ධනේෂ් විසුම්පෙරුම
විදුසර, පි. 5, 08.04.2016
Vidusara - "Facebook friends do not exceed real world friends"
http://www.vidusara.com/2016/04/06/feature1.html
මීට මාස කිහිපයකට පෙර අප දන්නා වැඩිහිටි වෘත්තිකයෙක් මිය ගියේ ය. ඔහු ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට ව සිටි අයෙකි. ඉන් මාස දෙකකට පමණ පසු එළැඹුණු ඔහු ගේ උපන් දිනය වෙනුවෙන් ඔහු ගේ ෆේස්‌බුක් තීරයේ මිතුරන් කිහිප දෙනකු සුබපැතුම් පළ කර ඇති ආකාරය දැකිය හැකි විය. එය ඔහු ගේ සමස්‌ත ෆේස්‌බුක් මිතුරු මිතුරියන් සුළු පිරිසක් වුවත්, එය වැදගත් වන්නේ ඔහු මිය ගිය පුවත නො දන්නා ෆේස්‌බුක් මිතුරන් ද සිටි බවට මෙය සාධකයක් වීම නිසා ය. ෆේස්‌බුක් යොදාගනු ලබන මූලික අරමුණ වන්නේ අපේ මිතුරු මිතුරියන් හා කඩිනමින් සම්බන්ධතා පවත්වාගැනීම හා අපේ අදහස් අපට සමීප පිරිස් වෙත යොමු කිරීම ය. (අපේ රටේ ඇතැම් දේශපාලනඥයන් නො දන්නා නමුත්, මීට දේශපාලන අදහස් ද ඇතුළත් විය හැකි ය). එහෙත් පෙර කී නිදසුනෙන් පෙනෙන්නේ යම් අයකු ගේ ෆේස්‌බුක් මිතුරු ලැයිස්‌තුව දිගු වුව ද, ඔහු ගේ ෆේස්‌බුක් පැතිකඩ (profile) හා විස්‌තර ඔහු ගේ මිතුරක් සියලු දෙනා ම නො බලන බවයි.
මෙය ෆේස්‌බුක් මිතුරන් අතර පමණක් නො ව අපේ සාමාන්‍ය ජීවිතයේ සැබෑ ලෝකයේ මිතුරු-මිතුරියන් සඳහා ද පොදු වූ කරුණකි. අපට කෙතරම් මිතුරු මිතුරියන් සිටිය ද, අප හා සමීප ව ඇසුරු කරන්නේ ඉන් සීමා සහිත පිරිසක් පමණි. කෙසේ වෙතත් බොහෝ දෙනා සිතන පරිදි සැබෑ ජීවිතයේ මිතුරනට වඩා වැඩි පිරිසක් සමග සම්බන්ධතා පැවැත්වීමට ෆේස්‌බුක් වැනි සමාජ ජාල ඔස්‌සේ හැකියාවක් තිබේ. ඒ අඩු කාලයක් තුළ අපේ තොරතුරු වැඩි පිරිසක් වෙත යොමු කළ හැකි නිසා ය. ඇතැමුන් සමාජ ජාල පරිහරණය සඳහා යොමු වීමේ අරමුණ වන්නේ ද මේ කරුණයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, වැඩි මිතුරු පිරිසක් ඇති කරගැනීම හා පහසුවෙන් මිතුරු සම්බන්ධතා පවත්වාගැනීමයි (වෙනත් අරමුණු ඇති පිරිස් ද නැතිවා නො වේ). එහෙත් පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වූ එක් පර්යේෂණ පත්‍රිකාවකට අනුව, ෆේස්‌බුක් භාවිතයෙන් ඇති කරගත හැකි මිතුරු මිතුරියන් ගණනට ද සීමාවක් තිබේ.
