Friday, November 29, 2024

වැස්ස ගැන අදහස්

මල්ටි බන් කතා 02

මේ දවසෙ මම තේ එකක් විතරයි බීවෙ. ඒ කඩේ කාන්තාව මෙහෙම කිව්වා.

"මාර වැස්සක් නේද සර්. බලන්නකො මේ වගේ වහින්නෙ නත්තල් කිට්ටුව නේද? එහෙන් සුළිසුළඟක් එනවලු..."

මේ මිනිස්සුන්ගෙ අදහස්. වැස්ස සුළඟ දැනෙන හැටි යම් යම් කාල වකවානු එක්ක. ඒත් නොවැම්බර් මාසෙත් කුණාටු ඇවිත් වැහැලා ගලලා තියනවා. කොළඹටත් ලොකු ගංවතුර ඇවිත් තියනව නොවැම්බර් මාසවල.

මේ රූපෙ පෙන්වන දත්ත නිවැරදි නම් ලංකාවෙ 1901-2000 අතර වැඩිම මරණ සිදු වූ ආපදා පහෙන් තුනක්ම සුළිකුණාටු මූලිකව ආව ආපදා. ඒ තුනම නොවැම්බර් හා දෙසැම්බර්.



ඔය කීව ආපදා අතරින් රටේ බටහිර පැත්තෙ ඉන්න අපි මතක් කරන්නෙ ඒ පැතිවලට දැනුණු 1947, 1957, 1989 වගේ ඒව උනාට, ලොකුම ජීවිත හානිය වෙලා තියන 1978 නොවැම්බර් සුළිසුළඟ තදටම බලපෑවෙ නැගෙනහිර පැත්තටයි. ඒ වගේම උතුරුමැද හා උතුරටත් ඒක දැනුණා තදට. වැඩිය නොදන්න 1964 එකත් ඒ පැතිවලටයි. 

මේ රූපෙ දත්ත ගත් ලේඛනය මෙතනින් බලන්න- https://www.adrc.asia/publications/databook/ORG/databook_20th/LKA.pdf

ධනේෂ් විසුම්පෙරුම

2024-11-29

No comments:

Post a Comment