Wednesday, July 11, 2018

"බ්‍රෑන්ඩ් නිව් එකක් ඕනද?" (කට කැඩිච්ච කතා 03)

අපේ මිතුරු දන්ත වෛද්‍යවරයෙක් වරක් එයාගෙ පුද්ගලික සායනයට අවශ්‍ය භාණ්ඩ වගයක් ගන්න එවැනි උපකරණ මෙරටට ගෙන්වා අලෙවි කරන තැනකට ගියේය. ඒ උපකරණවලට අපේ මිතුරාගේ හිත ගිය අතර ඒ ආයතනයේ සේවය කළ සුන්දර යුවතිය හා තව ටිකක් කතා කරන්නටත් ඕන වුනා.

එතැන තිබූ භාණ්ඩ විදේශ රටවල භාවිත කළ උපකරණ. හොඳ තත්ත්වයේ ඒවා. එහෙත් අපේ ම්තුරා මෙහෙම කිව්වා...

"මේ ඔක්කොම පාවිච්චි කරපුව නේද?"

"ඔව් සර්. රිකන්ඩිෂන්."

"මං හොයන්නෙ බ්‍රෑන්ඩ් නිව් එකක්. මොකද අපි බ්‍රෑන්ඩ් නිව් නේ..."

දැන් කාරණය අර යුවතියට තේරුණා. සැහැල්ලුවෙන් යමක් පෙන්වා ඇය දුන් අපූරු උත්තරේ මේකයි. 

"බ්‍රෑන්ඩ් නිව් එකක් ඕන නම් සර්ට අර ඈත තියන ගේට්ටුව ගාවට වෙලා ඉන්න වෙයි... එතනින් නම් පාවිච්ච් නොකළ අලුත්ම එව්වා එළියට එනවා."

ඒ පෙන්නපු තැන තිබුනේ කාසල් වීදියේ කාන්තා රෝහල...

(මේ කතාව කියූ අපේ මිත්‍රයා එතනින් අර උපකරණ ගත්තාදැයි කිව්වේ නැත.)

අනෙත් කට කැඩිච්ච කතා සඳහා මෙතැන ක්ලික් කරන්න.

No comments:

Post a Comment