ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2021.04.14, පි. 11 (Vidusara)
http://www.vidusara.com/2021/04/14/feature3.htmlවායුගෝලයේ පවත්නා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ සිදුවන වෙනස්කම් මිහිතලය උණුසුම් වීම පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකි මනා දර්ශකයකි. හවායි හි මෝනා ලෝආ නිරීක්ෂණාගාරයේ පසුගියදා වාර්තා වූ කියවීම්වලින් පෙනෙන්නේ ඒ වායුවේ සාන්ද්‍රණය කිසියම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි. එම කියැවීම අනුව 2021 අප්‍රේල් මස තුන් වැනි දා එහි දෛනික කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස් 421.21ක් විය.
කාබන් ඩයොක්සයිඩ් වායුවේ සාන්ද්‍රණය මිලියනයකට කොටස් 420 අගය පසු කිරීම යනු බි්‍රතාන්‍යයේ කාර්මික විප්ලවය ඇතිවීමට පෙර හෙවත් පූර්ව කාර්මික අවධියේ පැවති සාන්ද්‍රණය වන මිලියනයකට කොටස් 280ට වඩා හරියටම 50%කින් ඉහළ යෑමකි. මෙවැනි වර්ධනයක් වාර්තා සහිත ඉතිහාසයේ වාර්තා වී ඇත්තේ පළමු වතාවටය.
එමෙන්ම මේ විමෝචන වර්ධනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ මෑත කාලයේ දී ය. නිදසුනක් ලෙස ගතහොත්, කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 25%කින් ඉහළ යෑම සඳහා වසර දෙසියයක් පමණ කාලයක් ගත වී ඇත. එහෙත් එය 50%ක් දක්වා ඉහළ යෑමට ගත වී ඇත්තේ වසර 30ක් තරම් අඩු කාලයකි. මේ අනුව පෙනෙන්නේ මෑත කාලයේ දී ඇති වී තිබෙන ඉතා සිඝ්‍ර වූ වර්ධනයයි.
වාර්තාගත අගයයන්
එමෙන්ම සාගරවිද්‍යාව පිළිබඳ ස්ක්‍රිප්ස් ආයතනය මගින් නිකුත් කර ඇති දත්ත අනුව ගත වූ මාර්තු මාසයේ වායුගෝලයේ පැවති කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වූ මිලියනයකට කොටස් 417.14ක පමණ අගය නව වාර්තාවකි. මීට පෙර කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ මාසිකව දැකිය හැකි වූ උපරිම අගය ලෙස සඳහන් වන්නේ 2020 මැයි මාසයේ දී වාර්තා වූ මිලියනයකට කොටස් 417.10ක අගයයි.
එසේම මාසිකව කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණ නිකුත් කරන බි්‍රතාන්‍ය කාලගුණ කාර්යාලය (ඵැඑ ධසෛජැ) පෙන්වා දෙන ආකාරයට 2021 වර්ෂයේ උපරිම අගය මිලියනයකට කොටස් 419.5ක් පමණ තරම් විය හැකිය.
වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වර්ෂය පුරා සුළු වශයෙන් වෙනස් වෙයි. ලෝකයේ උතුරු අර්ධගෝලයේ වසන්ත හා ග්‍රීෂ්ම ඍතු පවත්නා කාලයේ දී ශාක මගින් මේ වායුව අවශෝෂණය කරගැනීම ඉහළ යන බැවින් ඒ කාලයේ දී මේ වායුවේ සාන්ද්‍රණය අඩු වෙයි. එහෙත් ඉන්පසුව එළැඹෙන ශරත් හා ශීත ඍතුවල දී මේ වායුවේ සාන්ද්‍රණය ඉහළ යයි.
මේ අතර පසුගිය 2020 වර්ෂයේ කාබන් ඩයොක්සයිඩ් වායුවේ වාර්ෂික සාමාන්‍ය සාන්ද්‍රණය මිලියනයකට කොටස් 413.94ක් වූ අතර, මේ වර්ෂයේ දී එහි සාමාන්‍යය මිලියනයකට කොටස් 416.3ක් පමණ වනු ඇතැයි අපේක්ෂිතය.
දිගුකාලීනව ගත් විට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යමින් තිබෙයි. මේ වර්ධනය වීමේ ප්‍රවණතාවය මානව ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක්ය යන්න මේ වන විට පැහැදිලි කරුණකි. ඒ සඳහා දායක වන් කටයුතු අතර මූලික වශයෙන් පොසිල ඉන්ධන දහනය කිරීම හා වන විනාශය ඇතුළත් වෙයි. මේ කරුණු සියල්ලෙන්ම පැහැදිලි වන්නේ අද වන විට ඇති වී තිබෙන තත්ත්වයයි. කාබන් ඩයොක්සයිඩ් හා වෙනත් හරිතාගා වායු විමෝචන අඩු කිරීම සඳහා සාධනීය වූ වැඩපිළිවෙලක් ලෝකයට අවශ්‍යව තිබෙයි.
කොවිඩ් නිසා වෙනසක් සිදුවීද
එමෙන්ම මේ ආකාරයෙන් කාබන් ඩයොකස්යිඩ් වායු විමෝචන ඉහළ යෑම සිදු වී ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ කාබන් ඩයොක්සයිඩ් විමෝචන අඩු වීමක් සිදු වූ තත්ත්වයක දී වීම ද විශේෂයකි.
2020 වර්ෂයේ දී ඇති වූ කොවිඩ්-19 තත්ත්වය නිසා ඒ වර්ෂය ඇතුළත ගෝලීය වශයෙන් විමෝචනය වූ කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචන ප්‍රමාණය අඩු විය. ඒ ලෝකයේ ඇති වූ සීමාකිරීම් හා වසා දැමීම් නිසා ප්‍රවාහනය අවම වූ නිසාත් බොහෝ ආර්ථිකමය කටයුතු අඩු වූ නිසාත්ය. එහෙත් මෙසේ 2020 වර්ෂයේ දී ඇති වූ කාබන් විමෝචන අඩු වීම, සමස්තයක් ලෙස වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු කිරීමට සමත්ව නැත. මේ නිසා එම වායුවේ සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ ගොස් ඇත. එමගින් පෙන්වා දෙන්නේ වඩා විශාල ප්‍රමාණයේ හා වඩා දිගු කාලයක් ක්‍රියාත්මක වන විමෝචන අඩු කිරීමක් අවශ්‍ය බව යැයි බ්‍රීතාන්‍ය කාලගුණ කාර්යාලය ද පෙන්වා දී තිබෙයි.
මේ වන විට පිළිගන්නා පරිදි අනාගතයේ දී ලෝකයේ බරපතළ දේශගුණ ප්‍රතිවිපාක ඇති නොවීමට නම් ලෝකයේ උෂ්ණත්ව වර්ධනය සෙල්සියස් අංශක 1.5කට සිමා කළ යුතුය. ඒ සඳහා 2050 වර්ෂය වන විට හෝ ඊට පෙර, වායුගෝලයට එක් වන ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචන ප්‍රමාණය ශුන්‍ය බවට පත් කළ යුතුය. මේ සඳහා වායුගෝලයට නිකුත් වන විමෝචන අඩු කිරීමට මෙන්ම වායුගෝලයේ ඇති විමෝචන ඉවත් කිරීමට ද අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුය.
No comments:
Post a Comment