Wednesday, April 5, 2023

එපා කියන්නේ එපාම නොවේ ඉතින්... (බස් කතා 15)

මේකත් බස් කතාවක්

එහා සීට් එකේ හිටියේ කෙල්ලෙක්. එයාට කෝල් එකක් ආවා. මට ඇහුනේ මේ පැත්තේ කතාව විතරයි.

"ඕ"

"ඕන නෑ"

"එපා"

"මට එපා. එපා කීවම එපා."

ටික වෙලාවක් මේ පැත්තේ කතා නෑ.
එක පාරටම...,

"යේ යේ..යේ යේ..." ආපු සතුටට, එයා නොදැනම අනෙත් අත උඩ ගියා...

අන්න එහෙමයි තමන්ට ඕන දේවල් ලබාගන්නේ... 
හැම තිස්සෙම සටන් පාඨ, උද්ඝෝෂණ කරලම හරියන්නේ නෑනේ.

ධනේෂ් විසුම්පෙරුම
2023.04.04

No comments:

Post a Comment