ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2013-08-14, පි. 2-3
Vidusara: http://www.vidusara.com/2013/08/14/feature1.html
රතුපස්‌වල හා අවට ප්‍රදේශවල භූගත ජලයේ ඇති වූ ගැටලු හේතුවෙන් උද්ගත වූ අර්බුදය මේ වන විට අප සමාජයේ සාකච්ඡාවට ලක් ව ඇති මාතෘකාවකි. රතුපස්‌වල ජනතාවට ඒ ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ යම් ගැටලුවක් ඇති ව තිබූ අතර ඔවුන් ගේ චෝදනාව වූයේ ප්‍රදේශයේ පිහිටි කම්හලක් මේ සඳහා පාදක වූ බව ය. ඔවුන් මින් සති කිහිපයකට පෙර ආරම්භ කළ ජනතා උද්ඝෝෂණය ක්‍රමයෙන් දුරදිග ගිය බවක් පෙනේ. එහි බරපතළ ප්‍රතිඵලය වූයේ අගෝස්‌තු මස පළමුවැනි දා ආසන්න ප්‍රධාන නගරය වන වැලිවේරිය ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමින් ජීවිත තුනක් ජාතියට අහිමි වීම ය. මේ පිළිබඳ විවිධ ආකාරයේ අදහස් උදහස් හා චෝදනා කිරීම් පසුගිය සතිය පුරා ජනමාධ්‍ය ඔස්‌සේ දැකිය හැකි විය. එසේ ම මේ සිදුවීම හරහා රජයට පක්‌ෂ හා විපක්‌ෂ කණ්‌ඩායම් ලෙස විවිධ පාර්ශ්ව ගොනු වන ආකාරය ද දක්‌නට තිබිණි. එහෙත් අවාසනාවකට මෙන් ජලය පිළිබඳව මිනිසුන් සතු අයිතිය හෑල්ලු කිරීම ද අඩු වැඩි වශයෙන් මෙහි දී දැකිය හැකි වූ බව සඳහන් කළ යුතු ය.
ජලය නිසා මෙවැනි සමාජයීය අර්බුද ඇති වීම සාමාන්‍ය කරුණකි. එයට හේතුව වන්නේ ජලය මිනිසුන්ට නැති ව ම බැරි අත්‍යවශ්‍ය සම්පතක් වීම ය. ජලය නොමැති ව තම ජීවිත පවත්වාගැනීමට, වගා කිරීමට හෝ එදිනෙදා බොහෝ කටයුතු සිදු කරගැනීමට මිනිසුන්ට නොහැකි ය. විශේෂයෙන් පානීය ජලය මෙන්ම කෘෂිකාර්මික ජල සැපයුම පිළිබඳ යම් අර්බුදයක් ඇති වුව හොත් එය බෙහෙවින් ගැටලු සහිත වනු ඇත. ජල සුලබතාව හා ජලය කළමනාකරණය කරගැනීමට ඇති හැකියාව බිඳවැටීම නිසා අතීත ලෝකයේ පැවැති ශිෂ්ටාචාර පවා අවදානමකට ලක් වූ අවස්‌ථා පවතී.
ජලය සපයාගැනීම හෝ බෙදාගැනීම පිළිබඳව ඇති වන ගැටලු නිසා සමාජයීය අර්බුද ඇති වූ අවස්‌ථා රැසක් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. ජල අර්බුද සඳහා බලපාන කරුණක් වන්නේ ජලය පිළිබඳ විවිධ අංශවල ඇති ඉල්ලුම සම්බන්ධ ගැටලු බව පිළිගෙන ඇති කරුණකි. මේ අර්බුද රටවල් දෙකක් අතර, එක ම රටක ප්‍රදේශ හෝ ප්‍රාන්ත දෙකක් අතර මෙන්ම ගම් හෝ නගර කිහිපයක් අතර ආදි වශයෙන් විවිධ විය හැකි ය. මේ ආකාරයෙන් ඇති වන ජල අර්බුද ඇතැම් විට ගැටුම් දක්‌වා වුව ද වර්ධනය වීමට පවා ඉඩ තිබේ. රටවල් අතර ජලය පිළිබඳ යුද්ධ ඇති නො වුව ද, ඒවා විවිධ ගැටුම් සඳහා පදනම් ව ඇති බව පෙනේ.
