Friday, February 6, 2015

පරිසර පුවත් - Environment News (2015-01-28)

පරිසර පුවත් - 2015-01-28
ධනේෂ් විසුම්පෙරුම

විදුසර 2015-01-28 (Vidusara)

http://www.vidusara.com/2015/01/28/news.html


රයිනෝ ඝාතන පසුගිය වසරේ දීත් ඉහළට

2014 වර්ෂයේ දී දකුණු අප්‍රිකාව තුළ දී මරා දමන ලද රයිනෝසිරස්‌ සතුන් ගේ ගණන ඊට පෙර වර්ෂයට වඩා 21%ක්‌ පමණ තරම් අධික බව පසුගිය සතියේ වාර්තා විය. ඒ වර්ෂයේ දී රයිනෝ සතුන් 1215ක්‌ පමණ ප්‍රමාණයක්‌ මරා දමා තිබේ. මේ තත්ත්වය මෑත කාලයේ දී දැකිය හැකි රයිනෝ ඝාතන ඉහළ යන ප්‍රවණතාව ඉදිරියට යැමක්‌ සේ දක්‌වා ඇත. ලෝකයේ රයිනෝ ගහනයෙන් 80%ක්‌ පමණ දැකිය හැක්‌කේ දකුණු අප්‍රිකාවේ ය.

මේ රයිනෝ සතුන් අතරින් වැඩි ප්‍රමාණයක්‌ (එනම්, තුනෙන් දෙකක්‌ පමණ) මරා දමා ඇත්තේ එරට පිහිටා ඇති ලෝක ප්‍රකට ජාතික උද්‍යානයක්‌ වන කෘගර් ජාතික උද්‍යානය ඇතුළත දී වීම කණගාටුදායක කරුණකි. මේ නිසා රයිනෝ සතුන් සියයක පමණ පිරිසක්‌ වඩාත් ආරක්‌ෂිත වූ ප්‍රදේශ වෙත යොමු කර ඇති අතර, මේ ඇතැම් සතුන් යාබද රටවලට පවා යොමු කර ඇත. එහි අරමුණ වන්නේ මේ සතුන් දඩයක්‌කරුවන් ගෙන් ආරක්‌ෂා කරගැනීම ය.

රයිනෝ සතුන් මරා දමනු ලබන්නේ ඔවුන් ගේ අං ලබාගැනීම සඳහා ය. චීනය හා වියට්‌නාමය වැනි රටවල සාම්ප්‍රදායික ඖෂධීය අවශ්‍යතා සඳහා යොදාගන්නා නිසා මේ අං සඳහා සඳහා අධික ඉල්ලුමක්‌ පවතී. ඒ නිසා මේ ආකාරයෙන් රයිනෝ සතුන් ඝාතනය කරනු ලැබීම අප්‍රිකානු රටවල දැකිය හැකි ය. ජාත්‍යන්තර වශයෙන් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා නීති පැවතිය ද, අදාළ වනජීවී ද්‍රව්‍ය සපයන්නන් විවිධ නවීන උපක්‍රම භාවිත කිරීම නිසා මේ අනවසර වෙළෙඳාම පාලනය කිරීම අසීරු වී තිබේ.

දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව වැඩි අවධානයක්‌

දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ඇති අවධානය ම`දක්‌ ඉහළ ගොස්‌ ඇති බවක්‌ පසුගිය සතියේ ලෝකයෙන් වාර්තා වූ විවිධ සිදුවීම් අනුව පෙනේ. මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ ලෝකයේ උණුසුමින් අධික ම වර්ෂය 2014 බව ප්‍රකාශ වීමෙන් පසුව බව ද පෙනේ.

ඔවුන් ගේ රටවල් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා සිදු කරන සැලසුම් ඉදිරිපත් කරන ලෙස එක්‌සත් ජාතීන් ගේ දේශගුණ වෙනස්‌වීම පිළිබඳ රාමුගත සම්මුතියේ ප්‍රධානි ක්‍රිස්‌ටියානා ෆිගියුරේස්‌ ලෝකයේ රටවලින් ඉල්ලා තිබිණි. අදාළ සැලසුම් මේ වසර අග දී පැවැත්වෙන පැරිස්‌ දේශගුණ සාකච්ඡා ගොඩනැ`ගීම සඳහා පදනම් කරගත යුතු බව ද ඔවුන් දක්‌වා තිබිණි.

මේ අතර ලෝකය මුහුණ දී ඇති අවදානම පිළිබඳ පිළිගත් නිර්ණායකයක්‌ සේ සැලකෙන ඉරණම් දින ඔරලෝසුවේ (Dදදපිdaහ ජකදජන) වේලාව මධ්‍යම රාත්‍රියට මිනිත්තු තුනක්‌ ආසන්න වන සේ වෙනස්‌ කිරීම පසුගිය දා සිදු විය. එය වසර තුනකට පෙර අවසන් වරට වෙනස්‌ කරන විට පැවැති වේලාවට වඩා මිනිත්තු දෙකක්‌ ඉදිරියට ගෙන ගොස්‌ ඇත. මේ දර්ශකය සකස්‌ කරන චිකාගෝ පාදක කරගත් පරමාණු විද්‍යාඥයන් ගේ බුලටිනය මේ සඳහා හේතු ලෙස දක්‌වා තිබුණේ දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම හා න්‍යෂ්ටික ආයුධවලින් ඇති අවදානමයි.

http://www.vidusara.com/2015/01/28/news.html

No comments:

Post a Comment