ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 26.08.2015 - Vidusara
http://www.vidusara.com/2015/08/26/feature1.html
සාගරයේ විශාලතම සත්ත්ව විශේෂ අතරට ගැනෙන්නේ තල්මහ විශේෂ ය. මේ අතරින් නිල් තල්මහ පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ලෝකයේ වෙසෙන විශාලතම සත්ත්වයා ද වන නිසා ය. ශ්‍රී ලංකාව අවට ඇති සුවිශේෂ තත්ත්ව නිසා මෙරට අවට සාගරයේ ද තල්මහ විවිධත්වය ඉහළ මට්‌ටමක පවතී. නිල් තල්මහ, බ්‍රයිඩ් ගේ තල්මහ, මන්ද තල්මහ වැනි තල්මහ විශේෂ දැකිය හැකි සාගර ප්‍රදේශ ගණනාවක් අපේ රට අවට මුහුදේ පවතියි. මේ ආශ්‍රිතව තල්මහ නැරඹීම අද වන විට සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු ආදායම් ලබන අංශයක් ලෙස වර්ධනය වී තිබේ. එසේ ම නිල් තල්මහ නැරඹීම සඳහා ලෝකයේ සුදුසු ම ස්‌ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඇතැම් විට හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත් තල්මහ ගෙන් ගහන වූ අපේ රටේ දකුණු මුහුදු තීරය තරමක් කාර්යබහුල නාවික ගමන් මාර්ගයක් වේ. මේ හේතුව නිසා ඇතැම් විට තල්මහ නැව්වල ගැටුණු අවාසනාවන්ත අවස්‌ථා සම්බන්ධව අපට විටින් විට අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව මෙරට වෙරළ වෙත ගොඩගසන තල්මහ දේහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් නැව්වල ගැටී තුවාල වී මිය ගිය සතුන් ගේ දේහ වේ. එසේ ම මෙසේ නැව්වල ගැටුණු තල්මහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් නිල් තල්මහ බව වාර්තා වී තිබේ. මේ අනුව තල්මහ ඝනත්වය ඉහළ වීම හා ඉහළ නැව් ගමනාගමනයක් තිබීම නිසා අපේ රටට දකුණින් වූ මුහුදු ප්‍රදේශය තල්මහ හා නැව් අතර ගැටුම් ඇති වීමට අවස්‌ථාව ඉහළ වූ ප්‍රදේශයකි. මෙසේ නැව් සමග ගැටීමෙන් මිය යන සතුන් ගේ මරණ සියල්ල ම නිසි ලෙස වාර්තා නො වන බැවින් සත්‍ය වශයෙන් පවත්නා තත්ත්වය මීට වඩා බරපතළ විය හැකි ය.
නැව්වල ගැටීම නිසා තල්මහ මිය යැම හුදෙක් ඉන්දීය සාගර කලාපයට පමණක් නො ව සමස්‌තයක් ලෙස තල්මහ සතුන් දැකිය හැකි බොහෝ ප්‍රදේශවලට පොදු වූ ගැටලුවකි. මේ නිසා ජාත්‍යන්තර සාගර සංවිධානය (IMO) සිටේසියානුවන් හා ගැටීම් වැළැක්‌වීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් සඳහන් වන ලේඛනයක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ නැව් ගමනාගමනයේ දී යොදාගැනීම පිණිස ය.
මේ අතර ශ්‍රී ලංකාව අවට කලාපයේ පවත්නා නැව්-තල්මහ ගැටුම සම්බන්ධව ජාත්‍යන්තර තල්මහ කොමිසමේ (IWC) විද්‍යාත්මක කමිටුවේ අවධානය වසර කිහිපයකට පෙර පමණ යොමු වූ අතර, එමගින් මෙරට රජයේ අවධානය මේ කෙරෙහි යොමු කිරීමට ක්‍රියා කරන ලදි. එසේ ම නාවික ගැටුම් නිසා තල්මහ ගහනයට ඇති වන බලපෑම් සම්බන්ධව ජාත්‍යන්තර මට්‌ටමේ අධ්‍යයනයක් කිරීම පිළිබඳව සැලකිල්ලක් යොමු වූයේ ද මේ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ය. ඒ අනුව මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයක් Regional Studies in Marine Science නම් ප්‍රකාශනයෙහි පළ වීම සඳහා පිළිගෙන ඇත (DOI: 10.1016/j.rsma.2015.08.002). එහි දී අනාවරණය වී ඇති කරුණු අපේ අද අවධානයට ලක් වේ.
