ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-05-23, පි. 11 (Vidusara, 2012-05-23, p.11)
http://www.vidusara.com/2012/05/23/feature3.html
විමසුම - සාගර ජෛව විවිධත්වය හා එය මුහුණ දී ඇති අනතුර
ප්‍රමුඛ පුවත - ක්ෂීරපායින් ගෙන් දහයෙන් එකක් අනතුරේ
පුවත් සැකෙවින් - පරිසර දූෂක හා අකුණු වලාකුළු එක් වීමෙන් උණුසුම ඉහළට/ කැනඩාවේ හරිත විරෝධී පියවර/ විදුලි භාවිතය අඩු කරමු - ජපානය
විමසුම
සාගර ජෛව විවිධත්වය හා එය මුහුණ දී ඇති අනතුර
ජාත්‍යන්තර ජෛවවිවිධත්ව දිනයේ මේ වර්ෂයේ තේමාව වන්නේ 'සාගර ජෛවවිවිධත්වයයි' (Marine biodiversity). ලෝකයේ මතුපිට ප්‍රදේශයෙන් තුනෙන් දෙකකටත් වඩා (71%) වැඩි ප්‍රදේශයක් වසා පවත්නා බැවින් විශාල ප්‍රමාණයේ යමක් හැඳින්වීමට පවා 'සාගරයක්' වැනි යෙදුමක් භාෂාවේ ද භාවිත වේ. සාගරයේ ඇතැම් ප්‍රදේශ තවමත් නිසි ලෙස ගවේෂණය කර නොමැති තරම් ය. එසේ ම සාගරය මිනිසා ගෙන් බොහෝ දේ තවමත් සඟවාගෙන සිටියි. එසේ ම මිනිසාට ද ප්‍රයෝජනවත් සම්පත් රැසක් ලබාගත හැකි සම්පත් ආකරයක් ද ලෙස ද සාගරය හැඳින්විය හැකි ය.
කෙසේ වෙතත් මේ සාගරය සම්බන්ධව මිනිසා සතු දැනුම ගොඩබිමට සාපේක්‌ෂව අඩු ය. නිදසුනක් ලෙස ගත හොත් සාගරයේ ජෛවවිවිධත්වය පිළිබඳව තවමත් අපට ප්‍රාමාණික අවබෝධයක් නොමැත. එසේ ම සාගරයේ දැකිය හැකි සම්පත් ලෙස සැලකිය හැකි ද්‍රව්‍ය පිළිබඳව පවා අප සතු දැනුම ද ප්‍රමාණවත් නැත. මේ අතරතුර සාගරය මිනිසා ගේ විවිධ කටයුතු නිසා දැඩි තර්ජනයකට ද ලක් වී තිබේ. මේ පිළිබඳව ද දැකිය හැක්‌කේ ප්‍රාමාණික අවබෝධයක් නො වේ. අද දවසේ විමසුම තුළින් සාගරය පිළිබඳව සාකච්ඡා කිරීමට අප සිතුවේ එහි ඇති වැදගත්කම නිසා ය.
සාගරයේ දැකිය හැකි ජීවය කොපමණ ද?
සාගරය ප්‍රමාණයෙන් විශාල වන අතර ම එහි දැකිය හැකි පරිසර පද්ධති ප්‍රමාණය ද විවිධ ය. මේ නිසා විශාල ජීවී විශේෂ ප්‍රමාණයකට ජීවත් වීම සඳහා ම ස්‌වාභාවිකව අවස්‌ථාව ලබා දී තිබේ. එහෙත් අප ඉහත සඳහන් කළ ලෙසින් ම සාගරයේ ජීවත් වන ජීවීන් ප්‍රමාණය කෙතරම් ද යන්න අපි නො දනිමු.
මේ පිළිබඳව වඩා නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම සඳහා 2000-2010 වර්ෂ අතර කාලයේ දී ලෝකය පුරා විද්‍යාඥයන් පිරිසක් එක් ව උත්සාහයක් ගෙන ඇත. එය සාගර ජීවී සංගණනය ලෙස හඳුන්වන ලද අතර රටවල් 80ක විද්‍යාඥයෝ දෙ දහස් හත් සියයක් පමණ පිරිසක් මීට සම්බන්ධ වූ හ. ලෝකයේ පිහිටි සාගර අතරින් විශාල ප්‍රදේශයක් ආවරණය කර මේ පිරිස කළ ගවේෂණවල දී වැදගත් කරුණු රැසක් ම අනාවරණය තිබේ. එහි දී අතීතයේ වඳ වී යන්නට ඇතැයි සිතන ලද ජීවී විශේෂ පවා හමු වී ඇති අතර එය අවසන් වන විට නව ජීවී විශේෂ 1,200ක් පමණ විස්‌තර කර තිබේ. මෙතෙක් වාර්තා වී නොමැති තවත් ජීවී විශේෂ 5,000ක් පමණ ප්‍රමාණයක් පිළිබඳව අධ්‍යයනය කරමින් තිබේ. (මේ පිළිබඳ වැඩි විස්‌තර සඳහා www.coml.org වෙත පිවිසෙන්න).
මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව එළැඹී ඇති ඇස්‌තමේන්තුවලට අනුව සාගරයේ ජීවත් වන ජීවී විශේෂ ප්‍රමාණය 250,000ක් පමණ තරම් විය හැකි ය. එසේ ම මේ ප්‍රමාණය මිලියනයක් පමණ තරම් අධික විය හැකි බව පෙන්වා දී තිබේ. එසේ ම එය ඊටත් වඩා ඉහළ අගයක් ගැනීමට ද ඉඩක් පවතී. තවත් අධ්‍යයනයකින් පෙන්වා දී ඇති අකාරයට ජීවී විශේෂ මිලියන 2.2ක් (ලෝකයේ මුළු ජීවයෙන් සියයට 25ක්) පමණ ප්‍රමාණයක් සාගරයේ ජීවත් වේ. එසේ නම් සාගර ජීවයෙන් සියයට 91ක් පමණ ප්‍රමාණයක් තවමත් සොයාගෙන නොමැත.
මිනිසුන් ගේ බලපෑම
සාගරය හා සම්බන්ධ අනෙක් වැදගත් කරුණ වන්නේ සාගරය මේ වන විට මුහුණ පා ඇති අවාසානාවන්ත තත්ත්වයයි. ඒ හුදෙක් ම මිනිසුන් ගේ බලපෑම හේතුවෙනි. මිනිසුන් විසින් සාගරයට සිදු කරනු ලබන බලපෑම් අතර වැදගත් කරුණු කිහිපයක් හඳුනාගත හැකි ය.
ඉන් එකක් වන්නේ ධීවර කර්මාන්තයේ දී අධික ලෙස මත්ස්‍ය හා වෙනත් විශේෂ පරිසරයෙන් ඉවත් කරනු ලැබීමයි. නිදසුනක් ලෙස ගත හොත් සාගරයේ මත්ස්‍ය සංචිත අතරින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකින් ඉන් ලබාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි අස්‌වැන්නක් ලබා ගනිමින් තිබේ. මෙය සාගර පරිසර පද්ධතිවලට බලපෑමක් ඇති කරන අතර මිනිසුන් ගේ ආහාරයට ගන්නා මත්ස්‍ය අස්‌වැන්න අඩු වීමට ද හේතු විය හැකි ය. මේ තත්ත්වය පාලනය කිරීම අවශ්‍ය බවට මේ වන විට පිළිගෙන ඇතත් ඒ පිළිබඳව ඉදිරි පියවරක් ගෙන නොමැති තරම් ය.
දෙවැනි වැදගත් කරුණ වන්නේ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් නිසා සිදු වන මිහිතලය උණුසුම් වීමයි. මෙය සාගරය උණුසුම් වීමට ද හේතු වී ඇති අතර ඒ නිසා සාගර ජීවීන්ට මෙන්ම ඇතැම් පරිසර පද්ධතිවලට ද දැඩි බලපෑමක් ඇති වේ. මේ සඳහා දැක්‌විය හැකි වඩාත් ප්‍රචලිත නිදසුන වන්නේ කොරල්පර හා එහි වෙසෙන ජීවීන් මුහුණ දී ඇති තත්ත්වයයි. දේශගුණ වෙනස් වීම පාලනය සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නොමැති බව ප්‍රකට කරුණකි.
තෙවැනි වැදගත් කරුණ වන්නේ සාගර දූෂණයයි. මෙය වැඩි වශයෙන් වෙරළබඩ ප්‍රදේශවල බලපාන බව වඩාත් ප්‍රචලිත මතය වේ. මිනිසුන් විසින් බැහැර කරනු ලබන විවිධ ද්‍රව්‍ය නිසා මේ තත්ත්වය ඇති වී තිබේ. අප ජලය, කෘෂිකාර්මික පෝෂක ද්‍රව්‍ය, ඛනිsජ තෙල්, කර්මාන්ත ආදියෙන් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය මේ ආකාරයෙන් පරිසර දූෂණයට හේතු වන ද්‍රව්‍ය අතර වේ. මෑත කාලයේ දී වැඩි අවධානයකට ලක් වූ දූෂකයක් ලෙස ප්ලාස්‌ටික් නිසා ඇති වන පරිසර දූෂණය දැක්‌විය හැකි ය. මීට අදාළ ඇතැම් කරුණු පාලනයට යම් යම් පියවර ගෙන ඇතත් තවමත් එහි සැලකිය යුතු සාර්ථකත්වයක් දැකිය නොහැකි ය.
ප්‍රමුඛ පුවත
ක්ෂීරපායින් ගෙන් දහයෙන් එකක් අනතුරේ
ලෝකයේ බටහිර අර්ධගෝලයේ ජීවත් වන ක්‌ෂිරපායී සතුන් අතරින් සියයට 9.2ක් පමණ ප්‍රමාණයකට දේශගුණ වෙනස් වීම හමුවේ යෝග්‍ය ප්‍රදේශයකට සංක්‍රමණය වීම අසීරු විය හැකි බව අධ්‍යයනයක් මඟින් පෙන්වා දී තිබේ. ඇතැම් කලාපවල දී මේ ප්‍රමාණය සියයට 39ක් තරම් ඉහළ යැමට ද හැකි ය.
දේශගුණ වෙනස් වීමේ බලපෑම් හේතුවෙන් මේ සතුන් වාසය කරන ප්‍රදේශවල ජීවත් වීමට නොහැකි වීමට පෙර, යහපත් තත්ත්ව ඇති ප්‍රදේශයක් වෙත සංක්‍රමණය විය හැකි විශේෂ ප්‍රමාණය පිළිබඳව මේ පර්යේෂණයේ දී අවධානය යොමු කර ඇත. මෙහි දී ලෝකයේ අදාළ කලාපයේ ජීවත් වන ක්ෂීරපායී විශේෂ 493ක් පමණ ප්‍රමාණයක් පිළිබඳව අවධානය යොමු කර ඇත. මේ සඳහා සැලකිල්ලට ගන්නා ලද්දේ දේශගුණ වෙනස් වීමෙන් ඇති වන බලපෑම පමණක් වන අතර හරිතාගාර වායු විමෝචන මධ්‍ය අගයකින් ඉහළ යනු ඇතැයි සලකා සකස් කරන ලද ආකෘති යොදාගෙන තිබේ. ඒ අනුව එක් එක් විශේෂයට ගැලපෙන ආකාරයේ දේශගුණයක් ඇති වීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
මෙහි දී යොදාගෙන ඇති තවත් උපකල්පනයක් වන්නේ එක් විශේෂයක් නව ප්‍රදේශයකට ව්‍යාප්ත වන්නේ එක් පරම්පරාවකට වරක් පමණක් බව ය. ඒ නිසා ඇතැම් කුඩා විශේෂයක් එක් පරම්පරාවක් සංක්‍රමණය වන්නේ අඩු දුරක් තෙක් වුවත්, එක් වර්ෂයක් තුළ පරම්පරා කිහිපයක් ජනිත වන බැවින් ඔවුන්ට වැඩි ව්‍යාප්ත වීමක් පෙන්විය හැකි ය. ප්‍රජනනය සඳහා වැඩි කාලයක් ගන්නා ප්‍රයිමේටා විශේෂයකට වඩා වැඩි වේගයක් මේ අනුව කුඩා විශේෂවලට ලැබේ.
දේශගුණ වෙනස් වීම හේතුවෙන් තම ව්‍යාප්තිය වර්ධනය කරගනු ඇතැයි උපකල්පනය කර ඇති සත්ත්ව විශේෂ අතරින් අඩක් පමණ ප්‍රමාණයක ගේ ඇති විය හැක්‌කේ ව්‍යාප්තිය අඩු වීමකි. ඊට හේතුව වී ඇත්තේ දේශගුණ වෙනස් වීම හා අනුගත විය හැකි තරම් වේගයකින් ව්‍යාප්ත වීමට නොහැකි වීම ය. මීට අතරමැද ප්‍රදේශවල ඇති මිනිසුන් විසින් තනන ලද ඉදිකිරීම් ද බලපායි.
මේ ආකාරයෙන් ප්‍රමාණවත් තරම් ව්‍යාප්ත වීමට නොහැකි වන විශේෂ අතරින් මුල් තැනකට එන්නේ ප්‍රයිමේටාවන් ය. ඇතැම් ප්‍රයිමේටා විශේෂවල ව්‍යාප්තිය සියයට 75කින් පමණ අඩු විය හැකි ය. එසේ ම මේ තත්ත්වයට වඩාත් හොඳින් හැඩ ගැසීමට සමත් වන විශේෂ අතර ඇත්තේ මාංශභක්‌ෂක විශේෂ හා මුවන් වැනි ශාක භක්‌ෂක විශේෂ ය. (මූලාශ්‍රයProceedings of the NationalAcademy of Sciences, DOI: 10.1073/pnas.1116791109)
පුවත් සැකෙවින්
පරිසර දූෂක හා අකුණු වලාකුළු එක් වීමෙන් උණුසුම ඉහළට
පරිසර දූෂක හා අකුණු සහිත වලාකුළු එක් වීමෙන් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යන බව අධ්‍යයනයක් මඟින් අනාවරණය වී තිබේ. විශේෂයෙන් මේ තත්ත්වය ඇති වන්නේ ග්‍රීෂ්ම සෘතුවේ දී ඇති වන අකුණු සහිත වලාකුළු නිසා ය. ආකෘතික අධ්‍යයනයක් මඟින් සිදු කර ඇති මේ පර්යේෂණයේ දී හෙළි වී ඇති පරිදි පරිසර දූෂක නිසා ඉහළ වායුගෝලයේ ඇති වලාකුළුවල කිණිහිරි හැඩැති ඉහළ කොටස වැඩි ප්‍රදේශයක් පුරා පැතිර යන අතර මේ නිසා වැඩි තාපයක් රඳවා ගැනීමට හැකියාව ලැබේ. මෙය වැඩි වශයෙන් රාත්‍රී කාලයේ දී දැකිය හැකි ය.
වලාකුළු ඇති වීමට පරිසර දූෂක බලපාන ආකාරය ගැන අධ්‍යයන සිදු කර තිබුණ ද, ඒවායේ විශාලත්වය වැඩි කිරීමට පරිසර දූෂක බලපාන බවක් හෙළි කරන ලද මුල් ම අධ්‍යයනය මෙය වේ. කෙසේ වෙතත් වර්තමානයේ භාවිත කරනු ලබන දේශගුණ ආකෘතිවල දී මේ සාධකයේ බලපෑම සැලකිල්ලට ගෙන නොමැති නිසා ඉදිරියේ දී ඒවාට මේ තත්ත්වය පිළිබඳව ද අවධානයක් යොමු කිරීමට සිදු වනු ඇත. (මූලාශ්‍රයGeophysical Research Letters,DOI: 10.1029/2012GL051851)
කැනඩාවේ හරිත විරෝධී පියවර
මෑත දී ගත් ඇතැම් පරිසර හිතකාමී නො වන පියවර කිහිපයක් නිසා පරිසර ක්‌ෂේත්‍රයේ කිසියම් අප්‍රසාදයකට ලක් වූ රටක් ලෙස කැනඩාව හැඳින්විය හැකි ය. එහි තවත් පියවරක් ඉදිරියට යමින් එරට තුළ ක්‍රියාත්මක පරිසරය හා ආර්ථිකය පිළිබඳ ජාතික වටමේසය (NRTEE) නම් ආයතනය වසාදැමීමට එරට රජය අදහස් කර ඇති බව පසුගිය දා මාධ්‍ය ඔස්‌සේ වාර්තා විය.
මේ ආයතනය හරිතවත් ව්‍යාපාර සඳහා උපදෙස් දීමට පත් කරන ලද රාජ්‍ය අංශයේ උපදේශාත්මක ආයතනයකි. ඔවුන් ''කැනඩා ජනතාව මඟින් ප්‍රතික්‌ෂේප කරන'' කාබන් බද්දක් ප්‍රවර්ධනය කරන වාර්තා දහයක් ප්‍රකාශයට පත් කර ඇති බව හා එවැනි ආයතනයක් ජනතාව ගේ බදු මුදල්වලින් පවත්වාගෙන යැම අවශ්‍ය නො වන බව එරට විදේශ අමාත්‍යවරයා පවසා තිබිණි. ලබන වර්ෂයේ සිට අදාළ ආයතනයේ අරමුදල් කපා හැරීමට යෝජනා කර තිබේ. කෙසේ වෙතත් අදාළ ආයතනයේ නිලධාරීන් මේ චෝදනා ප්‍රතික්‌ෂේප කර තිබේ.
විදුලි භාවිතය අඩු කරමු - ජපානය
තම රටට අවශ්‍ය බලශක්‌ති සැපයුම අඛණ්‌ඩව සපයා ගැනීමේ අවදානමට මුහුණ දී ඇති ජපානය එරට බටහිරදිග ප්‍රදේශයේ ඇති ව්‍යාපාර හා නිවාසවල විදුලි භාවිතය සියයට 15කින් අඩු කරන ලෙස අවධාරණය කර තිබේ. එසේ නො වුව හොත් ඇති විය හැකි විදුලිය කපා හැරීම වළක්‌වා ගැනීම සඳහා ඔවුන් මේ ඉල්ලීම කර තිබේ. මේ ඉල්ලීම බලපාන්නේ ජුලි සිට සැප්තැම්බර් දක්‌වා වූ ග්‍රීෂ්ම කාලය තුළ දී ය.
පසුගිය වර්ෂයේ සිදු වූ ෆුකුෂිමා අනතුර වන විට ජපානයේ සමස්‌ත බලශක්‌තියෙන් සියයට 30ක් පමණ සපයන ලද්දේ න්‍යෂ්ටික බලයෙනි. මේ වන විට එරට පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාර සියල්ල ම තාවකාලිකව වසා දමා තිබේ. බලශක්‌ති උත්පාදන සමාගම් වෙනත් බලශක්‌ති ප්‍රභව වෙත යොමු වන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් මේ සඳහා වැය වන වියදම අධික වීම අංශ ගණනාවක් කෙරේ බලපෑමට ඉඩ තිබේ. විශේෂයෙන් කර්මාන්තශාලා සඳහා මේ තත්ත්වය වඩාත් අදාළ වේ.
Source: http://www.vidusara.com/2012/05/23/feature3.html
Saturday, May 26, 2012
Saturday, May 19, 2012
ජගත් පරිසර විමසුම 123 (Global Environmental Watch, 123)
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-05-16, පි. 11 (Vidusara, 2012-05-16, p.11)
http://www.vidusara.com/2012/05/16/feature3.html
විමසුම - ඉඩම් කොල්ලය නැවැත්වීමට එක්‌සත් ජාතීන් ගේ මාර්ගෝපදේශ
ප්‍රමුඛ පුවත - ජෛවවිවිධත්වය අඩුවීමෙන් භාෂාවේ හා සංස්‌කෘතියේ විවිධත්වය අඩු වේ?
