Wednesday, November 14, 2012

විදුසර ආරම්භ කිරීමට මඟපෑදූ පසුබිම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 07-11-2012
http://www.vidusara.com/2012/11/07/viduindex.htm

මේ වර්ෂයේ නොවැම්බර් මස 4 වැනි දිනට විදුසර පුවත්පත ආරම්භ කර වසර 25ක්‌ සම්පූර්ණ විය. රිදී ජුබිලිය සමරන මේ අවස්‌ථාවේ දී එහි ආරම්භය පිළිබඳව යළි විමසා බැලීමට අප සිතුවේ, පුවත්පතක්‌ වසර විසි පහක්‌ පැවැතීම විශේෂ සිදුවීමක්‌ නිසා ම නො වේ. විදුසරේ ආරම්භය මෙරට විද්‍යා සන්නිවේදනයේ ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌ ද වන නිසා ය.

විදුසරේ ආරම්භය පිළිබඳව මින් ඉහත වරින් වර ලියැවී ඇති අතර ඉන් පුවත්පතේ ආරම්භය පිළිබඳ තොරතුරු රැසක්‌ හෙළි කර තිබේ. එහෙත් එවකට ශ්‍රී ලාංකේය සමාජයේ විද්‍යා සන්නිවේදනය සඳහා තිබූ අවශ්‍යතාව හා විද්‍යා සන්නිවේදනයේ තත්ත්වය කෙබඳු වී ද? විදුසර ආරම්භය සඳහා අවශ්‍ය පදනම සැකසෙන්නේ කෙසේ ද? මෙවැනි කරුණු පිළිබඳව විමසීමක්‌ සිදු කිරීම මේ ලිපියේ අරමුණ වේ.

මේ ලිපිය සැකසෙන්නේ මූලාශ්‍ර කිහිපයක්‌ මත පදනම් ව ය. විදුසරේ ආරම්භය පිළිබඳ ලියෑවුණු ලිපි, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික වාර්තා සහ 1985 සිට 1987 දක්‌වා කාලයේ මෙරට පුවත්පත් කිහිපයක (දිවයින, දි අයිලන්ඩ් හා ඩේලි නිව්ස්‌) පළ වූ පුවත් මේ සඳහා යොදාගත් ලිඛිත මූලාශ්‍ර වේ. එසේ ම විදුසරේ ආරම්භය සඳහා කැපී පෙනෙන දායකත්වයක්‌ දැක්‌වූ පුද්ගලයන් දෙදෙනකු සමඟ කළ සාකච්ඡාවලින් ලබාගත් තොරතුරු මීට විශේෂයෙන් පාදක කරගෙන තිබේ. මේ දෙදෙනා පිළිබඳව විදුසරට වසර දහයක්‌ සම්පූර්ණ වූ අවස්‌ථාවේ පළ වූ සංවත්සර කලාපයට (1997 නොවැම්බර් 5) එහි ආරම්භක කර්තෘ අනුර සිරිවර්ධන මහතා ලියූ ලිපියේ සඳහන් වේ. ඒ ආචාර්ය සුසන්ත ගුණතිලක හා ඡේම්ස්‌ එච්. ලැනරෝල් යන මහත්වරුන් ය. ආචාර්ය ගුණතිලක එවකට මහජන බැංකුවේ පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළේ ය. ඉංජිනේරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු පසු කලක වඩා ප්‍රකට වූයේ සමාජ විද්‍යාඥයකු වශයෙනි. වර්තමානයේ (2012) ඔහු ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ සභාපතිවරයා වේ. එවකට උපාලි පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂවරයා වූ ජේම්ස්‌ එච්. ලැනරෝල් මහතා අද වන විට විශ්‍රාම සුවයෙන් පසු වෙයි.

විද්‍යා සන්නිවේදනය හා විද්‍යාභිවර්ධන සංගමය


1980 දශකයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ විද්‍යා සන්නිවේදනය වර්ධනය වෙමින් පැවතිණි. දිනපතා හා සතිපතා පුවත්පත් සමහරක විද්‍යා පිටුවක්‌ දැකිය හැකි විය. මෙරට විද්‍යාඥයන්ගේ ඉහළතම ආයතනය සේ හැඳින්විය හැකි ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පාලක මණ්‌ඩලය, මහජනතාව වෙත නිවැරැදි විද්‍යාත්මක තොරතුරු සිංහල මෙන්ම දෙමළ භාෂා මාධ්‍යවලින් ද සන්නිවේදනය කිරීමේ වැදගත්කම පැහැදිලිව හඳුනාගෙන තිබිණි.