අප්‍රිකාවේ රටවල් අතර ජලය සම්බන්ධ අර්බුද ඇති අතර නයිල් නදියේ ජලය බෙදාගැනීම පිළිබඳව මේ වන විට ඊජිප්තුව, ඉතියෝපියාව හා සුඩානය අතර ඇති ව තිබෙන අර්බුදය මෙවැනි එක් නිදසුනකි. ඒරල් මුහුදේ ජල සැපයුම සම්බන්ධ අර්බුදය මධ්‍යම ආසියාවේ රටවල් අතර ඇති තවත් ගැටලුවකි. එසේ ම මෑත අතීතයේ දී අප්‍රිකාවේ ඇති වූ ඇතැම් ගැටුම් සඳහා ජලය පිළිබඳ අර්බුද ද හේතු වී ඇති බව පෙනේ. එක ම රටක ප්‍රාන්ත දෙකක් අතර ජලය සම්බන්ධව ඇති වූ ගැටලුවක් ලෙස, කාවේරි ගංගාවේ ජලය බෙදාගැනීම ඉන්දියාවේ තමිල්නාඩු හා කර්නාටක ප්‍රාන්ත අතර ඇති අර්බුදය හා මුල්ලපෙරියර් ජලාශය සම්බන්ධව කේරළ හා තමිල්නාඩු ප්‍රාන්ත අතර ඇති අර්බුදය දැක්‌විය හැකි ය.
මේ ආකාරයෙන් ම ආසන්න ගම් හෝ නගරවල වාසය කරන ජන කොටස් දෙකක් අතර ද ජලය බෙදාගැනීම පිළිබඳ අර්බුද ඇති විය හැකි ය. එසේ ම ජලය භාවිත කරමින් ජනතාව පීඩාවට පත් කළ අවස්‌ථා ද ඇතැම් රටවලින් වාර්තා වී තිබේ. ඉරාකයේ සදාම් හුසේන් පාලන සමයේ දී වගුරු බිම් ආශ්‍රිත ව දිවි ගෙවූ ජන කොටසක් පාලනය කිරීමට අදාළ වගුරු බිමට ඇති ජලය සැපයුම සීමා කිරීම මීට නිදසුනක් ලෙස දැක්‌විය හැකි ය.
එහෙත් මේ සියල්ලට වඩා ජලය පිළිබඳ සුලබව දැකිය හැකි අර්බුදය වන්නේ ජල හිඟය හා ජල දූෂණය නිසා පීඩා විඳින ජනතාවක් ඊට විසඳුම් ඉල්ලා සිටිමේ දී සිදු කරන අරගලයි.
ශ්‍රී ලාංකේය උදාහරණ
ජලය පිළිබඳ ගැටලු අපේ රටේ ඇති වූ අවස්‌ථා ද හිඟ නො වේ. කෙසේ වෙතත් අපේ රටේ ජලය හා සම්බන්ධව වැඩි වශයෙන් ඇති වී තිබෙන්නේ ජල හිඟය හෝ ජලය නොමැති වීම නිසා ඇති වී තිබෙන අර්බුද බව පෙනේ.
මෙවැනි එක් සිදුවීමක් ලෙස කිරිඳිඔය ජල අර්බුදය දැක්‌වීමට හැකි ය. කිරිඳිඔය වාර්මාර්ග හා ජනාවාසකරණ ව්‍යාපෘතිය යටතේ 1980 දශකයේ ලුණුගම්වෙහෙර ජලාශය ඉදි කරන ලද නමුත් ප්‍රමාණවත් ජල ප්‍රවාහයක් නො තිබීම නිසා ඒ ව්‍යාපෘතිය යටතේ පදිංචි කරන ලද ජනතාවට ප්‍රමාණවත් ජල සැපයුමක් තිබුණේ නැත. මේ නිසා කෘෂිකර්මය සඳහා මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් ජල සැපයුමක් නොමැති වීමෙන් ඉතා බරපතළ සමාජයීය අර්බුදයක් ඇති විය. එය වඩාත් උග්‍ර වූයේ දෙ දහස දශකයේ මුල් කාලයේ දී ඇති වූ දැඩි නියඟයත් සමඟ ය. මේ නිසා අදාළ ජනතාව ප්‍රදේශය හැර යන තත්ත්වයකට පත් වූ අතර, එය රටේ මෙන්ම ජාත්‍යන්තරව ද සාකච්ඡාවට ලක් වූ මාතෘකාවක් විය. මේ තත්ත්වය විසඳීම සඳහා අදාළ ප්‍රදේශයටට වෙනත් ජල සැපයුමකින් ජලය සැපයීමට සිදු විය. ඒ අනුව වෙහෙරගල ජලාශය තැනීමෙන් මැණික් ගඟේ ජලය කිරිඳිඔය නිම්නයේ ලුණුගම්වෙහෙරෙ ජලාශයට සපයා දී තිබේ.
