Monday, December 2, 2013

වොර්සෝ දේශගුණ සාකච්ඡා සාර්ථකව අවසන් වී ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර (Vidusara) 2013-11-27 (පරිසර පුවත්)

http://www.vidusara.com/2013/11/27/feature5.html


පෝලන්තයේ වොරේසෝ නගරයේ දී පැවැති දේශගුණ සමුළුවේ දී 2015 වර්ෂයේ දී ඇති කරගැනීමට නියමිත දේශගුණ ගිවිසුම සඳහා වූ කාලරාමුවක්‌ හා මාවතක්‌ අනුමත කරන ලැබ තිබේ. අවසන් දවස පසු වී පැය තිස්‌ හයක්‌ පමණ එකදිගට ඇදී ගිය සාකච්ඡාවලික්‌ පසුව පැමිණි මේ එකඟතාව නිසා පැවැති තත්ත්වය හා සාපේක්‌ෂව කිසියම් බලාපොරොත්තුවක්‌ ඇති වී ඇති බවක්‌ පෙනේ.

මේ කාල රාමුව 2015 දී ගිවිසුමක්‌ ඇති කරගැනීමට වැදගත් වන බව පැහැදිලි ය. මේ අනුව ලෝකයේ සියලු ම රටවල්, 2020 වර්ෂයෙන් පසුව තම රටවල හරිතාගාර වායු විමෝචන සීමා කිරිම පිළිබඳ ඉලක්‌ක හා සැලසුම් 2015 පළමු කාර්තුව අවසන් වන විට දැනුම් දිය යුතු වේ. එය ඉන් පසුව සාකච්ඡාවට ගැනීමට නියමිත ය.

වෝර්සෝවල දී අනුමත වූ ලේඛනයේ ඇති ඇතැම් යෙදුම් පිළිබඳ මතභේද පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත්, හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ දී එA එA රටවල "කැපවීම්" වෙනුවට "දායකවීම්" යන වදන යොදාගෙන තිබේ. මෙහි දී දියුණු හා දියුණු වන රටවල් අතර හරිතාගාර වායු විමෝචනවල ඓතිහාසික වගකීම සම්බන්ධව ඇති ගැටුම කැපී පෙනුණු බවක්‌ දැකිය හැකි ය.

මේ සාකච්ඡාවේ දී අවධානයට ලක්‌ වූ කරුණක්‌ වූයේ දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වන ස්‌වාභාවික ආපදාවලින් විපතට පත් වන ජනතාවට වන්දි සැපයීමට නෛතික හා විධායක බලතල ඇති ජාත්‍යන්තර ආයතනයක්‌ පිහිටුවීමයි. දියුණු වන රටවල් ගෙන ආ මේ යෝජනාව පිළිබඳව පොහොසත් රටවල් පැවසුවේ එය පවත්නා ආයතනික ව්‍යqහයක්‌ හරහා දියත් කළ යුතු බවයි. මේ පිළිබඳ යාන්ත්‍රණයක්‌ පිළිබඳ එකඟ වී ඇතත්, ඒ සඳහා දියුණු රටවල වගකීමක්‌ නොමැත.

වන විනාශය වැළැක්‌වීම සඳහා ප්‍රදානයක්‌ සිදු කිරීම පිළිබඳව කරුණ වර්ධනයක්‌ දැකිය හැකි වැදගත් අංශයකි. වන විනාශය වැළැක්‌වීම සඳහා දියුණු වන රටවලට ප්‍රතිඵල පාදක කරගත් ගෙවීම් සිදු කිරීම සම්බන්ධව යම් එකඟතාවක්‌ ඇති වී තිබේ. මේ අනුව දේශීය ප්‍රජාව හා ජෛවවිවිධත්වය ආරක්‌ෂා කර ගැනීම සඳහා ගන්නා පියවර පිළිබඳ තොරතුරු සැපයීමෙන් පසු ගෙවීම් සිදු කරනු ලැබීමට නියමිත ය.

මේ අනුව වෝර්සෝ සාකච්ඡාවල දී යම් ඉදිරි පියවරක්‌ දැකිය හැකි වූ බව පැවසීමට පුළුවන. තවත් කළ යුතු දේ ඇති බව පැහැදිලි ය. දැන් අවශ්‍ය ව ඇත්තේ මේ ගොඩනැ`ගුණු පෙලඹවීම අඛණ්‌ඩව පවත්වාගැනීමයි. රාජ්‍ය නො වන සංවිධාන රාශියක නියෝජිතයන් දේශගුණ සාකච්ඡා අවසන් වීමට පෙර දින සාකච්ඡාවලින් ඉවත් ව යැමට හේතු වූයේ මේ සාකච්ඡා වටයෙන් කිසිදු ප්‍රයෝජනයක්‌ නො ලැබෙන බවක්‌ දැකිය හැකි වීමයි. විසඳුමක්‌ සෙවීමේ උත්සාහය වේගවත් කිරීමේ අවශ්‍යතාව ද ඔවුන් දක්‌වා තිබිණි. එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් ද කඩිනම් පියවරක්‌ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

No comments:

Post a Comment