1986 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රධාන සභාපති තනතුර දැරූ ආචාර්ය සුසන්ත ගුණතිලක, විද්‍යා සන්නිවේදනය දියුණු කිරීම සඳහා විශේෂයෙන් මුල් වී ක්‍රියා කළ අයෙකි. ඒ වර්ෂය ඇතුළත සංගමය සිදු කළ කටයුතු විමසීමේ දී මේ කටයුතුවල සාර්ථකත්වය පෙනේ.

විද්‍යාභිවර්ධන සංගමය මෙරට ජනමාධ්‍ය ප්‍රධානීන් සමග, විද්‍යා සන්නිවේදනය පිළිබඳව පුළුල් සාකච්ඡාවක්‌ පවත්වන ලද්දේ මේ කාලයේ දී ය. ඊට එවකට මෙරට ක්‍රියාත්මක වූ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් බොහෝ දෙනකු සම්බන්ධ වී තිබේ. (ඒ කාලයේ මෙරට පැවැතියේ රජයට අයත් විද්‍යත්  මාධ්‍ය පමණක්‌ වූ අතර ප්‍රධාන පෙළේ මුද්‍රිත පුවත්පත් පැවතියේ ද අදට වඩා බොහෝ අඩු ප්‍රමාණයකි). ඒ සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවල විද්‍යා වාර්තාකරණයේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා කළ හැකි දේ පිළිබඳව සාකච්ඡා කිරීම ය. මේ සඳහා සම්බන්ධ වූ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතරින් උපාලි පුවත්පත් සමාගමේ ජේම්ස්‌ ලැනරෝල්, ලේක්‌හවුස්‌ ආයතනයේ රණපාල බෝධිනාගොඩ හා ජාතික රූපවාහිනියේ එම්. ජේ. පෙරේරා යන මහත්වරුන් ඒ ගැන විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ බව ආචාර්ය ගුණතිලක පවසයි. (විදුසර පුවත්පත එළිදක්‌වා මාස කිහිපකට පසු, එනම් 1988 ජූනි මාසයේ දී, 'විදුරැස' නමින් සතිපතා විද්‍යා පුවත්පතක්‌ ලේක්‌හවුස්‌ ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. පසුව එහි නම විදුනැණ ලෙස වෙනස්‌ කෙරිණි.)

විද්‍යා වාර්තාකරණයේ යෙදෙන හොඳ ම මාධ්‍ය සඳහා සම්මාන ලබා දීමේ වැඩපිළිවෙළක්‌ විද්‍යාභිවර්ධන සංගමය පළමුවරට 1986 වර්ෂයේ දී දියත් කළේ ය. මේ සඳහා යොදාගත් නිර්ණායක අතර නිවැරැදිව විද්‍යා පුවත් පළ කිරීම, දේශීය විද්‍යා පුවත් පළ කිරීම වැනි කරුණු සඳහා මුල් තැනක්‌ දී තිබිණි. ඒ අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් විද්‍යා පුවත් හා විද්‍යා ලිපි පළ කරන හොඳ ම පුවත්පත් සඳහා සම්මාන ලබා දී තිබේ. ඒ වර්ෂයේ හොඳ ම සිංහල පුවත්පත සේ සම්මාන ලැබුවේ උපාලි පුවත්පත් සමාගමේ 'දිවයින' පුවත්පත ය. විදුසරේ ආරම්භක කර්තෘවරයා වූ අනුර සිරිවර්ධන මහතා ඒ වන විට සේවය කළේ ද දිවයින පුවත්පතේ වන අතර, ඒ මහතා අතින් දිවයින විද්‍යා පිටුව සංස්‌කරණය විය. (දිවයින 1986-12-08 හා 1986-12-08, ද අයිලන්ඩ්, 1986-12-08).

