Monday, February 8, 2021

පොල්තෙල් පහනට අකුණු ගැසීම! (එදිනෙදා කතා 02)

මේ කතාව අක්ෂර වින්‍යාසය වැරදී, භයානක අනතුරක් ගැන හඟවපු සිදුවීමක් ගැන...

මීට දශකයකට පමණ පෙර දිනයක, අප කීපදෙනෙකු සිටි තැනකදි (පුරාවිද්‍යා සංගමයේ රැස්වීමකට පෙර විය යුතුය) මහාචාර්ය වීනී විතාරණ මහතා කියූ, එතුමා අත්දුටු සිදුවීමක් තමයි මේ. (නියමම වචන නූනත් කතාව මෙතැන ඇති)

එතුමා ඒ ආසන්න දිනයකදි රජයේ ආයතනයක උත්සව අවස්ථාවකට ගිය විට දක්නට ලැබුණු දෙයක් තමයි එදා  කීවේ.

"මම ටිකක් පරිස්සමෙන් තමයිි ඒ උත්සවේට ගියේ" එතුමා කීවා.

"ඇයි සර්?" අපේ කෙනෙක් ඇහුවා.

"ඒකෙ වැඩසටහනේ හැටියට අකුණු ගහන්නත් ඉඩ තිබ්බා..."

"මොකක්ද සර් ඒ කීවේ?" තව කෙනෙක් විමසුවා.

"ඒකේ වැඩසටහනේ මුද්‍රණය කරලා තිබ්බෙ lightning the oil lamp කියලා... ඉතින් බය නැද්ද?" කියා එතුමාගේ මුවේ නිතර දැකිය හැකි මදහසින් යුතුවම කීවා.

සටහන් කළේ,

ධනේෂ් විසුම්පෙරුම

2021.02.08

No comments:

Post a Comment