Tuesday, August 8, 2023

නොගැයූ කැම්පස් පෙම් කවි! (කැම්පස් කතා 4)

මේ දෙදෙනෙකුගේ කතා දෙකක් වුවත්, එකිනෙකට යම් විදියකින් සම්බන්ධවන කැම්පස් කතා දෙකකි. කැම්පස් ගිහිල්ලාත් පෙම් කවියක්, ගීයක් ගයන්නට බැරි වීම ගැනය. මේ කතා අහලා ටිකක් දවස් වන නිසා මේ දෙන්නාගේ දැන් තත්ත්වය නොදනිමි.

ධනේෂ් විසුම්පෙරුම 

2023-08-07

පාලු වූ වරාය හෙවත් 'නැව්' ‌නොපැමිණි කාලය


එක් තරුණියක මෙරට සරසවියක හා තවත් උසස් අධ්‍යාපන ආයතනයක එකම කාලයේ පාඨමාලා දෙකක් සඳහා ලියාපදිංචි වී ඒ දෙකම අවසන් කිරීමට ආසන්නව සිටින්නීය. ඇහැට කනට පේන ඇයට තවමත් කොල්ලෙකු නැත. ඒ ගැන ඈ තරමක් පශ්චාත්තාප වී ඇති බව ඇගේ පවුලේ වැඩිහිටියන් කියනු ඇසේ. ඒකට හේතුව වී ඇත්තේ ඇගේ මිතුරියන් එකිනෙකා දැන් දැන් විවාහ වෙමින් සිටීමය. ඒ වැඩි දෙනා කැම්පස් නොගිය අයයි.

මෙසේ වීමට මූලික හේතුව වී ඇත්තේ ඇය උගන්නා තැන් දෙකේම ඇගේ බැච්වල අධ්‍යාපනය 90%ක් පමණම ඔන්ලයින් වීමය! තවමත් ඈ සිය බැච් එකේ ළමුන් ඔක්කොම දන්නවාදැයි මට නං සැකය.


ජ්‍යේෂ්ඨ උත්තමයන් කළ කරුම ගෙවන අලුත් බැච්වල උන්!


කොළඹින් පිටත තවත් සරසවියක දෙවන වසර සිසුවෙකු කී පරිදි 'අලුත් නැවේ' ආ අයිටම් දැකබලා බලාගන්නටවත් ඔවුන්ට බැරිය. අලුත් නැව සරසවි එනවිට දෙවන වසර සිසුන්ට නිවාඩු දීලාය. දෙවන වසර අය සරසවි එන විට අලුත් නැව් ගෙවල්වලට පිටත් කරලාය. ඔන්ලයිනුත් උගන්වනවාය. 

වරායේ දී පරණ නැව් හා අලුත් නැව් ගැටීම වළක්වා ඇත්තේ රැග් එක නිසාය. කරුමය කියන්නේ, රැග් කළේ තුන්වන හතරවන වසරවල අය වුවත් දැන් ඒකේ කරුමය ගෙවන්න සිදුව ඇත්තේ කවදාවත් රැග් කරන්න නොලැබුණු දෙවන වසරේ අයටය. ඒකෙ හොඳම හරිය, ඔහු කී විදියට අලුත් නැව තවම බලාගන්නටනත් නොහැකි වීමයි!

රැග් කරන්න එපා' කියා අපි ඉස්සර ඉඳලාම කීවේ ඔය ‌වගේ  දේවල් නිසාය.

No comments:

Post a Comment