යුනෙස්‌කෝ සංවිධානය හා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය එක්‌ ව විද්‍යා සන්නිවේදකයන් සඳහා වූ පුහුණු වැඩසටහනක්‌ 1986 වර්ෂයේ දෙසැම්බර් මස 15-19 අතර පවත්වන ලදි. 'විද්‍යා මාධ්‍යවේදීන් සඳහා වූ ජාතික වැඩමුළුව' (National Workshop for Science Journalists) නම් මේ වැඩමුළුවට දේශීය විද්‍යාඥයන් රැසක්‌ මෙන්ම විදේශීය නියෝජිතයන් කිහිප දෙනකු ද සම්බන්ධ වී ඇත. මෙරට විද්‍යා සන්නිවේදනය ළදරු අවධියක පවත්නා නිසා එවැනි වැඩමුළුවක්‌ අත්‍යවශ්‍ය වූ බව එය අමතමින් ආචාර්ය සුසන්ත ගුණතිලක පැවසී ය. යුනෙස්‌කෝවේ නිත්‍ය නියෝජිත ආචාර්ය රාජ් බන්ඩාරි, ප්‍රකට විද්‍යා ලේඛකයන් වූ ආචාර්ය එස්‌. රාමචන්ද්‍ර හා ආචාර්ය ශයිවත්නා කුප්‍රටුකුලා මේ වැඩසටහනට සහභාගි වූවන් අතර වූ හ. වෙනත් රටවල අනුගමනය කරනු ලබන ආකෘති පදනම් කර නො ගෙන, තමන් ගේ ම වූ විද්‍යා වාර්තාකරණ ක්‍රමයක්‌ හා සංස්‌කෘතියක්‌ ශ්‍රී ලංකාව ඇති කර ගත යුතු බව මෙහි දී ඇති වූ පොදු එකඟතාවකි. ඊට හේතුව වන්නේ මෙරට ජනතාව අතර පැවැති ඉහළ සාක්‌ෂරතාවයි. මේ වැඩමුළුව සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික වාර්තාවේ ද දැක්‌වේ.

මෙරට විද්‍යා වාර්තාකරණයේ වර්ධනය සඳහා බලපෑ තවත් වැඩසටහනක්‌ 1985 වර්ෂයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිත ව දියත් වී ඇත. ඒ අනුව විද්‍යාඥයන් හා මාධ්‍යවේදීන් අතර මාසිකව හමුවීම් සංවිධානය කර ඇති අතර මේ කාලය තුළ විද්‍යා මාධ්‍යවේදීන් ගේ ශ්‍රී ලංකා සංගමය (Sri Lanka Association of Science Journalists) නම් සංගමය ද බිහි වී ඇති බව පෙනේ. (ද අයිලන්ඩ්, 1986-12-18 හා ඩේලි නිව්ස්‌ 1986-12-23)

1987 වර්ෂයේ දී විදුසර බිහි වන්නේ මෙවැනි පසුබිමක්‌ යටතේ ය.

විදුසරේ ආකෘතිය සැකසීම

උපාලි පුවත්පත් සමාගම විද්‍යා පුවත්පතක්‌ පළ කිරීම සඳහා තීරණය කළ අවස්‌ථාවේ දී ඒ සඳහා වූ ආකෘතියක්‌ සකස්‌ කිරීම සඳහා ආචාර්ය සුසන්තා ගුණතිලක, ජේම්ස්‌ ලැනරෝල් හා එඩ්මන්ඩ් රණසිංහ (එවකට උපාලි පුවත්පත් සමාගමේ ප්‍රධාන කර්තෘ) යන මහත්වරුන් සම්බන්ධ වූ බව ඊට සම්බන්ධ වූ අනුර සිරිවර්ධන මහතා සඳහන් කර තිබේ. (විදුසර, 1997-11-05). විදුසර පුවත්පතේ ආකෘතිය සඳහා ආචාර්ය සුසන්ත ගුණතිලක විසින් යෝජනා කරන ලද්දේ ඔහු විසින් 1970 දශකයේ මැද භාගයේ දී ආරම්භ කරන ලද, මහජන බැංකුව මගින් ප්‍රකාශයට පත් කරන 'ආර්ථික විමසුම' සඟරාවයි. ඒ අනුව පුවත්පතට කාණ්‌ඩ තුනක ලිපි අන්තර්ගත විය යුතු විය. ඒවා නම්, සාමාන්‍ය ජනතාව ඉලක්‌ක කරගත් ලිපි, විද්‍යා පුවත් වාර්තා හා වඩා ඉහළ විද්‍යාත්මක ලිපි ය. එසේ ම පොදුවේ ගත් කල පුවත්පත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මට්‌ටමේ සිට ඉහළ පාඨක පිරිසක්‌ ඉලක්‌ක කරගත යුතු බවට ද එකඟතාවක්‌ විය.