2014 පෙබරවාරි හා 2015 අප්‍රේල් කාලය අතර විවිධ දේශගුණ තත්ත්ව පැවැති කාලවකවානුවල දී (අන්තර්මෝසම්, ඊසානදිග මෝසම් හා නිරිතදිග මෝසම්) දින 29ක් පමණ කාලයක් තිස්‌සේ සාගරයේ තල්මහ දෘෂ්‍ය හා වනි රේඛා අනුච්ඡදයක් ඔස්‌සේ තල්මහ නිරීක්‌ෂණය කිරීම මෙහි දී මූලික වශයෙන් සිදු කර තිබේ. මෙහි දී උතුරු අක්‌ෂාංශ 5° 28' හා 5° 53' අතර කලාපයේ නැව් ගමනාගමනයට සාපේක්‌ෂව තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව සලකා බලා ඇති බව පෙනේ. එA අනුව මේ අධ්‍යයන ප්‍රදේශයට නාවික ගමනාගමන මාර්ගයට උතුරින් නාවික සැතපුම් තුනක් ද, දකුණින් නාවික සැතපුම් 15ක් ද ලෙස එය සම්පූර්ණයෙන් ම ආවරණය වී තිබේ.
මේ අනුව කිලෝමීටර් 3268ක් පමණ දීර්ඝ ප්‍රදේශයක් පුරා සිදු කරන ලද නිරීක්‌ෂණවලින් පෙනී ගොස් ඇති ආකාරයට නිල් තල්මහ කණ්‌ඩායම් 193ක් පමණ නිරීක්‌ෂණය කර ඇති අතර, මේ එක් කණ්‌ඩායම දැකිය හැකි සතුන් ගේ මධ්‍යන්‍යය 1.46ක් පමණ වී ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, නිරීක්‌ෂණය කර ඇති මළු තල්මහ ගණන 281ක් පමණ වේ. මේ අතර නිල් තල්මහ ඉහළ ම ඝනත්වයක් හමු වී ඇත්තේ වර්තමාන නාවික ගමන් මාර්ග පිහිටා ඇති ප්‍රදේශවල ම වීම විශේෂත්වයකි. එය ඇතැම් විට කිලෝමීටරයකට 0.1ක් පමණ තරම් උපරිමයක් දක්‌වා ළඟා වී තිබීම වැදගත් ය. එය වාර්තා වී ඇත්තේ බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගයේ ය.
නැව් ගමන් මාර්ග සම්බන්ධව ගත් විට බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය හා නැෙගනහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය යන දෙක ම ලෝකයේ ඇති වඩාත් කාර්යබහුල හා නැව් ඝනත්වයෙන් ඉහළ ම නාවික මාර්ග අතර වේ. ඒ අනුව මේ නැව් ගමන්මාර්ග දෙකේ පිළිවෙළින් වසරකට කිලෝමීටරයකට 1090ක් හා 810ක් පමණ නැව් ඝනත්වයක් දැකිය හැකි ය. මේ නැව් මාර්ගයේ නැව් ගමනාගමනය මෑත කාලයේ දී ඉහළ ගොස් තිබේ. 1993-2002 අතර කාලයේ මේ ප්‍රදේශයේ පැවැති නැව් ගමනාගමනයට වඩා 2003-2012 අතර කාලයේ දී නැව් ගමනාගමනය 300%කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ වර්ධනය අත්ලාන්තික් හා පැසිෆික් යන සාගර ප්‍රදේශවලට වඩා ඉහළ මට්‌ටමක පවතී.
තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව තත්ත්වය හඳුනාගෙන ඇති බැවින් මේ තත්ත්වයට කිසියම් පිළියමක් ද මේ අධ්‍යයනය තුළින් ම පැහැදිලි වී තිබීම වැදගත් කරුණකි. උක්‌ත පර්යේෂකයන් විසින් යෝජනා කෙරෙන පරිදි වර්තමාන නැව් ගමන් මාර්ගය තවත් නාවික සැතපුම් 15ක් පමණ දකුණු දෙසට ගෙන යැමෙන් මේ තත්ත්වයට පිළියමක් ලැබේ. එසේ කළ හැකි නම්, වර්තමානයේ දී නිල් තල්මහ මුහුණ දී ඇති අවදානම 95%ක් පමණ තරම් අඩු කරගත හැකි ය. එහෙත් එවැනි පියවරක් ගත හොත් නැව් ගමනාගමනයට කිසියම් ආර්ථික බලපෑමක් ද ඇති වේ. නිදසුනක් ලෙස ගත හොත්, මේ නිසා ප්‍රධාන නාවික ගමනාන්තවලට ඇති දුර ප්‍රමාණය ඉහළ යයි. නැව් ගමන් මාර්ගය වෙනස් කළ හොත් රතු මුහුද දෙසට හා එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 5කින් පමණ ද, ඉන්දියාවේ බටහිර වෙරළට හා අරාබියේ ගල්ෆ් ප්‍රදේශයට යන එන නැව්වල මුළු දුර නාවික සැතපුම් 9කින් ද ඉහළ යා හැකි ය. අනෙක් අතට කොළඹට යන හෝ එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 12කින් පමණ ඉහළ යා හැකි ය. මේ දුර ඉහළ යැම සාපේක්‌ෂව අඩු බව පෙනේ. මේ පර්යේෂකයන් යෝජනා කරන විසඳුම කෙතෙක් දුරට ජගත් මට්‌ටමේ නාවික අධීකාරීන් විසින් අනුමත කෙරෙනු ඇති ද යන්න අපට අනාගතයේ දී දැකිය හැකි වනු ඇත.
එසේ ම මේ සාගර ප්‍රදේශයේ දැකිය හැකි වෙනත් තල්මහ විශේෂ සම්බන්ධව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන තවත් කරුණකි. නිදසුනක් ලෙස ගත හොත්, මේ ප්‍රදේශයේ දී බ්‍රයිඩ් ගේ තල්මහ (Bryde's whale) හා මන්ද තල්මහ (Sperm whale) මෙවැනි තවත් විශේෂ අතර වේ.
අනෙක් අතට මෙසේ තල්මහ නැව්වල ගැටීම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් ද මේ වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව පැටවුන් හා තරුණ වියේ පසු වන සතුන් ගේ ගැටීම් ඉහළ යැම එවැනි එක් තත්ත්වයකි. මීට හේතු විය හැකි කරුණු අතර නැව් නිසා ඇති වන අනතුරු සම්බන්ධව මේ සතුන්ට එතරම් අවබෝධයක් නොමැති වීම හෝ වැඩි කාලයක් සාගරය මතුපිටට ආසන්නව ගත කිරීම දැක්‌විය හැකි ය.
මේ පර්යේෂණය සඳහා තිලක් ප්‍රියදර්ශන හා සමීර සධුසංඛ රන්දගේ යන ශ්‍රී ලාංකික පර්යේෂකයන් ද, අබිගේල් ආලිංග්, සුසානා කල්දේරාන්, ජොනතන් ගෝඩන්, රසල් ලීපර් හා ලින්ඩ්සේ පෝටර් යන විදේශීය පර්යේෂකයන් පිරිස ද සම්බන්ධ වී ඇත.
http://www.vidusara.com/2015/08/26/feature1.html
සාගරයේ විශාලතම සත්ත්ව විශේෂ අතරට ගැනෙන්නේ තල්මහ විශේෂ ය. මේ අතරින් නිල් තල්මහ පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ලෝකයේ වෙසෙන විශාලතම සත්ත්වයා ද වන නිසා ය. ශ්‍රී ලංකාව අවට ඇති සුවිශේෂ තත්ත්ව නිසා මෙරට අවට සාගරයේ ද තල්මහ විවිධත්වය ඉහළ මට්‌ටමක පවතී. නිල් තල්මහ, බ්‍රයිඩ් ගේ තල්මහ, මන්ද තල්මහ වැනි තල්මහ විශේෂ දැකිය හැකි සාගර ප්‍රදේශ ගණනාවක් අපේ රට අවට මුහුදේ පවතියි. මේ ආශ්‍රිතව තල්මහ නැරඹීම අද වන විට සංචාරක ව්‍යාපාරයේ සැලකිය යුතු ආදායම් ලබන අංශයක් ලෙස වර්ධනය වී තිබේ. එසේ ම නිල් තල්මහ නැරඹීම සඳහා ලෝකයේ සුදුසු ම ස්‌ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඇතැම් විට හඳුන්වා දී ඇත.
