ධනේෂ් විසුම්පෙරුම
2026 ජුලි ගාස්තු වෙනස් වීම - 2026 ජුලි 06 සිට ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන බස් රථවල සාමාන්‍ය බස් සේවාවල ආරම්භක ගාස්තු අවස්ථා දහය වූයේ රුපියල් 34, 44, 56, 69, 82, 95, 108, 115, 123 හා 131 ලෙස ය. මේ නිරීක්ෂණ ඒ අනුව ය.
අවසන් යාවත්කාලීන කිරීම - 2026 සැප්තැම්බර් 21
දැන් අපි ගාස්තු අවස්ථා අනුව හඳුනා ගත හැකි ප්‍රවණතා බලමු.
මේ ගමන් ගාස්තු දෙකට රු. 40, 50, 100 දුන්විට රුපියලක් නම් නොලැබේ.
රුපියල් පහේ ඒවා කොන්දොස්තර ළඟ තිබේ නම් ලැබේ. ඉහත මිල ගණන් නෝට්ටුවලින් දුන්විට මුලින්ම අසන්නේ "පහක් නැද්ද" කියා ය. ඒ ඇතැම්විට ඔවුන් අතේ පහේ ඒවා තිබියදීත් ය.
විශේෂයෙන් රු. 44 ගාස්තුව සඳහා 100ක් දුන්විට පහක් ඉල්ලීම අනිවාර්ය වාගේ ය. ඒ වැඩියෙන් ඔවුන් අත ඇති රු. 20 කොළවලින්ම ඉතිරි දිය හැකි නිසා ය. රු. 10 කාසි දැන් දැන් අඩු ය. ඒවා කොන්දොස්තරවරුන්ට ලැබෙනවාත් අඩු ය.
එසේම යන තැන කියා කෙනෙකු ගාන ඇහුවොත් කියන්නේ පහේ ඒවායිනි. ඒ 35, 45 ආදි වශයෙන් කියා ය. ඒ වැටයීමේ පාඩම හරියට කරගත් නිසා නොවේය...
ඒ වගේම මේ ගාස්තු දෙකට මාරු රුපියල් 4 දුන්නොත් ඔවුන් ඒක ගන්නේ ටිකක් මූණ අවුල් කරගෙන ය, හරියට අකමැත්තෙන් මෙනි. එසේ ඔවුන්ට මගීන්ගෙන් එසේ ලැබුණු රුපියලේ හා දෙකේ කාසිවලින් ඉක්මනට මිදෙන්නට උත්සාහ කරන්නේ ඒවා ඉක්මනින් ඉතිරි සල්ලි ලෙස මගීන්ටම ලබා දීමෙනි. මේ නිසා රුපියල් 34 හා 44ට රුපියල් 6ක්ම ලද අවස්ථා ද තිබේ!
මේ ගාස්තු අවස්ථාව කොන්දොස්තර රුපියලක් පාඩු කරගන්නා අවස්ථාවකි. මෙහි දී බොහෝ විට අපෙන් ගන්නේ 55කි. සාමාන්‍යයෙන් ඒ ටිකට් එකට පහේ කාසියක් සමඟ දුන් විට කිසි කතාවක් නැතිවම ගනිති. "දැන් ගාන 56යි" කියා කියනවා මට ඇසී ඇත්තේ එකම එක වරකි. ඒ මට නොවේය.
අතේ රුපියල ඇති අවස්ථාවල මම රුපියල් 56 හරියටම දෙන අතර, කාසි දෙකක් මොකද කියා බලා ඒවා ගනිති.
මේ ගාස්තුව නම් 70ම ය. කුමන මාර්ගයේ ගියත් මම හැමදාම දෙන ගමන් ගාස්තුවක් වන අතර, කිසිදු දවසක රුපියලක් නම් ඉතිරි ලැබී නැත. 100 කොළයක් දුන්නොත් 20ක් හෝ 10ක් නැතිද අසති. පනහට වඩා විස්ස අතේ ඇති නිසා 10ක්ම ඉල්ලති. මම නම් 20 කොළ stand by තියාගෙන ඉන්නෙමි.
මෙම ගාස්තුවට පොදු දේ වන්නේ මාරු කාසි නොගැනීමය. මේ මාස දෙකකට වැඩි කාලය තුළ 82 ටිකට්ටුවට මම රු. 2 දුන් විට ඒ රු. 2 එපා කියා විස්සක් මට දුන් අවස්ථා බොහෝ ය (කාසිය ගෙන රු 20 දුන් අවස්ථා ගණන හා සමානය). මේ කාලය තුළ 174 බස්වල ගිය රු. 82 ගමන්වල දී දුන්නත් ගත්තේම නැත. 176 නම් ගත් අවස්ථා අඩු ය. 138 නම් ගත් අවස්ථා හා නොගත් අවස්ථා සමානය. උදේට කෙසේ වෙතත්, හවසට නම් රු. 2 කාසිය ගන්නේ අඩුවෙනි.
