deal with them. We have not done this and thought we are safe from natural hazards. We know that it is not so. Therefore we have to face the reality and make use of this information in future.

Tsunami during King Kelanitissa’s Reign (Tsunami History Pt. 1)

Dhanesh Wisumperuma


The Island, 08.02.2016

http://archive.island.lk/2005/02/08/features5.html




The tsunami that struck Sri Lanka and other south Asian, Indian Ocean countries has drawn our attention to several matters. It is a widely discussed topic in many aspects. Many say that ignorance among the people, of tsunamis and their effects, was the cause of such massive devastation to life and property. However, there are documented descriptions of tsunamis in history. The first was in the early Anuradapura period. The others were within the last few hundred years. There has also been mention of the historical occurrences of tsunamis in Sri Lanka. I am hereby attempting to examine these descriptions of tsunamis in our history and what scientific means we can acquire from these. Although I am using the word ‘tsunami’ to describe the events, writers who wrote or translated the accounts of these events, used other words, such as tidal waves, sea deluge, sea flooding.

There are stories that there were similar events of sea flooding or submerging of land prior to written history, which begins from King Vijaya’s period. One such event was during the reign of King Ravana. According to the Rajavaliya this was because of the wickedness of King Ravana and it submerged a large part of the country including his fortress. Similar inundation occurred during king Tharaka’s reign too. However, the existence of these kings is mainly mythical and not agreed on by most of the historians. Therefore I am only considering the ones that happened in the historical period.

Tsunami during King Kelanitissa’s reign

When we consider the tsunamis in the written history of Sri Lanka, the first such event we can learn of is from the time of King Kelanitissa’s reign. His kingdom was in Kelaniya and controlled the coastal areas of the country.

This tsunami occurred around 2200 years ago. The daughter of the king of Kelaniya, was sacrificed to the sea and she was married to the king of Ruhuna, Kavantissa. Their son, Prince Dutugemunu reigned as the king of Anuradhapura from 161 BC to 137 BC. Therefore, this event took place sometime around 200 BC. (Recently, an article, which is available on the internet has incorrectly said that this event took place about 2075 years ago, in 100 BC !)

When we summarise the event that led towards the tsunami, it is something like what is dealt with below. The tsunami was a punishment to King Kelanitissa, who executed a Buddhist monk as the king suspected the monk of writing a letter to the queen. However, it was written by the younger brother of the king, who had a secret affair with the queen and sent through a person disguised as a monk. Gods and deities got angry with the cruel action against the monk and caused the sea to flood as a punishment. Devi, the King’s daughter, was placed in a vessel and sacrificed to the sea gods to save the country. The vessel landed near a temple called the Lanka Vihara in the south (present-day Kirinda). After coming to know that she was the daughter of the king of Kelaniya, King Kawantissa, of the Rohana kingdom married her.

This event was well documented in the Mahawamsa and also in other sources like the Rajawaliya and the Saddharmalankaraya. However, the description of the tsunami in the Mahawamsa is very brief. It says that "Wrath of the sea gods made the sea overflow into the land".

The description of the damage done by the encroaching sea in the Rajawaliya is descriptive, although it was written around the early 18th century. According to this description, the effect of the tsunami was really destructive.

According to the Rajawaliya, 100,000 patunugam (towns or villages with a harbour - a port city) and 970 kevul (fisher’s) villages and 470 villages inhabited by pearl fishers were destroyed by the sea. Also, it is said that 11 of the 12 territories of the Kelani kingdom were swallowed by the sea. There are some other references stating that 35,500 ports and anicuts, fields and tanks were lost. For some, these numbers may be overestimated. However, the categorization of the villages gives us an idea about the village structures. The damaged included villages for fishermen, villages for pearl fishers (or divers) and well-developed port cities or villages. The Kelaniya kingdom may have suffered a major blow to its economy. According to the Rajavaliya, King Kelanitissa was caught in a fire of hell due to his sin. We do not hear about the Kelaniya kingdom again.

According to the sources, the distance between the sea and Kelaniya was seven gawwas. (In some copies of Rajawaliya, this distance was only three gawwas.) The encroaching sea has come about six gawwas according to Saddharmalankaraya. However, according to the book called Tri Sinhale Kada-Im-Pot, this distance was six gawwas, before the tsunami and was reduced to five gawwas. However, some copies of this book state the original distance was seven gawwas and six were submerged.

Although it is said "swallowed by the sea" this may be meaning huge damage by the sea flooding. This may be an overestimation of the inundation, considerable devastation had happened during this tsunami. It is not easy to calculate or estimate the devastation now. Merlin Peries in an article titled ‘King Kelanitissa’s Crime’ which appeared in the Journal of the Royal Asiatic Society of Sri Lanka describes this situation and says wave or waves would have hit a considerable length of the west coast belonging to the Kelaniya Kingdom. This is the best assumption we can come to on the tsunami damage.

However, there are some interesting points regarding this damage. There are few places that were specially mentioned as not damaged by the tsunami, including the port city of ‘Katupiti-Madampe’. In some copies of the Rajawaliya, Meegomuwa (Negombo) and Mannar are also mentioned apart from the above port city. These should be the areas around present-day Madampe, Negombo and Mannar. This reveals that this tsunami had not damaged some areas in the northwestern and western coast. However, special mention of the undamaged areas expresses some sort of importance of these places during that period.