කෙසේ වෙතත් තල්මහ ගෙන් ගහන වූ අපේ රටේ දකුණු මුහුදු තීරය තරමක් කාර්යබහුල නාවික ගමන් මාර්ගයක් වේ. මේ හේතුව නිසා ඇතැම් විට තල්මහ නැව්වල ගැටුණු අවාසනාවන්ත අවස්‌ථා සම්බන්ධව අපට විටින් විට අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව මෙරට වෙරළ වෙත ගොඩගසන තල්මහ දේහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් නැව්වල ගැටී තුවාල වී මිය ගිය සතුන් ගේ දේහ වේ. එසේ ම මෙසේ නැව්වල ගැටුණු තල්මහ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් නිල් තල්මහ බව වාර්තා වී තිබේ. මේ අනුව තල්මහ ඝනත්වය ඉහළ වීම හා ඉහළ නැව් ගමනාගමනයක් තිබීම නිසා අපේ රටට දකුණින් වූ මුහුදු ප්‍රදේශය තල්මහ හා නැව් අතර ගැටුම් ඇති වීමට අවස්‌ථාව ඉහළ වූ ප්‍රදේශයකි. මෙසේ නැව් සමග ගැටීමෙන් මිය යන සතුන් ගේ මරණ සියල්ල ම නිසි ලෙස වාර්තා නො වන බැවින් සත්‍ය වශයෙන් පවත්නා තත්ත්වය මීට වඩා බරපතළ විය හැකි ය.
නැව්වල ගැටීම නිසා තල්මහ මිය යැම හුදෙක් ඉන්දීය සාගර කලාපයට පමණක් නො ව සමස්‌තයක් ලෙස තල්මහ සතුන් දැකිය හැකි බොහෝ ප්‍රදේශවලට පොදු වූ ගැටලුවකි. මේ නිසා ජාත්‍යන්තර සාගර සංවිධානය (IMO) සිටේසියානුවන් හා ගැටීම් වැළැක්‌වීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් සඳහන් වන ලේඛනයක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ නැව් ගමනාගමනයේ දී යොදාගැනීම පිණිස ය.
මේ අතර ශ්‍රී ලංකාව අවට කලාපයේ පවත්නා නැව්-තල්මහ ගැටුම සම්බන්ධව ජාත්‍යන්තර තල්මහ කොමිසමේ (IWC) විද්‍යාත්මක කමිටුවේ අවධානය වසර කිහිපයකට පෙර පමණ යොමු වූ අතර, එමගින් මෙරට රජයේ අවධානය මේ කෙරෙහි යොමු කිරීමට ක්‍රියා කරන ලදි. එසේ ම නාවික ගැටුම් නිසා තල්මහ ගහනයට ඇති වන බලපෑම් සම්බන්ධව ජාත්‍යන්තර මට්‌ටමේ අධ්‍යයනයක් කිරීම පිළිබඳව සැලකිල්ලක් යොමු වූයේ ද මේ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ය. ඒ අනුව මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයක් Regional Studies in Marine Science නම් ප්‍රකාශනයෙහි පළ වීම සඳහා පිළිගෙන ඇත (DOI: 10.1016/j.rsma.2015.08.002). එහි දී අනාවරණය වී ඇති කරුණු අපේ අද අවධානයට ලක් වේ.
