Sunday, January 5, 2020

අතිරේක උපකාරක පංති (බස් කතා 13)

මේක සිදුවුණේ ජනවාරි 4වැනිදා. මහරගම යන 138 බසයක.

කොළඹ සිට මා පැමිණි 138 බසයට නුගේගොඩින් උපකාරක පංති යන ‌කෙල්ලෙක් හා ‌කොල්ලෙක් නැග්ගා. පාසල් යන ළමුන් විය හැකි වුනත්, සෙනසුරාදා දවස නිසා ඔවුන් හිටියේ පාට ඇඳුමෙන්. බසයේ හිස් ආසන ‌නොතිබූ නිසා ඔවුන් මා සිටි අසුන කිට්ටුව නැවතුනා.

ඒ යුවතියට මහා හදිසියක් තිබුණා. ටිකට් ගන්නත් එයාගෙ බෑග් එකෙන් සල්ලිි අරන් දෙන්න කියලා ඒ තරුණයාට කීවා. එ‌හෙම කියලා එයා දුරකථන ඇමතුමක් ගත්තා. දැන් මට ඇහෙන්නෙ ‌මේ පැත්තෙන් කියන එන පමණයි.

"අන්න ඔයාගෙ අම්මා ඇවිත් ඉන්නවා පංති‌යෙ ‌ගේට්ටුව ළඟ. ඉන්න තැනකින් ඉක්මනට පලයන්"

"ඇන්ටි මාව දැක්කෙ නෑ. ඒ උනාට අනිත් උන්ව දකියි. අනිත් ඇන්ටිලාගෙනුත් ඇහුවොත් එහෙම..."

"හරි හරි ... ඉක්මනට පලයන්."

දුරකථන ඇමතුම විසන්ධි කළ ඇය තරුණයාට ‌මෙහෙම කීවා.

"උෳ ‌හොඳටම බය ‌වෙලා"

හරිම සරලයි ‌නේද? ඉස්කෝලෙ උගන්වනවාට අමතරව උපකාරක පංති තියනවා. උපකාරක පංතිවල "උපකාරයට" ඊට අමතරව "අතිරේක" පංතිත් තියෙනවා. උපකාරක පංතියෙ උගන්වන්නෙ නැති ‌දේවල් ඉ‌ගෙන ගන්නනෙ. අනික උපකාරක පංතිවල ප්‍රැක්ටිකල් කරන්නෙ නෑන‌ෙ.
මේව ඉතින් අපේ කාලෙත් ‌‌නොවෙච්ච ‌දේවල් ‌නොවෙයිිනෙ..


ධනේෂ් විසුම්පෙරුම

No comments:

Post a Comment