Sunday, October 23, 2022

වහින කාල වෙනස්වෙලා?

දේශගුණ දිනපොත 1


ධනේෂ් විසුම්පෙරුම

ඉස්සර මන්නාරම පැත්තේ යන කාලෙ, එහේ යන්න කලින් වැස්ස ගැන ඇහුවම එහේ අය කියපු දෙයක් තමයි "දීපවාලිවලට කලින් එන්න" කියන එක.
ඒත් මේ අවුරුද්දේ දීපවාලියට කලින් ඉදලාම ඒ පැතිවලත් වහිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති නිවේදන අනුව, වියළි කළාපයේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාව වැටෙනවා. මේ ඊට නිදසුන් කීපයක් -

(1) 2022 ඔක්තෝබර් 12 දින ඌව, නැගෙනහිර, උතුර, උතුරුමැද හා මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන් වී තිබුණා (WW/T/22/10/12/01 - මෙතැනින් බලන්න).

එසේම, ගත වු දින දහයක කාලය තුළ වැඩිම වැස්ස ඇති වූ ප්‍රදේශ අතර වියළි කලාපයේ පිහිටි ප්‍රදේශ මෙසේයි.
(1) ඔක්තෝබර් 23 වන දින (අද) උදේ 6.30න් අවසන් වූ පැය විසිහතරේ දී මන්නාරමේ මුසලිවලට මිලිමීටර් 77ක වැස්සක් වැටිලා (නිවේදන අංක 2, WW/L/210/23/02 - සබැඳිය).
(2) නවකිරි ආරු (අම්පාර) - ඔක්තෝබර් 18 දින උදේ 8.30න් අවසන් වූ පැය විසිහතරේ දී මිමී 162ක් (සබැඳිය)
(3) දියබෙදුම (පොලොන්නරුව) - ඔක්තෝබර් 12 දින උදේ 8.30න් අවසන් වූ පැය විසිහතරේ දී මිමී 84.8ක් (සබැඳිය)

මේ අවුරුද්දේ දීපවාලි හෙට, ඔක්තෝබර් 24. මේ පේන විදියට වහින කාල වකවානු ටිකක් වෙනස් වෙලා වගේ.
මූලාශ්‍රය: කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ FB පිටුවේ සඳහන් නිවේදන

2022.10.23

No comments:

Post a Comment