පළමුව සැබෑ ජීවිතයේ දී අප ඇසුරු කරන මිතුරු මිතුරියන් ගණන සීමා සහිත වන ආකාරය ම`දක් විමසා බලමු. කාලයෙන් කාලයට අප ඇසුරු කරන මිතුරන් වෙනස් වේ. අප පාසල් ගිය කාලයේ මිතුරන් අතරින් අද වන විට තරමක් හෝ සමීප ව ආශ්‍රය කරන්නේ ඉතා සුළු පිරිසකි. සරසවියෙන් පිට වූ පසු සරසවි මිතුරන් අපෙන් ඈත් වීම ඉතා ඉක්‌මනින් සිදු වේ. වැඩිහිටියන් ගේ මිතුරන් වන්නේ සේවා ස්‌ථානයේ අය හා අසල්වැසියන් ය. "සුළෙ`ග් ලෙලෙනා මල් සේ ද`ග පා - අප පාසල් ගිය කාලයේ - යාළුවො අද නැත- වෙන අය එහි ඇත - කාලය මැවු වෙනසක අරුමේ" යන සුප්‍රකට ගීතයෙන් කියෑවෙන්නේ ද මේ යථාර්ථයයි.
කෙසේ වෙතත් එසේ අපේ මිතුරු මිතුරියන් ගණන සීමා වන්නේ කුමක් නිසා ද යන්න අපට ඇතැම් විට නො සිතෙන කරුණකි. මිනිසුන් ගේ මොළය සතු ප්‍රජානන හැකියාව අනුව බහුවිධ සම්බන්ධතා සැකසීමට අප ගේ මොළයට ඇති හැකියාව සීමා වේ. නිදසුනක් ලෙස ගත හොත් එක් වරක දී අපට කතා කළ හැකි මිතුරන් ගණන සීමා සහිත ය. මේ අනුව මිතුරු සම්බන්ධකම් පවත්වාගෙන ගිය හැකි ස්‌වාභාවික කණ්‌ඩායමේ ප්‍රමාණය මිනිසුන් සඳහා 100-200 අතර වේ. එහි සාමාන්‍යය 150ක් සේ සැලකිය හැකි ය. මේ කල්පිතය සමාජ- මස්‌තිෂ්ක කල්පිතය (social brain hypothesis) නම් වන අතර මේ ප්‍රමාණය ඇතැම් විට ඩන්බාර් ගේ අංකය (Dunbar's number) ලෙස හඳුන්වනු ලබන්නේ එය ඉදිරිපත් කළ මහාචාර්ය රොබින් ඩන්බාර් ගේ නමිනි (ඔහු අප මාතෘකා කරගත් අධ්‍යයනයේ කතුවරයා ද වෙයි). ප්‍රයිමේටාවන් ගේ මොළයේ ප්‍රමාණය හා සමාජ කණ්‌ඩායම් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහු එය ඉදිරිපත් කර ඇත. අද වන විට ද දඩයමේ යෙදෙන මානව කණ්‌ඩායම්වල සාමාජිකත්වය මෙවැනි අගයකට සීමා වේ. එසේ ම මේ සම්බන්ධතා පවත්වාගෙන යැම තවදුරටත් සීමා කරනු ලබන්නේ ඒ සඳහා යෙදවිය හැකි කාලය සීමා වීම ම`ගිනි. අපට අපේ සමාජ සම්බන්ධතා පවත්වාගෙන යැම සඳහා යොදාගත හැකි කාලය සීමා වේ. මෙය ස්‌වාභාවිකව සිදු වන්නකි. මෙය අදාළ මිත්‍රත්ව පවත්වාගැනීම සඳහා අපට ඇති කාලය මත තවදුරටත් සීමා වේ.

සැබෑ ලෝකයේ මිතුරන් ගණන සීමාසහිත ඇයි?

ෆේස්‌බුක් මිතුරන් ගණන සිතන තරම් ඉහළ නැහැ
ෆේස්‌බුක් මිතුරන් පිළිබඳව සිදු කරන ලද, අප මාතෘකා කරගන්නා අධ්‍යයනයේ දී උත්සාහ දරා ඇත්තේ ෆේස්‌බුක් වැනි සමාජ ජාල යොදාගැනීමෙන් ඉහත සඳහන් කළ බාධක ඉක්‌මවා යා හැකි වේ ද යන්න සොයා බැලීමට ය. මේ සඳහා බ්‍රිතාන්‍ය වාසීන් 3,375ක පමණ පිරිසක් සම්බන්ධ කරගනිමින් සමීක්‌ෂණ දෙකක් පවත්වා තිබේ.