1987 වර්ෂයේ මැදභාගයේ දී විදුසර පුවත්පත ආරම්භ කිරීමට තීරණය කිරීමේ දී උපාලි පුවත්පත් සමාගම අරමුණු තුනක්‌ හඳුනාගෙන තිබූ බව එවකට සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂවරයා ව සිටි ජේම්ස්‌ එච්. ලැනරෝල් මහතා පවසයි.

ඉන් පළමුවැන්න වූයේ පුවත්පත අතිරේක අධ්‍යාපන මාධ්‍යයක්‌ ලෙස භාවිත කළ හැකි වීම ය. උපකාරක පංති වර්ධනය වෙමින් පැවැති ඒ කාලයේ, ඒ පහසුකම් නොමැති දුෂ්කර පළාත්වල සිසු සිසුවියන් සඳහා මෙවැනි පුවත්පතකින් සැලකිය යුතු මෙහෙයක්‌ කළ හැකි බව පැහැදිලි විය. ඒ අනුව පාසල් විෂයමාලාවට අදාළව ලිපි මාලා පළ කිරීම විදුසර ආරම්භයේ පටන් ම සිදු කර ඇත. දෙවැනි අරමුණ වූයේ වැඩි වශයෙන් ඉංග්‍රීසි බසින් ඇති විද්‍යාත්මක දැනුම සිංහල භාෂාවෙන් ජනතාව අතරට ගෙන යැම ය. ශ්‍රී ලංකාවේ සාක්‌ෂරතාව ඉහළ වූ බැවින් විද්‍යාත්මක දැනුම වැඩි පිරිසකට ලබා දීමට මෙය යෝග්‍ය පියවරක්‌ විය. තෙවැනි අරමුණ වූයේ ඕනෑ ම අයකුට එදිනෙදා ජීවිතයේ දී ප්‍රායෝගිකව යොදාගත හැකි විද්‍යා දැනුම ලබා දීම ය. නිදසුනක්‌ ලෙස කෘෂිකාර්මික දැනුම දැක්‌වීමට පුළුවන.

මේ අනුව විදුසර සම්බන්ධ කටයුතු ආයතනික මට්‌ටමින් 1987 ජුලි මාසයේ දී ආරම්භ වූ අතර, ඊට සම්බන්ධ වූ කර්තෘ මාණ්‌ඩලිකයන්, ලේඛකයන් හා වෙනත් පිරිස්‌ පිළිබඳ වත් ඔවුන් ගේ දායකත්වයත් අනුර සිරිවර්ධන මහතා ගේ පෙර සඳහන් ලිපියෙහි සවිස්‌තරව දක්‌වා ඇත. මේ සියලු දෙනා ගේ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස 1987 නොවැම්බර් මස 4 වැනි දා විදුසර පළමු කලාපය එළිදක්‌වන ලදි. කෙටි කාලයක්‌ ඇතුළත විශාල පිටපත් ගණනක්‌ අලෙවි වන පුවත්පතක්‌ බවට පත් වීමට විදුසරට හැකියාව ලැබිණි. දකුණු ආසියාවේ ඉංග්‍රීසි නො වන භාෂාවකින් පළ වන විද්‍යා පුවත්පත් අතර වැඩි ම අලෙවිය තිබූ පුවත්පත බවට විදුසර පත් වීම ඊට සාධකයකි.