පුවත් සැකෙවින් - තෙත්බිම් විනාශ වීම හා ජනගහන වර්ධනය / බ්‍රිතාන්‍යයේ බිත්තර හොරෙකුට දුන් අපූරු දඬුවම/ 'සාගර ජෛව විවිධත්වය' ජෛවවිවිධත්ව දිනය - මැයි 22
විමසුම
ඉඩම් කොල්ලය නැවැත්වීමට එක්‌සත් ජාතීන් ගේ මාර්ගෝපදේශ
වර්තමානයේ දී ලෝකයේ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා වැදගත් ප්‍රවණතාවක් සේ ඉඩම් කොල්ලය දැක්‌විය හැකි ය. එහි දී සිදු වන්නේ දියුණු වෙමින් පවත්නා හෝ දුප්පත් රටවල ඇති ඉඩම් මහා පරිමාණ වශයෙන් දියුණු රටවල් හෝ බහුජාතික සමාගම් විසින් මිල දී ගනු ලැබීමයි. ආර්ථික වශයෙන් ඇති ප්‍රයෝජන නිසා මෙන්ම ඇතැම් රටවල ඇති දූෂිත පාලන තන්ත්‍රවල අවශ්‍යතාව නිසා ද මෙවැනි ඉඩම් කොල්ලකෑම් සඳහා දුප්පත් රටවල ආණ්‌ඩු පෙලැඹී තිබේ.
මේ තත්ත්වය 2007-08 අතර කාලයේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා වේගවත් විය. ලෝකය පුරා මේ ආකාරයෙන් මිල දී ගැනීමට ලක් ව ඇති ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර මිලියන 200ක් පමණ බව ගණන් බලා තිබේ. ප්‍රමාණාත්මකව සඳහන් කරන්නේ නම් එය ප්‍රමාණයෙන් බ්‍රිතාන්‍යය තරම් වේ. මේ ආකාරයෙන් වැඩි ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත්තේ ආසියානු හා අප්‍රිකානු රටවලිනි. ඒවා වැඩි වශයෙන් කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදාගැනෙන බවක් පෙනෙන්නට ඇත.
මේ ආකාරයෙන් ඉඩම් කොල්ලකෑම නිසා අදාළ ඉඩම් පිහිටා ඇති රටේ විවිධාකාර ගැටලු ඇති විය හැකි ය. ඉන් වඩා වැදගත් වන්නේ පාරිසරික හා සමාජයීය වශයෙන් ඇති විය හැකි ගැටලු ය. ඉඩම් කොල්ලය හේතුවෙන් තමන් දිගු කලක් තිස්‌සේ වාසය කළ භූමිය අහිමි වූ හා එම භූමියෙන් පලවා හරින ලද පිරිසේ ප්‍රමාණය ද සුළුපටු නො වේ.
එක්‌සත් ජාතීන් ගේ මාර්ගෝපදේශ
මේ ගැටලු හේතුවෙන් සැලකිය යුතු කලක පටන් මේ පිළිබඳව විවිධ පාර්ශ්වවල අවධානය යොමු වී තිබිණි. ඒ නිසා අදාළ කරුණ සම්බන්ධව මැදිහත් වූ එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ ලෝක ආහාර සුරක්‌ෂිතභාවය පිළිබඳ කමිටුව (Committee on World Food
Security) මඟින් ඉඩම් කොල්ලය පාලනය කිරීම සඳහා කිසියම් මාර්ගෝපදේශයක් සකස් කර තිබේ. 2009 වර්ෂයේ පටන් වසර තුනක් පමණ කාලයක් තිස්‌සේ මේ හා සම්බන්ධ විවිධ පිරිස්‌වල සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවලින් අනතුරුව මේ එකඟතාව ඇති කරගෙන තිබේ.
මේ මාර්ගෝපදේශ නම් කර ඇත්තේ 'ආහාර සුරක්‌ෂිතභාවය පිළිබඳ සන්දර්භයේ දී ඉඩම්, ධීවර හා වනාන්තර පිළිබඳ භුක්‌තිය වගකීමෙන් පාලනය කිරීම සඳහා වූ ස්‌වේච්ඡා මාර්ගෝපදේශ' (Voluntary Guidelines on theResponsible Governance of Tenure ofLand,Fisheries and Forests in the Context ofNational Food Security) යනුවෙනි(මූලාශ්‍රයhttp://www.fao.org/nr/tenure/voluntaryguidelines/en/)
උක්‌ත මාර්ගෝපදේශවල ඇති මූලික අරමුණ නම් ඉඩම්, ධීවර සම්පත හා වනාන්තර සඳහා ආරක්‌ෂිත ප්‍රවේශය වැඩිදියුණු කිරීම හා ඇතැම් විට බොහෝ දුප්පතුන් ඇතුළත් මිලියන ගණනක් වන ජනතාවක ගේ අයිතීන් ආරක්‌ෂා කිරීම මඟින් ආහාර සුරක්‌ෂිතතාව හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වේ. මෙය ඉතා පැහැදිලි අරමුණකි. අදාළ භූමිය හා වෙනත් සම්පත් ඉතා දිගු කාලයක් තිස්‌සේ භාවිත කළ මේ ජනතාව ආරක්‌ෂා කිරීම හා ඔවුන් ගේ භුක්‌තිය තහවුරු කිරීම මෙහි අරමුණයි.
මේ මාර්ගෝපදේශ මඟින් ආවරණය වන අංශ අතර පහත සඳහන් අංශ හඳුනාගත හැකි ය.
* නීත්‍යනුකූල ඉඩම් භුක්‌තිය පිළිබඳ හිමිකම් සැලකිල්ලට ගැනීම
* භුක්‌තිය පිළිබඳ හිමිකම් ලියාපදිංචියේ දී හා අන්සතු කිරීමේ දී යහපිළිවෙත් අනුගමනය
* භුක්‌තිය පරිපාලනය කිරීමේ පද්ධති දරාගත හැකි වීම හා ළඟා විය හැකි වීම
* බලෙන් ඉවත් කළ ජනතාව නැවතත් පදිංචි කිරීම හා භුක්‌තිය පැහැර ගැනීම පාලනය
* දේශීය ප්‍රජාව ගේ අයිතීන්
* කෘෂිකාර්මික ප්‍රදේශවල ආයෝජන වගකීම් සහගත හා විනිවිදභාවයෙන් යුක්‌ත වීම
* භුක්‌තිය පිළිබඳ ගැටලුවල දී ඒවා විසඳා ගැනීමේ ක්‍රමවේදයක් තිබීම
* නාගරික ප්‍රදේශ ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත වීම සම්බන්ධව කටයුතු කිරීම
මේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වේ ද?
කෙසේ වෙතත් මේ ස්‌වේච්ඡා මාර්ගෝපදේශ ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වේ ද යන්න නම් ගැටලු සහිත ය. විශේෂයෙන් මේ මාර්ගෝපදේශවල ඇතුළත් ප්‍රතිපත්ති අදාළ රටවල් තම ඉඩම්, ධීවර සම්පත හා වනාන්තර පාලනයේ දී යොදාගනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. එහෙත් ඉඩම් කොල්ලයේ යෙදී ඇති රටවල ආණ්‌ඩු මෙන්ම වාණිජ අරමුණු ඇති සමාගම් මෙවැනි ක්‍රියාවලියක් සඳහා දායක වේ ද යන්න තරමක් සැකසහිත ය.
එහෙත් ඇත්ත වශයෙන් ම මෙහි දී අදාළ ඉඩම් හිමි රටේ රාජ්‍යවලට හා ආණ්‌ඩුවලට මේ සම්බන්ධව වැඩි වගකීමක් තිබේ. මේ මාර්ගෝපදේශ ඔවුන්ට වඩාත් වැදගත් බව පෙනේ. ඉඩම් කොල්ලය වැළැක්‌වීම සඳහා සැබෑ අවශ්‍යතාවක් තිබිය යුත්තේ ඔවුන්ට ය. ප්‍රතිපත්තියක් තිබිය යුතු ය. එසේ ම ජනතාවට ද එවැනි අරමුණක් තිබීම අවශ්‍ය වේ. එහෙත් අවාසනාවකට මෙන් මේ රටවල ආර්ථික තත්ත්වය අයහපත් වන බැවින් අදාළ රටවල ආණ්‌ඩු මෙවැනි ගිවිසුම් කරා එළැඹෙන ආකාරයක් දැකිය හැකි ය. කෙසේ වෙතත් ඉඩම් කොල්ලය පාලනය කිරීම සඳහා වඩා සාර්ථක හා ඵලදායී පියවරක් අනාගතයේ දී ගැනීම සඳහා මේ එකඟතාව වැදගත් ලියෑවිල්ලක් වනු ඇතැයි අපට සිතේ.
ප්‍රමුඛ පුවත
ජෛවවිවිධත්වය අඩුවීමෙන් භාෂාවේ හා සංස්‌කෘතියේ විවිධත්වය අඩු වේ?
ජෛවවිවිධත්වය අහිමි වීම නිසා ඇති විය හැකි විවිධ බලපෑම් පිළිබඳව අපි බොහෝ දේ දනිමු. මේ බොහොමයක් ස්‌වාභාවික පරිසරය හා මානව පරිසරය හා සම්බන්ධ කරුණු වේ. එහෙත් ජෛවවිවිධත්වය අහිමි වීම නිසා භාෂාවේ හා සංස්‌කෘතියේ ද යම් පරිහානියක් ඇති විය හැකි බව පසුගිය දා පළ වූ පර්යේෂණ වාර්තාවක් මඟින් යෝජනා කර තිබේ.
ලෝකයේ දැකිය හැකි භාෂා අතරින් සියයට 50ත් 90ත් අතර ප්‍රමාණයක් මේ සියවස අවසන් වන විට අතුරුදන් වනු ඇතැයි යන්න වාග් විද්‍යාඥයන් ගේ මතය වේ. එසේ ම ඓතිහාසික වේගය මෙන් දහස් ගුණයක් තරම් වේගයකින් ජෛවවිවිධත්වය අහිමි වෙමින් තිබේ. මේ අංශ දෙකේ විවිධත්වය අතර භූගෝල විද්‍යාත්මක වශයෙන් ඇති සමානතාව පිළිබඳව මින් ඉහත කළ අධ්‍යයන මඟින් හෙළිදරව් කර ඇතත්, ඒවා අතර ඇති සම්බන්ධතාවක් සම්බන්ධව විද්‍යාත්මක අනාවරණයක් සිදු කර තිබුණේ නැත.
පසුගිය දා පළ වූ අධ්‍යයනයට අනුව ලෝකයේ දැකිය හැකි විවිධ භාෂා අතරින් සියයට 70ක් පමණ ප්‍රමාණයක් දැකිය හැක්‌කේ ජෛවවිවිධත්වය අතින් උණුසුම් ස්‌ථාන (hotspots)වල ය. සංඛ්‍යාත්මකව පවසන්නේ නම් ලෝකයේ භාෂා අතරින් 3202ක් පමණ හමු වන්නේ මේ උණුසුම් කලාප 35 තුළ ය. තවත් භාෂා 1622ක් හමු වන්නේ ඉහළ ජෛවවිවිධත්ව වනගත ප්‍රදේශ (high biodiversity wildernessareas) පහක ය. පොදුවේ ගත් විට ලෝකයේ භාෂා 6900ක් අතරින් 4800ක් පමණ දැකිය හැක්‌කේ ජෛවවිවිධත්වයෙන් ඉහළ ප්‍රදේශවල ය.
මේ අනුව අදාළ අධ්‍යයනයෙන් යෝජනා කරන්නේ ජෛවවිවිධත්වය හායනයට ලක් වීම හා අදාළ ප්‍රදේශවල දැකිය හැකි භාෂාව හා සංස්‌කෘතියේ ද පිරිහීමක් සිදු විය හැකි බව ය.
ජෛවවිවිධත්වය හා වාග් විද්‍යාත්මක විවිධත්වය අතර ඇති මේ සම්බන්ධය සඳහා හේතු වී ඇති කරුණු තරමක් සංකීර්ණ බව මෙහි දී පෙන්වා දී තිබේ. ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන බවක් ද දැකිය හැකි ය. එසේ ම මේ අතර දැඩි ක්‍රියාකාරී සම්බන්ධයක් ඇති බවක් ද දැකිය හැකි බව යෝජනා වී තිබේ.
අධ්‍යයනය මඟින් එවැනි භාෂා අතරින් කිහිපයක් හෝ රැකගැනීමට හැකි වේ නම් එය ඉතා වැදගත් වේ. මේ මඟින් පෙන්වනු ලබන තවත් වැදගත් කරුණක් වන්නේ මිනිසුන් හා පරිසරය අතර ඇති වෙන් කළ නොහැකි සම්බන්ධයයි. (මූලාශ්‍රය Proceedings of the National Academy of Sciences, DOI:10.1073/pnas.1117511109)
පුවත් සැකෙවින්
තෙත්බිම් විනාශ වීම හා ජනගහන වර්ධනය
ලෝකයේ තෙත්බිම්වලින් ආවරණය වී ඇති ප්‍රදේශයේ ප්‍රමාණය මෑත වර්ෂ පහළොවක කාලය තුළ සියයට 6කින් අඩු වී ඇති බව අධ්‍යයනයකින් අනාවරණය වේ. මේ තෙත්බිම් විනාශය වඩා බරපතළව සිදු වී ඇත්තේ නිවර්තන හා උපනිවර්තන කලාපවල වන අතර මෑත දශක දෙකක පමණ කාලයේ දී ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වූ ප්‍රදේශවල මේ තත්ත්වය වඩා උග්‍ර ලෙස දැකගත හැකි ය.
1993 හා 2007 අතර කාලයේ දී ලෝකයේ තෙත්බිම් වෙනස් වූ ආකාරය මේ අධ්‍යයනය සඳහා මාතෘකාව වී තිබේ. එහි දී යොදාගෙන ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප මඟින් පෙන්වන තොරතුරු ය. මේ අනුව ඉහත කරුණු හෙළි වී තිබේ. නාගරීකරණය, විවිධ සංවර්ධන කටයුතු හා ජලය අධික ලෙස ලබා ගැනීම මේ ආකාරයෙන් තෙත්බිම්වල විනාශය සඳහා හේතු වී ඇති බව පෙනේ.
වෙනත් පරිසර පද්ධති හා සංසන්දය කරන විට තෙත්බිම්වලට ඇත්තේ දැඩි තර්ජනයක් බව මෙයින් යළිත් තහවුරු වේ. ලෝකයේ පවත්නා සමස්‌ත බිම් ප්‍රමාණයෙන් සියයට 5ක් පමණ තරම් ප්‍රදේශයකට තෙත්බිම් සීමා වී තිබීම මෙහි ඇති වැදගත්කම තහවුරු කරයි. තෙත්බිම් මඟින් ලැබෙන පාරිසරික සේවා ප්‍රමාණය විශාල ය. ඒ අතරින් ජල චක්‍රය පවත්වා ගැනීමේ දී දක්‌වන දායකත්වය ඉතා වැදගත් ය. එපමණක් නො ව පරිසරය හා සම්බන්ධ තවත් අංශ ගණනාවක් සඳහා තෙත් බිම්වලින් ඉතා වැදගත් මෙහෙයයක් ඉටු වේ. (මූලාශ්‍රයGeophysical Research Letters,DOI: 10.1029/2012GL051276)
බ්‍රිතාන්‍යයේ බිත්තර හොරෙකුට දුන් අපූරු දඬුවම
දිගින් දිගට ම පක්‌ෂි බිත්තර සොරකම් කිරීමේ යෙදුණු බ්‍රිතාන්‍ය ජාතිකයකු හට ස්‌කොට්‌ලන්තයේ අධිකරණයක් මඟින් තරමක බරපතළ දඬුවමක් ලබා දී තිබේ. ඒ අනුව ඔහුට මාස හයක කාලයක සිර දඬුවමක් නියම කර ඇති අතර ඔහු ගේ ජීවිත කාලය තුළ පක්‌ෂි අභිජනන කාලයේ දී ස්‌කොට්‌ලන්තයට ඇතුළු වීම ද තහනම් කර තිබේ.
මැතිව් ගොන්ෂෝ නම් මේ පුද්ගලයා කලක් තිස්‌සේ මේ ආකාරයෙන් පක්‌ෂි බිජු එකතු කිරීමේ යෙදී ඇති අතර ඒ අතර ඇතැම් බෙහෙවින් දුර්ලභ පක්‌ෂීන් ගේ බිත්තර ද වේ. පරීක්‌ෂණවල දී ඔහු සතු ව තිබූ විශාල පක්‌ෂි බිත්තර එකතුවක් හමු වී ඇති අතර මේ හා සමාන වැරැදි සඳහා ඔහු මින් පෙර ද දඬුවම් ලබා ඇති බව වාර්තා වේ.
'සාගර ජෛව විවිධත්වය' ජෛවවිවිධත්ව දිනය - මැයි 22
ජෛවවිවිධත්වය පිළිබඳ ජාත්‍යන්තර දිනය මැයි මාසයේ 22 දිනට යෙදේ. මේ වර්ෂයේ එහි තේමාව වන්නේ 'සාගර ජෛවවිවිධත්වයයි' (Marine biodiversity). සාගරය යනු, කොපමණ ජීවී විශේෂ ප්‍රමාණයක් වෙසෙන්නේ ද යන්න පවා අප නිසි ලෙස නො දන්නා පරිසර පද්ධතියකි. එහෙත් මේ සාගරය මිනිසා ගේ විවිධ කටයුතු නිසා තර්ජනයට ද ලක් වී තිබේ.
ජෛවවිවිධත්ව දිනය වාර්ෂිකව සැමරීමේ අරමුණ වන්නේ ජෛවවිවිධත්වය සම්බන්ධ කරුණු කෙරේ ලෝකයේ දැනුවත්භාවය හා අවධානය ඉහළ නැංවීම හා ඒ සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් සැපයීමට හැකි ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වීමය. වැඩි විස්‌තර සඳහා www.cbd.int/idb/2012 වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
Source: http://www.vidusara.com/2012/05/16/feature3.html

Thursday, May 10, 2012
ජගත් පරිසර විමසුම 122 (Global Environmental Watch, 122)
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-05-09, පි. 11 (Vidusara, 2012-05-09, p.11)
http://www.vidusara.com/2012/05/09/feature3.html
විමසුම - හරිත ආර්ථිකයක හෙවත් පරිසර හිතකාමී වර්ධනයක වැදගත්කම
ප්‍රමුඛ පුවත - න්‍යෂ්ටික බලයෙන් තොර ජපානය...
පුවත් සැකෙවින් - මුහුදු මට්‌ටම ඉහළ යැම සිතු තරම් බරපතළ නැහැ? / ෆ්ලොරිඩාවේ පිඹුරන් ගෙන් පක්‌ෂීන්ටත් තර්ජන
විමසුම
හරිත ආර්ථිකයක හෙවත් පරිසර හිතකාමී වර්ධනයක වැදගත්කම
ලෝකයේ ආර්ථික වර්ධනය පරිසර හිතකාමී හෙවත් හරිතවත් කිරීම වර්තමාන පාරිසරික හා සංවර්ධන අර්බුදය සඳහා යෝජනා වී ඇති විසඳුමකි. විශේෂයෙන් මේ වන විට ලෝකය අනුගමනය කරන සංවර්ධන ආකෘතියේ තිරසර නො වන ස්‌වභාවය මෙහි දී වැඩි අවධානයකට ලක් ව තිබේ. විශේෂයෙන් අධික ලෙස හරිතාගාර වායු විමෝචනය සඳහා දායක වන බලශක්‌ති ප්‍රභව මත රඳා පවත්නා වර්තමාන ආර්ථික ක්‍රමය මේ ගැටලුසහගත තත්ත්වයට හේතු වී තිබේ.
මේ තත්ත්වය තුළ 'හරිත ආර්ථිකය' පාරිසරික හා සංවර්ධන වේදිකාවේ බෙහෙවින් සාකච්ඡාවට ලක් වන මාතෘකාවක් වී තිබේ. එවැනි පරිසර හිතකාමී වර්ධනයක් සඳහා අවශ්‍ය විවිධ භෞතික සාධක, ක්‍රියාදාම මෙන්ම ආකල්පමය වෙනස්‌කම් පිළිබඳව ද මෙහි දී අවධානය යොමු වී තිබේ. ලබන මාසයේ දී පැවැත්වෙන රියෝ+20 සමුළුවේ දී ද හරිත ආර්ථිකය වැඩි අවධානයක් යොමු වී ඇති මාතෘකාවක් වී තිබේ. එය යථාර්ථයක් බවට පත් කිරීමට නම් තවත් බොහෝ දුරක් යා යුතු ව තිබේ.