![]() |
| ආරම්භක ගාස්තු වෙනස් වී ඇති ආකාරය |
පොදු නිරීක්ෂණ
මේ ගාස්තු සංශෝධනයත් සමඟ දැකිය හැකි මූලික කරුණු දෙකක් මෙසේ ය.
(a) අඩු වටිනාකමක් ඇති කාසි භාවිතය නැති කිරීමට කොන්දොස්තරවරුන් උත්සාහ දරන බව - බස් රථවල අඩු මිල කාසි (රුපියල හා 2 වැනි) භාවිතයෙන් වැළකීම කොන්දොස්තරවරුන්ගේ උත්සාහයයි. එහි දී ඔවුන්ට වාසි සිදුවන අවස්ථා මෙන්ම අවාසි සිදුවන අවස්ථා ද තිබේ (පහළ විස්තර කර ඇත).

(b) කාසි භාවිතයට ගෙන ඒමට මගීන් දරන උත්සාහය - මගීන් හැකිතාක් මාරු සල්ලි ගෙන ඒමට උත්සාහ දරන බව පෙනේ. ඒ වැඩි වශයෙන් රුපියල් 5 හා 2 කාසි ය. එසේම කළු ගැහුණු, ගෙවල්වල නොසලකා පසෙක ලා තිබුණු කාසි යම් ප්‍රමාණයක් ද බස් රථවලට පැමිණ ඇති ආකාරයක් දැකිය හැකි ය.
![]() |
| ආසන්න දින කීපයක දී ලැබුණු පසෙක ලා තිබුණු කාසි |
මේ අනුව, මේ ගාස්තු සංශෝධනය සමහර කාසි භාවිතයෙන් ඉවත් කිරීමට කොන්දොරස්තරවරුන් ද, ඒ කාසි භාවිතයට ගෙන ඒමට මගීනුත් අතර ඇති අඛණ්ඩ තරගයක් බව පෙනේ.
දැන් අපි ගාස්තු අවස්ථා අනුව හඳුනා ගත හැකි ප්‍රවණතා බලමු.
(1) රුපියල් 34, 44 ගාස්තු අවස්ථා
මේ ගමන් ගාස්තු දෙකට රු. 40, 50, 100 දුන්විට රුපියලක් නම් නොලැබේ.
රුපියල් පහේ ඒවා කොන්දොස්තර ළඟ තිබේ නම් ලැබේ. ඉහත මිල ගණන් නෝට්ටුවලින් දුන්විට මුලින්ම අසන්නේ "පහක් නැද්ද" කියා ය. ඒ ඇතැම්විට ඔවුන් අතේ පහේ ඒවා තිබියදීත් ය.
එසේම උදේට පහ ලැබෙන බස්වල හවසට රුපියල් 44ට පහක් නොලැබීමේ අවස්ථාවක් ද ඇත (විශේෂයෙන් 138 බස්වල). පෞද්ගලික බස්වල ටිකට්වල ද උදේට හා සවසට මේ වෙනස ඇත.
රුපියල් 34 ගාස්තුව සඳහා මගීන් වැඩි වශයෙන් 20 කොළ දෙකක් ලබා දේ. එවිට පහක් ඉල්ලීම අඩු ය. පනහක් දුන් විට පහක් ඉල්ලා 20ක් ආපසු දීම ඇත.
රුපියල් 34 ගාස්තුව සඳහා මගීන් වැඩි වශයෙන් 20 කොළ දෙකක් ලබා දේ. එවිට පහක් ඉල්ලීම අඩු ය. පනහක් දුන් විට පහක් ඉල්ලා 20ක් ආපසු දීම ඇත.
විශේෂයෙන් රු. 44 ගාස්තුව සඳහා 100ක් දුන්විට පහක් ඉල්ලීම අනිවාර්ය වාගේ ය. ඒ වැඩියෙන් ඔවුන් අත ඇති රු. 20 කොළවලින්ම ඉතිරි දිය හැකි නිසා ය. රු. 10 කාසි දැන් දැන් අඩු ය. ඒවා කොන්දොස්තරවරුන්ට ලැබෙනවාත් අඩු ය.
රවුම් කර ගණන් කීම
එසේම යන තැන කියා කෙනෙකු ගාන ඇහුවොත් කියන්නේ පහේ ඒවායිනි. ඒ 35, 45 ආදි වශයෙන් කියා ය. ඒ වැටයීමේ පාඩම හරියට කරගත් නිසා නොවේය...