(විදුසරට ජගත් පරිසර විමසුම නමින් සතිපතා විචාරාත්මක පරිසර පිටුවක්‌ සපයන ලේඛකයා නිදහස්‌ විද්‍යා ලේඛකයකු, පරිසරවේදියකු හා ස්‌වාධීන පර්යේෂකයකු ලෙස කටයුතු කරන්නෙකි.)

http://www.vidusara.com/2012/11/07/viduindex.htm

A different zoo and a village of culture at Hyderabad

Dhanesh Wisumperuma

The Nation, 11-11-2012, Undo p. 4-5
http://www.nation.lk/edition/undo/item/12328-a-different-zoo-and-a-village-of-culture-at-hyderabad.html






Hyderabad is a city with multiple attractions, where a visitor may struggle to decide what to see and where to visit. I am intended to write on two interesting places which I was able to visit during my short stay in Hyderabad – mainly due to the special characters I saw there. Those are the Nehru Zoological Park, a zoo beyond a regular one we know and the Shilparamam, the arts and crafts village depicting India.

Animal-friendly zoo

The Nehru Zoological Park, which is also known as the Hyderabad Zoo, is situated at an spacious location in the southern part of the city, adjacent to the Mir Alam Tank, a man made reservoir. The zoo covers an area of about 380 acres and is often mentioned as one of the largest in India. It was established between 1959 and 1963 and opened in 1963 and named after Jawaharlal Nehru.

The most important feature of the zoo is its spacious nature. Since it is a well-planned zoo, the animals are provided with ample space. Many of the animals are kept in open spaces encircled by short walls of about a meter in height. There is a ditch between the wall and the animal. The trees were maintained without overhanging branches in case of arboreal animals like the monkeys and apes. The area where the animals are kept was mostly covered with trees and grass thus providing a shade for the animal. A manmade cave like hide is available for the animals at a corner of their compound. A very few of the animals are caged, i.e. the birds, reptiles, etc. Even some of the nocturnal animals like the loris are kept in an open ‘room’ inside the darkened nocturnal house.

For instance, the elephants have an area that is about 30 acres to roam freely. There are shelters for elephants, which are not accessible to the normal visitor. Some of the elephants in these shelters are released to this space in rotation and they could wander freely in the space and feed on the vegetation. However, an officer of the zoo said us that they provide the elephants with food as the amount of food required by an elephant are large.
The authorities have taken steps to consider the requirements of the animals very cautiously. For instance, the rhinoceros was kept in a large compound, where there are different pools – one with water and another with mud.
With the increased space for the animals, the stress among these captive animals may be reduced and can increase the lifetime of the animals. The arrangement of the zoo is visitor friendly. Almost all animals are kept in such a setting provides an important aspect as the visitors are able to see the animals at their eye-level. This facilitates the observation of the animals and thus increases the educational value of the zoo.

Another attraction in the park is the Jurassic Park. It contains large models of the animals that lived during the Jurassic Era – the dinosaurs. They are labeled with adequate information for the visitor and the landscape is arranged to resemble or mimic the plant life of that period. It seemed to be an attraction among the visitors. The reptile enclosure and the nocturnal house are among other sections visited by most.

There is a safari park where lions and tigers are living freely and visitors take a tour by bus, just like a safari available in a sanctuary or a national park. The vegetation is bit dense in the area and the spotting of animals is little difficult and is like in the natural environment. According to the staff, although there are some herbivores living in the safari area, the tigers and lions are not feeding on them and food for them is provided. It seems that their interest in hunting had been reduced, or they have adapted for the ‘free meal!’

Another interesting feature of the zoo is the transportation within the zoo - battery operated eco-friendly vehicles and a train service is available within the zoo. Wide road network and the park like appearance ease the visitor. Although we spent half a day, I did not felt tired. It was mainly due to the spacious nature and the landscape that provided shade and green. It was a relieved tour, which I never experienced in a Sri Lanka’s zoo. Although the number of the animal species seen at the Nehru zoo is below what you can see in another zoo, it is a friendly place for animals and visitors. I experienced the difference
As we are aware, there are other zoological gardens being planned and built in Sri Lanka, the Nehru Zoological Park of Hyderabad can provide guidance. We were fascinated to hear that there are occasional visits by Sri Lankan authorities. If zoos are required (I think so, for the educational use), it should be more animal friendly.