Although the effect of the sea was devastative in the western coast of the country, there is no mention that it struck the south or southeastern coast, where the vessel, which Princess Devi was on board, landed. What we are told is that the tsunami-damaged the western coast.

Importance of the tsunami

Thus, the tsunami of king Kelanitissa’s reign does not yield a great deal of data on the impact of the tsunami. Sources mainly discuss the sin of Kelanitissa and the sacrifice of Princess Devi, as it was the main theme because she gave birth to prince Dutugemunu, who saved the country from the Chola invader King Elara.

However, there are well-documented tsunamis during the last few centuries, which I wish to discuss next week. (See below for links)

Part 2 - Documented tsunamis in the last five 500 years

"ඉතිරි දෙක තමුසෙගෙද?" (කැම්පස් කතා 2)


මේක කැම්පස් එකක කෘෂි පීඨයක කතාවක්.

සත්ත්ව විද්‍යාවට සම්බන්ධ වාචික ප්‍රශ්න සැසියකදි (වයිවා) එක් ශිෂ්‍යාවකගෙන් ආචාර්යවරයෙක් මෙහෙම ඇහුවලු.

"එළිච්චියකට තන පුඩු කීයක් තියනවද?"

ශිෂ්‍යාව කීවලු 

"4යි සර්"

යන්තම් හිනා වූ දේශක තුමා මෙහෙමෙ ඇහුවලු...

"එතකොට ඉතිරි දෙක තමුසෙගෙද?"

සාමාන්‍යයෙන් එළිච්චියකට තියෙන්න‌ෙ තනපුඩු දෙකයිනෙ.

(ඡායාරූපය අන්තර්ජාලයෙන්)

ධනේෂ් විසුම්පෙරුම

2020.11.28

Friday, November 20, 2020

"නවගත්තේගමට තව දුරද?" (ගමන් කතා 4)


එදා අපි ගියේ පුත්තලම් දිස්ත්‍රික්කයේ පන්සල් හා වෙනත් පුරාවිද්‍යාත්මක ස්ථාන කීපයක් අධ්‍යයනයටය. එදා අපේ තෙදින ගමනක දෙවන දිනය විය. දිනය හරියටම කියන්නේ නම් 2006 අප්‍රේල් මස 10දාය.

පෙරදා නැවතී සිටි සංචාරක බංගලාවෙන් පිටත් ව විහාර දෙකක් පමණ අධ්‍යයනය කළ පසු අපේ ඊළඟ ඉලක්කය වූයේ නවගත්තේගමට යෑමය. අපේ කිසිවෙකුත් ඉන් පෙර නවගත්තේගමට ගොස් නොතිබූ අතර ඒ කෙබඳු ටවුමක්දැයි දැන සිටියේ ද නැත.

2006 වන විට ලංකාවේ ග්‍රාමීය මාර්ග පැවැති තත්ත්වය ඒ කාලය වන විට දැනුම් තේරුම් ඇති වයසේ සිටි ඇත්තෝ දනිති. එදා අපි ද මදක් දුෂ්කර වූ මාර්ගයක් දිගේ යනවා යනවා ඉවරයක් නැතිවා වාගේය. වරක් දෙවරක් පාරේ යන අයෙකුගෙන් මාර්ගය ඇසූ විට කී අයුරින් නවගත්තේමට එතරම් දුරක් නොවූ බව ද පෙනුණි. දැන් නවගත්තේගම ගැන දන්නා දේවල් කියා අවසන්ය. (ඒවාට විමලරත්න කුමාරගමගේ කවි මෙන්ම සයිමන් නවගත්තේගමගේ කතා ද ඇතුළත් විය). ඒත් තවමත් අපි නවගත්තේගමට පැමිණ නැත.

මෙසේ ගිය අප පිවිසියේ කලින් ගමන් කළ මාවතට වඩා ගෙවල් පිහිටා තිබූ ප්‍රදේශයකටය. දැන් අපට පැනයක් ඇති විය. ඒ පාර නවගත්තේගමට වැටෙන බව කී නමුත් මේ කුමන ප්‍රදේශයක්ද යන්නය. කිසිදු බෝඩ් එකක් හෝ මං සලකුණක් ද නැත.

ඒ නිසා අපි කෙනෙකුගෙන් පාර විමසීමට සිතීමු. වාහනයේ වේගය අඩු කරන්නට කියා ඉදිරි අසුනේ මම මෙසේ ඇසුවේ පාරේ ගිය වැඩිහිටියෙකුගෙනි.


"අන්කල්, නවගත්තේගමට තව දුරද?"

(ඒ කාලේ ඒ මහතාට අන්කල් කීමට තරම් මම තරුණ වූ බව මෙහිිදී සඳහන් කළ යුතුය. එකල මගේ කොණ්ඩය ද තනිකරම කළු පාටය).

මා දෙසත්, වාහනයේ උන් අනෙක් අය දෙසත් මොහොතක් බලා සිටි ඔහු මෙසේ කීවේය.

"මේ නවගත්තේගම තමයි මහත්තයො!"

