"පමා වී මෙසේ අප ඇයි හමුවුනේ
අතීතයේ අප හමු වූවා නම්"මේ පද එන්නේ කුලරත්න ආරියවංශ ලියූ නිරංජලා සරෝජිනී කියන ගීයකයි. එය ප්‍රේමය හා සම්බන්ධයි.
ඒත් මේ පද මට මතක් උනේ ප්‍රේමය ගැන මතකයක් එක්ක නෙවි.
මේ ගීතය මට මතක් උනේ මෑතක දී කියවන්නට ලැබුණු පොත් කීපයක් ගැන හිතමින් ටික දවසකට පෙර නුවර යද්දී... ඇත්තටම ඒ සමහර පොත් කියවන්න තිබ්බේ මීට පෙරයි, බොහොම පෙර...
ඒත් ඒවා පමා වී හෝ කියැවීමට ලැබුණු එක වාසනාවක්.
එතකොට මතක් උනේ වසන්ත කුමාර කොබවක ලියපු, කසුන් කල්හාර, උරේෂා රවිහාරි හා ඉන්දිකා උපමාලි ගයන ගීයක මුල් පද දෙපේලියයි.
"පමාවී පිපුණු මල් සුවඳයි
පමාවී පිපුණු මල් සුවඳයි"
ඒ ගීතයත් ප්‍රේම ගීතයක් තමයි. ඒත් මුල් පද දෙක පමණක් කියවීමි.
ජීවිතේ සමහර දේ ලැබෙන්නේ පමා වී තමයි.
ජීවිතේ සමහර දේ ලැබෙන්නේ පමා වී තමයි.
හිතාගත යුත්තේ එක් දෙයයි. ඒ දේ තමන්ට ලැබුනේ ඒ ලැබිය යුතු වෙලාවටයි යන්නයි.
කොහොමටත් යමක් ලැබෙනවාදැයි අපට කලින් දැනගන්නට ක්‍රමයක් නැහැනේ...
ඒ ගීත අසන්නට -
පමා වී මෙසේ අප ඇයි හමුවුනේ
https://www.youtube.com/watch?v=EFBdL7sOXFk
පමාවී පිපුණු මල් සුවඳයි
https://www.youtube.com/watch?v=gc1dA45DBLg
ධනේෂ් විසුම්පෙරුම
2025-04-15

No comments:
Post a Comment