මේ සතියේ "විමසුම" තුළින් ආර්ථිකය පරිසර හිතකාමී කිරීමේ වැදගත්කම හා ඒ සඳහා පමා නො විය යුතු බව පෙන්වන අධ්‍යයනයක් හා වාර්තාවක් පිළිබඳව විමසා බැලීමට අප සිතුවේ එහි ඇති වැදගත්කම නිසා ය.
මිහිතලය උණුසුම් වීම හා ආර්ථිකය අතර සම්බන්ධය පැහැදිලියි
ලෝකයේ වර්තමාන ආර්ථික වර්ධනය හා මිහිතලය උණුසුම් වීම අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ. කාබන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය හා එහි වෙනස්‌වීම් සඳහා බලපාන සාධක හතරක බලපෑම උක්‌ත අධ්‍යයනයේ අවධානයට ලක් ව තිබේ. ඒ ගිනිකඳු විදාරණය, එල්නිනෝ තත්ත්වය, ලෝක ජනගහනය හා ලෝක ආර්ථිකය යන කරුණු ය. මෙහි දී හෙළි වී ඇති ආකාරයට ලෝක ජනගහනයේ කෙටිකාලීන වර්ධනයකින් කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ඉහළ යැම සඳහා වන බලපෑමක් එතරම් වැදගත් නැත. ගිනිකඳු විදාරණය හා එල් නිනෝ තත්ත්වය සිදු කරන බලපෑම ද සැලකිය යුතු තරම් නො වේ. ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය සඳහා බලපාන ප්‍රධාන හේතුව වන්නේ ආර්ථික ක්‍රියාකාරකම් ය.
මෙහි දී හෙළි වී ඇති පරිදි 1958 හා 2010 අතර කාලයේ දී ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතය එහි සාමාන්‍ය වර්ධන රේඛාවෙන් සැම ඩොලර් ටි්‍රලියනයක අපගමනයක් ඇති වූ (අඩු හෝ වැඩි වූ) අවස්‌ථාවල දී කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ මිලියනයකට කොටස් 0.5කින් අපගමනයක් සිදු වී තිබේ. මෙමඟින් ආර්ථිකය හා හරිතාගාර ආචරණය අතර ඇති සම්බන්ධය මනාව පැහැදිලි කරයි.
මේ අනුව හරිතවත් වර්ධනයක ඇති වැදගත්කම පැහැදිලි ව තිබේ. එහෙත් මේ ප්‍රවණතාව වෙනස් කිරීමට අවශ්‍ය නම් විශාල වෙනසක් සිදු කළ යුතු වේ. මේ සඳහා යොදා ගත හැකි ක්‍රියාකාරකම් අප කැමැති ඒවා නො විය හැකි ය. නිදසුනක් ලෙස ගත හොත් ලෝකයේ මේ වන විට දැකිය හැකි මිහිතලය උණුසුම් වීම පාලනය කිරීමට නම් ලෝකයේ වර්තමාන ආර්ථික වර්ධනය නවතා දැමිය යුතු ය. නොඑසේ නම් ලෝකයේ ආර්ථික ක්‍රියාදාමයේ බරපතළ ආකාරයේ වෙනස්‌කම් ඇති කළ යුතු ය. එවැනි වෙනසක තරම පැහැදිලි කළ හැකි ක්‍රමය මෙසේ ය. වර්තමාන ආර්ථික ක්‍රමය ම දිගින් දිගට ම ක්‍රියාත්මක වන්නේ නම් හා කාබන්ඩයොක්‌සයිඩ් වායුවේ සාන්ද්‍රණය අඩු කිරීමට නම් මෑත දී ඇති වූ ආකාරයේ ආර්ථික අවපාතයක් හෙවත් අර්බුදයක් ඇති විය හැකි ය. (මූලාශ්‍රය Environmental Science Policy, DOI:10.1016/j.envsci.2012.03.008&
ආසියාව කඩිනම් පියවර ගත යුතුයි
මේ අතර අඩු කාබන් ආර්ථිකයක් සඳහා වන තාක්‌ෂණය ප්‍රචලිත කිරීමට ආසියානු රටවල් කඩිනමින් පියවර ගත යුතු බව පසුගිය දා ආසියානු සංවර්ධන බැංකුව හා ඊට සම්බන්ධ ආයතනයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් අවධාරණය කරයි. බැංකුවේ වාර්ෂික රැස්‌වීමට සමගාමීව එළි දක්‌වන ලද වාර්තාවේ අරමුණු වන්නේ උක්‌ත කරුණ සම්බන්ධව වෙනත් රටවල අත්දැකීම් ආදිය හුවමාරු කර ගැනීම, මේ දක්‌වා අනුගමනය කර ඇති හරිත පිළිවෙත් හා ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීම හා මේ ක්‍රියාදාමයේ අඩුපාඩු පෙන්වා දීම ය.
ආසියාවේ වේගවත් ආර්ථික සංවර්ධනයක් දැකිය හැකි රටවල මේ ශීඝ්‍ර සංවර්ධනය නිසා ඇති වී තිබෙන පාරිසරික බලපෑම් නැඟී එන ගැටලුවක් වී තිබේ. මේ අහිතකර බලපෑම් අවම කර ගනිමින් සංවර්ධනය හරිතවත් කිරීම සඳහා කලාපයේ රටවල් කළ යුතු කාර්ය ගණනාවක් මේ වාර්තාවට ඇතුළත් විය. නිදසුනක් ලෙස ගත හොත් මේ කලාපයේ කාබන් වෙළෙඳපොළක් බිහි කිරීම, ෆොසිල ඉන්ධන සඳහා ලබා දෙන සහන ඉවත් කිරීම, හරිත වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට හේතු වන අඩු කාබන් තාක්‌ෂණය වර්ධනය කිරීම සඳහා පහසුකම් ඇති නිදහස් කලාපයක් පිහිටුවීම මේ අතර වේ. මේ සඳහා ගන්නා පියවර කඩිනම් විය යුතු බවත්, කාලය ක්‍රමයෙන් ගත වෙමින් ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. (මූලාශ්‍රය Policies and Practices for Low-Carbon Green Growth in Asia: Highlights,2012,www.adb.org)
ප්‍රමුඛ පුවත
න්‍යෂ්ටික බලයෙන් තොර ජපානය...
ජපානය තුළ ක්‍රියාත්මකව පැවැති එක ම න්‍යෂ්ටික බලාගාරය වන හොකයිඩෝ ප්‍රදේශයේ පිහිටි ටොමාරි බලාගාරය ද පසුගිය සති අන්තයේ දී නඩත්තු කටයුතු සඳහා වසා දමන ලදි. ඒ අනුව මේ වන විට එරට පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාර 54 ම වසා දමා තිබේ. ඒ අනුව අද වන විට ජපානය න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවන රටක් නො වේ. එවැනි තත්ත්වයක් ඇති වී ඇත්තේ 1970 වර්ෂයෙන් පසු ව ය.
පසුගිය වසරේ මාර්තු මාසයේ ඇති වූ සුනාමියෙන් පසු ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ සිදු වූ අනතුර නිසා රට තුළ රටේ විවිධ ප්‍රදේශවල පිහිටා තිබූ බලාගාර එකින් එක වසා දමන්නට බලධාරීන් පියවර ගෙන තිබිණි. අදාළ බලාගාර භූමිකම්පා හා සුනාමිවලට ඔරොත්තු දෙන්නේ දැයි පරීක්‌ෂා කිරීමෙන් අනතුරුව හා පළාත් පාලන බලධාරීන් ගේ අනුමැතිය ලබාගෙන නැවතත් මේවා විවෘත කිරීමට නියමිත ය. එහෙත් මේ දක්‌වා කිසිදු න්‍යෂ්ටික බලාගාරයක් නැවත විවෘත කර නොමැත. ඇතැම් ආරක්‌ෂිත තත්ත්වයක ඇතැයි රජයේ බලධාරීන් විසින් පැවසෙන න්‍යෂ්ටික බලාගාර කිහිපයක් විවෘත කිරීමට ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය බලධාරීන් අනුමැතිය ලබා දී නැත. න්‍යෂ්ටික බලයට එරෙහි ව ජනතාව අතර වර්ධනය වෙමින් ඇති විරෝධය ද මේ සඳහා හේතු වී ඇති බවක් පෙනේ.
ෆුකුෂිමා බලාගාරයේ ඇති වූ අනතුර නිසා න්‍යෂ්ටික බලයේ ආරක්‌ෂිත ස්‌වභාවය පිළිබඳව ජපානයේ හා ලෝකයේ සෙසු රටවල් ගණනාවක ඇති වූයේ බරපතළ සැකයකි. 1986 වර්ෂයේ දී චර්නොබිල් බලාගාරයේ ඇති වූ ව්‍යසනයෙන් පසු සිදු වූ වඩාත් බරපතළ අනතුර එය විය. මේ නිසා න්‍යෂ්ටික බලයට එරෙහි විරෝධය උත්සන්න විය.
මේ පිළිබඳව ඇති වන අනෙක් ගැටලුව වන්නේ න්‍යෂ්ටික බලය වෙනුවට ජපානය යොමු වන්නේ කුමන බලශක්‌තියක් වෙත ද යන්න ය. ෆුකුෂිමා අනතුර සිදු වන තෙක් ජපානයේ සමස්‌ත බලශක්‌ති සැපයුමෙන් සියයට 30ක් න්‍යෂ්ටික බලයෙන් සපයා ගනු ලැබිණි. න්‍යෂ්ටික බලයෙන් තොර තත්ත්වයක් තුළ විදුලිය ජනනය කිරීම සඳහා ෆොසිල ඉන්ධන වැඩි වශයෙන් යෙදා ගැනීමට සිදු වේ. විශේෂයෙන් එළැඹෙන ග්‍රීෂ්ම සෘතුව තුළ විදුලිබල සැපයුමේ ගැටලු ඇති නො වීමට නම් එවැනි පියවරක් ගැනීමට සිදු වනු ඇත. ජපානය මේ වන විටත් ෆොසිල ඉන්ධන ආනයනය ඉහළ නංවා තිබේ. මෙය හරිතාගාර වායු විමෝචන විශාල ලෙසින් ඉහළ නැංවීමට හේතු වනු ඇත. මේ ගැටලුව උභතෝකෝටිකයක් වනු ඇතැයි අප මින් පෙර ද ප්‍රකාශ කළේ ඒ නිසා ය.
පුවත් සැකෙවින්
මුහුදු මට්‌ටම ඉහළ යැම සිතු තරම් බරපතළ නැහැ?
ග්ලැසියර දිය වීම, දේශගුණ වෙනස් වීමේ බරපතළ බලපෑමක් වන මුහුදු මට්‌ටම ඉහළ යැමට බලපාන ප්‍රධාන සාධකයක් වේ. 2007 වර්ෂයේ දී ප්‍රකාශයට පත් දේශගුණ ඇගයීමේ මුහුදු මට්‌ටම ඉහළ යැම පිළිබඳව සඳහන් පුරෝකථනවල දී ග්ලැසියර දිය වීම ප්‍රමාණවත් සේ සලකා නො තිබූ අතර ඉන්පසුව ද විද්‍යාත්මක දත්ත ඇසුරින් ඉදිරිපත් ව ඇති පුරෝකථන ද බෙහෙවින් පුළුල් පරාසයක පැතිර පවතී.
එහෙත් ග්‍රීන්ලන්තයේ ප්‍රධාන ග්ලැසියර දෙසියයකට අධික ප්‍රමාණයක ගලා යැම පිළිබඳව පසුගිය දශකයක පමණ කාලයේ ලබාගත් දත්ත පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇති ආකාරයට ග්ලැසියර ගලා යැමේ වේගය පුරෝකථනවලින් දැක්‌වෙන අගයට වඩා අඩු ය. 2000-2010 අතර දී මේ අගය සියයට සියයකින් ඉහළ යා හැකි බව ඇතැම් පුරෝකථනවලින් පෙන්වා දී තිබුණු නමුත්, ගත වූ වසර දහයක් තුළ මේ වේගය ඉහළ ගොස් ඇත්තේ සියයට 30කින් පමණි. මේ නිසා උක්‌ත ග්ලැසියර මුහුදට ළඟා වූ පසු මුහුදට එක් වන ජල ප්‍රමාණයත්, ඒ නිසා මුහුදු මට්‌ටම ඉහළ යැම සඳහා ඉන් ලැබෙන දායකත්වයේ උපරිම අගයත් (වඩාත් බරපතළ ම තත්ත්වය) මෙතෙක් අපේක්‌ෂා කළ තරම් බරපතළ නො විය හැකි බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් පෙනෙන වැදගත් ම කරුණ වන්නේ ග්ලැසියර ගලා යැමේ හා දිය වීමේ වේගය සාමාන්‍ය අගයට වඩා වැඩි වෙමින් ඇති බව ය. ඒ අනුව අවදානමේ ප්‍රමාණය හා කාල රාමුව අඩු වීමේ යම් හැකියාවක් ඇතත් මුහුදු මට්‌ටම ඉහළ යැමේ අවදානම අඩු වී ඇති බවක් මින් නො පෙනේ. (මූලාශ්‍රයScience,DOI:10.1126/science.1219985)
ෆ්ලොරිඩාවේ පිඹුරන් ගෙන් පක්‌ෂීන්ටත් තර්ජන
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැතිරෙමින් ඇති ආගන්තුක ආක්‍රමණික සත්ත්ව විශේෂයක් වන බුරුම පිඹුරන් ගෙන් (Python molurus bivittatus) ඇති වී තිබෙන නව තර්ජනයක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් තිබේ. මෑත දී ප්‍රකාශයට පත් අධ්‍යයනයක් අනුව මේ පිඹුරෝ ප්‍රදේශයේ වාසය කරන පක්‌ෂීන් පමණක් නො ව පක්‌ෂීන් ගේ කූඩුවල ඇති පක්‌ෂි බිත්තර පවා ආහාරයට ගනිති. එවර්ග්ලේඩ්ස් වගුරු බිමේ හමු වන මේ සර්පයන් පක්‌ෂි විශේෂ 25ක ගේ පමණ බිත්තර ආහාරයට ගන්නා බව ඔවුන් ගේ අධ්‍යයනයේ දී හෙළි වී තිබේ. මෙහි දී අවධානය යොමු කරන ඇත්තේ පිඹුරන් ගේ ආහාර මාර්ගයේ ශේෂ පිළිබඳ ව ය. මෙවැනි හැසිරීමක් බුරුම පිඹුරන් අතර සාමාන්‍යයෙන් වාර්තා වී නොමැති වීම වැදගත් කරුණකි.
1979 වර්ෂයේ පමණ සිට වාර්තා වන බුරුම පිඹුරන් ගේ පැතිරීම ෆ්ලොරිඩා ප්‍රාන්තේය ද එහි පිහිටි එවර්ග්ලේඩ්ස් වගුරු බිමේ ද බරපතළ පාරිසරික ගැටලු ඇති කරන්නක් වී තිබේ. මේ වන විට අභිජනනය කරන දහස් ගණනක විශාල ගහනයක් ප්‍රාන්තයේ දැකිය හැකි බව වාර්තා වී ඇත. (මූලාශ්‍රයReptiles & Amphibians: Conservationand Natural History, 19:1 (2012)
Source: http://www.vidusara.com/2012/05/09/feature3.html

ජගත් පරිසර විමසුම 121 (Global Environmental Watch, 121)
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-05-02, පි. 11 (Vidusara, 2012-05-02, p.11)
http://www.vidusara.com/2012/05/02/feature3.html
විමසුම - රියෝ+20 සමුළුවේ සූදානම
ප්‍රමුඛ පුවත - ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පරිසර හිතකාමී පියවර
පුවත් සැකෙවින් - මේ රසායන ද්‍රව්‍ය ගැන අවධානය අවශ්‍යයි / උභයජීවීන්ට මරු කැඳවූ දිලීරය / බ්‍රිතාන්‍ය රජයේ පරිසර හිතකාමී බව ප්‍රශ්න කෙරේ
විමසුම
රියෝ+20 සමුළුවේ සූදානම
බ්‍රසීලයේ දී රියෝ ද ජැනේරෝ නගරයේ දී පැවැත්වීමට නියමිතව ඇති රියෝ + 2 සමුළුව ට තවත් ඇත්තේ දින පණහක් තරම් වූ සීමිත දින ගණනකි. ලෝකයේ පරිසරය හා ලෝකයේ අනාගතය හා සම්බන්ධව වැදගත් තීරණ ගනු ඇතැයි අපේක්‌ෂා කරන මේ මහා පරිසර සමුළුව (තිරසර සංවර්ධනය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණය) වසර ගණනක් තිස්‌සේ අපේක්‌ෂා කරන ලද්දකි. පරිසරය පිළිබඳව උනන්දුවක් දක්‌වන සියලූ දෙනාම පාහේ මේ සමුළුව පිළිබඳව දන්නා බව සිතිය හැකි නමුත්, සෙසු සාමාන්‍ය ජනතාව අතර ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් තවමත් දැකිය නොහැකි තරම්ය. (සාපේක්‌ෂව බලන විට 1992 වර්ෂයේ දී පැවැති රියෝ සමුළුව හෙවත් මිහිතල සමුළුව පිළිබඳව සාමාන්‍ය ජනතාව මීට වඩා දැන සිටි බවක් පැවසිය හැකි ය. ඒ අපේ රටේ ජනමාධ්‍ය මෙතරම් විශාල ප්‍රමාණයක් නොතිබි අවධියක වීම වැදගත් ය.)
එහෙත් ඉන් වසර 20කට පසුව රියෝ +20 සමුළුව පැවැත්වෙන්නේ ලෝකය පාරිසරික වශයෙන් එකතැනක රඳා ඇති කාලයකය. ලෝකය තිරසර සංවර්ධනය කෙරේ යන ගමන සිදුවන්නේ අවශ්‍ය වේගයෙන් නොවේ. ඇතැම් තීරණාත්මක පාරිසරික ගැටලූ සමහරක් සැලකිය යුතු තරම් උග්‍රය. එසේ ම ඒවාට විස`දුම් සෙවීමට ලෝකයේ තීරක පාර්ශ්වවලට එතරම් අවශ්‍යතාවක් නොමැති තරම්ය. මෙවැනි තත්ත්වයක් තුළ පැවැත්වෙන මේ සමුළුව තුළින් ඇති විය හැකි ප්‍රතිඵලය කෙබ`දු විය හැකි ද? එය තීරණය වන්නේ මේ සමුළුවට අදාළ පාර්ශ්වකරුවන් මුහුණ දෙන ආකාරය මතය.
සමුඵවේ අවධානයට යොමු විය යුතු අංශ
මේ වන විට ලෝ කයේ බොහෝ ප්‍රධාන පෙළේ පාරිසරික හා සිවිල් සංවිධාන රියෝ+20 සමුළුව හා සම්බන්ධ විවිධ කටයුතුවල යෙදී සිටියි. මෑත මාස කිහිපයක පමණ සිට පැවැත් වෙන සියලූ බොහෝ ජාත්‍යන්තර රැස්‌වීම්වල එක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ රියෝ+20 සමුළුව හා ඒ සඳහා ඉදිරිපත් කිරීමට නියමිත කරුණු හෝ අවධානය යොමු විය යුතු යෑයි පෙන්වා දෙන අංශ වේ. එසේ නැතහොත් මේ සමුළුවෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත් පත් කර ගන්නේ කෙසේ ද යන්නය. එසේම විවිධ සංවිධාන ආදිය ම`ගින් නිකුත් කර ඇති වාර්තා හා නිවේදනවලින් ද මේ ගැන අවධානයක් යොමුව ඇත.