මටත්, කාටත් උත්තර නැති විය. "ස්තුතියි" කියා මදක් ඉදිරියට ගිය අපේ සිනාව පිටවූයේ ඔහුව අපට නොපෙනී ගිය පසුවය. මොනවා උනත් මේ කතාවේ වගකීම හැමෝම බාරගත් බව නොකියා බැරිය.

මේ තාමත් එදා ඒ ගමන ගිය අපේ කට්ටිය නිතර මතක් කරන කතාවකි.

(ගුවන් ඡායාරූපය Google Earth වෙතින් ලබාගන්නා ලදි. 2009 වර්ෂයේ එකකි)

ධනේෂ් විසුම්පෙරුම

2020.11.20

Friday, November 13, 2020

"ගස් කෝමාරිකා" (එදිනෙදා කතා 1)




මේක සිදුවූයේ අපි නුගේගොඩ නාවල පාරෙ එක්තරා ප්‍රසිද්ධ අතුරු පාරක හිටපු කාලෙදි. 1980 ගණන්වල අග හරියෙ දවසක් වූ එදා හවස අපි සෙල්ලම් කරල ඉවර වෙලා, පාර අයිනට වෙලා විවේකෙන් හිටියෙ. ඒ වෙලාවෙ තරුණයෙක් කඩිමුඩියෙ දුවගෙන ආවා - බෙහෙත් පැළයක් හොයාගෙන.

ඔහුට අවශ්‍ය උනේ කෝමාරිකා. කෝමාරිකා තියන ගෙයක් හොයාගෙන අහගෙන තමයි එයා ආවෙ. අර තරුණයා ඒ කාලෙ හැටියට සෑහෙන පොෂ් පෙනුමක් තිබ්බ කෙනෙක්. ඩෙනිමක් ඇඳලා, ටීෂර්ට් එකක් දාල එහෙම හිටියෙ. (මටත් ඒ කාලෙ අවුරුදු 15-16 වයස කාලෙ.)

ඒත් එතකොටත් තරමක් කළුවර වැටිලා තිබ්බ නිසා අසල නිවෙසක ඇන්ටි කෙනෙක් මෙහෙම කිව්වා -

"කෝමාරිකා නං තියනවා. ඒත් මේ වෙලාවෙ කළුවරේ කඩාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ"

අර තරුණයා ෆුල් කන්ෆිඩන්ට් පිට මෙහෙම කීවා...

"කමක් නෑ ඇන්ටි, මට ගස් නගින්න පුළුවන්. මං නැගලා කඩාගන්නම්"


ධනේෂ් විසුම්පෙරුම

2020.11.13

Tuesday, November 10, 2020

අන්න ජොබ් සැටිස්ෆැක්ෂන්! (ගමන් කතා 3)

කාලෙකට ඉස්සර අපි ගියා අලුතෙන් ඉදිකරපු ගුවන්තොටුපොළ බලන්න කියලා. අර දකුණේ තියෙන පස්සෙ කාලෙක වී ගබඩා කරන්නත් ගත්ත ගුවන්තොටුපොළ මතකනෙ? (මේක සිද්ද උනේ වී ගබඩා කරන්න කලින්)

ඉතින් විශේෂ අවසරයක් අරගෙන පාලක කුළුණත් බලන්න අවස්ථාව ලැබුණා. ගුවන් ගමන් පාලන කටයුතු සිදුවන ආකාරය ගැන ගුවන් ගමන් පාලකවරයෙක් අපට විස්තර කර දුන්නා.

ඒ විස්තර අහගෙන අපි ඉන්පසු ගම් රටවල්, ආගිය තැන් හා රැකියාව ගැනත් කතා කළා.

එහිදී අපේ කෙනෙක් මෙහෙම ඇහුවා

"මේ රැකියාවෙ ජොබ් සැටිස්ෆැක්ෂන් එක කෙහොමද?"

ඔහුගේ අපූරු පිළිතුර මෙහෙමයි -

"ලෝකෙ කවුරුහරි අපි කියන දේ අහනවා කියන එකම හරි සතුටක්නේ. මොකද ගෙදරදිවත් එහෙම සතුටක් ලැබෙන් නැහැනේ..."

හිනා උනා නෙමෙයි හිනා ගියා!


ධනේෂ් විසුම්පෙරුම

2020.11.10

Sunday, November 8, 2020

When achieving SDG becomes A global initiative

Dhanesh Wisumperuma


The Nation, 11.10.2015

http://nation.lk/online/2015/10/10/when-achieving-sdg-becomes-a-global-initiative/

Although some countries argue that there are too many goals and targets, this development agenda seems to address most aspects of sustainable development

Anew set of globally accepted development goals was adopted during the United Nations Sustainable Development Summit held in New York during the last week of September 2015. These goals, known as ‘Sustainable Development Goals’ and also as ‘Global Goals’ will be the core of the future development agenda of the world.

These development goals have links to the Millennium Development Goals, which were globally accepted in 2000 as the global development goals and, were the base of the development agenda for the period up to 2015. Several programs were implemented in the world to achieve these targets. However it was obvious by early 2010s, that the achievement of these goals and the targets may be significantly different from country to country – some countries were on track to achieve at least some of the goals while some weren’t. It was clear some of the targets weren’t achievable, such as the target on biodiversity loss. Also there were few major setbacks from the onset – as MDGs were considered as targets to be achieved mainly by the developing countries and the fact that they overlooked vital areas that required attention in a development agenda, such as economic development and rights issues.