Website: www.hyderabadzoo.in

Colorful village in the city

A venue encircled by a mud colored low wall with a white pattern on it attracted our attention towards it. There were no multistory buildings in the site and tree cover could be seen on the premises which are situated in the middle of the Hi-tech city area of the town, the main industrial and business area of the city – the IT hub. It looked calm and was similar to a park or a recreational area within the busy city. On inquiry I found that it was called ‘Shilparamam’, meaning literary ‘home for the crafts’, the arts, crafts and cultural village in Hyderabad. It is often mentioned as a showcase of India’s cultural heritage.

Shilparamam was established in 1992 by the Government of Andhra Pradesh. It expands to 65 acres and is maintained by the Ministry of Tourism. In short, Shilparamam contains of multiple ventures: it is a permanent exhibition of arts, crafts and lifestyles of people; a sales centre of crafts and arts, a recreation venue for the people, a park and an open stage, etc. I had the opportunity visit it twice and take this opportunity to describe at a least few aspects of the many aspects of arts, crafts and culture of India.

A large area is dedicated to display permanent life sized models of how the traditional lives of people in the country are. The livelihoods, rituals and day-to-day events associated with the culture and crafts are presented in the relevant background. These included the potter house, village artisans, tribal lifestyles, kalahasti wood carving, cherial painting are among the most interested. Various cultural events such as sankranti festival, tulsi pooja and day-to-day life events of the people like the scene of village bazaar are present. These models are self-explanatory and one can understand how traditional arts and crafts function in rural areas. It is actually a cultural show!
While walking around the premises, I suddenly saw a Buddha statue on a lotus pedestal. There were two Buddha statues in fact. It was at the ‘Sculpture Park’ where a collection of various sculptures are displayed. The most interesting was the materials used to make those pieces of art. Some were made out of granite and some seemed to be of plaster, but there was a material rarely used for this type of artwork. Some of the sculptures were made out of welding scrap metal like parts of vehicles, equipment and waste metal pieces, which are otherwise usually dumped. The themes of these sculptures varies largely and included plants, animals, equipment as well as conceptual representations. The artist’s name is also displayed along with the sculpture and the park seemed to be a new addition to the park and opened in September 2012. I noticed that similar sculpture of metal pieces even within the Hyderabad City – it resembles that that the city is more industrial.



There was a unique exhibition of traditional breeds of oxen held at Shilparamam in parallel to the International Biodiversity Summit held in Hyderabad. We were able to see about 23 breeds of the varieties found in India. This rich livestock diversity is somewhat threatened at global level, due to the introduction of developed varieties of animals and it was a topic of discussion during the summit.
There was an area allocated for stalls selling various items, pearl and other jewelry, cloths, craft items, ornamental items, toys and as well as food. Most of these were made by the local people and it was a direct marketing facility for the producers.

The premises is beautifully landscaped and provided shaded avenues for people to walk without being tired in the daytime. Various types of plants are seen used to beautify the environment and some sections are still under improvement. The large and small rocks and mountainous landscape are used as attractive features of the location. Many of the stalls as well as the administrative buildings inside Shilparamam are designed to suit the park. The venue also provided a variety of entertainment facilities for the visitor – shaded avenues, the tank with boating facilities, party venues and the open theater are among those.

A fairly a large crowd both local and foreign gathers at this place escaping their urban lifestyle. The Shiparamam looked like a very different place. It is a must at Hyderabad. Details about the village could be found on www.shilparamam.org, its official website.

http://www.nation.lk/edition/undo/item/12328-a-different-zoo-and-a-village-of-culture-at-hyderabad.html


Sunday, November 4, 2012

Hyderabad The city, people and life

Text and pics by Dhanesh Wisumperuma

The Nation, 04-11-2012, p.  (Fine)
http://www.nation.lk/edition/fine/item/12080-hyderabad-the-city-people-and-life.html 




The City of Pearls and City of Nizams are the epithets for Hyderabad, which is the capital of Andhra Pradesh, a state in South India. Hyderabad and Andhra Pradesh are not well known among the Sri Lankans today, but this was not the case in the past. For instance, the Pallavas who reigned parts of present Andhra Pradesh during the first millennium CE had a significant influence on Sri Lanka. Also, the common Sinhala phrase, ‘andara demala’ used to denote unclear statements, means the ‘Tamil language of Andhra’. This could have originated when the Sinhalese were confronted with Telugu, somewhat similar, but different from Tamil. Telugu is a language spoken in present Andhra Pradesh and surrounding areas.