නිදසුනක් ලෙස ගතහොත්, පසු ගිය දා ප්‍රකාශයක් නිකුත් කරන කාන්තාරකරණය වැළැක්‌වී මේ ගිවිසු මේ (UNCCD) විධායක ලේකම් ලුක් ඤකඩ්ජා පැවසූ යේ කාර්යක්‌ෂම වූ ඉඩම් භාවිතය ක්‍රම ප්‍රවර්ධනය කිරීමෙන් නිය`ගයේ බලපෑම් පාලනය කිරීම පිළිබඳව රියෝ +20 සමුළුවේ අවධානය යොමු විය යුතු බවය. විශේෂයෙන් අප්‍රිකාව වැනි ඇතැම් කලාප මුහුණ දී ඇති බරපතළ අර්බුද වැළැක්‌වීමට මේ තත්ත්වය අවශ්‍ය වේ. තිරසර සංවර්ධනයේ එක් වැදගත් අංශයක්‌සේ මෙය සැලකිය හැකි ය.
මේ අතර පසු ගියදා පැවැති ජාත්‍යන්තර මට්‌ටමේ සමුළුවක දී කියෑවුනේ ලෝකයේ විවිධ වූ පාරිසරික හා සමාජයීය ගැටලූ සඳහා තාක්‌ෂණික විස`දුම් ලබා දීම කෙරේ රියෝ+20 සමුළුවේ වැඩි අවධානයක් යොමුව ඇති බවකි. එය ගැටලූ සහිත තත්ත්වයක් වන්නේ මේ තාක්‌ෂණික විස`දුම් (භූ-ඉංජිනේරුමය විසදුම් ද ඇතුළත්) අසාර්ථක වුවහොත් ඇති විය හැකි තත්ත්වය නිසාය. ඒ මත අසීමිත වශයෙන් බලාපොරොත්තු තැබිම නොකළ යුත්තේ ඒ නිසාය. මේ අදහස බොහෝ පාරිසරික හා සිවිල් සංවිධාන විසින් දරණ අදහසක් සේ දැක්‌විය හැකි ය.
සමුළුවේ අපේක්‌ෂා
මේ සමුළුවේ සාර්ථකත්වය තීරණය වන්නේ මේ පාරිසරික ගැටලූවල බරපතළ බව මත පමණක් නොව තවත් බොහෝ සාධකවල බලපෑම ද සම`ගිනි. මේ සාධක අතර ඇති දේශපාලන, ආර්ථික හා සමාජයීය ආදි සාධක හා ඒවායේ තරම පිළිබඳව මේ සටහන ඔස්‌සේ මින් ඉහත දී ද සාකච්ඡා කර ඇති බැවින් ඒ ගැන පළ වූ එක් අදහසක් පමණක් පැවසී මට කැමැත්තෙමු.
පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ (IIED) සලීම් උල් හක් රියෝ සමුළුවේ සාර්ථකත්වයට වැදගත් වන කරුණු කිහිපයක් පෙන්වා දී තිබිණි. රියෝ+20 සමුළුව හා ඊට අදාළ ගැටලූ පිළිබඳව ලෝක නායකයින්ගේ අවධානය කෙතරම් ලබා ගත හැකි ද යන්න හා ආර්ථික කරුණු වලට මෙම`ගින් කෙතරම් යහපත් ප්‍රතිචාර සපයනු ලැබේද යන්න ඒ අතර එක් කරුණක් වේ. ඒ පාරිසරික අභියෝගවලට විස`දුම් සලසන අතරතුරය. මේ කරුණ ඉතා සරළ සේ පෙනුන ද කිරීමට අපහසුම වන්නේ ද මේ කරුණු කිහිපයමය. එක් එක් රටවල පුද්ගලික අපේක්‌ෂා හා අභිමතාර්ථ ඉක්‌මවා ගොස් සමස්‌ත ලෝකයටම හා ජීවී-අජීවී පරිසරයට බලපාන ආකාරයේ සාධනීය තීරණ ගැනීමට ලෝක නායකයන් පෙළඹවීම පහසු කරුණක් නොවේ. ජාත්‍යන්තර දේශපාලනයේ ඇති සංකීර්ණකත්වය මෙහි දී අප අවබෝධ කරගත යුතු ය. එසේම සමුළුවෙන් කිසියම් හෝ සාර්ථක ප්‍රතිඵලයක් අත් පත් කර ගැනීමේ දී බ්‍රසීලයේ නියෝජිතයන් එය හසුරුවන ආකාරය ද බලපෑමට පුළුවන. කෙසේ වෙතත් මේ උදා වී ඇත්තේ ලෝකයේ ගමන් ම`ග යළිත් නිසි මාර්ගය වෙත යොමු කළ හැකි අවස්‌ථාවකි. ඒ සඳහා පියවරක් ගැනීමට මේ මහා පරිසර සමුළුවේදී හැකියාවක් ලැබේද?
ප්‍රමුඛ පුවත
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පරිසර හිතකාමී පියවර
ක්‍රීඩාවේ පාරිසරික බලපෑම් දැනට දශකයක පමණ කාලයක පටන්වරින් වර සාකච්ඡාවට ලක් ව ඇති කරුණකි. විශේෂයෙන් ජගත් මට්‌ටමේ ක්‍රීඩා උත්සව අවස්‌ථාවල පරිසරයට ඇති වන බලපෑම් හා එවැනි බලපෑම් වැළැක් වීම සඳහා ගන්නා වූ ක්‍රියා මාර්ග සම්බන්ධව එනම් ක්‍රීඩා ක්‌ෂේත්‍රය හරිතවත් කිරීමට ගන්නා උත්සාහයට අදාළ අංශවල අවධානය යොමු වී ඇත.
තවත් මාස කිහිපයකින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල වෙනුවෙන් එහි සංවිධායකයින් විවිධ පරිසර හිතකාමී පියවර ගණනාවක් දියත් කර තිබේ. මේ පියවර උළෙලේ විවිධ අංශවලට අදාළ වේ.
නිදසුනක් ලෙස ගතහොත් ලන්ඩන් ඔලිම්පික් උද්‍යානය ද පරිසර හිතකාමී එකකි. එය යුරෝපයේ නාගරික උද්‍යාන අතර වඩාත් පැරණි එකක් සේ හැඳින්වේ. සමස්‌ත ක්‍රීඩා උත්සවය පුරාම කාබන් පිය සටහන මැනීමක් සිදුකරන පළමු ක්‍රීඩා උළෙල මෙය වේ. මේ සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමේ සැපයුම් දාමය පරිසර හිතකාමී කිරීම මෙහි දී අනුගමනය කරනු ලබන එක් පියවරකි. ආහාර සැපයු මේ තිරසරභාවය පිළිබඳව ද මෙහි දී පියවර ගෙන තිබේ. එසේ ම බලශක්‌ති කාර්යක්‌ෂමතාව අත්පත් කර ගැනීම සඳහා ද විශේෂ සැලකිල්ලක් ගෙන ඇත. තවද පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම හා අඩු කාබන් විමෝචනයක් සහිත වාහන භාවිතය ප්‍රවාහනය සම්බන්ධව ගෙන ඇති පියවර අතර වේ. අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව හා භූමි පිරවුම් සඳහා යොමු කරන අපද්‍රව්‍ය ශුන්‍යකි. êමේ ඉලක්‌කයක් කර කටයුතු සිදු වෙමින් තිබේ. අදාළ ක්‍රිඩා උලෙල පැවැත්වීමට පෙර පවා මේ සම්බන්ධව වැදගත් වර්ධනයක් දැකි ය හැකිය. නිදසුනක් ලෙස උත්සවයට යොදාගන්නා විවිධ ස්‌ථාන ඉදිකිරීමේ දී හා අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමේ දී කාබන් පියසටහන ටොන් 100,000කින් පමණ අඩු කර ගැනීමට හැකි වී තිබේ. ප්‍රතිචක්‍රීකරණය හා ප්‍රති භාවිතය මේ ඉදිකිරීම්වල දී වැඩි අවධානයකට ලක් වී තිබේ. මෙය ද වැදගත් කරුණකි.
ඔලිම්පික් උළෙලේ සංවිධායකයින් පවසන ආකාරයට ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ඔලිම්පික් ඉතිහාසයේ වඩාත්ම තිරසර ක්‍රීඩාංගන වලින් සමන්විත වේ. මේ පිළිබඳව අදහස් දක්‌වන එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධානියා පවසන්නේ මෙවැනි විශාල පරිමාණයේ කටයුත්තක දී පවා අත්පත් කරගත හැකි තිරසරභාවය පිළිබඳව මෙයින් පෙනෙන ය. මෙහි දී ක්‍රියාත්මක කර ඇති පියවර මගින් තිරසරභාවය පිළිබඳ හැගීම සෙසු අංශවලට ද ලබා දිය හැකි ය.
පුවත් සැකෙවින්
මේ රසායන ද්‍රව්‍ය ගැන අවධානය අවශ්‍යයි
ස්‌නායු වර්ධනය සම්බන්ධ ආබාධ හා වෙනත් මොළය ආශ්‍රිත ඇතැම් රෝගාබාධ ඇති වීම සඳහා බලපාන බව විශ්වාස කරනු ලබන වැඩි අවධානයක් යොමු කළ යුතු රසායනික ද්‍රව්‍ය දහයක් පිsළිබඳව කතු වැකියකින් නම් කර තිබේ. මේ පිළිබඳව සිදුකර ඇති විවිධ අධ්‍යයන වාර්තාමත පදනම්ව Environmental Health Perspectives සඟරාවේ මේ කතුවැකියේ දක්‌වා ඇත්තේ උක්‌ත ආබාධ සඳහා බලපාන පාරිසරික සාධක පිළිබඳව පර්යේෂණ කිරීමට ක්‍රමවේදයක් අවශ්‍යය බවය.
මේ රසායන ද්‍රව්‍ය දහන වන්නේ - ඊයම්, මෙතිල් මර්කරි, පොලික්‌ලෝරිනේටඩ් බයිෆොනිල වර්ග, ඕගනෝ පොස්‌පේට් (පළිබෝධනාශක), ඕගනෝක්‌ලෝරීන (පළිබෝධනාශක), අන්තරාසර්ගබාධක රසායනික ද්‍රව්‍ය, වාහන විමෝචන, බහුචක්‍රීය ඇරෝමැටික හයිෙඩ්‍රාකාබන, බ්‍රොමීන් ඇතුළත් ගිනි විකර්ශක හා පර්ෆ්ලෝරිනේට රසායනික ද්‍රව්‍ය මේ අතර වේ. මේ කතු වැකිය සම`ග පළවී ඇති තවත් පර්යේෂණ වාර්තා කිහිපයක් මගින් විවිධ රසායනික ද්‍රව්‍ය හා ස්‌නායු ආශ්‍රිත රෝග තත්ත්ව ගැන අවධානය යොමු කර තිබේ, ඇමරිකාවේ ළමුන් හා වැඩිහිටියන් අතර දැකිය හැකි මෙවැනි තත්ත් ව ඇති වීම සඳහා මේ රසායන ද්‍රව්‍ය බලපා ඇති බව විශ්වාස කරනු ලැබේ. (මූලාශ්‍රය (EnvironmentalHealth Perspectives, DOI: 10.1289 /ehp.1104285)
උභයජීවීන්ට මරු කැඳවූ දිලීරය
උභයජීවීන්ට මරු කැඳවමින් ලෝකය පුරා රටවල් රැසක පැතිර දිය දිලීර රෝගය වනගත මැඩියන්ට බලපාන ආකාරය අධ්‍යයනයක් මගින් හෙළි කර ඇත. මෙතෙක් පර්යේෂණාගාර තත්ත්ව යටතේ සිදුකරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇති කරුණු මෙහි දී තහවුරු වී තිබේ.
මෙහි දී හෙළි වී ඇති පරිදි Batrachochytrium dendrobatidis නම් මේ ජලජ දිලීරය අධික ලෙස පවතින්නේ නම් මැඩියන්ගේ ශරීරවල දියර සමතුලිතතාවය බාධා ඇති වී විජලනයට පත් වේ. එසේ ම මැඩියන්ගේ ශරීරයේ සෝඩියම් හා පොටෑසියම් මට්‌ටම්වලට ද බලපෑමක් ඇති වන අතර අවසානයේ හෘදයාබාධ ඇති වීම නිසා මේ මැඩියන් මරණයට පත් වේ. (මූලාශ්‍රයPLoS ONE,DOI: 10.1371/journal.pone.0035374)
මේ රෝගය පැතිර ගිය ඇතැම් රටවල උභය ජීවීන්ගේ ගහනය ඉතා විශාල වශයෙන් අඩු වී තිබේ. ඉතා බරපතළ ජෛව හානියකට හේතු වී ඇති මේ තත්ත්වයට කිසියම් විස`දුමක් ලබා දීමට මේ පර්යේෂණයෙන් පිටු වහලක් ලැබීමට ඉඩක් පවතී.
බ්‍රිතාන්‍ය රජයේ පරිසර හිතකාමී බව ප්‍රශ්න කෙරේ
බ්‍රිතාන්‍යයේ වඩාත් පරිසර හිතකාමී රජය වන බවට පොරොන්දු වී ඇති වර්තමාන කොන්සර්වේටිව් පාක්‌ෂික රජය ඒ ස්‌ථාවරයේ දිගටම සිටින බව එ රට අග්‍රාමාත්‍යවරයා පසු ගියදා පැවසී ය. එ රට තුළ පරිසර හිතකාමී ආයෝජනවලට පවත්නා තත්ත්වය යහපත් බව ඔහුගේ අදහසයි.
එහෙත් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවේ පරිසර හිතකාමී ස්‌වභාවය ඇතැම් පාර්ශ්වවලින් ප්‍රශ්න කර තිබේ. නිදසුනක් ලෙස ගතහොත් එ රට ජනතාව අතරින් මේ බව විශ්වාස කරනු ලබන්නේ ඉතා සුළු පිරිසක් බව සමීක්‌ෂණවලින් පෙනේ. විශේෂයෙන් බැජරයන් මරාදැමීමට ගත් තීරණය, බලශක්‌තිය, වායු දූෂණය වැනි කරුණු මේ අතර වැදගත් ය. 2020 වර්ෂයේ දී රටේ බලශක්‌තියෙන් සියයට 15ක් පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභවවලින් ලබා ගැනීමේ යුරෝපීය ඉලක්‌කය ද එ රට රජය හමු වේ ඇති අභියෝගයක් බව පෙනේ.
Source: http://www.vidusara.com/2012/05/02/feature3.html

Monday, April 30, 2012
On the way to Rio+20
Written by Dhanesh Wisumperuma
The Nation, 29 April 2012, Fine p. 3
http://www.nation.lk/edition/environment/item/5407-on-the-way-to-rio%2020.html
‘Rio+20’ is increasingly making news in international media, but not in the magnitude expected by the environmental movement. It is somewhat dwarfed by other international issues that make headlines in the media. Apart from the occasional news item and the random event, most ordinary Sri Lankans who are not environmental enthusiasts seem unaware of what Rio+20 is.
The United Nations Conference on Sustainable Development, which is to be held from June 20 to 22 this year in Rio de Janeiro, Brazil is popularly known as Rio+20. This summit marks the 20th anniversary of the first Rio Summit, which was held in 1992 and is also known as the Earth Summit. Environment as a topic of discussion was at its peak at that time. Hence the 1992 summit was a significant event in the modern environmental conservation movement resulting in various initiatives including the Rio Declaration on Environment and Development and the Agenda 21, which could be mentioned as the action plan towards sustainable development. In brief the concept of sustainable development was widely accepted in this summit and thereafter. Apart from these two agreements, other important treaties on biodiversity and climate change were opened for signature during the summit.
It has been 20 years since the 1992 Earth Summit. Has the world become a better place since? This is an important question. It is an ideal time for taking stock or reviewing the state of the world’s environment and what we have done to the environment and what has taken place during the last two decades. The summit is expected to attract a large number of world leaders, policymakers, scientists and environmentalists to the Brazilian city. It is expected to be the largest environmental summit since the 1992 Earth Summit.
Progress since 1992
Various reports published during the recent past by a range of global institutions give mixed opinions. There is a development towards sustainability, but it is noticeably slow. There is positive development in certain sectors while some sectors are lagging behind or not seeing any progress towards sustainability. One of the success stories is the global effort to end the use of ozone depleting substances and protect the ozone layer. However, the effort to combat climate change is lagging behind the global agenda without any significant progress. Over consumption, which is the root cause of many environmental crises, has been growing in many countries and regions. Recent research has also pointed that there is a rapid change of consumption patterns in fast developing countries. ‘Western type’ consumption patterns are emerging with the rapid economic boom in the countries like China.
Meanwhile, a positive impact in some sectors is largely seen in developed countries, while developing nations are yet to get on to the cleaner tract. For instance deforestation in many of the developed nations has reversed, while it is still a pressing matter in a large number of developing countries. Industrial countries lead in air pollution control, clean energy while many of the poor countries are yet to implement these measures. The main challenge faced by developing nations is the lack of funds as well as the technology.
However the recent economic crisis, which has been affecting the entire World since 2008 and the resulting efforts to revitalize troubled economies seem to have a detrimental effect on the global thrust towards a better environment. This is the same for both developed as well as developing nations, especially in the case of highly affected economies. This is clearly indicated by the lack of political will in many world leaders in areas like reducing green house gas emissions, clean energy and other action in mitigating climate change.
Key issues at Rio+20
Rio+20 conference is to be staged in such a backdrop. There are two major themes and seven major areas of attention. One of the themes is the green economy in the context of sustainable development and poverty eradication. The second theme is the institutional framework for sustainable development. The seven major areas, which are identified as priority are decent jobs, energy, sustainable cities, food security and sustainable agriculture, water, oceans and disaster readiness.
Out of these, green economy is a concept of utmost importance that surfaced recently. In simple terms, it focuses on the economy and ways of making it green or environmental friendly. The concept has been somewhat widely discussed and a considerable amount of research and reports been compiled during the last few years. Green economy is identified as a way towards sustainable development.
There is a draft of a treaty (called the zero draft) which is expected to be finalized during the conference, which has been in discussion since January. There are certain positive aspects in this draft treaty as well as areas that need more attention and alterations, are all of which will be taken up for discussion at the international meetings.
What will Rio+20 accomplish?
Rio+20 conference is often mentioned as a chance to revive the conservation movement as well as the sustainable development concept. The question is whether the public or the interested groups of the World can lobby and convince their leaders (who are troubled by more serious issues, in their sense) to have some concrete outcome at Rio – with a legally binding treaty. However for this there should be a strong political will among the policymakers of the World, which unfortunately is not seen at the moment. Although it is painful for many of us, it is hard to expect a dramatic turning point from the forthcoming summit.
What can happen at Rio de Janeiro in June? Prof. Robert Costanza of Portland State University in Oregon provided a possible answer for this question in a recent opinion piece to Al Jazeera website. He said, that “Rio+20 could be the trigger. Or it may not. We may have to wait for deeper crises, for a more severe collapse. I hope not. While it is not wise to raise expectations too high, it is also not wise to give up hope. Let us hope for the best.”
Yes, let’s hope for the best.
Source: http://www.nation.lk/edition/environment/item/5407-on-the-way-to-rio%2020.html

ජගත් පරිසර විමසුම 120 (Global Environmental Watch, 120)
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-04-25, පි. 11 (Vidusara, 2012-04-25, p.11)
http://www.vidusara.com/2012/04/25/feature3.html
විමසුම - නැනෝ තාක්‌ෂණය පරිසරයේ යහපතටත්?
ප්‍රමුඛ පුවත - උෂ්ණත්වයේ විචල්‍ය වීම වියපත් වූවන්ට බලපාන ආකාරය
පුවත් සැකෙවින් - අප්‍රිකාවේ සුවිසල් භූගත ජල සංචිතයක්? / BPA අඩු මාත්‍රාවලිනුත් අහිතකර බලපෑම් / තම සැපයුම් දාම පරීක්‌ෂාවට ඇපල් සමාගම එකඟ වේ
විමසුම
නැනෝ තාක්‌ෂණය පරිසරයේ යහපතටත්?