In this backdrop, the establishment of a new post-2015 development agenda was discussed during the UN Sustainable Development Conference (Rio+20 Summit) in 2012. An open working group aimed to draft a new development agenda and a set of development goals was also created at Rio+20 Summit. The process of this working group is known as one of the largest discussion processes and the present set of goals, the Sustainable Development Goals (SDGs), are a result of this activity.


The SDGs consists of 17 goals and 169 targets that detail the achievable targets under each goal (See box). The SDGs have certain advantages when compared to the MDGs. SDGs target a wide variety of areas that are related to development; SDGs are a set of universal goals designed for all countries. Since these are a fresh set of goals, it can provide a re-start of the development process of the countries.

The SDGs are applicable from January 2016 and the targets are to be achieved by 2030, within a 15 year period. These goals cover almost all vital areas of development agenda – poverty, hunger, health, gender, education, water, energy, economic growth, inequality, environmental challenges including biodiversity and climate change. Although some countries argued that there are too many goals and targets, the SDGs seem to address most aspects of sustainable development. These are not just a set of goals and targets set by an external organization, the UN, but contain crucially important achievements which the policy makers of any country may wish to accomplish, for the benefit of the citizens of their countries.

It is obvious that the path towards the achievement of these goals and targets is not an easy and simple task. There will be numerous challenges in the path towards their fulfillment. The main issue of achieving SDGs will be the financing. Some of the targets require huge investments and most of the developing countries – specially the poor countries – may not be able to find funds on their own initiative. There are some estimates of the possible amount of funds required – for instance, the cost of providing a social safety net to eradicate extreme poverty is estimated to be about US $ 66billion a year.

As it is said, the main funding source will be the public money generated within the countries itself. Also funding from private sector through taxes, and also combating illegal financial flows and corruption within those countries. Loans and aid from other countries as well as from multi-lateral banks and other financial agencies will be available for achievement of the SDGs. These agencies will adjust their policies to SDGs and some such agencies have already expressed their interest. This will benefit the developing countries, but they will be entangled in the trap of loans.

It is true that Sustainable Development Goals can create the momentum required for the world to move forward towards a development which is more sustainable. But it depends on how the countries face the challenge.
(Pics courtesy Presidential Media Unit)
Visit https://sustainabledevelopment.un.org/topics for full set of SDGs – goals and targets. (ENDS)
Sustainable Development Goals

1) End poverty in all its forms everywhere

2) End hunger, achieve food security and improved nutrition, and promote sustainable agriculture

3) Ensure healthy lives and promote wellbeing for all at all ages

4) Ensure inclusive and equitable quality education and promote lifelong learning opportunities for all

5) Achieve gender equality and empower all women and girls

6) Ensure availability and sustainable management of water and sanitation for all

7) Ensure access to affordable, reliable, sustainable and modern energy for all

8) Promote sustained, inclusive and sustainable economic growth, full and productive employment, and decent work for all

9) Build resilient infrastructure, promote inclusive and sustainable industrialization, and foster innovation

10) Reduce inequality within and among countries

11) Make cities and human settlements inclusive, safe, resilient and sustainable

12) Ensure sustainable consumption and production patterns

13) Take urgent action to combat climate change and its impacts

14) Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development

15) Protect, restore and promote sustainable use of terrestrial ecosystems, sustainably manage forests, combat desertification and halt and reverse land degradation, and halt biodiversity loss

16) Promote peaceful and inclusive societies for sustainable development, provide access to justice for all and build effective, accountable and inclusive institutions at all levels

17) Strengthen the means of implementation and revitalize the global partnership for sustainable development

"Will You Marry Me?" (කට කැඩිච්ච කතා 05)


මේ සිදුවීම සිදුවුනේ මම සරසවියේ දෙවන වසරේ සිටියදීය. සරසවියේ ක්‍රියාත්මක වූ එක්තරා සංගමයක් මගින් අදාළ විෂය පිළිබඳ විවිධ ලිපි, ඡායාරූප ආදියෙන් සමන්විත බිත්ති පුවත්පතක් පවත්වාගෙන ගියා. එය දැන්වීම් පුවරුවක් කියන්නත් පුළුවන්. එම බිත්ති පුවත්පත සංස්කරණය කළේ පළමු වසරේ සොයුරියක්. ඉඩ තිබූ අවස්ථාවලදී ඇයට සහාය වීමට මම ඉදිරිපත් වුනා. ඒ මම ඒ සංගමයේ සභාපති වූ නිසා පමණක් නොව එවැනි වැඩක ඇති අපහසුව අතීත අත්දැකීම් අනුව දැන සිටි හන්දයි.

ඉතින් එසේ වැඩ කළ දිනයක, ඒ සොයුරිය අදාළ කලාපය සඳහා තෝරාගෙන තිබූ පින්තූරයක් මට පෙන්වූවා. එය වන්දන් දෙදෙනෙකු එකිනෙකාට මුහුණලා සිටින පින්තූරයක්. (එය මේ ඡායාරූපයේ ඇති පින්තූරය හා සමානයි, ඒත් මට මතක හැටියට වදින ඉරියව්වෙන් සිටියෙ එකෙකු පමණයි.)