නිතර සමාජ ජාල භාවිත කරන හා ඒ පිළිබඳව තෘප්තිමත් බවකින් යුක්‌ත වූ දෙ දහසක පමණ පිරිසක් සම්බන්ධ කරගත් පළමු සමීක්‌ෂණයේ දී පෙනී ගොස් තිබූ පරිදි, ෆේස්‌බුක් භාවිත කරන්නකුට ඇති සාමාන්‍ය මිතුරන් ගණන ආසන්න වශයෙන් 155ක් (නිශ්චිතව 155.2) පමණ වේ. මෙහි දී කාන්තාවන්ට ඇති මිතුරු මිතුරියන් ගණන පිරිමින්ට වඩා ම`දක් අධික වේ. කාන්තාවන් සඳහා වන සාමාන්‍යය 165.5ක් වූ අතර, පිරිමින් සඳහා එය 145ක් පමණි. අනෙක් සමීක්‌ෂණයට සම්බන්ධ කරගත් 1,375ක් පමණ වූ පිරිසට මූලික වශයෙන් ඇතුළත් ව සිට ඇත්තේ වෘත්තිකයන් ගෙන් සැදුම්ලත් නියෑදියකි. එහි දී හෙළි වූ පරිදි ඔවුන් ගේ මිතුරන් ගණනේ සාමාන්‍යය ආසන්න වශයෙන් 183ක් (නිශ්චිතව 182.8) පමණ විය. එහි දී කාත්නාවන් සඳහා 196.2ක් හා පිරිමින් සඳහා 156.6ක් යන අගය ලැබී තිබේ. අපේක්‌ෂා කළ හැකි ආකාරයට ම, වැඩිහිටි පරපුරේ ෆේස්‌බුක් සාමාජිකයකුට වඩා වැඩි මිතුරන් ප්‍රමාණයක් තරුණයකුට සිටියි.
මේ කියන මිතුරු-මිතුරියන් ගණන සැබෑ ලෝකයේ මිතුරු-මිතුරියන් ප්‍රමාණය පිළිබඳ ඉහත කී සීමාව වන 150 (100-200ක පරාසය) හා මනාව ගැලපේ. ඒ අනුව, සැබෑ ලෝකයේ දී ආශ්‍රය කළ හැකි මිතුරු මිතුරියන් ගණනට වඩා විශාල මිතුරු මිතුරියන් ප්‍රමාණයක් ඇසුරු කිරීමට අවස්‌ථාවක් ෆේස්‌බුක් වැනි සමාජ ජාලවලින් ද අවස්‌ථාවක් නො ලැබේ. මේ අනුව ෆේස්‌බුක් යනු මූලික වශයෙන් දන්නා හඳුනන අය ගෙන් (acquaintances) සමන්විත වූ ජාලයක් මිස සමීප හිතවතුන් ගේ ජාලයක් නො වේ. එසේ ම සැබෑ ලෝකයේ අප ඇසුරු කරන මිතුරන් ගණන සීමා කිරීමට බලපාන සාධක ෆේස්‌බුක් වැනි සමාජ ජාලාවල මිතුරු ඇසුරේ ප්‍රමාණය සීමා කිරීම සඳහා ද බලපාන බව පැහැදිලි ය. මේ බව උක්‌ත සමීක්‌ෂණවල දී මනාව පෙනී ගොස් තිබේ.