නැනෝ තාක්‌ෂණය ලෝකයේ වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන තාක්‌ෂණයක් ලෙස හැඳින්විය හැකි ය. එහි ඇති බොහෝ ඵලදායී ප්‍රයෝජන පිළිබඳව බොහෝ දේ සාකච්ඡා වී තිබේ. නූතන විද්‍යාවෙන් මෙතෙක් ලබා ගත නොහැකි වූ ප්‍රයෝජන රැසක් මේ තාක්‌ෂණය භාවිතයෙන් ලබා ගත හැකි ය. ඒ නිසා මානව සංවර්ධනයේ අනාගතය සම්බන්ධයෙන් නැනෝ තාක්‌ෂණයේ කාර්යභාරය කෙබඳු දැයි යන්න ඉතා පැහැදිලි ය.
එහෙත් නැනෝ තාක්‌ෂණයේ පාරිසරික හා මානව සෞඛ්‍ය බලපෑම් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පැහැදිලි ය. එහෙත් මේ සතියේ අපේ අවධානය යොමු කරන්නට සිතුවේ නැනෝ තාක්‌ෂණයේ පරිසර හිතකාමී භාවිත කිහිපයක් සම්බන්ධව පසුගිය දා වාර්තා වී තිබූ අධ්‍යයන තුනක් පිළිබඳ ව ය. එනම් පරිසරය ආරක්‌ෂා කරගැනීමට හේතු වන ක්‍රියාවලි සඳහා නැනෝ තාක්‌ෂණය යොදා ගත හැකි ආකාරය පිළිබඳව මේවායින් පෙන්වා දෙයි.
සූර්ය කෝෂ සඳහා නැනෝ නළ
සූර්ය කෝෂ වැඩිදියුණු කිරීම සඳහා නැනෝ තාක්‌ෂණය යොදා ගත හැකි බව පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක් මඟින් පෙන්වා දී තිබේ. එහි දී අවධානයට යොමු වී ඇත්තේ DSC වර්ගයේ සුර්යකෝෂ (ddye-sensiti'ed solar cells) වැඩිදියුණු කිරීම පිළිබඳ ව ය. සිලිකන් මත පදනම් වූ සූර්යකෝෂවලට වඩා පහසුවෙන් මේ වර්ගයේ සූර්ය කෝෂ තැනීමට හැකි වුවත් එහි එක් ප්‍රධාන ගැටලුවක් වූයේ කාර්යක්‌ෂමතාව අඩු වීමයි.
එහෙත් ප්ලැටිනම් ඉලෙක්‌ට්‍රොaඩ වෙනුවට DSC වර්ගයේ සූර්යකෝෂ (ddye-sensiti'ed solar cells) සඳහා කාබන් නැනෝ ටියුබ යොදා ගත හැකි බව නව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. මේ නිසා උක්‌ත වර්ගයේ කෝෂ වඩා ලාබදායී මෙන්ම වඩා කාර්යක්‌ෂ්ම ද වේ. සූර්ය බලය පරිසර හිතකාමී බලශක්‌තියක් වන අතර සූර්ය බලය ලාබදායී වීම පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ක්‌ෂේත්‍රයට ද වැදගත් ය. කෙසේ වෙතත් මේ තාක්‌ෂණය වර්ධනය වීම සඳහා තවත් කලක් ගත විය හැකි ය. (මූලාශ්‍රයScientific Reports, DOI: 10.1038/srep00368)
ශක්‌ති හානිය වැළැක්‌වීමට නැනෝ තාක්‌ෂණය
අප සැලකිලිමත් වූ දෙවැනි අධ්‍යයනය නැනෝ තාක්‌ෂණය පරිසරයට වක්‍ර වශයෙන් ප්‍රයෝජනවන් වන ක්‍රමයකි. මෙහි දී උණුසුම් නළ හා එන්ජින් ආදියේ විවිධ කොටස්‌වලින් හානි වන තාප ශක්‌තිය යළිත් භාවිත කළ හැකි ක්‍රමයක් දියුණු කර ඇත. ලෙඩ් ටෙලුරයිඩ් රසායනික ද්‍රව්‍යයේ නැනෝ ස්‌ඵටික ආලේපිත වීදුරු කෙඳිති මඟින්, හානි වන තාපය විද්යුතය බවට පත් කිරීම මෙහි දී සිදු වේ. මෙවැනි 'තාපවිද්යුත්' (thermoelectric) ද්‍රව්‍යයක එක් පැත්තක් උණුසුම් වන විට අනෙක් පැත්තට ගලා යන ඉලෙක්‌ට්‍රොන ධාරාවක් නිසා විද්යුතය නිපදවේ. ඒ අනුව හානියට ලක් වන තාප ශක්‌තිය විද්යුතය වශයෙන් යළි භාවිතයට ගත හැකි ය.
මේ තාක්‌ෂණය වැඩිදියුණු කිරීමෙන් කර්මාන්ත ශාලා, බලාගාර හා වාහනවලින් හානි වන ශක්‌තියෙන් කොටසක් ආපසු භාවිත කළ හැකි ය. බලශක්‌ති හානිය අවම කිරීමෙන් පරිසරයට විශාල යහපතක් සිදු වේ. හානි වූ ශක්‌තිය නිපදවීමේ දී සිදු වන පාරිසරික බලපෑම අඩු කර ගත හැකි වීම ඊට හේතුව වේ. එහෙත් මෙහි දී භාවිත වන ඊයම් හා ටෙලුරියම් යන විෂ සහිත ද්‍රව්‍ය වෙනුවට වෙනත් රසායනික සංයෝග භාවිත කිරීමට ඇති හැකියාව අදාළ පර්යේෂකයන් ගේ අවධානයට ලක් ව තිබේ. (මූලාශ්‍රයNanoLetters, DOI: 10.1021/nl300524j)
තෙල් කාන්දුවල දීත් නැනෝ තාක්‌ෂණය
ජලයට සිදු වන තෙල් කාන්දුවීම් පාරිසරික වශයෙන් විශාල බලපෑමක් ඇති කළ හැකි අනතුරු අතර වේ. මෙවැනි අනතුරක දී ජලයට එක් වන තෙල් අවශෝෂණය කළ හැකි ද්‍රව්‍යයක් නැනෝ තාක්‌ෂණය යොදාගනිමින් දියුණු කර ඇති බව පසුගිය දා පළ වූ පර්යේෂණ වාර්තාවක් අනුව පෙනේ.
මෙහි දී කාබන් නැනෝ ටියුබ තැනීමේ දී ඊට බොරෝන් එක් කිරීමෙන් දැඩි එහෙත් ස්‌පොංජිමය ද්‍රව්‍යයක් තනා තිබේ. මේවායේ ඇති විශේෂත්වය වන්නේ ඒවා ජලය හා සම්බන්ධ නො වීම හා තෙල් හා සම්බන්ධ වීම ය. මේ නිසා ජලය සමග ඇති තෙල් ඉවත් කිරීමට මේ නැනෝ ස්‌පොංජි සුදුසු අතර තවත් අවශ්‍යතා සඳහා ද යොදා ගත හැකි ය. මේ ද්‍රව්‍ය නැවත නැවතත් භාවිත කළ හැකි වීම තවත් වැදගත් කරුණකි. (මූලාශ්‍රයScientificReports, DOI: 10.1038/srep00363)
නැනෝ තාක්‌ෂණයේ පරිසර සලකුණ
කෙසේ වෙතත් මේ පරිසර හිතකාමී විය හැකි භාවිත තිබූ පමණින් නැනෝ තාක්‌ෂණයේ ඇති සෙසු අහිතකර බලපෑම් අපට සම්පූර්ණයෙන් අමතක කළ නොහැකි ය. එය අප විසින් නිසි ලෙස හසුරුවා ගත යුතු තවත් තාක්‌ෂණයක් පමණි. ඕනෑ ම තාක්‌ෂණයක මෙන් මෙහි ද ඇති අහිතකර බලපෑම් සම්බන්ධව ලෝකය සතු දැනුම තවමත් පවතින්නේ මුල් අවස්‌ථාවක ය. විශේෂයෙන් පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් සම්බන්ධව කරුණු රැසක් මේ වන විටත් හෙළිදරව් වී තිබේ. (මේ පිළිබඳව අප මේ විමසුම ඔස්‌සේ ද සාකච්ඡාවට ලක් කර තිබේ)
මේ නිසා ලෝකය උත්සාහ කළ යුත්තේ එවැනි බලපෑම් පිළිබඳව අදට වඩා වැඩි අවධානයක් යොමු කරමින් හා ඒවා නිරාකරණය කරගනිමින් නැනෝ තාක්‌ෂණය සබුද්ධිකව භාවිත කිරීම ය. එවිට ලෝකයට ලබා ගත හැකි ප්‍රයෝජන රාශියකි.
ප්‍රමුඛ පුවත
උෂ්ණත්වයේ විචල්‍ය වීම වියපත් වූවන්ට බලපාන ආකාරය
ග්‍රීෂ්ම සෘතුවේ දී ඇමෙරිකාවේ ඇති වන උෂ්ණත්ව විචල්‍යතාව සුළු ඉහළ යැමක් වුවත් ඉන් බරපතළ ආබාධ සහිත වියපත් වූවන්ට දැඩි බලපෑමක් ඇති විය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මේ විචල්‍යතාව සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක එකකින් වැඩි වීමෙන් පවා බොහෝ විට මෙවැනි තත්ත්වයක් ඇති වීමේ අවස්‌ථාවක් තිබේ. ඒ නිසා මේ වියපත් පිරිස්‌වල ආයු අපේක්‌ෂාව අඩු වන අතර ඒ නිසා වාර්ෂිකව සිදු වන මරණ ප්‍රමාණය ද තවදුරටත් ඉහළ යා හැකි ය.
මේ පරීක්‌ෂණය සඳහා යොදාගෙන ඇත්තේ 1985 වර්ෂයේ සිට 2006 දක්‌වා කාලයට අයත් බරපතළ ලෙස රෝගාබාධවලට ලක් වූ වයස අවුරුදු 65ට වඩා වියපත් පුද්ගලයන් මිලියන 3.7ක් පමණ පිරිසක ගේ වෛද්‍ය වාර්තා ය. ඔවුන් සියල්ලෝ ම පාහේ ඇමෙරිකාවේ නාගරික ප්‍රදේශවල වාසය කළ පිරිස් ය. ග්‍රීෂ්ම සෘතුවේ උෂ්ණත්වය පමණක් නො ව මෙවැනි පිරිස්‌වල මරණයට හේතු වන වෙනත් සාධක ගණනාවක් පිළිබඳව ද මෙහි දී අවධානයට ලක් ව තිබේ.
මේ අනුව ග්‍රීෂ්ම සෘතුවේ ඇති වන උෂ්ණත්ව විචල්‍යතාව එක් සෙල්සියස් අංශකයකින් ඉහළ ගිය විට බරපතළ රෝග ඇති වියපත් වූවන් ගේ මරණ අනුපාතිකය 2.8% ත් 4.0% අතර ප්‍රමාණයකින් ඉහළ යන බව නිගමනය කර තිබේ. මෙහි දී වැඩි ම බලපෑමක් සිදු වී ඇත්තේ දියවැඩියා රෝගීන්ට වන අතර අඩු ම බලපෑමක් සිදු වී ඇත්තේ හදවත් රෝගීන් හට ය. එක් වරක් හෘදයාබාධයකට ලක් වූ පිරිස් හා දැඩි පෙනහලු ආබාධවලට ලක් ව සිටි රෝගීන්ට ඇති වන බලපෑම අතරමැදි තත්ත්වයක පවතී. මේ තත්ත්වය අනුව ඇමෙරිකාවේ සිදු වන වාර්ෂික මරණ ප්‍රමාණය ග්‍රීෂ්ම සෘතුවේ මේ උෂ්ණත්ව විචල්‍යතාව ඉහළ යැම නිසා 10000කින් පමණ ඉහළ යා හැකි බව ද ගණන් බලා තිබේ.
මෙහි දී අනාවරණය වූ තවත් කරුණක් නම් මේ මරණ අනුපාතිකය දුප්පත් අප්‍රිකානු පිරිස් අතර මීට වඩා අධික බව ය. එසේ ම වඩා හරිතවත් නාගරික ප්‍රදේශවල වාසය කරන පිරිස්‌වලට එහි ඇති බලපෑම වඩා අඩු වේ. මේ අධ්‍යයනය වැදගත් එකක් වන්නේ ග්‍රීෂ්ම සෘතුවේ දී ඇති විය හැකි තාප ප්‍රවාහ (heat waves) පමණක් නො ව පරිසර උෂ්ණත්වයේ ඇති වන සුළු විචල්‍යතා පවා මානව සෞඛ්‍යයට දැඩි ලෙසින් බලපා හැකි බවක් ඉන් හෙළි වී ඇති නිසා ය. (මූලාශ්‍රයProceedingsof the National Academy of Sciences, DOI:10.1073/pnas.1113070109)
පුවත් සැකෙවින්
අප්‍රිකාවේ සුවිසල් භූගත ජල සංචිතයක්?
අප්‍රිකාව යනු ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇති රටවල් හා ප්‍රදේශ රැසකින් සමන්විත මහාද්වීපයකි. ලෝකයේ විශාලතම කාන්තාර ප්‍රදේශ දැකිය හැක්‌කේ ද අප්‍රිකාවේ ය. එහෙත් ඒ මහාද්වීපයේ සුවිශාල භූගත ජල සංචිතයක් ඇති බවක් පසුගිය දා සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
මෙසේ අප්‍රිකා මහාද්වීපයේ දැකිය හැකි භූගත ජලධරවල ඇති ජල ප්‍රමාණය පොළොව මතුපිට දැකිය හැකි ප්‍රමාණය මෙන් සිය ගුණයක් පමණ තරම් වේ. මේ දත්ත මත සකස් කරන ලද සිතියමක් මඟින් අදාළ භූ ජලධරවල පිහිටීම පෙන්වා දී ඇත. ඒ අනුව ජල හිඟයක් ඇති ඇතැම් රටවල භූගත ව විශාල ජල සංචිතයත් ඇති බව පෙනේ. මේ ඇතැම් ජලධර අවසන් වශයෙන් පිරී ගියේ වසර දහස් ගණනක් තරම් අතීතයේ ය.
කෙසේ වෙතත් මේ භූගත ජල සංචිතය භාවිතයේ දී මහා පරිමාණයෙන් විදීම් සිදු කර මේ ජලය ලබා ගැනීම කළ හැකි හොඳ ම ක්‍රමය නො වේ. අත් පොම්ප හා කුඩා ප්‍රමාණයේ විදීම් යොදා ගැනීම යෝග්‍ය බව පර්යේෂකයන් ගේ අදහස වේ. (මූලාශ්‍රය(Environmental Research Letters,DOI: 10.1088/1748-9326/7/2/024009)
BPA අඩු මාත්‍රාවලිනුත් අහිතකර බලපෑම්
බීපීඒ යනුවෙන් කෙටියෙන් හඳුන්වනු ලබන බයිස්‌පිනෝල් ඒ (bisphenol A) යනු තරමක් ආන්දෝලනයට ලක් ව ඇති එහෙත් විශාල ලෙසින් භාවිතයට ගන්නා ද්‍රව්‍යයකි. බොහෝ ප්ලාස්‌ටික් නිෂ්පාදනවල ඇතුළත් මේ රසායන ද්‍රව්‍යය නිසා ඇති වන අහිතකර බලපෑම් පිළිබඳව විවිධ අධ්‍යයන සිදු කර තිබේ. එවැනි මෑත දී පළ වූ පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ කුඩා කාලයේ දී මේ රසායන ද්‍රව්‍යයට නිරාවරණය වීම, මසුන් ගේ මතකය හා ඉගෙනීමේ හැකියාව කෙරේ බලපාන බව ය.
මෙහි දී අනාවරණය වී ඇති පරිදි කලල අවස්‌ථාවේ මේ රසායන ද්‍රව්‍යයට සුළු වශයෙන් නිරාවරණය වූ සීබ්‍රා µsෂ් මසුන් ගේ ඉගෙනීමේ හැකියාවට හා මතකයට ගැටලු ඇති වී තිබේ. ඒ ඉගෙනීමේ හැකියාව හා මතකය පරීක්‌ෂා කිරීමට යොදාගන්නා පරීක්‌ෂාවලට අනුව ය. මේ තත්ත්වය රසදිය මඟින් මාළුන්ට ඇති කරන තත්ත්වය හා සමාන ය.
බයිස්‌පිනෝල් ඒ වැඩි මාත්‍රාවකට නිරාවරණය වීම නිසා බලපෑම් ඇති වන බව ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී තිබුණ ද අඩු මාත්‍රාවකින් පවා නිරාවරණය වීම ගැටලුසහගත බව මේ නව පරීක්‌ෂණයේ දී හෙළි ව තිබේ. ඒ අනුව වෙනත් සත්ත්ව කාණ්‌ඩ සම්බන්ධව ද එහි ඇති බලපෑම් ගැන ද තවදුරටත් හැදෑරීම වැදගත් වේ. (මූලාශ්‍රයToxicology, DOI: 10.1016/j.tox.2011.11.001)
තම සැපයුම් දාම පරීක්‌ෂාවට ඇපල් සමාගම එකඟ වේ
ලෝක ප්‍රකට පරිගණක සමාගමක් වන ඇපල් සමාගම තම සැපයුම් දාමයේ ඇති චීන සමාගමක පරිසර දූෂණ පාලන විගණනයක් සිදු කිරීමට තීරණය කර තිබේ. මීට හේතුව වී ඇත්තේ සැපයුම් සිදු කරන කම්හල්වල පරිසර දූෂණ පාලනය පිළිබඳව යම් යම් ගැටලු ඇති වී තිබීමයි. එවැනි එක් සමාගමක පාරිසරික විගණනයක් මේ මස අවසානයේ දී පමණ සිදු කිරීමට නියමිත ය.
චීනයේ පාරිසරික කටයුතු පිළිබඳව උනන්දුවක් දක්‌වන සංවිධානයක් වන මහජන හා පාරිසරික කටයුතු ආයතනය (IPEA) මඟින් කලක් තිස්‌සේ සිදු කරන ලද අධ්‍යයන මේ සඳහා හේතු වී තිබේ. ඔවුන් ගේ වාර්තා සම්බන්ධව දිගු කලක් නිසි ප්‍රතිචාරයක් නො දැක්‌වූ ඇපල් සමාගම මෙවැනි තීරණයක් ගැනීම යහපත් තත්ත්වයක් බව පෙනේ.
Source: http://www.vidusara.com/2012/04/25/feature3.html

Saturday, April 28, 2012
වෙසක් ඇවිත්, ඒත්...
සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගොස් තවමත් ගත වී ඇත්තේ දෙසතියක් පමණි. අවුරුදු උණුසුම තවමත් රටේ තැනින් තැන දැකිය හැකිය. එහෙත් මේ වන විට රට හා ජනතාව (හෝ වෙළෙන්දන් හෝ) වෙසක් උත්සවය සඳහා සූදානම් වන බවක් පෙනේ.
වෙසක් පොහෝ දිනය සඳහා තවත් ඇත්තේ සතියක පමණ කාලයකි. මේ වන විටත් නගරයේ තැනින් තැන වෙසක් කූඩු, කූඩු තැනීමට යොදා ගන්නා අමු ද්‍රව්‍ය මෙන්ම වෙසක් සුභපැතුම්පත් ද අලෙවි කරනු ලැබේ. ක්‍රම ක්‍රමයෙන් කුඩා කඩ තට්ටු ඉදිවෙමින් තිබේ. අප නොදැනම වෙසක් ඇවිත්ය!
කෙසේ වෙතත් මේ කෙටි සටහනේ අරමුණ වෙසක් සිරිය විස්තර කිරීම නම් නොවේ. මෑත කාලයේ පැවැති වෙසක් උත්සව සැමරුම්වල මා නිරීක්ෂණය කළ එක් වෙනස්කමක් පිළිබඳව සඳහන් කිරීමය. ඒ වෙස්මුහුණු පිළිබඳවය.