ඇය එය පෙන්වා මගෙන් මෙසේ ඇසුවාය. "මං මේකට මෙහෙම කැප්ෂන් එකක් දානවා... විල් යූ මැරි මී?"

මොහොතක් ගත් මම "මගෙන් නෙවෙයිනෙ අහන්නෙ, කමක් නෑ." කියා උත්තර දුන්නෙමි.

ඈ තරහවෙන් හෝ ලැජ්ජාවකින් ඉවත බලාගත්තාය.

(ඈ තරහ වූයේ නම් නැත. ඒ මිත්‍රත්වය සරසවි සමයෙන් පසුව අද දක්වා ද තිබෙයි).

Friday, November 6, 2020

අපෝ ඕක පොල් ගෙඩි දෙකයිනෙ! (කැම්පස් කතා 01)

මේක මම කැලණියේ එම්. ඒ. එක කරන කාලෙ කතාවක්. (ඒ කියන්නෙ 2007-2008 කාලෙ). 

ඒ කාලෙත් අද කාලෙ වගෙම පොල් මිල ඉහළ ගියා. මට මතක හැටියට රු. 50-60ට වගෙ ගියා. ඒක රටටත්, අපිටත් සෑහෙන දැනුනා. ළඟදි කැම්පස් අවුට් උනු අය හැරෙන්න අපිත් එතකොට හම්බකරන් කන අයනෙ.
 
ඉතින් මේ අය අතර හිටියා මීරිගම පැත්තෙ තරුණයෙක් (මට නමත් මතකයි. තරුණයෙක් කීවට මට වඩා ඕන නං අවුරුදු පහක් විතර බාල ඇති. මාත් එදා ඉතින් අදට වඩා අවුරුදු දොළහක් විතර බාලයිනෙ!) 

ඒ වන විට ඔහු රැකියාවක් කළේ නැති උනත් මුදල් හදල් තිබ්බා. එයාලට පොල් ඉඩමක් තිබ්බ බව කියවුනේ පොල් මිල වැඩි උනාට පස්සෙ එයාලගෙ ඉඩමටත් හොරු පනිනව වැඩි බව කියූ නිසා. හැබැයි මෑන් හරි සරල,  වැඩි කතා නැති කෙනෙක්. වියදමට නං ටිකක් ලෝබයි. අපට තිබ්බ පොල් ප්‍රශ්නය එයාට දැනුණෙ නෑ.

ඉතින් ඒ දවස්වල පොල් තමයි අපේ මූල්‍ය ඒකකය වුණේ... මිනිහ ඉන්න තැන්වල හැම දෙයක්ම වගෙ අපි ගණං බලන්නෙ පොල්වලින්. ඒ මෙහෙමයි -

කට්ටිය තේ බිව්වම මුදල් ගෙවන්න කියන්නෙ එයාට. "මොකද්ද බං පොල් බෑයනේ අපේ ඔක්කොටම" 

පොටෝ කොපියක් එහෙම ගැහුවමත් මෑන්ට තමයි ගෙවන්න කියන්නෙ "අපෝ ඕක පොල් ගෙඩි දෙකයිනෙ මචං!"

වැඩිය ඕන නෑ අපේ "මුළු කෝස් ෆී එකම පොල්ගෙඩි 500යි." (ඒ කීවේ රු. 25000/=)

අපි පොල් ගෙඩියම රු. 50 කියල අරන් තමයි හැම දේකම මිල ගණන් සංසන්දනය කළේ.

අදටත් පොල් මිල වැඩියි කියල ඇහෙනකොට මට මතක් වෙන සිද්ධි දෙකෙන් එකක් මේක. ඒක හරිම සුන්දර කාලෙක කතාවක්. අනෙක තමයි බෑ දෙකම ශත තිස්පහට දෙන කතාව, 1977 මැතිවරණ වේදිකාවෙ...

(මේ පින්තූරෙ නං 2017දි පොල් ගණං ගිය කාලෙ දෙල්කඳ පොළේදි ගත්ත එකක්)

ධනේෂ් විසුම්පෙරුම

2020.11.06

Sunday, November 1, 2020

වැඩිම වේගයකින් ඉහළ යන්නේ ඉඩම් මිල ද?

එක්දහස් නවසිය හැත්තෑ තුනේ අපි තංගල්ලෙන් මාතර පදිංචියට ආවා (මට එතකොට මාස ගාණක්) අපේ අම්මාගේ රැකියාව නිසා වසර කීපයෙන් කීපයට තැනින් තැනට මාරු වීමට සිදු වූ නිසා අපි ඒ කාලෙ හිටියෙ කුලී ගෙවල්වල. මාතරට ආවට පස්සෙ ගොඩගම (ගෙවල් දෙකක) හා හිත්තැටියෙ ගෙදරක අපි හිටියා. හිත්තැටියෙන් කොළඹ ආවෙ 1978 මුලදි.