අධ්‍යයනයේ දී අවධානයට ලක් වූ කරුණු
මේ අධ්‍යයනයේ දී අවධානයට ලක් වූ ප්‍රධාන කරුණු දෙකක් මෙහි දී හඳුනාගත හැකි ය. ඉන් පළමුවැන්න වන්නේ ශ්‍රී ලංකාවට දකුණින් වූ සාගර කලාපයේ නිල් තල්මහ ව්‍යාප්තිය පිළිබඳව කරුණු අනාවරණය කරගැනීම ය. දෙවැනි වැදගත් කරුණ වන්නේ මේ තල්මහ ව්‍යාප්තව ඇති ප්‍රදේශයේ හා ඉන් එපිට මුහුදු ප්‍රදේශය හරහා වැටී ඇති නාවික ගමන් මාර්ගයේ නාවික කටයුතු පිළිබඳව සොයා බලා ඉන් තල්මහ සතුන් ගේ ව්‍යාප්තියට බලපාන අකාරය අනාවරණය කරගැනීම ය.2014 පෙබරවාරි හා 2015 අප්‍රේල් කාලය අතර විවිධ දේශගුණ තත්ත්ව පැවැති කාලවකවානුවල දී (අන්තර්මෝසම්, ඊසානදිග මෝසම් හා නිරිතදිග මෝසම්) දින 29ක් පමණ කාලයක් තිස්‌සේ සාගරයේ තල්මහ දෘෂ්‍ය හා වනි රේඛා අනුච්ඡදයක් ඔස්‌සේ තල්මහ නිරීක්‌ෂණය කිරීම මෙහි දී මූලික වශයෙන් සිදු කර තිබේ. මෙහි දී උතුරු අක්‌ෂාංශ 5° 28' හා 5° 53' අතර කලාපයේ නැව් ගමනාගමනයට සාපේක්‌ෂව තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව සලකා බලා ඇති බව පෙනේ. එA අනුව මේ අධ්‍යයන ප්‍රදේශයට නාවික ගමනාගමන මාර්ගයට උතුරින් නාවික සැතපුම් තුනක් ද, දකුණින් නාවික සැතපුම් 15ක් ද ලෙස එය සම්පූර්ණයෙන් ම ආවරණය වී තිබේ.
මේ අනුව කිලෝමීටර් 3268ක් පමණ දීර්ඝ ප්‍රදේශයක් පුරා සිදු කරන ලද නිරීක්‌ෂණවලින් පෙනී ගොස් ඇති ආකාරයට නිල් තල්මහ කණ්‌ඩායම් 193ක් පමණ නිරීක්‌ෂණය කර ඇති අතර, මේ එක් කණ්‌ඩායම දැකිය හැකි සතුන් ගේ මධ්‍යන්‍යය 1.46ක් පමණ වී ඇත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, නිරීක්‌ෂණය කර ඇති මළු තල්මහ ගණන 281ක් පමණ වේ. මේ අතර නිල් තල්මහ ඉහළ ම ඝනත්වයක් හමු වී ඇත්තේ වර්තමාන නාවික ගමන් මාර්ග පිහිටා ඇති ප්‍රදේශවල ම වීම විශේෂත්වයකි. එය ඇතැම් විට කිලෝමීටරයකට 0.1ක් පමණ තරම් උපරිමයක් දක්‌වා ළඟා වී තිබීම වැදගත් ය. එය වාර්තා වී ඇත්තේ බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගයේ ය.
නැව් ගමන් මාර්ග සම්බන්ධව ගත් විට බටහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය හා නැෙගනහිර දෙසට වැටී ඇති නාවික මාර්ගය යන දෙක ම ලෝකයේ ඇති වඩාත් කාර්යබහුල හා නැව් ඝනත්වයෙන් ඉහළ ම නාවික මාර්ග අතර වේ. ඒ අනුව මේ නැව් ගමන්මාර්ග දෙකේ පිළිවෙළින් වසරකට කිලෝමීටරයකට 1090ක් හා 810ක් පමණ නැව් ඝනත්වයක් දැකිය හැකි ය. මේ නැව් මාර්ගයේ නැව් ගමනාගමනය මෑත කාලයේ දී ඉහළ ගොස් තිබේ. 1993-2002 අතර කාලයේ මේ ප්‍රදේශයේ පැවැති නැව් ගමනාගමනයට වඩා 2003-2012 අතර කාලයේ දී නැව් ගමනාගමනය 300%කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ වර්ධනය අත්ලාන්තික් හා පැසිෆික් යන සාගර ප්‍රදේශවලට වඩා ඉහළ මට්‌ටමක පවතී.