ජලය පිළිබඳ සමාජයීය අර්බුද උග්‍ර වූ තවත් අවස්‌ථාවක් ලෙස පශ්චාත් සුනාමි තත්ත්වය දැක්‌වීමට හැකි ය. සුනාමියෙන් අවතැන් වූ ඇතැම් ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමේ දී ජල මූලාශ්‍ර පිළිබඳව ගැටලු ඇති වූ අවස්‌ථා හිඟ නො වේ. මෙවැනි ගැටලු ප්‍රදේශ කිහිපයක ඇති වූ බව අපි දුටිමු.
අනෙක් අතට පානීය ජලය ඉල්ලා ජනතාව විසින් සිදු කරනු ලබන ඉල්ලීම් විවිධ ජනමාධ්‍ය ඔස්‌සේ අපට බොහෝ විට දකින්නට ලැබේ. විශේෂයෙන් ඔවුන්ට මේ සම්බන්ධව ඇති ගැටලු වන්නේ පානීය ජලය සපයා ගැනීමේ දුෂ්කරතා, ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති වීම, ජලයේ පිරිසිදු බල පිළිබඳ ගැටලු, ජලයේ අධික කඨිනත්වය හා සම්බන්ධ ගැටලු ආදියයි. සමස්‌තයක් ලෙස ඉන් පෙන්වා දෙන්නේ පානීය ජලයේ ඇති වැදගත්කමයි. මේ වන විට අපේ රටේ ජනතාව ගෙන් නළ ජල සැපයුමක් ඇත්තේ සියයට 43.6ක් පමණ තරම් පිරිසකට පමණි. ඒ අනුව රටේ ජනගහනයෙන් වැඩි පිරිසකට නළ ජල පහසුකම් නොමැති බව පෙනේ. (එහෙත් ඉන් කියෑවෙන්නේ ඔවුන් ගේ ජල සැපයුම අපිරිසිදු බව නො විය හැකි ය. ළිං ජල සැපයුම මීට නිදසුනකි. කෙසේ වෙතත් රටේ ප්‍රදේශ සමහරක භූගත ජලය පානය සඳහා එතරම් සුදුසු නො වන බව ද අප අමතක නො කළ යුතු ය).
රතුපස්‌වලින් ඔබ්බට
අප මේ මාතෘකාවට යොමු වූයේ රතුපස්‌වල මතු වූ ජල අර්බුදය නිසා ය. රතුපස්‌වල ජල ගැටලුවට හේතු වූ කරුණු පිළිබඳව විවිධ අංශ විවිධ සාධක දක්‌වන බවක් පෙනෙයි. මේ ලියන මොහොත වන විට ද විවිධ ආයතනවලින් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වෙමින් තිබේ. මේ පර්යේෂණවල ප්‍රතිඵල මත උක්‌ත ජල දූෂණය සඳහා හේතු වී ඇති කරුණු මොනවා ද යන්න ඉදිරියේ දී වඩාත් පැහැදිලි වනු ඇත. මේ වන විට රජයේ අදාළ බලධාරීන් ක්‍රියාත්මක ව ඇති බැවින් ප්‍රදේශයේ ජනතාව සඳහා පානීය ජල සැපයුමක් ඇති කිරීම සඳහා යම් ස්‌ථිර විසඳුමක් ද ලැබීමට හැකි ය. මේ පිළිබඳ වාර්තාවලට අනුව මේ සඳහා වන ව්‍යාපෘතියක් ද අනාගතයේ දී ක්‍රියාත්මක වනු ඇත.