ගොඩගම ඉන්න කාලෙදි තාත්තා ගොඩගම පැත්තෙන් පොඩි ඉඩමක් අරන් තිබුණා. මට නම් ඒ ඉඩම මතක නෑ. හැබැයි අම්මා පසුකාලෙක කියපු විදියට ඒක පාර අයිනෙ පර්චස් විස්සක විතර ඉඩමක්. ඒ වගෙම එහි සරු පොල් වගාවක් තිබුණලු. ඉතින් අපි කොළඹ ආවට පස්සෙ තාත්තගෙ හිතවතෙක් හා පසුව අපේ මාම කෙනෙක් මාස කීපයකට වරක් ඒ ඉඩමෙ පොල් කඩල, පොල් ඔයලා ගෝනියක් දෙකක් මාතරින් කෝච්චියට දානවා. තාත්තා නුගේගොඩ දුම්රියපොළෙන් ඒවා ගෙදර අරන් එනවා. මේ කාලෙ අපි හිටියෙ නාවල සේනානායක මාවතේ හා නුගේගොඩ විජයබා මාවතේ. (දුම්රියෙන් බඩු ප්‍රවාහනය කරන බව මම දැනගන්නෙ ඒ සිදුවීමෙන්.)

ඉතින් මගෙත් අක්කගෙත් අධ්‍යාපනයේ සිදු වූ වෙනස්වීම් එක්ක ආපසු මාතර පදිංචියට යෑම ගැන තිබූ අදහස නැතිව ගියා. ඉන් පසුව 1988 අගදි වගේ තාත්තා ගොඩගම ඒ ඉඩම රු. තිස්දහසකට විකිණුවා. (ඒ කාලෙ ඒක තරමක ලොකු ගණනක්)

එදා ඒ ගොඩගම ඉඩම විකුණපු සල්ලිත් දාල තමයි, අපි දැන් පදිංචි වෙලා ඉන්න නුගේගොඩට ආසන්න ගමක තියන පර්චස් දහයක ඉඩම ගත්තේ. එදා 1989 දී මේ ඉඩම ගත්තේ පර්චස් එකක් රුපියල් අටදාහ ගණනේ රුපියල් අසූ දාහකට... දැන් මේ පැත්තෙ පර්චස් එකක් ලක්ෂ 12-13 අතර වෙනවා. ඒ ගාණට දෙන්න හිස් ඉඩම් නෑ, ගෙවල් තියන ඉඩම් තමයි තියෙන්නෙ.

ඒ කියන්නෙ වසර තිහක් ඇතුළත ඉඩම් මිල එකසිය පනස් ගුණයකින් විතර වැඩි වෙලා. නූතන ලංකාවෙ වැඩිම වේගයකින් ඉහළ යන්නේ ඉඩම් මිල වෙන්න ඕන. ඒකට එක හේතුවක් තමයි බොහෝ අය මුදලක් අතට ආ විට අනාගත ආයෝජනයක් ලෙස ඉඩමක් මිලට ගෙන "අරන් දැමීම". ඒ කියන්නෙ එහි ඉක්මනින් නිවසක් තනා පදිංචි වෙන්න අදහසක් නැතිව ඉඩම් මිල දී ගැනීම. ඔවුන්ගෙ අරමුණ පසුකාලයක මුදල් කරගන්න හෝ  දරුවෙකු ලොකු වූ කාලයක නිවසක් හදන්නයි. 

ඒ වගේම ගොඩගම ඉඩම මේ වෙනකම් තිබුනනං ඉන් සෑහෙන කොටසක් මීට වසර කීපයකට පෙර මාතර-අකුරැස්ස පාර ලොකු කරද්දි පාරට අත්පත් කරගන්න ඇති බව අම්මා ඉන්න කාලෙ කීවා.

ඒ ගොඩගම ඉඩම තියෙන්න ඇත්තෙ මේ Google Earth සිතියමේ මැද තියන පාර අසල තැනක. (මේ මාතර-අකුරැස්ස පාර ලොකු කරන්න කලින් 2005දි.)




ධනේෂ් විසුම්පෙරුම
2020.11.01

Saturday, October 31, 2020

මේ වසරේ ස්වාභාවික ආපදාත් වාර්තාගත ලෙස ඉහළ ගිහින් !

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.10.28, පි. 8 (Vidusara)

http://www.vidusara.com/2020/10/28/feature3.html


2020 වර්ෂය යනු සමස්ත ලෝකයටම එකසේ ගැටලු සහගත වර්ෂයකි. මේ වර්ෂයේ ලෝකය මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නව්‍ය කොරෝනා හෙවත් COVID-19 වසංගතය බව අමුතුවෙන් කිව යුතු නැත. තවමත් පාලනය කරගත නොහැකි මේ වසංගතය නිසා ලෝක ආර්ථික ආර්ථික වර්ධනය බෙහෙවින් පහළ වැටී ඇත. මේ වර්ෂයේ ලෝකයේ දළ දේශීය නිෂ්පාදනය 5.2%ක් පමණ ප්‍රමාණයකින් පහළ යා හැකි බව පසුගිය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් ලෝක බැංකු වාර්තාවක පුරෝකථනය කර තිබිණි. ඔක්තෝබර් මාසය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා ඇත්තේ මේ වසරේ දළ දේශීය නිෂ්පාදනය 4.4%කින් අඩු වනු ඇති බවයි. කුමන ආකාරයකින් ගත්තද, මෙය දශක ගණනාවක් තුළ ඇති වූ බරපතළම ආර්ථික බිඳවැටීමය. ඒ ඒ රටවල ආර්ථික වර්ධනයේ අඩුවීම එකිනෙකට වෙනස්ය. ආර්ථිකයේ වර්ධනයක් දැකිය හැක්කේ චීනය වැනි රටවල් කිහිපයක පමණකි. අනෙක් අතට බොහෝ රටවලට මේ තත්ත්වයට මුහුණ දීමට හැකියාවක් තිබේද යන්න ද ගැටලුවකි.

