Thursday, February 12, 2026

උද්ධච්ච වචනාර්ථය

උද්ධච්චය

සිංහල භාෂාවේ නිතර භාවිත වන "උද්ධච්ච" යන්නට අරුත් දෙකක් ඇති බව සිංහල ශබ්දකෝෂය අනුව පෙනේ.  

1. උඩඟු බව, අහංකාර බව පළමු අර්ථයයි. අප සමාජයේ වැඩි පිරිසක් උද්ධච්ච යන වචනය භාවිත කරන්නේ හා වටහා ගන්නේ මේ අර්ථයෙනි. උදස් යනු මීට සමාන වචනයකි.


2. සිතෙහි ඇති විසුරුණු බව හෙවත් නොසන්සුන් බව ද උද්ධච්ච නම් වේ. "අළු ගොඩකට ගලක් ගැසූ කලක මෙන් සිතෙහි ඇතිවන විසුරුණු නොසන්සුන් ස්වභාවය ලෙස" මෙය ශබ්දකෝෂයේ දැක්වේ. මෙය අකුසල චෛතසිකයකි. 

උද්දච්චකුක්කුකුච්චය


ඉහත දෙවැනි අරුත හා සම්බද්ධ වදනයක් වන "උද්දච්චකුක්කුච්චයය" යනු පංචනීවරණවලින් එකකි. මෙහි එන "කුක්කුච්චය" යන්නෙන් අදහස් වන්නේ, තමන් කළ අයහපත් දේ/ දුසිරිත් ගැන හා නොකළ යහපත් දේ/ සුසිරිත් ගැන නැවත නැවත පසුතැවිලි වන ස්වභාවයයි.


මීට අදාළ Facebook පෝස්ටුව මෙතැනින්


සටහන -

ධනේෂ් විසුම්පෙරුම

2026-02-12

No comments:

Post a Comment