වෙසක් භාණ්ඩ අළෙවිකරන වෙළඳසලක එල්ලා තිබූ වෙස්මුහුණු කිහිපයක් මා අහම්බෙන් දුටුවේ පාරේ ගමන් කරන විටය. ඒ ගැන විමසිල්ලෙන් බැලූ විට සාමාන්‍යයෙන් අපට පුරුදු වෙස්මුහුණු කිසිවක් මට එතැන දැකිය නොහැකි බව පෙනිනි. පෙර කාලයේ අපට භාවිත කරන්නට ලැබුණු වර්ණවත් සත්ත්ව රූප හෝ කෝලම් සම්ප්‍රදායේ වෙස්මුහුණු හෝ කිසිවක් එහි දැකිය නොහැකි විය. ඒ අලෙවිසැලේ වූ වෙස්මුහුණු සමහරක් හොල්මන් රූප බව බැලූ බැල්මට මට පෙනිනි. ඒවායේ ද අනෙක් මුහුණුවල ද දේශීයත්වයක් තිබුනේම නැති තරම්ය. ඒවා වඩා සමාන වූයේ බටහිර රටවල හැලොවීන් දිනයේ භාවිත කරන වෙස්මුහුණුවලටය. ඒවා ආනයනය කරන ලද ඒවා බවක් ද පෙනිනි.
අනෙක් වැදගත් කරුණ වූයේ මේ වෙස්මුහුණු තනා තිබූ ද්‍රව්‍යයයි. මේවා බොහොමයක් තනා තිබුනේ තුනී ප්ලාස්ටික් වර්ගයකින් බව පෙනිනි. මේවා වැඩි කලක් භාවිත කළ නොහැකි බවක් (මේ වෙස්මුහුණු අප භාවිත කළේ උත්සව සමයේ දී පමණකි) පැහැදිලිව පෙනුණු අතර ප්ලාස්ටික්වලින් තැනූ මේවා දිරායන්නේ සෙමින් බව අමුතුවෙන් කිව යුතු නැත. අප කුඩා කාලයේ භාවිතයට ගත් කඩදාසි වෙස්මුහුණු දැන් දැකිය නොහැකි තරම්ය. ඒවා දිරායන බැවින් පරිසරයට බෙහෙවින් හිතකාමී ද විය.
මේවා පාලනය කළ නොහැකිද? යන්න මෙහි දී ඇති වන ගැටලුවයි. විවෘත ආර්ථිකයක් ඇති රටක මෙවැනි වෙළඳාමක් පාලනය කිරීම අපහසු විය හැකිය. එහෙත් එය බොද්ධ පාරිභෝගිකයන්ට කිරීමට පිළිවන. අපට මේ විච්චූර්ණ හා ප්ලාස්ටික් වෙස්මුහුණු ප්‍රතික්ෂේප කළ හැකි නම් එය ඉතා අගනේය. එසේම බොදුනුවන්ගේ ප්‍රධානතම ආගමික උත්සවය වන වෙසක් උත්සවය මෙවැනි නොගැලපෙන වාණිජ උපක්‍රමවලින් මුදවා ගැනීමේ වගකීමක් බලධාරීන්ට ද නැත්තේ නොවේ.
සුභ වෙසක් මංගල්‍යයක්ම වේවා!

Wednesday, April 18, 2012
ජගත් පරිසර විමසුම 119 (Global Environmental Watch, 119)
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-04-18, පි. 11 (Vidusara, 2012-04-18, p.11)
http://www.vidusara.com/2012/04/18/feature3.html
විමසුම - සුළං බලාගාර මගින් පක්‌ෂීන්ට සිදු වන හානි පිළිබඳ නව පර්යේෂණයක්
ප්‍රමුඛ පුවත - අදිරද පෙන්ගුවින් ගහනය සිතුවාට වඩා අධිකයි
පුවත් සැකෙවින් - පිරිසිදු ජල ඉලක්‌කය ඈතයි? / ඉන්දියාවටත් දේශගුණ පනතක්? / මිහිතල දිනය - අප්‍රේල් 22
විමසුම
සුළං බලාගාර මගින් පක්‌ෂීන්ට සිදු වන හානි පිළිබඳ නව පර්යේෂණයක්
ලෝකයේ භාවිත වන පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව අතර සුළං බලයට හිමි වන්නේ වැදගත් ස්‌ථානයකි. ලෝකය මුහුණ දී ඇති බලශක්‌ති අර්බුදය නිසාත්, පිරිසිදු බලශක්‌තියක් වන නිසාත් සුළං බලය කෙරේ සැලකිය යුතු අවධානයක් යොමු වී තිබේ. මේ නිසා ඒ සම්බන්ධව සිදු කරනු ලබන ආයෝජන ද ඉහළ ගොස් තිබේ. දියුණු වන රටවල ද වැඩි අවධානයක් මේ පිළිබඳව යොමු වී තිබේ.
කෙසේ වෙතත් සුළං බලයේ දැකිය හැකි යම් යම් සීමා පිළිබඳව මෙන්ම එහි ඇති අහිතකර බලපෑම් පිළිබඳව ද බොහෝ කලක පටන් ජගත් මට්‌ටමෙන් සාකච්ඡාවට ලක් ව ඇත. මෙවැනි එක් අහිතකර බලපෑමක් සේ සැලකෙන්නේ සුළං බලාගාර නිසා පක්‌ෂීන්ට ඇති විය හැකි හානිකර බලපෑම් ය. සුළං ටර්බයිනවල පක්‌ෂීන් ගැටීම නිසා මරණයට පත් විය හැකි අතර මේවා නිසා පරිසර පද්ධතියේ ද වෙනස් වීම් ඇති විය හැකි ය. පසුගිය දා ප්‍රකාශයට පත් මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයක වැදගත්කම නිසා ඒ පිළිබඳව මේ තීරුව ඔස්‌සේ සාකච්ඡා කිරීමට අපි සිතුවෙමු.
සුළං බලාගාර හා පක්‌ෂීන්
බ්‍රිතාන්‍යය පාදක කරගෙන ඇති මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ පක්‌ෂීන් පිළිබඳව කටයුතු කරන සංවිධාන දෙකක් වන පක්‌ෂි අධ්‍යයනය සඳහා වන බ්‍රිතාන්‍ය භාරය (BTO) හා පක්‌ෂි ආරක්‌ෂාව සඳහා වූ රාජකීය සමිතිය (RSPB) සමඟ සම්බන්ධ විද්‍යාඥයන් පිරිසකි. මෙහි දී විවෘත උස්‌බිම් ප්‍රදේශවල පිහිටා ඇති බලාගාර දහ අටක් ඒවා ඉදි කිරීමට පෙර, ඉදි කරමින් පවත්නා අතර හා ඉදි කිරීමෙන් පසු යන අවස්‌ථාවල දී පක්‌ෂි ගහනයේ ඇති වන තත්ත්වය පිළිබඳව පරීක්‌ෂා කර ඇත. ඔවුන් ගේ නිරීක්‌ෂණ පක්‌ෂි විශේෂ දහයක් පිළිබඳව විය. ඉන් වැඩි ප්‍රමාණයක් ජලජ පක්‌ෂීන් ය.
මේ අනුව අනාවරණය වී ඇත්තේ අධ්‍යයනය කළ බොහෝ පක්‌ෂීන්ට බලපෑම් සිදු වන්නේ සුළං ටර්බයින ඉදි කිරීමේ දී මිස ඒවා ක්‍රියාත්මක වීමේ දී නො වන බව ය. එසේ ම වෙනස් පක්‌ෂි විශේෂවලට මේ බලපෑම විවිධ විය හැකි ය. නිදසුනක් ලෙස ගත හොත්, ඇතැම් විශේෂවල ගහනය බලාගාර ඉදි කිරීමේ දී අඩු වුවත් එය පසුව නැවත යථා තත්ත්වයට පත් වී ඇත. තවත් සමහර පක්‌ෂීන් ගේ ගහන එසේ යළිත් යථා තත්ත්වයට පත් නො වී දිගින් දිගට ම අඩු ව ගොස් තිබේ. මෙවැනි පක්‌ෂි විශේෂ අතර මහවටුවන් (Curlew) හා කැස්‌වටුවන් (Snipe) ඇති අතර ඔවුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එහි දැක්‌වේ. මේ පක්‌ෂි විශේෂ මිනිස් කටයුතුවලට සංවේදී වන අතර මෑත දශක කිහිපයක කාලයේ දී ඔවුන් ගේ ගහන අඩුවීම් එරටින් වාර්තා වී තිබේ. එසේ ම බලාගාර ඉදි කිරීමෙන් පසු තවත් පක්‌ෂි ගහනවල වර්ධනය වීමක් ද සිදු වේ. ප්‍රදේශයේ වෘක්‌ෂලතා වෙනස් කිරීමෙන් (පෙරළා දැමීමෙන්) ඔවුන්ට ආහාර සොයාගැනීමට හෝ වාසස්‌ථාන තැනීමට වැඩි අවස්‌ථාවක් උදා වී ඇති බවක් පෙනේ.
එසේ ම සුළං ටර්බයිනවල උස හා ජනනය වන විදුලි බලය වැනි කරුණු හා පක්‌ෂීන්ට වන බලපෑම අතර සම්බන්ධයක් නොමැති බව මෙහි දී අනාවරණය වී ඇත. අධ්‍යයනයට ලක් කළ පක්‌ෂි විශේෂ සුළං ටර්බයින හා ගැටීමක් සිදු නො වන බවක් මේ වාර්තාවේ සඳහන් වේ.
මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහි දී යෝජනා වී තිබේ. නිදසුනක් ලෙස ගත හොත් බලාගාර ඉදි කිරීම සම්බන්ධ පරිසර අධ්‍යයනවල දී ඉදි කිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම හා ඉදි කිරීම් කටයුතු පක්‌ෂීන් ගේ අභිජනන කාලයේ දී සිදු නො කිරීම වැනි පියවර දක්‌වා යා හැකි ය.
සමස්‌තයක් ලෙස ගත හොත් සුළං බලාගාර හා පක්‌ෂීන්ට සිදු වන බලපෑම පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් ව ඇති වාර්තාවලින් පෙන්වා දෙන තරම් පෙනෙන තත්ත්වය අහිතකර නොමැති බව මේ අධ්‍යයනයෙන් පැවසේ. (මූලාශ්‍රයJournalof Applied Ecology, DOI: 10.1111/j.1365-2664.2012.02110.x)
වැදගත් කරුණු අනාවරණයක්
මේ අධ්‍යයනයෙහි යම් යම් සීමා ඇති බවක් පෙනේ. එය භූගෝලීය වශයෙන් සීමාසහිත ප්‍රදේශයක සිදු කර ඇත. ඒ නිසා පක්‌ෂීන් ගේ ගැවසීම අධික ප්‍රදේශවල ඇති වන බලපෑම මීට වඩා වෙනස් විය හැකි ය. අනෙක් අතට මේ අධ්‍යයනයේ දී විශාල මාංශභක්‌ෂක පක්‌ෂීන් පිළිබඳව අධ්‍යයනය කර නොමැති අතර සුළං ටර්බයින හා ගැටීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ මේ පක්‌ෂීන් හා සම්බන්ධ ව ය.
කෙසේ වෙතත් මෙහි දී අනාවරණය වන වැදගත් කරුණක් නම් මෙහි දී යොදාගෙන ඇති ක්‍රමවේදයයි. එනම් සුළං බලාගාරවලින් සිදු විය හැකි බලපෑමක් තිබේ නම්, එය අදාළ ස්‌ථානයේ අඛණ්‌ඩව සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් අනාවරණය කර ගැනීම ය. එනම් ටර්බයින ඉදි කිරීමට, ඉදි කරන අවස්‌ථාවේ දී හා ඉදි කිරීමෙන් පසු යනුවෙන් පක්‌ෂීන්ට ඇති විය හැකි බලපෑම ක්‍රමානකූලව සෙයා බැලීම ය. මේ හා සමාන අධ්‍යයන ඕනෑ ම රටක සිදු කළ හැකි බව ද පෙනේ. එසේ ම මේ ගැන විමසීමේ දී පැහැදිලි වන වැදගත් ම කරුණ වන්නේ සුළං බලාගාර ඉදි කිරීමේ දී අදාළ ප්‍රදේශයේ පක්‌ෂීන් ගේ ගැවසීම හා සුලබතාව පිළිබඳව කරුණු සලකා බැලීම වැදගත් බව ය.
ප්‍රමුඛ පුවත
අදිරද පෙන්ගුවින් ගහනය සිතුවාට වඩා අධිකයි
ඇන්ටාක්‌ටික් මහාද්වීපයේ දැකිය හැකි අධිරද පෙන්ගුවින් හෙවත් එම්පරර් පෙන්ගුවින් (Aptenodytes fosteri) ගහනය මෙතෙක් පැවැති අගය මෙන් දෙගුණයක් පමණ වන බව චන්ද්‍රිකා තාක්‌ෂණය යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළි වී තිබේ.
මෙය සිදු කළ හැකි වූයේ අයිස්‌වලින් වැසී පවත්නා ඇන්ටාක්‌ටික් මහාද්වීපය සුදු පැහැ වීම නිසා ඒ මත පෙන්ගුවින් සතුන් තද පැහැයෙන් පෙනෙන නිසා ය. උක්‌ත අධ්‍යයනයේ දී සමස්‌ත ඇන්ටාක්‌ටික් වෙරළ තීරය ආවරණය වන පරිදි 2009 වර්ෂයේ පෙන්ගුවින් අභිජනන සමයේ දී ලබාගත් වන්ද්‍රිකා ඡායාරූප යොදාගෙන ඇත. එහි දී පළමුව පෙන්ගුවින් ජනපද ඇති ස්‌ථාන ඔවුන aගේ මළද්‍රව්‍ය මඟින් හඳුනාගෙන තිබේ. ඉන් පසුව ඉහළ විභේදනයක් ඇති චන්ද්‍රිකා ඡායාරූප යොදාගනිමින් නව ක්‍රමවේදයකට අනුව ඔවුන් ගණනය කර තිබේ. ඔවුන් ගේ සෙවනැලි හා මළද්‍රව්‍යවලින් සතුන් වෙන් කර ගැනීම සඳහා මෙහි දී උපක්‍රමයක් යොදාගෙන තිබීම විශේෂයකි. අවසානයේ දී පෙන්ගුවින් සතුන් වාසය කරන ප්‍රදේශය පමණක්
නිවැරැදිව හඳුනාගෙන ඔවුන් ගේ ගහන ඝනත්වය මත පදනම් ව ගහනයේ සිටින සතුන් ප්‍රමාණය ගණනය කර ඇත. මේ අධ්‍යයනයෙන් පෙන්ගුවින් ජනපද 46ක් හඳුනාගෙන ඇති අතර ඉන් කිහිපයක් පමණ මෙතෙක් හඳුනාගෙන නො තිබූ ඒවා වීම විශේෂිත ය.
මේ අනුව ඇන්ටාක්‌ටිකාවේ වාසය කරන අධිරද පෙන්ගුවින් සතුන් ප්‍රමාණය 595,000ක් පමණ වේ. මින් පෙර පැවැති ඇස්‌තමේන්තුව වූයේ මේ සතුන් 270,000-350,000 අතර ප්‍රමාණයක් හමු වන බව ය. ඒ අනුව නව ගණනය මේ සංඛ්‍යාව දෙගුණයකින් පමණ ඉහළ දමා තිබේ.
මෙය අභ්‍යවකාශයේ සිට කිසියම් සත්ත්ව විශේෂයක් පිළිබඳව සිදු කරන ලද පළමු විස්‌තරාත්මක අධ්‍යයනය සේ සැලකේ. මේ පෙන්ගුවින් විශේෂය දේශගුණ වෙනස් වීම නිසා තර්ජනයකට ලක් විය හැකි සේ සැලකේ. ඒ පිළිබඳ සිදු කරනු ලබන අධ්‍යයන සඳහා ඔවුන් ගේ සැබෑ ගහනය පිළිබඳ නිවැරැදි සංඛ්‍යාලේඛන නව අධ්‍යයනයෙන් ලැබී තිබීම අධිරද පෙන්ගුවින් සංරක්‌ෂණයේ ලා වැදගත් කරුණකි. (මූලාශ්‍රය PLoSOne,DOI:10.1371/journal.pone.0033751)
පුවත් සැකෙවින්
පිරිසිදු ජල ඉලක්‌කය ඈතයි?
පිරිසිදු ජල සැපයුමක් ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්‌කය ඇතැම් රටවල දී මෙතෙක් සිතා සිටියාට වඩා කල් යන බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් අනුව පෙනේ. මීට හේතුව අදාළ රටවල ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ දත්ත මේ රටවල සහස්‍ර සංවර්ධන අභිමථාර්ථවල ප්‍රගතිය දැක්‌වීමේ වාර්තාවලට ඒකාබද්ධ කිරීමට නොහැකි වීම බව ද දක්‌වා තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ 2004-2005 අතර කාලයේ දී ලෝකයේ රටවල් පහක සිදු කර ඇති සමීක්‌ෂණ පිළිබඳව පර්යේෂකයන් පිරිසක් විසින් යළිත් සිදු කරන ලද විශ්ලේෂණයක දී ය. ඒ අනුව හෙළි වී ඇත්තේ ඇතැම් රටවල දී ජලය සම්බන්ධ සහස්‍ර සංවර්ධන ඉලක්‌ක අත්පත් කරගැනීම පිළිබඳ ප්‍රගතිය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වන බව ය. මේ අතර ඉතියෝපියාව, නිකරගුවා හා නයිජීරියාව යන රටවල් වේ. මීට හේතුව යොදාගෙන ඇති දත්ත ජාතික හෝ ජාත්‍යන්තර ප්‍රමිති හා නො ගැලපීමයි.
මේ අනුව පෙනෙන්නේ අදාළ රටවල් ජලය පිළිබඳ සහස්‍ර සංවර්ධන ඉලක්‌ක අත්පත් කර ගැනීමේ දී මීට වඩා කටයුතු කළ යුතු බවකි. මේ තත්ත්වය දියුණු වන රටවල් සමහරක වෙනත් අංශ හා සම්බන්ධව පවා දැකිය හැකි කරුණක් වේ. (මූලාශ්‍රය Bulletin of the World HealthOrganization, DOI: 10.2471/BLT.11.094284)
ඉන්දියාවටත් දේශගුණ පනතක්?
ඉන්දියාවේ බිජු ජනතා දාල් නම් පක්‌ෂයක මන්ත්‍රීවරයකු විසින් පෞද්ගලික පනතක් ලෙස එරට පාර්ලිමේන්තුව හෙවත් ලෝක් සභාවට දේශගුණ වෙනස් වීම සම්බන්ධ සවිස්‌තර නීති රීති ඉල්ලා පනත් කෙටුම්පතක් ගොනු කර තිබේ. මෙහි දී ඉල්ලා ඇත්තේ හරිතාගාර වායු විමෝචන වැළැක්‌වීමට හෝ ලිහිල් කිරීමට හා බලශක්‌ති කාර්යක්‌ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය එක් නීතියක් පැනවීමට රජය කටයුතු කළ යුතු බව ය.
ඉන්දියාවේ පුවත්පත් වාර්තා කරන ආකාරයට මේ යෝජිත පනත සම්මත වීමට ඇති ඉඩ අඩු නමුත්, එහි ඇති වැදගත්කම වන්නේ රජයට ද දේශගුණ වෙනස් වීම සම්බන්ධ කටයුතුවල දී අදට වඩා ක්‍රියාකාරී වීමට සිදු වීම ය. මේ වන විට වේගවත් කාර්මිකකරණයක් හඹා යන ඉන්දියාව මෙන්ම තවත් රටවල් කිහිපයක් ඇතැම් කරුණුවල දී නම්‍යශීලී බවක් අනුගමනය නො කරන බවක් පෙනේ. එය ද දේශගුණ වෙනස් වීම සම්බන්ධව ජාත්‍යන්තර සාකච්ඡාවල අසාර්ථකත්වයට හේතුවක් බව පැහැදිලි ය.