මේ තත්ත්වය තවත් බරපතළ කරමින් මේ වර්ෂයේ ඇති වන ස්වාභාවික ආපදා ප්‍රමාණයෙන්ම මෙන්ම හානිය අතින් ද වාර්තාගත මට්ටමකට ළඟා වෙමින් ඇත. නිදසුනක් ලෙස මේ වර්ෂයේ මුල් මාස හය ඇතුළත ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ස්වාභාවික ආපදා ප්‍රමාණය 207ක් පමණ වන බව ජුලි මාසයේදී වාර්තා විය. එම ආපදා ගණන 2019 වර්ෂයේ මුල් මාස හය ඇතුළත වාර්තා වූ ආපදා ගණන වූ 163ට වඩා 27%කින් පමණ ඉහළය. එමෙන්ම මේ වර්ෂයේ ආපදා ප්‍රමාණය 21වන සියවසේ 2000-2019 දක්වා වූ කාලයේ මුල් මාස හයක කාලය ඇතුළත දී වාර්තා වූ ආපදා ගණනේ සාමාන්‍යය වූ 185ට වඩා ඉහළය. පසුගිය සැප්තැම්බර් මාසය අග වන විට මේ වර්ෂය තුළ දී ඇති වූ ස්වාභාවික ආපදා ගණන 361ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

එමෙන්ම මේ මාස හයක කාලය ඇතුළත ඇති වූ ස්වාභාවික ආපදා නිසා සිදු වූ දේපොළ හානිය වෙනත් වසරවල තරමටම ඉහළ වීමයි. එය ඩොලර් බිලියන 75ක් පමණ වන බව පසුගිය ජුලි මාසයේ ප්‍රකාශයට පත් වූ වාර්තාවක සඳහන් වෙයි. මේ අගය වෙනස් වූවද, 1980-2019 අතර කාලයේදී සිදු වූ ස්වාභාවික ආපදාවල වාර්ෂික හානියේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 78ක් වීම නිසා මේ වර්ෂයේ ආපදාවල හානිය වාර්තාගත මට්ටමකට පැමිණිය හැකි බව දක්වා තිබෙයි.

මේ අතර ලෝකයේ සිදුවන ස්වාභාවික ආපදා අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් කාලගුණය හා සම්බන්ධ ආපදා වීම විශේෂය. මේ වර්ෂයේ මුල් භාගයේ ඇති වූ ආපදා අතරින් 191ක් හෙවත් 92% තරම් ආපදා කාලගුණය සම්බන්ධ ඒවා විය. ඒ අතර, සුළි කුණාටු, ගංවතුර, නියඟය, ආන්තික කාලගුණ තත්ත්ව වැනි ආපදා ඇතුළත් වෙයි.

මේ වර්ෂයේ දී ඉහළ ගිය ආපදා


මේ වර්ෂයේ ඇති වූ අපදා අතර කැපී පෙනෙන ආපදා වන්නේ නිවර්තන සුළි කුණාටු හා ලැව් ගිනි ආදියයි. නිවර්තන සුළිකුණාටු ඇති වීම පසුගිය කාලයේ දැකිය හැකි වූ අතර ඒ නිසා සිදුව ඇති හානිය වඩාත් දැකිය හැක්කේ වෙරළබඩ කලාපයේය. ඇමරිකාවට විශාල ලෙසින් බලපාන අත්ලාන්තික් කුණාටු සමය තවමත් ක්‍රියාත්මකය. එය අවසන් වන්නට නියමිතව ඇත්තේ නොවැම්බර් මාසය අවසානයේය. එහෙත් මේ වන විට කුණාටු 27ක් ඇති වී ඇති අතර, එය 2005 ඇති වූ කුණාටු ගණන හා සමාන වේ. මේ වර්ෂයේ කුණාටු සමයේදී තවත් එක් කුණාටුවක් ඇති වුවහොත් නම් කරන ලද කුණාටු ගණනට හිමි වාර්තාව 2020 වර්ෂයේ කුණාටු සමයේ සිදුවනු ඇත. මේ අතර සැඩකුණාටු (hurricane)10ක් හා දැඩි සැඩ කුණාටු (major hurricane) ගණයට වැටෙන කුණාටු 4ක් තිබෙයි. (කුණාටු නම් කරනු ලබන්නේ නිවර්තන කුණාටුවක ශක්තිය ලබා ගන්නා කුණාටුවක තත්ත්වයකට පැමිණි විටය. එනම් පැයට සැතපුම් 39-73 අතර ප්‍රමාණයකට පැමිණි විටය.) මේ කුණාටු නිසා ඇමරිකානු ඩොලර් බිලියන 27ක පමණ හානියක් සිදු වී තිබෙයි.