ෆේස්‌බුක් ජාලයේ සමීප මිතුරන් අඩුයි
මේ සමීක්‌ෂණයේ දී හෙළි වී ඇති ආකාරයට ෆේස්‌බුක් සාමාජිකයකුට කෙතරම් මිතුරන් සංඛ්‍යාවක් සිටිය ද ඒ අතරින් නියම මිතුරන් (genuine friends) සේ සලකනු ලබන්නේ 27.6%ක් තරම් ප්‍රමාණයකි. එමෙන් ම කිසියම් ආපදාවක් හෝ හදිසි අවස්‌ථාවක දී මානසික හෝ සමාජයීය සහායයක් ලබාගැනීම සඳහා යොමු වන්නේ 4 දෙනකු තරම් වූ කුඩා මිතුරන් ගණනක් වෙත ය. අනෙක් අතට සහනයක් හෝ අනුකම්පාවක් හෝ ලබාගැනීමට අපේක්‌ෂා කරන්නේ 14ක් පමණ වූ මිතුරන් පිරිසක ගෙන් (සමීප මිතුරන්) පමණි. මෙය සැබෑ ලෝකයේ මිතුරු ඇසුරේ දී අප සහාය හා සහනය අපේක්‌ෂාවෙන් සමීප වන මිතුරන් ගේ ගණන හා බෙහෙවින් සමාන බව පෙනේ.
ෆේස්‌බුක් මිතුරන් ලෙස විශාල පිරිසක් වෙන් වුව ද ඒ තුළ මෙවැනි තත්ත්වයක් ඇති වන්නට එක් හේතුවක් වන්නේ සැබෑ ලෝකයේ දී අපට සමීප මිතුරන් හා දන්නා හඳුනන අය හෙවත් දුරස්‌ථ මිතුරන් (acquaintances) සිටිය ද ෆේස්‌බුක් සමාජ ජාලයේ දී මෙය එකක් සේ සැලකීම ය.
මේ අනුව සිය ගණන් ෆේස්‌බුක් මිතුරන් සිටි පමණින් තමන්ට විශාල මිතුරු ජාලයක් පවත්වාගෙන යා හැකි යෑයි සිතීම එක්‌තරා ආකාරයකට විහිළුවක් බව මේ පර්යේෂකයා ගේ මතයයි. කෙසේ වෙතත් කාලයත් සමග තම මිත්‍රත්වයන් දියාරු වී වියෑකී යැමේ වේගය අඩු කිරීම සඳහා ෆේස්‌බුක් ජාලය උපකාරී වන බව සත්‍යයකි. එහෙත් කාලයත් සම`ග ඕනෑ ම මිතුරකු දන්නා හඳුනන අයකු බවට පත් වීම වැළැක්‌වීම සඳහා ෆේස්‌බුක් හෝ වෙනත් සමාජ ජාලයකට හැකියාවක් නොමැත. එසේ වීම වැළැක්‌වීමට නම්, අප අපේ මිතුරු- මිතුරියන් කලින් කල සැබෑ ලෝකයේ දී මුහුණට මුහුණ මුණගැසීම අත්‍යවශ්‍ය වේ.
මේ අනුව සමීප සම්බන්ධකම් ඇති මිතුරන් හමු වන්නේ සැබෑ ලෝකයේ සාම්ප්‍රදායික ක්‍රමයට මුහුණට මුහුණ හමු වන මිත්‍රත්වයක දී පමණක් බව මේ අධ්‍යයනයෙන් පෙනේ. මේ අනුව ෆේස්‌බුක් ඔස්‌සේ මිතුරන් හා ගනුදෙනු කිරීමට අප යොදාගන්නා හුවමාරු කිරීම් (Share) හා කැමැත්ත දැක්‌වීම් (Like) වැනි ප්‍රතිචාරවලට වඩා සැබෑ ලෝකයේ මිතුරන් හා අප කරන ක්‍රියාකාරකම් වන අත්දැකීම් බෙදාගැනීම, සුහද කතාබහ හා කෑම-බීම බෙදාහදාගැනීම වැනි දේට බැඳීම් ඇති කිරීමේ හා පවත්වාගැනීමේ හැකියාවක් ඇති බව පෙනේ. (මූලාශ්‍රය: Royal Society Open Science, DOI: 10.1098/rsos.150292)
http://www.vidusara.com/2016/04/06/feature1.html