එසේම 34 ටිකට් දෙකකට ගාන 68 නොව, 70කි! 44 දෙකක් යනු රු 88ක් නොව 90කි. ඇතැම් විට 100ක වීමට ද හැකිය.
මාරු කාසි භීතියක්?
මාරු කාසි භීතියක්?
ඒ වගේම මේ ගාස්තු දෙකට මාරු රුපියල් 4 දුන්නොත් ඔවුන් ඒක ගන්නේ ටිකක් මූණ අවුල් කරගෙන ය, හරියට අකමැත්තෙන් මෙනි. එසේ ඔවුන්ට මගීන්ගෙන් එසේ ලැබුණු රුපියලේ හා දෙකේ කාසිවලින් ඉක්මනට මිදෙන්නට උත්සාහ කරන්නේ ඒවා ඉක්මනින් ඉතිරි සල්ලි ලෙස මගීන්ටම ලබා දීමෙනි. මේ නිසා රුපියල් 34 හා 44ට රුපියල් 6ක්ම ලද අවස්ථා ද තිබේ!
(2) රුපියල් 56 ගාස්තු අවස්ථාව
මේ ගාස්තු අවස්ථාව කොන්දොස්තර රුපියලක් පාඩු කරගන්නා අවස්ථාවකි. මෙහි දී බොහෝ විට අපෙන් ගන්නේ 55කි. සාමාන්‍යයෙන් ඒ ටිකට් එකට පහේ කාසියක් සමඟ දුන් විට කිසි කතාවක් නැතිවම ගනිති. "දැන් ගාන 56යි" කියා කියනවා මට ඇසී ඇත්තේ එකම එක වරකි. ඒ මට නොවේය.
අතේ රුපියල ඇති අවස්ථාවල මම රුපියල් 56 හරියටම දෙන අතර, කාසි දෙකක් මොකද කියා බලා ඒවා ගනිති.
(3) රුපියල් 69 ගාස්තු අවස්ථාව
මේ ගාස්තුව නම් 70ම ය. කුමන මාර්ගයේ ගියත් මම හැමදාම දෙන ගමන් ගාස්තුවක් වන අතර, කිසිදු දවසක රුපියලක් නම් ඉතිරි ලැබී නැත. 100 කොළයක් දුන්නොත් 20ක් හෝ 10ක් නැතිද අසති. පනහට වඩා විස්ස අතේ ඇති නිසා 10ක්ම ඉල්ලති. මම නම් 20 කොළ stand by තියාගෙන ඉන්නෙමි.
(4) රුපියල් 82 ගාස්තු අවස්ථාව
මෙම ගාස්තුවට පොදු දේ වන්නේ මාරු කාසි නොගැනීමය. මේ මාස දෙකකට වැඩි කාලය තුළ 82 ටිකට්ටුවට මම රු. 2 දුන් විට ඒ රු. 2 එපා කියා විස්සක් මට දුන් අවස්ථා බොහෝ ය (කාසිය ගෙන රු 20 දුන් අවස්ථා ගණන හා සමානය). මේ කාලය තුළ 174 බස්වල ගිය රු. 82 ගමන්වල දී දුන්නත් ගත්තේම නැත. 176 නම් ගත් අවස්ථා අඩු ය. 138 නම් ගත් අවස්ථා හා නොගත් අවස්ථා සමානය. උදේට කෙසේ වෙතත්, හවසට නම් රු. 2 කාසිය ගන්නේ අඩුවෙනි.
2026 ජුලි ගාස්තු වෙනස් වීමෙන් දින පනහකට පමණ පසු අගෝස්තු 27 දින මම රු. 82 ටිකට්ටුවක් ගැනීමට ලංගම බසයකට රු. 2ක් දුනිමි. එවිට කොන්දොස්තර මට මෙසේ කීවේය.
"ගණන් වැඩි උනාට පස්සේ 82 ටිකට් එකට රු. 2ක් ලැබුනාමයි" කියාය.
ඔහු කී පරිදි හැමෝම දෙන්නේ රුපියල් පහය, නැතිනම් දෙන්නේම නැත.
මෙයත් ඉතිරි රුපියල් 5 ලැබීමට හෝ නොලැබීමට සමාන අවස්ථාව ඇති ගාස්තුවක් සේ පෙනේ මෑත දවසක 95 ටිකට්ටුවට රු. 100 දුන්නාම මගෙන් 15ක් ඉල්ලා සිට මා ළඟ නැති තැන රුපියල් හතරක් දුන්නේ ලංගම බසයක ය.

(5) රුපියල් 95 ගාස්තු අවස්ථාව