අප මේ ලිපියේ නැවත නැවතත් දැක්‌වූයේ මිනිසුන්ට අත්‍යවශ්‍ය සම්පතක් ලෙස ජලයේ ඇති වැදගත්කමයි. එය ඇතැම් විට නො සලකා හැර තිබේ. මිනිසාට අත්‍යවශ්‍ය සම්පතක් වන ජලය පිළිබඳ ගැටලුවල දී අදාළ අංශවල බලධාරීන් මීට වඩා කඩිනමින් හා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව මෙහි දී අවධාරණය කළ යුතු කරුණකි. රතුපස්‌වලින් අප උගත යුතු එක් පාඩමක් වන්නේ මෙයයි.
එසේ ම මෙහි දී ඇතැමුන්ට අමතක වී ඇති බවක් පෙනෙන එහෙත් අපට අමතක කළ නොහැකි එක් කරුණක් තිබේ. එනම් ජලය යනු මිනිසුන්ට පමණක් නො ව සමස්‌තයක් ලෙස සියලු ජීවීන්ට ම අත්‍යවශ්‍ය වූ අමිල සම්පතක් බව ය. කිසියම් ප්‍රදේශයක ජල දූෂණය හා සම්බන්ධ ගැටලුවක් ඇති වූ විට ඒ සඳහා වෙනත් ප්‍රදේශයක සිට පිරිසිදු ජල සැපයීම පිළියමක් වන්නේ මිනිසුන්ට ය. එහෙත් අදාළ පරිසර පද්ධතියට මේ ජල දූෂණය නිසා ඇති විය හැකි බලපෑම බොහෝ විට අප අමතක කරන කරුණකි. උග්‍ර ජල දූෂණයක් ඇති වන අවස්‌ථාවල දී ඉන් සමස්‌ත පරිසර පද්ධතියට ම බලපෑමක් ඇති වේ. අදාළ පරිසරයේ වැවෙන ශාකවලට මෙන්ම එහි ජීවත් වන සත්ත්ව ප්‍රජාවට ද මින් බලපෑමක් ඇති විය හැකි ය. මේ බලපෑම ඇතැම් විට දැඩි වෙනස්‌කම් ඇති කරන්නක් විය හැකි ය. මේ නිසා සමස්‌ත පරිසර පද්ධතියේ පැවැත්ම මිනිසුන් ගේ පැවැත්ම සඳහා වැදගත් වන නිසා අවශ්‍ය වන්නේ සමස්‌තයක් ලෙස අදාළ පරිසර දූෂණයට පිළියමක් යෙදීම හා එවැනි දූෂණයක් ඇති වීම වළක්‌වා ගැනීම ය.
එසේ ම කර්මාන්ත ද අපේ රටට අවශ්‍ය කරන බැවින් ඒවායින් පිට කරනු ලබන අපද්‍රව්‍ය පිළියම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හා ඒවා අඛණ්‌ඩව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා ගැලීමට ප්‍රමාද නො විය යුතු ය. මේ සඳහා ප්‍රමාණවත් නීති පද්ධති අපේ රටේ ඇත. අපට අවශ්‍ය වන්නේ ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට අදාළ බලධාරීන් විසින් තහවුරු කරනු ලැබීම ය. එවිට ජනතාවට ද වාසය කිරීමට යෝග්‍ය පරිසරයක් ඉබේ ම සැකසෙනු ඇත. මේ වන විට සාකච්ඡාවට ලක් ව ඇති එක් යෝජනාවක් වන්නේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති කර්මාන්තශාලාවලින් ඇති වන පාරිසරික ගැටලු සොයා බලා විසඳුම් සැපයීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමින් පරිසර කමිටු පිහිටුවීම ය. එය ප්‍රදේශවාසීන්, රාජ්‍ය නිලධාරීන් හා කර්මාන්තරුවන් ගෙන් සමන්විත වන බව වාර්තා වී තිබේ. මේ කමිටු පරිසරය පිළිබඳව උනන්දුවක් දක්‌වන සංවිධානවලට විවෘත වන්නේ නම් වඩාත් යෝග්‍ය වේ. එසේ ම මේ පියවර සක්‍රියව පවත්වා ගැනීමට මෙන්ම එය රටේ අනෙක් ප්‍රදේශවල ද ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
http://www.vidusara.com/2013/08/14/feature1.html