මිහිතල දිනය - අප්‍රේල් 22
මිහිතල දිනය අප්‍රේල් මස 22ට යෙදේ. එය ලෝකයේ වර්තමාන පරිසර සංරක්‌ෂණ ව්‍යාපාරයේ මුල් අදියරේ කිසියම් සන්ධිස්‌ථානයක් සේ සැලකිය හැකි ය. එය 1970 වර්ෂයේ දී ආරම්භ වූයේ අධික පරිසර හානියක් දැකිය හැකි වූ හා නූතන අධි පරිභෝජනවාදී ජීවන ශෛලියේ තිඹිරිගෙය සේ සැලකිය හැකි ඇමෙරිකාවේ දී ය. එහෙත් එය ජාත්‍යන්තර වශයෙන් සමරනු ලබන දිනයක් බවට පත් වූයේ 1990 දී පමණ ය. මේ වර්ෂයේ දී එය ශ්‍රී ලංකාවේ දී සමරන ලද නමුත් එය එතරම් ප්‍රකට වූයේ නැත.
මේ අතර 2009 වර්ෂයේ දී එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහා මණ්‌ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව 'ජාත්‍යන්තර මිහිතල මාතා දිනය' (International Mother Earth Day) යනුවෙන් ද අප්‍රේල් 22 දිනය පිළිගන්නා ලදි. මෙය තවමත් එතරම් ප්‍රසිද්ධියට පත් වී නැති බවක් පෙනේ.
Source: http://www.vidusara.com/2012/04/18/feature3.html

Sunday, April 15, 2012
ජගත් පරිසර විමසුම 118 (Global Environmental Watch, 118)
ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2012-04-11, පි. 11 (Vidusara, 2012-04-11, p.11)
http://www.vidusara.com/2012/04/11/feature3.html
විමසුම - ආන්තික කාලගුණ තත්ත්ව, දේශගුණ වෙනස් වීම හා පරිසර පද්ධති
ප්‍රමුඛ පුවත - ඩොල්ෆින් හා කැස්‌බෑවුන්ට වැදගත් වන සාගර ආරක්‌ෂිත ප්‍රදේශ
පුවත් සැකෙවින් - ජෛව ඉන්ධන නිසා පක්‌ෂීන්ට වන බලපෑම අඩු කළ හැකියි / හිම වලසුන් ගේ PCB මට්‌ටම පහළට / ඉන්දියාවේ සුළං විභවය බොහෝ සේ ඉහළයි
විමසුම
ආන්තික කාලගුණ තත්ත්ව, දේශගුණ වෙනස් වීම හා පරිසර පද්ධති
ආන්තික කාලගුණ තත්ත්ව යනු මිනිසුන්ට මෙන්ම ස්‌වාභාවික පරිසරයට ද සැලකිය යුතු බලපෑමක් කළ හැකි තත්ත්වයකි. විවිධ ආන්තික තත්ත්ව නිසා ඇති වන මිනිස් ජීවිත හා දේපොළ හානිය සුවිශාල ය. එසේ ම ඒවා සාමාන්‍ය මානව කටයුතු සඳහා ද තදින් බලපායි. මානව පරිසරයට සිදු වන හානිය නිසා බොහෝ විට එතරම් සැලකිල්ලකට ලක් නො වුණ ද මෙවැනි තත්ත්ව නිසා වනජීවීන්ට හා පරිසරයට සිදු වන හානිය ද සුළුපටු නම් නො වේ.
එසේ ම වර්තමාන ලෝකයේ දැකිය හැකි සංකීර්ණ තත්ත්වයක් වන දේශගුණ වෙනස් වීම හා ආන්තික කාලගුණ තත්ත්ව අතර ඇති බලපෑම මෑත කාලයේ දී වැඩි අවධානයකට ලක් වූ විෂයයකි. මේ සිදුවීම් දෙක අතර යම් සම්බන්ධයක් ඇති ද යන්න ඇතැම් විට විවාදාත්මක ය. දේශගුණ සංශයවාදීන් ගේ අදහස් බැහැර කළ ද ඇතැම් තත්ත්ව පිළිබඳව ඇති සාධකවල යම් යම් ගැටලු පැවතීම මීට හේතුවයි. මේ සම්බන්ව සිදු කරන ලද අධ්‍යයනයක් හා ආන්තික තත්ත්ව ස්‌වාභාවික පරිසරයට සිදු කරන බලපෑම පිළිබඳව කළ පර්යේෂණයක් ගැන මේ සතියේ පරිසර විමසුමේ අවධානය යොමු වේ.
ආන්තික තත්ත්ව හා දේශගුණ වෙනස් වීම අතර සම්බන්ධය පැහැදිලියි
පසුගිය දශකයක පමණ කාලයේ දී ලෝකයේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ආන්තික කාලගුණ තත්ත්ව ප්‍රමාණය අසාමාන්‍ය ආකාරයෙන් අධික ය. මේ ආකාරයෙන් ඇති වන ආන්තික තත්ත්ව අතර ගංවතුර, නියඟය, තාප ප්‍රවාහ, සුළි සුළං හා කුණාටු ආදිය වැඩි අවධානයකට ලක් ව ඇත. මේ සම්බන්ධව සිදු කරන ලද හා පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව මේ ඇතැම් ආන්තික තත්ත්ව අධික වීම අහම්බෙන් සිදු වූවක් නම් නො වේ. මේ ආන්තික තත්ත්ව ඉහළ යැම සිදු වී ඇත්තේ අහම්බෙන් නම් නො වේ. ඊට දේශගුණ වෙනස් වීමේ සම්බන්ධයක් තිබේ.
මේ අධ්‍යයනයේ දී පෙන්වා දෙන ආකාරයට මේ ආන්තික තත්ත්ව හා දේශගුණ වෙනස් වීම අතර ඇතැම් විට ඇත්තේ කෙළින් ම පැවසිය හැකි ආකාරයේ සම්බන්ධයක් නො විය හැකි ය. ඒ අතර ඇත්තේ සම්භාවිතාව පිළිබඳ ගැටලුවකි. අදාළ පර්යේෂකයන් මෙසේ පවසන්නේ මෑත දී ඇති වූ ආන්තික තත්ත්ව භෞතික විද්‍යාත්මකව, සංඛ්‍යානමය වශයෙන් හා පරිගණක ආශ්‍රයෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව ය. මූලික භෞතික විද්‍යාත්මක සංකල්ප අනුව ඉහළ ගොස් ඇති උෂ්ණත්වය නිසා ආන්තික කාලගුණ තත්ත්ව සුලභබ විය හැකි ය. එසේ ම සංඛ්‍යානමය අධ්‍යයනවලට අනුව වර්ෂාපතන තත්ත්ව ඉහළ ගොස් ඇති බව පැහැදිලි කරුණකි. පරිගණකමය අධ්‍යයන අනුව ද උෂ්ණත්වය හා වර්ෂාපතනයේ ආන්තික තත්ත්ව හා මිහිතලය උණුසුම් වීම අතර සම්බන්ධයක් පවතී. ඒ අනුව මේ සිදුවීම් දෙක අතර යම් රටාවක් ඇති බව පැහැදිලි ය.
මේ අනුව ආන්තික වර්ෂාපතන තත්ත්ව (අධික වැස්‌ස හා වැසි අඩු වීම) හා තාප ප්‍රවාහ ඇති වීම අධික වීම හා දේශගුණ වෙනස් වීම අතර යම් සම්බන්ධයක් ඇති බව පැහැදිලි බව ඔවුන් නිගමනය කර තිබේ. එහෙත් ඉහළ ගොස් ඇති සුළිසුළං හා කුණාටු තීව්‍රතාව හා දේශගුණ වෙනස් වීම අතර සම්බන්ධයක් තිබේ ද යන්න පැවසීමට තරම් දත්ත නොමැති බව මේ අධ්‍යයනයේ නිගමනයයි. කෙසේ වෙතත් ඇතැම් තනි ආන්තික තත්ත්ව සහ ප්‍රාදේශීයව ඇති වන එල් නිනෝ වැනි තත්ත්ව වෙනස්‌වීම් අතර යම් සම්බන්ධයක් පවතී. (මූලාශ්‍රයNature Climate Change, DOI: 10.1038/NCLIMATE1452&
ආන්තික තත්ත්ව ස්‌වාභාවික පරිසරයට බලපාන අයුරු
මේ අතර පසුගිය දා ප්‍රකාශයට පත් වූ තවත් අධ්‍යයනයක අවධානය යොමු වී තිබුණේ ආන්තික තත්ත්ව නිසා ස්‌වාභාවික පරිසර පද්ධතිවලට ඇති වන අහිතකර බලපෑම් සම්බන්ධ ව ය. එහි දී ගණිතමය ආකෘති ඇතුළත් ක්‍රමවේදයක් යොදාගනිමින් පරිසරයේ ඇති වන වෙනස්‌වීම් කුමන ආකාරයකින් අදාළ පරිසර පද්ධතිවලට හා ඒවායේ වාසය කරන ජීවීන්ට බලපාන්නේ ද යන්න විමසා තිබේ.
මේ අධ්‍යයනයට අනුව විශේෂ සාරතාව (species richness) අතින් ඉහළ පරිසර පද්ධතිවලට ආන්තික තත්ත්ව නිසා වැඩි බලපෑමක් ඇති විය හැකි ය. මෙවැනි පරිසර පද්ධතියක එක් පෝෂක මට්‌ටමක හමු වන ජීවී විශේෂ ප්‍රමාණය අධික වන අතර එවැනි එක් විශේෂයකින් දැකිය හැකි ජීවීන් ප්‍රමාණය අඩු වීමට පුළුවන. ඒ අන්තර් විශේෂ තරගය නිසා ය. එහෙත් මේ නිසා පාරිසරික වෙනස්‌වීම්වල දී සීමිත ප්‍රමාණයකින් හමු වන ජීවී විශේෂ සම්පූර්ණයෙන් ම වඳ වී යැමේ අවදානමක් තිබේ. මේ නිසා සමස්‌ත ආහාර දාමයේ ම යම් බිඳවැටීමක් ඇති විය හැකි අතර අනුපිළිවෙළින් විවිධ පෝෂක මට්‌ටම්වල සිටින ජීවී විශේෂ වඳ වී යැමට හැකියාව පවතී. මේ තත්ත්වය ප්‍රපතන වඳ වීමක් (cascading extinction) යනුවෙන් හැඳින්වේ. කොරල්පර හා නිවර්තන වනාන්තර මෙවැනි අවදානමක් ඇති පරිසර පද්ධති සඳහා නිදසුන් වේ.
එහෙත් අඩු ජීවී විශේෂ සංඛ්‍යාවකට අයත් ජීවීන් විශාල වශයෙන් හමු වන පරිසර පද්ධතිවලට ආන්තික තත්ත්වවලින් ඇති වන බලපෑම මීට වඩා අඩු ය. සාමාන්‍යයෙන් විශේෂ සාරතාව පරිසර පද්ධතියක වැදගත් වූවක් සේ සැලකුණ ද එය ඇතැම් ජීවී විශේෂවල පැවැත්මට හානිකර විය හැකි අවස්‌ථා ද ඇති බව මේ අනුව පෙනේ. (මූලාශ්‍රය Ecology and Evolution, DOI: 10.1002/ece3.218)
ප්‍රමුඛ පුවත
ඩොල්ෆින් හා කැස්‌බෑවුන්ට වැදගත් වන සාගර ආරක්‌ෂිත ප්‍රදේශ
සාගර ආරක්‌ෂිත ප්‍රදේශ ලෝකයේ මේ වන විට වැඩි අවධානයට යොමු වී ඇති මාතෘකාවකි. මේවා වැදගත් වන්නේ මේ වන විටත් වඳ වීමේ තර්ජනයට ලක් ව ඇති සාගර ජීවීන් හා සාගර පරිසර පද්ධති ආරක්‌ෂා කර ගැනීම සඳහා ය. විශේෂයෙන් අධික ලෙස මසුන් ඇල්ලීම හා වෙනත් මානව කටයුතු නිසා මේ අවශ්‍යතාව ඇති වී තිබේ. දැන් දැන් මෙවැනි ප්‍රදේශ පිහිටුවීම ද ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව අපේ අවධානය යොමු කිරීමට හේතු වන පර්යේෂණ දෙකක ප්‍රතිඵල පසුගිය දා වාර්තා විය.
ඉන් පළමුවැන්න කොළ කැස්‌බෑවුන් (Chelonia mydas) පිළිබඳව සිදු කරන ලද්දකි. එහි දී පෙන්වා දී ඇති පරිදි මේ කැස්‌බෑවුන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයකට ආරක්‌ෂිතව ජීවත් වීම සඳහා සාගර ආරක්‌ෂිත ප්‍රදේශ උපකාරී වේ. රටවල් 10ක පර්යේෂණ කණ්‌ඩායම් විසින් චන්ද්‍රිකා තාක්‌ෂණය යොදාගනිමින් කැස්‌බෑවුන් පිරිසක ගේ සංචරණ පිළිබඳව කරන ලද මේ අධ්‍යයනයේ දී හෙළි වී ඇති ආකාරයට එම කොළ කැස්‌බෑවුන් අතරින් සියයට 35ක් පමණ ප්‍රමාණයක් වාසය කරන්නේ සාගර ආරක්‌ෂිත ප්‍රදේශවල ය. එසේ ම මේ කැස්‌බෑවුන් හමු වීම ද අධික වී ඇත්තේ වඩා විශාල, ආරක්‌ෂිත බවින් ඉහළ හා වඩා පැරැණි ආරක්‌ෂිත ප්‍රදේශවල වීම ද වැදගත් ය. සාගර ආරක්‌ෂිත ප්‍රදේශ අතර කැස්‌බෑවුන් වැඩි වශයෙන් ගැවසෙන නොගැඹුරු මුහුදු ප්‍රදේශ අඩු වුවත් මේ පර්යේෂණයෙන් අනාවරණය වන කරුණුවලින් පෙනෙන්නේ තිබෙන ආරක්‌ෂිත ප්‍රදේශවල වැදගත්කම වඩා ඉහළ බවකි. (මූලාශ්‍රයGlobal Ecology and Biogeography,DOI: 10.1111/j.1466-8238.2011.00757.x)
දෙවැනි අධ්‍යයනයේ දී අනාවරණය වී ඇත්තේ වඩා විශාල ආරක්‌ෂිත ප්‍රදේශ ඩොල්ෆින් සතුන් සඳහා ඵලදායී වන බව ය. නවසීලන්තය ආසන්න මුහුදේ පිහිටා ඇති සාගර ආරක්‌ෂිත ප්‍රදේශයක වසර විසි එකක් තිස්‌සේ කරන ලද ඩොල්ෆින් නිරීක්‌ෂණ මත මේ පර්යේෂණය සිදු කර තිබේ. ඊට අනුව 1988 දී අදාළ ආරක්‌ෂිත ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු හෙක්‌ටර් ගේ ඩොල්ෆින් (Cephalorhynchus hectori) නම් විශේෂයේ මධ්‍යන්‍ය ප්‍රවර්තන සම්භාවීතාව (meansurvival probability) සියයට 5.4කින් පමණ ඉහළ ගොස් තිබේ. මෙය සාගර ක්‌ෂීරපායින් ගේ ආරක්‌ෂාව සඳහා සාගර ආරක්‌ෂිත ප්‍රදේශවල දායකත්වය නිශ්චිතව පෙන්වා දෙන පළමු අධ්‍යයනයක් සේ දක්‌වා ඇත. එසේ ම ඉන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ආරක්‌ෂිත ප්‍රදේශයේ විශාලත්වය ද මෙහි දී වැදගත් බව ය. (මූලාශ්‍රය Journal of Applied
Ecology, DOI: 10.1111/j.1365-2664.2012.02121.x)
පුවත් සැකෙවින්
ජෛව ඉන්ධන නිසා පක්‌ෂීන්ට වන බලපෑම අඩු කළ හැකියි
ජෛව ඉන්ධන වගා කිරීම නිසා වනජීවීන්ට සිදු වන බලපෑම් අඩු කළ හැකි ක්‍රමවේදයක් අධ්‍යයනයක් මඟින් පෙන්වා දී තිබේ. වැඩි වශයෙන් ගොවිපොළ ආශ්‍රිතව ජීවත් වන පරිසරය පිළිබඳ දර්ශක විශේෂයක් සේ යොදාගන්නා පක්‌ෂි විශේෂයක් වන Alauda arvensis ආශ්‍රයෙන් මේ අධ්‍යයනය සිදු කර ඇත.
මෙහි දී හෙළි වී ඇති ආකාරයට ජෛව ඉන්ධන භෝග වගාව නිසා ඇති විය හැකි අහිතකර බලපෑම් පාලනය කළ හැකි ආකාරයක් තිබේ. නිදසුනක් ලෙස ගත හොත්, භූ දර්ශනය සකස් කරන ආකාරය මත මේ පක්‌ෂීන් ගේ පැවැත්ම රඳා පවතී. භූ දර්ශනයේ විවිධත්වයක් පවතී නම් එය මේ පක්‌ෂීන් සඳහා වඩා යෝග්‍ය වේ. නිදසුනක් වශයෙන් ගත හොත් විවිධ භෝග වගා කිරීම හා කුඩා, අතරින් පතර ස්‌වාභාවික පරිසර පද්ධති පැවතීම දැක්‌විය හැකි ය. එසේ ම වගා භූමිය කුඩා වන්නේ නම් පක්‌ෂීන් ගේ සුලබතාවට ඉන් බලපෑමක් නැති අතර භෝග වගා කරනු ලබන භූමි ප්‍රමාණය විශාල වන්නේ නම් කිසියම් සංරක්‌ෂණ ක්‍රියාමාර්ගයක් යොදාගැනීම අවශ්‍ය වේ. (මූලාශ්‍රයGlobal Change BiologyBioenergy, DOI: 10.1111/j.1757-1707.2012.01170.x)
හිම වලසුන් ගේ PCB මට්‌ටම පහළට
නෝර්වේ දේශයේ උතුරු ප්‍රදේශයේ වාසය කරන හිම වලසුන් ගේ (Ursus maritimus&) දේහවල PCB ලෙසින් කෙටියෙන් හඳුන්වනු ලබන පොලික්‌ලෝරිනේටඩ් බයිෙµනිල් හා ඒ ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය අඩංගු බව සොයා ගන්නා ලද්දේ කලකට පෙර දී ය. විශේෂයෙන් මේ ද්‍රව්‍ය නිපදවීම හා භාවිතය බෙහෙවින් සීමා වී තිබූ තත්ත්වය හමුවේ මෙය වඩාත් සැලකිය යුතු කරුණක් විය.
මේ සම්බන්ධව මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මේ වන විට තත්ත්වය තරමක් යහපත් බව පෙනේ. එහි දී පෙන්වා දී ඇති පරිදි PCB හා ඒ හා සම්බන්ධිත වෙනත් රසායනික ද්‍රව්‍ය හිම වලස් පැටවුන් ගේ රුධිරයේ හමු වන ප්‍රමාණය 1997/1998 හා 2008 අතර කාලයේ දී සියයට 59කින් පමණ පහළ ගොස් තිබේ. එසේ ම මේ කාලය තුළ වැඩුණු මවු වලසුන් ගේ රුධිරයේ තිබූ PCB මට්‌ටම ද සියයට 55කින් පමණ අඩු වී ඇත. කෙසේ වෙතත් හිම වලසුන් අතර ඇති PCB සාන්ද්‍රණය වන සතුන් හා මිනිසුන් අතර අහිතකර ප්‍රතිඵල පෙන්වන සාන්ද්‍රණයට වඩා තවමත් ඉහළ වීම ගැටලුව තවමත් නිමා වී නැති බව පෙන්වා දෙයි. (මූලාශ්‍රයScience ofThe Total Environment, DOI: 10.1016/j.scitotenv.2011.12.033)
ඉන්දියාවේ සුළං විභවය බොහෝ සේ ඉහළයි
සුළං බලයෙන් විදුලිය නිපදවීම සඳහා ඉන්දියාවේ පවත්නා විභවය මෙතෙක් සිතා සිටියාට වඩා අධික බව පසුගිය දා කළ ඇගැයීමකින් හෙළි වී ඇත. ඒ අනුව දැනට ඇස්‌තමේන්තු කර ඇති ප්‍රමාණය වන ගිගාවොට් 102 මෙන් විසි ගුණයත් තිස් ගුණයත් අතර ප්‍රමාණයක් අධික විදුලි බලයක් සුළඟ මඟින් ලබා ගැනීමට හැකි ය. මෙහි දී අදාළ සුළං ටර්බයිනවල උස අනුව තීරණය වේ.