පිළියමක් සෙවීම
මේ අනුව නිල් තල්මහ ඉහළ ඝනත්වයක් ශ්‍රී ලංකාවට දකුණින් පිහිටා ඇති අධික නැව් ගමනාගමනයක් ද ඇති නාවික ගමන් මාර්ගයක දැකිය හැකි ය. එය මේ සතුන් හා නැව් අතර ගැටුම් ඇති වීම කෙරේ බලපාන කරුණකි. මේ නිසා මේ තත්ත්වය විසඳීම සඳහා යෝග්‍ය පිළියමක් සොයාබැලීම ද වැදගත් ය.තල්මහ ව්‍යාප්තිය සම්බන්ධව තත්ත්වය හඳුනාගෙන ඇති බැවින් මේ තත්ත්වයට කිසියම් පිළියමක් ද මේ අධ්‍යයනය තුළින් ම පැහැදිලි වී තිබීම වැදගත් කරුණකි. උක්‌ත පර්යේෂකයන් විසින් යෝජනා කෙරෙන පරිදි වර්තමාන නැව් ගමන් මාර්ගය තවත් නාවික සැතපුම් 15ක් පමණ දකුණු දෙසට ගෙන යැමෙන් මේ තත්ත්වයට පිළියමක් ලැබේ. එසේ කළ හැකි නම්, වර්තමානයේ දී නිල් තල්මහ මුහුණ දී ඇති අවදානම 95%ක් පමණ තරම් අඩු කරගත හැකි ය. එහෙත් එවැනි පියවරක් ගත හොත් නැව් ගමනාගමනයට කිසියම් ආර්ථික බලපෑමක් ද ඇති වේ. නිදසුනක් ලෙස ගත හොත්, මේ නිසා ප්‍රධාන නාවික ගමනාන්තවලට ඇති දුර ප්‍රමාණය ඉහළ යයි. නැව් ගමන් මාර්ගය වෙනස් කළ හොත් රතු මුහුද දෙසට හා එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 5කින් පමණ ද, ඉන්දියාවේ බටහිර වෙරළට හා අරාබියේ ගල්ෆ් ප්‍රදේශයට යන එන නැව්වල මුළු දුර නාවික සැතපුම් 9කින් ද ඉහළ යා හැකි ය. අනෙක් අතට කොළඹට යන හෝ එහි සිට එන නැවක මුළු දුර නාවික සැතපුම් 12කින් පමණ ඉහළ යා හැකි ය. මේ දුර ඉහළ යැම සාපේක්‌ෂව අඩු බව පෙනේ. මේ පර්යේෂකයන් යෝජනා කරන විසඳුම කෙතෙක් දුරට ජගත් මට්‌ටමේ නාවික අධීකාරීන් විසින් අනුමත කෙරෙනු ඇති ද යන්න අපට අනාගතයේ දී දැකිය හැකි වනු ඇත.
එසේ ම මේ සාගර ප්‍රදේශයේ දැකිය හැකි වෙනත් තල්මහ විශේෂ සම්බන්ධව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන තවත් කරුණකි. නිදසුනක් ලෙස ගත හොත්, මේ ප්‍රදේශයේ දී බ්‍රයිඩ් ගේ තල්මහ (Bryde's whale) හා මන්ද තල්මහ (Sperm whale) මෙවැනි තවත් විශේෂ අතර වේ.
අනෙක් අතට මෙසේ තල්මහ නැව්වල ගැටීම පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් ද මේ වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව පැටවුන් හා තරුණ වියේ පසු වන සතුන් ගේ ගැටීම් ඉහළ යැම එවැනි එක් තත්ත්වයකි. මීට හේතු විය හැකි කරුණු අතර නැව් නිසා ඇති වන අනතුරු සම්බන්ධව මේ සතුන්ට එතරම් අවබෝධයක් නොමැති වීම හෝ වැඩි කාලයක් සාගරය මතුපිටට ආසන්නව ගත කිරීම දැක්‌විය හැකි ය.
මේ පර්යේෂණය සඳහා තිලක් ප්‍රියදර්ශන හා සමීර සධුසංඛ රන්දගේ යන ශ්‍රී ලාංකික පර්යේෂකයන් ද, අබිගේල් ආලිංග්, සුසානා කල්දේරාන්, ජොනතන් ගෝඩන්, රසල් ලීපර් හා ලින්ඩ්සේ පෝටර් යන විදේශීය පර්යේෂකයන් පිරිස ද සම්බන්ධ වී ඇත.
http://www.vidusara.com/2015/08/26/feature1.html
No comments:
Post a Comment