Tuesday, October 17, 2023

"කොඩි ගල්" හෙවත් "කොඩි බ්ලොක්" වෙනුවට "කොඩවලවල්" සවි කළ යුතුය.

පහත සඳහන් පළමු පින්තූරයේ දැක්වෙන්නේ කොළඹ නගරයේ උත්සව අවස්ථාවල දී පාර දෙපස කොඩි දැමීමට අවශ්‍ය කණු සිටුවීම සඳහා පදික වේදිකාවේ තබන කොඩි ගල් (කොඩි බ්ලොක්) ආපසු එකතු කරගෙන යන ආකාරයයි. මේවා ගෙන ඒමට හා ගෙන යෑමට සැලකිය යුතු ශ්‍රමයක් අවශ්‍ය බව පෙනේ. රියදුරු ද සමග මෙතැන සේවකයින් තිදෙනෙකි. ඒ සඳහා කුඩා දොඹකරයක් ඇති වාහනයක් ද යෙදවේ. මේ ගලක ප්‍රමාණය අනුව එවැනි උපකරණ ද අවශ්‍ය වේ.


පළමු ඡායාරූපය - කොඩි ගල් රැගෙන යෑම

ඇතැම් විට මේ ගල් තැබූ උත්සවය අවසන්ව ආපසු ගෙන නොයා තවත් දින ගණනක් තිබූ තැනම තිබෙන්නේ මේ නිසා විය හැකිය. මේවා ඊයේ (2023-10-16) ආපසු ගෙන ගියේ සති තුනකට වැඩි කාලයකට පසුවය. මීට සති තුනකට පමණ පෙර ගත් ඡායාරූපයක් දෙවන ඡායාරූපයේ ඇත. ඇතැම් අවස්ථාවල පදිකයන්ට අවහිර වන ආකාරයෙන් මේවා තබා ඇති ආකාරය එහි දැක්වේ.

දෙවන ඡායාරූපය - පදික වේදිකාවේ ඇති කොඩි ගලක්

ප්‍රතිපත්තියක් ලෙස මෝටර් නොවන ප්‍රවාහනය දිරිමත් කිරීම පිළිගෙන ඇති රටක පයින් යන පදික ජනතාව ගැන වඩාත් සිතිය යුතුය. එවැනි තත්ත්වයක් සඳහා පදික වේදිකාවල මෙවැනි බාධක නොතිබිය යුතු බව පැහැදිලිය.
පාර දෙපස කොඩි සිටුවිය යුතු උත්සව අවස්ථා ඇති බව ඇත්තකි. මෙහි තෙවැනි රූපයේ ඇත්තේ කොඩි කණු සිටුවීම සඳහාම සකස් කළ, පදිකයින්ට බාධාවක් නොවන සේ පදික වේදිකාවටම සවි කර ඇති කොඩිවලක් ඇති ගලකි. එහෙත් ඒවා කෙතරම් දුරට භාවිත වන්නේද යන්න විමසිය යුතුය. එහි ඇති සිදුරට පස් හා දුවිලි පිරීම වැනි අඩුපාඩු නිවැරදි කරගත හැකි නම් (ආවරණයක් යෙදීම) මෙය අගනා නිමැවුමකි.

තෙවන ඡායාරූපය - කොඩිවලක්

ඉහත කොඩිවල ඇත්තේ එතරම් පදිකයින් නැති ආනන්ද කුමාරස්වාමි මාවතේය. පාර අවහිර කළ කොඩිගල් තබා ඇත්තේ පයින් යන්නන් වැඩි මාකස් ප්රනාන්දු මාවත කෙලවරය. මේ දෙතැන ඇත්තේ කොළඹ කෞතුකාගාරය ඉදිරිපස හා පසුපසයි.

ධනේෂ් විසුම්පෙරුම

2022-10-17


2 comments:

  1. හොද අදසක්. නමුත් කොඩි ගල් ඕනෑම උත්සව භූමියක ඕනෑම තැනක තියන්න පුලුවන්. ඒකේ ප්‍රයෝජනය ඒකයි.

    ඒත් පාරක නම් ඔයා කියන විදිහ හරි තමයි. එතකොට එක එක්කෙනාට ඕන ඕන තැන පාරේ පදික වේදිකාව අවහිර වෙන විදිහට කොඩි හිටවන්න ඕනේත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. කොඩි ගල් ඒ වගේ උත්සව භූමිවලට සුදුසුයි කියන එක හරි. ඒත් ඒව පාරවල් දෙපැත්තෙ තියන අවස්ථාවල පදිකයන් ගැන හිතන්න ඕන. හැම තැනම පදික වේදිකාව පුළුල් නෑනේ.

      Delete