ඉන්දියාව බරපතළ විදුලිබල අර්බුදයක් දැකිය හැකි රටක් වන අතර විදුලිබල ඉල්ලුම ද ඉතා වේගයෙන් ඉහළ යමින් තිබේ. සුළං බලයේ පිරිවැය ද තරගකාරී තත්ත්වයක් දක්‌වා ක්‍රමයෙන් අඩු වෙමින් පවත්නා බැවින් එවැනි පුනර්ජනනය කළ හැකි විදුලිබල ප්‍රභවයක් ලෙස සුළං බලයේ ඇති ප්‍රයෝජනය අමුතුවෙන් කිව යුතු නො වේ. (මූලාශ්‍රයReassessing WindPotential Estimates for India: Economic and Policy Implications, 2012, http://ies.lbl.gov/node/473)
Source: http://www.vidusara.com/2012/04/11/feature3.html

Thursday, April 5, 2012
වාණිජකරණයට හා සංස්‌කෘතික ආක්‍රමණයකට ලක් ව ඇති සිංහල අලුත් අවුරුද්ද
ධනේෂ් විසුම්පෙරුම
(Commercialisation and cultural invasion of the Sinhala New Year)
විදුසර, 2012-04-04, පි. 09 (Vidusara, 2012-04-04, p. 09)
http://www.vidusara.com/2012/04/04/feature6.html

තවත් සිංහල අවුරුද්දක් එළැඹෙමින් තිබේ. මේ උත්සව සමයයි. එළැඹෙන අවුරුද්ද සඳහා සූදානම් වන ආකාරය නගරයේ මෙන් ම ගමේ ද දැක ගත හැකි ය. අවුරුද්දට අලුත් ඇඳුම් හා වෙනත් භාණ්‌ඩ මිලට ගැනීම සඳහා ඇඳුම් පැළඳුම් සාප්පුවල හා වෙනත් කඩ සාප්පුවල බොහෝ දෙනා රැස් කන ආකාරයක් දැකිය හැකි ය. බොහෝ ප්‍රදේශවල අවුරුදු උත්සව ද සංවිධානය වෙමින් තිබේ. නාගරික ප්‍රදේශවල නැවතී රැකියාවල යෙදෙන පිරිස් මේ වන විට කල් බලමින් සිටින්නේ, දින දහයේ නිවාඩුව රැගෙන ගමේ යැම සඳහා ය. බොහෝ දෙනා ගේ කතාබහේ මාතෘකාව ද අලුත් අවුරුද්ද ය. මෙය ගමත් නගරයත් වෙනස් කිරීමට හා නව්‍ය බවක් එක් කිරීමට හැකි සමයකි.
අලුත් අවුරුද්ද හා මූලික ව සම්බන්ධ වන්නේ තාරකා ශාස්‌ත්‍රය බව පැවසිය හැකි ය. තාරකා රාශි දොළහකින් යුක්‌ත වූ රාශි චක්‍රයේ අවසන් රාශිය සේ සැලකෙන මීන රාශියේ සිට පළමු රාශිය වන මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම මේ උත්සවය හා සම්බන්ධ වේ. වර්තමානයේ දී අලුත් අවුරුද්ද එළැඹෙන්නේ අප්‍රේල් මාසයේ දී ය. (අතීතයේ දී මේ දිනය මාර්තු අග භාගයේ දී යෙදුණු බවට සාධක තිබේ. එය ප්‍රායෝගික ව විය හැකි දෙයකි). මේ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවේ දී සිංහලයන් මෙන් ම දමිළ හින්දූන් විසින් ද සමරනු ලබන බැවින් එය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෙස නිල වශයෙන් හඳුන්වනු ලැබේ. (එහෙත් මේ ලිපියේ දී 'සිංහල අවුරුද්ද' යන යෙදුම යොදා ගන්නේ එය අපට වඩා සමීප යෙදුම වන නිසා ය. සිංහලයන් විසින් සමරනු ලබන්නේ සිංහල අවුරුද්ද ය. දමිළ ජාතිකයන් විසින් ඔවුන්ට අනන්‍ය සේ සමරනු ලබන්නේ ඔවුන් ගේ අලුත් අවුරුද්ද ය. අප මේ සංස්‌කෘතික විවිධත්වය පිළිගත යුතු ය.)
මේ කාලය රටේ ග්‍රාමීය ජනතාව ගෙන් වැඩි පිරිසකට කිසියම් විවේකී සමයකි. ගොවියා තම අස්‌වනු නෙළා අවසන් ව තිබේ. මේ නිසා තමන් ගේ සංස්‌කෘතික අංග යොදාගනිමින් අපූරු උත්සවයක් නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූ හ. එහි දී විවිධ චාරිත්‍ර වාරිත්‍ර සඳහා විශේෂ තැනක් ලබා දී ඇති අතර එතුළින් ඔවුන් ගේ ජීවිත නව්‍යතාවකින් යුක්‌ත ව යළි ආරම්භ කිරීමට හා සම්බන්ධතා අලුත් කර ගැනීමට ද අවස්‌ථාවක් ලැබේ. එය අලුත් අවුරුද්දේ හරය විය. එසේ ම සිංහල අවුරුද්ද තවදුරටත් සමාජ උත්සවයක් වන්නේ, ආගමික, කලා හා ක්‍රීඩා ආදී විවිධ අංශ සඳහා යොමු වූ විවිධ අංග ඊට ඇතුළත් වන නිසා ය. අපට සාමාන්‍යයෙන් අසන්නට නො ලැබෙන සිංහල ජන ගී අසන්නට ලැබෙන්නේ මේ කාලයේ දී ය. සාමාන්‍යයෙන් අප අතර දැකිය නො හැකි ජන ක්‍රීඩා ගණනාවක් ද මේ දින කිහිපයක කාලයේ දී සමාජයේ දැකිය හැකි ය. අපේ සංස්‌කෘතියේ අනන්‍ය අංග සේ සැලකිය හැකි මේවායේ පැවැත්ම තහවුරු කිරීම සඳහා අලුත් අවුරුද්ද ඉතා වැදගත් වේ. සරල ව පවසන්නේ නම්, සිංහල අලුත් අවුරුද්ද සංස්‌කෘතික මංගල්‍යයකි.
එහෙත් මේ සංස්‌කෘතික මංගල්‍යයේ 'සංස්‌කෘතිය' ක්‍රමයෙන් වෙනස් වෙමින් ඇති බවක් අපට සිතේ. එය ඇතැම් විට අපට නො දැනෙන තරම් ය. මේ පිළිබඳ ව අප විසින් නිරීක්‌ෂණය කරන ලද කරුණු කිහිපයක් මේ ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට අදහස් කරමු. එය වාණිජකරණයක් ලෙසින් හා සංස්‌කෘතික ආක්‍රමණයක් ලෙසින් සිදු වන බව අපේ අදහසයි.
වාණිජකරණය වන සිංහල අවුරුද්ද
සිංහල අලුත් අවුරුද්දේ දැකිය හැකි එක් වෙනස් වීමක් වන්නේ, එය බොහෝ වේගයෙන් වාණිජකරණය වෙමින් තිබීමයි. එය මෑත දී වඩාත් වේගයෙන් සිදු වන බවක් අපට හැෙ`ග්. සිංහල අලුත් අවුරුද්ද වාණිජ උත්සවයක් බවට පත් වෙමින් ඇති ආකාරය ක්‍රම දෙකකින් සිදු වන බවක් දැකිය හැකි ය.
මින් පළමුවැන්න වන්නේ, එය වෙළෙන්දන්ට හා වෙළෙඳ ආයතනවලට තම භාණ්‌ඩ අලෙවි කර ගැනීමට අවස්‌ථාවක් වී තිබීම ය. විවිධ අලෙවි උපක්‍රම භාවිත කරමින් පාරිභෝගිකයා සූරාකන්නට හා රවටන්නට වෙළෙඳුන් දරන උත්සාහය අපට නගරයේ සාප්පුවල සිට ගමේ පොළ දක්‌වා ම දැකිය හැකි ය. විශේෂයෙන් අලුත් ඇඳුම් පැළඳුම් හා විවිධ භාණ්‌ඩ සඳහා ඉල්ලුමක් ඇති බැවින් එවැනි භාණ්‌ඩ අලෙවියේ දී මේ තත්ත්වය වඩාත් දැකිය හැකි ය. මීට අලුතින් එක් වී ඇති දෙයක් නම් විවිධ විදුලි උපකරණ 'සේල්' දමා ඇති නිසා බොහෝ අඩු මිලට ලබා ගත හැකි වීමයි. මේවා ඇතැම් විට යම් යම් හේතු මත අඩු මිලට මිස නියම මිලට අලෙවි කළ නො හැකි දේ ය. එසේ ම නව උපකරණවල සැබෑ අවශ්‍යතාවක් නොමැති වුවත් ලාබෙට ලැබෙන නිසා ම ඇතැම් පාරිභෝගිකයෝ මේවා මිල දී ගනිති. මේ අලෙවිකරණයේ තත්ත්වය අලුත් අවුරුද්දට පමණක් නො ව වෙසක් උත්සවය හා නත්තල වැනි ආගමික උත්සව කාලවල දී පවා දැකිය හැකි ය. පාරිභෝගිකයන් මේවාට හසු වන්නේ ඔවුන් සබුද්ධික පරිහරණයක් කෙරේ යොමු වී නොමැති නිසා ය.
වාණිජකරණයේ අනෙක් මුහුණුවර වන්නේ, අලුත් අවුරුද්ද සඳහා ම වූ නව වෙළෙඳපොළක් නිර්මාණය වී තිබීම ය. මේ නව වෙළෙඳපොළ ඇති වී තිබෙන්නේ, වැඩි වශයෙන් නාගරික ජනතාව ඉලක්‌ක කරගෙන ය. නිදසුනක් ලෙස ගත හොත් සිංහල අවුරුදු කෑම මේසයේ අත්‍යවශ්‍ය අංග වන සාම්ප්‍රදායික රසකැවිලි හා වෙනත් ආහාර වර්ග තැනීමට නො හැකි හෝ ඊට වේලාවක් නොමැති ගෘහණියන් වෙනුවෙන් නිර්මාණය වූ වෙළෙඳපොළක් ඇත. ඔබට අවශ්‍ය ඕනෑ ම සාම්ප්‍රදායික අවුරුදු කැවිලි වර්ගයක් දැන් නගරයේ වෙළෙඳසල්වලින් ලබා ගත හැකි ය. ඒවා අලෙවි කරන්නේ ද ජීවිතයේ පළමුවරට රෙද්ද-හැට්‌ටය ඇඳගත් තරුණියන් ය.
මේ ආකාරයෙන් කැවිලි තැනීමට නො හැකි අවස්‌ථාවල ඒ සඳහා වෙනත් විකල්ප හඳුන්වා දී ම ද සිදු වේ. බුලත් හුරුල්ලේ හැඩයට තනන ලද කේක් ද දැන් වෙළෙඳපොළේ ඇති නිසා බුලත් හුරුල්ල කපා ආහාරයට ගැනීමට පවා දැන් හැකි ය. මේ වෙළෙඳපොළ නිසා නාගරික ජනතාව අතර අලුත් අවුරුද්දේ සම්ප්‍රදාය රැකෙන බවට අයෙක් තර්ක කළ හැකි ය. එහෙත් තම නිවසේ කැවුමක් බැදීමට නො හැකි වීම හෝ හැකියා ව තිබිය දී පවා ඒවා නිවසේ නො තැනීම යනු සිංහල අවුරුද්ද අපේ ජීවිතවලින් පිටස්‌තර වෙමින් පවතින බවට සාධකයකි. චාරිත්‍ර වාරිත්‍ර හැර අන් සියල්ල කඩෙන් ලබා ගැනීමට හැකි දිනයක් ළ`ග දී ම එළැඹෙන බවක් අපට පෙනේ.
වාණිජකරණයට ලක් ව ඇති සියල්ල බාහිර දේ ලෙස සලකා එය අලුත් අවුරුද්දේ හරයට බලපෑමක් නො කරන බවට කෙරෙන තර්ක ඇතත්, එය එසේ ම ද යන්න ගැටලුවකි. මෙය තවදුරටත් සමාජ විද්‍යාත්මක ව විමසා බැලිය යුතු තත්ත්වයක් බව අපේ අදහසයි.
සංස්‌කෘතික ආක්‍රමණය
සිංහල අලුත් අවුරුද්ද යනු සිංහල සංස්‌කෘතියේ පිළිබිඹුවක් බව අපි පැවසීමු. ඇතැම් සංස්‌කෘතිකාංග රැකී තිබෙන්නේ මේ කාලයේ දී එය සමාජයේ භාවිතයට ගැනෙන නිසා බව පෙර සඳහන් කරන ලදි. විශේෂයෙන් ජන ගී, ජන ක්‍රීඩා ආදිය මීට නිදසුන් ය. මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමට හේතුව වන්නේ, අවුරුදු සමයේ දී ඒවා භාවිතයට ගැනෙන නිසා ය.
එහෙත් මේ වන විට මේ තත්ත්වයට යම් තර්ජනයක් ඇති වී තිබෙන බවක් පෙනේ. නිදසුනක් ලෙස ගත හොත් මේ වන විට මාධ්‍ය ඔස්‌සේ සිංහල අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරනු ලබන ඇතැම් උත්සව මඟින් මේ සංස්‌කෘතික තේමා සිංහල අලුත් අවුරුද්දෙන් ඉවතට ගෙන යන බවක් පෙනේ. ජනමාධ්‍ය ආයතනවලින් සංවිධානය කරනු ලබන අවුරුදු කුමරිය තේරීමේ තරග එවැනි අවස්‌ථා සඳහා එක් නිදසුනකි.
පසුගිය වසරේ එක් රූපවාහිනි චැනලයකින් විකාශය වූ එක් අලුත් අවුරුදු උත්සවයක වූ අවුරුදු කුමාරි තේරීමේ තරගයක එක් අංගයක් වූයේ, බටහිර සංගීත තාලයකට පා තැබූ අවුරුදු කුමරියන් ය. ඔවුන් සැරසී සිටියේ ද බටහිර විලාසිතාවලිනි. මෙය සිංහල අවුරුද්දට අදාළ වූයේ කෙසේ ද යන්න අපට නම් ගැටලුවක් විය. අවුරුදු කුමාරි තේරීමේ තරගවල දී අප දකින්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්වලින් යුක්‌ත තරුණියන් ය. එහෙත් මේ තරගයේ දී අප දුටුවේ අවුරුදු කුමාරි තේරීමේ තරගය බටහිර මෝස්‌තරයේ රූප සුන්දරියන් තේරීම දක්‌වා ගෙන ඒමට කළ උත්සාහයකි. (කෙසේ වෙතත් මෙවැනි කෝලම්වලින් තොර ව අවුරුදු උත්සවයකට ගැළපෙන ආකාරයෙන් අවුරුදු කුමරියන් තේරූ ආකාරය ඇතැම් රූපවාහිනි චැනලවලින් අප දුටු බව ද සඳහන් කළ යුතු ය). අපේ රටේ මාධ්‍ය මඟින් සිදු කරනු ලබන සංස්‌කෘතික ආක්‍රමණයට මෙය ද නිදසුනක් සේ සිතමු. අනෙක් අතට සිංහල හෝ දෙමළ සංස්‌කෘතිය හෝ අලුත් අවුරුද්ද හෝ ගැන සැබෑ අවබෝධයකින් තොර වූවන් විසින් සකස් කරනු ලබන හෝ නිර්මාණය කරනු ලබන මෙවැනි වැඩසටහන්වලින් සැබෑ අවුරුද්දක් නිරූපණය වන්නේ ද යන්න සැක සහිත ය. එහෙත් මේ ක්‍රමයට ගැමි අවුරුදු උත්සව ආක්‍රමණය කිරීමට ද අවස්‌ථාවක් ඇති බව අප අමතක නො කළ යුතු ය.
එසේ ම දැන් දැන් රටේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන අවුරුදු උත්සව ද වාණිජකරණයට ලක් ව ඇති බවක් පෙනේ. ඇතැම් අවුරුදු උත්සව යනු, පැහැදිලි ව ම වෙළෙඳ ආයතන අතර තරගයකි. බැලු බැලු අත පෙනෙන්නේ දැන්වීම් පුවරු ය. සියලු සැරසිලි දැන්වීම්වලින් යුක්‌ත ය. මේ දැන්වීම් කලාපයේ තැන් තැන්වල අවුරුදු ක්‍රීඩා හා වෙනත් අංග ක්‍රියාත්මක කරන ආකාරය දැකිය හැකි ය.
සංස්‌කෘතිය යනු, වෙනස් වන දෙයක් බැවින් අප මෙය උපේක්‌ෂාවෙන් බාර ගත යුතු බව ඇතැම් අයකු පැවසීමට ඉඩ තිබේ. එහෙත් එය එසේ ම ද? නැත. සංස්‌කෘතික උරුමයක් ඇති ජන වර්ගයක් ලෙස අප අපේ සංස්‌කෘතියට වැද්ද ගත යුත්තේ අපට ගැළපෙන දේ පමණකි. එවැනි වූ හර පද්ධතියක් අප සතු ව තිබේ. අප පෙර සඳහන් කළ පරිදි හෙළ ගී, හෙළ ක්‍රීඩා ආදිය පිළිබඳ සාකච්ඡා කරමින් ඒවායේ සංස්‌කෘතික උරුමය පිළිබඳ ව සාකච්ඡා කරමින් අවුරුද්ද යනු සංස්‌කෘතික මංගල්‍යයකැ'යි කියමින් සිට මඳ වේලාවකින් බටහිර ගීතවල තාලයට බටහිර ඇඳුම් ඇඳගෙන පැමිණෙන රූප සුන්දරියන් අතරින් අවුරුදු කුමරියක තේරීම සිංහල අලුත් අවුරුද්ද ද? ජනමාධ්‍ය ආයතනයකින් කළ පමණින් මෙය නිවැරැදි ද?
සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු අපේ සංස්‌කෘතියේ සියලු හර ඉවත් වී යන ආකාරය අප දෑත් බැඳගෙන හා මුව වසාගෙන බලා සිටිය යුතු නො වේ. එසේ වුව හොත් සමරන්නට සිදු වන්නේ 'සිංහල අලුත් අවුරුද්ද' ද යන ගැටලුව අපට ඇති වේ. මේ වාණිජකරණයෙන් හා සංස්‌කෘතිකමය ආක්‍රමණයෙන් සිංහල අවුරුද්දේ හරය ආරක්‌ෂා කර ගැනීම අභියෝගයක් විය හැකි ය. එහෙත් 'සිංහල අලුත් අවුරුද්ද' තවදුරටත් සිංහල සංස්‌කෘතික උළෙලක් වීමට නම් එය එසේ විය යුතු ය. මෙහි දී මේ වාණිජකරණය හා සංස්‌කෘතික ආක්‍රමණය සඳහා සෘජු ව දායක වී ඇති ජනමාධ්‍ය සතු විශාල වගකීමක් වේ. අවාසනාවකට මෙන් අපේ රටේ සමහර ජනමාධ්‍ය ආයතන තම වගකීම් නිසි ආකාරයෙන් ඉටු කරන්නේ ද යන්න පිළිතුරු දීම අනවශ්‍ය ප්‍රශ්නයක් බව අපේ අදහසයි.
Source: http://www.vidusara.com/2012/04/04/feature6.html

Subscribe to:
Posts (Atom)