එසේම නිවර්තන සුළි කුණාටු නිසා ඇති වූ ආර්ථික හානිය 2000-2019 අතර කාලයේ ඇති වු හානියට වඩා 270%ක් පමණ ඉහළ බව තවත් වාර්තාවක සඳහන් වෙයි. බෙංගාල බොක්කේ ඇති වූ වාර්තාගත කුණාටු අතරින් ප්‍රබලම කුණාටුවක් සේ සැලකෙන, පසුගිය මැයි මාසයේ ඇති වූ අම්පන් කුණාටුව නිසා ඩොලර් බිලියන 13.6ක පමණ ආර්ථික හානියක් ඇති වූ බව ගණන් බලා ඇත. එය ඉන්දීය සාගරයේ උතුරුදිග ප්‍රදේශයට වැඩිම ආර්ථික හානියක් සිදු කළ සුළි කුණාටුව සේ සැලකෙයි. මෙය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට හා බංගලාදේශයට බරපතළ හානි සිදුකර ඇත (මෙහි බලපෑම නිසා ඇති වූ වර්ෂාව ලංකාවේ ගංවතුර හා නායයෑම් ඇති කිරීමට සමත් විය). ඇමරිකාවේ ඇති වූ කුණාටුවලින් සිදු වූ ආර්ථික හානියට වඩා වැඩි විනාශයක් ඉන්දියාවේ හා චීනයේ ඇති වූ කුණාටු නිසා සිදු වී තිබෙයි.

මේ අතර ඇමරිකානු ඇති වූ ලැව් ගිනි නිසා ද බරපතළ තත්ත්වයක් ඇති විය. කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වර්ෂයේ ලැව් ගිනි නිසා විනාශ වී ඇති වනාන්තර ප්‍රමාණය අක්කර මිලියන 4කට අධිකය. මීට ඉහත වාර්තා වී තිබූ වැඩිම ලැව් ගිනි වනාන්තර ගිනි නිසා විනාශ වූ වනාන්තර ප්‍රමාණය අක්කර මිලියන 2ක් පමණය. මෙවර විනාශයට පත් වනාන්තර ප්‍රමාණය එමෙන් දෙගුණයක් පමණ වෙයි.

ආපදා හානිය ඉහළ නංවන මානව කටයුතු


විවිධ ස්වාභාවික ආපදා නිසා සිදුවන හානියේ තරම ඉහළ යෑම සඳහා මානව කටයුතු ද බෙහෙවින් බලපායි. ආපදා අවදානම සහිත ප්‍රදේශවල මිනිස් ජනාවාස දුලභ වීම නිසා ආපදා නිසා සිදුවන හානිය ඉහළ යෑම සඳහා එක් හේතුවකි. නිදසුනක් ලෙස ගතහොත්, කුණාටුවලට ලක් වීමේ අවදානම සහිත වෙරළ තීරවල ජනාවාස වර්ධනය වීම නිසා කුණාටු වැනි ආපදාවලින් සිදුවන දේපොළ මෙන්ම ජීවිත හානිය ද ඉහළ යයි. අවාසනාවකට මෙන් ලෝකයේ මෙවැනි ප්‍රදේශවල මානව ජනාවාස විශාල ලෙස පිහිටා තිබෙයි.

එසේම ලැව් ගිනි ඇතිවීමේ අවදානම වැඩි ප්‍රදේශවල පිහිටා ඇති මානව ජනාවාස වර්ධනය වීම නිසා ද දේපොළ හා ජීවිතවලට සිදුවන හානිය ද ඉහළ යයි. මේ තත්ත්වය මෑත කාලයේදී ඇමරිකාවේ සිදුව තිබේ. නාගරික ප්‍රදේශවලින් ඈත්ව ජනාවාස හා වනාන්තර අතර සීමාවේ පිහිටා ඇති ප්‍රදේශවල වාසය කිරීමට කැමැත්ත දක්වන පිරිස් ඉහළ ගොස් ඇත. එවැනි ජනාවාස තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙයි.

ආපදා සඳහා බලපාන තවත් මානව ක්‍රියාකාරකමක් ලෙස දේශගුණ වෙනස් වීම දැක්විය හැකිය. මානව කටයුතු නිසා ඉහළ ගිය හරිතාගාර වායු විමෝචනවල දායකත්වය නිසා ස්වාභාවික ආපදාවලට යම් බලපෑමක් සිදුවන්නේය යන්න මේ වන විට පුළුල් ලෙස පිළිගැනෙන කරුණකි. ලැව් ගිනි ඇති වීම සඳහා සුදුසු කාලගුණ තත්ත්ව ඇති වන වාර ගණන ඉහළ නැංවීමට මෙන්ම, එවැනි තත්ත්ව ඇති වන වාරගණන ඉහළ නංවීමටත් දේශගුණ වෙනස් වීම බලපායි. උණුසුම් කාලගුණයක් පැවතීම නිසා වියැළී යන තණ හා වෙනත් දහනය වන ජෛව ස්කන්ධය ලැව් ගිනි ඇති වීම සඳහා හේතු වෙයි. එසේම ඉහළ යන මුහුදු මට්ටම හා අධික වර්ෂාපතනය යනු කුණාටු අවස්ථාවල හා ඒ නිසා ඇති වන ගංවතුර ආපදා සඳහා බලපාන හේතුවකි. කුණාටුවල තීව්‍රතාවය ඉහළ නැංවීමට දේශගුණ වෙනස් වීම දායක වන බව ද පැහැදිලි කරුණකි.