However, Hyderabad or other sites of Andhra Pradesh (except a few archaeologically important areas like Nagarjunakoda and Amaravati) are not major attractions for the ordinary Sri Lankan visitors. Universities and institutions of Hyderabad have attracted a lot of Sri Lankan students.

City and surrounding


Hyderabad is situated in the northern part of Deccan Plateau at a moderate altitude of 500 meters which makes the city somewhat cooler despite the dry and arid climate of the area. The city is about 650 square kilometers in size, which is slightly larger than the entire Colombo District, and it is among the largest cities in India by population. The city has expanded recently in area as well as of population with the rapid development seen during the last two decades.


A characteristic feature for a visitor to Hyderabad is the landscape with rocks even within the city, mainly in the western side. The city’s landscape and topography is mentioned as a sloping rocky terrain of grey and pink granites and small hillocks are scattered throughout. It seems the multi-story buildings – companies, factories and apartments – are being developed keeping at least some rocks intact. It does add an uncanny beauty to the city, while it also helps to reduce the eyesore of concrete high-rises. It was strange for a Sri Lankan, as the Sri Lankan definition of urban development is to clear all such ‘obstructions’! Some of these rocks are actually protected under state laws. Later I found that this was partly a result of a people’s campaign to save this spectacular landscape, where the ‘Society to Save Rocks’ (www.saverocks.org) played a key role. This type of an initiative may suit Sri Lanka to protect at least the historical rocks, some of which are being destroyed just for granite.

Hyderabad city is full of urban features. The western quarter of the city is still being developed and skyscrapers of more than 20 to 30 stories are a common sight. Some of these can be termed as architectural masterpieces. Wide roads and elevated highways connect parts of the city, while toll roads connect the city with the other large cities. A large population of the poor still live in shanties within the city and sometimes in the close proximity of the high-rises. A short visit to the old city area, where most of the state agencies and foreign organizations as well as businesses are located, indicated that the situation there may be better than that of the western quarter.

The IT industry is centered in the area known as ‘Cyberabad’. Andhra Pradesh was famous for cigarettes and textile in the past, but today it is well known for its IT industry, pharmaceutical industry and as a center of education. Many of world’s leading IT companies have established branches in Hyderabad. A large workforce consisting of young crowds from various parts of India works here. The area is full of ‘Men’s Hostels’, ‘Women’s Hostels’, ‘Working Girls’ Hostels’ and apartments. Parts of the city are busy and alive until about 11 pm due to the crowds. Girls and women walking the streets even at late hours is a common sight.

City’s history

The present city of Hyderabad was established in 1591 by Muhammad Quli Qutb Shah and it became a part of the Mughal kingdom after 1687. Nizam-ul-Mulk, who founded the dynasty of Nizams of Hyderabad, made the city capital of the princely state of Hyderabad in 1724, which continued to exist as an independent state with the agreements first with the French and later the British. Nizam’s agreement with the British in 1798 placed his country under the protection of the British, but retained independency in internal matters. When India became an independent nation in 1947, Nizam wanted to keep Hyderabad as an independent state, but India insisted it to join the Indian nation. Indian forces invaded Hyderabad in 1948 and it was annexed to India. Hyderabad became the capital of the newly formed state of Andhra Pradesh in 1956.

Although the city has a short history, there are a number of historical monuments in the city, mostly around the old city in the eastern side. The list is somewhat lengthy, but a few such sites must be mentioned - the Charminar, Golconda Fort, Birla Mandir, Mecca Musjid, some museums and the large reservoirs known as Sagars like the famous Hussain Sagar.

The Charminar, located in the old city of Hyderabad, is a monument built by the founder of the city. It is a masterpiece of the Indo-Saracenic style of architecture with four minarets and four connecting arches. It is situated in the heart of a crowded city, with various types of merchants selling a variety of items including pearls, for which the city is famous.

The population of Hyderabad is multi-ethnic and multi-religious. Telugu and Marathi are the major ethnic groups and the main religions are Hindu and Islam. There are a large number of minority ethnic groups and minority religions. The first official language is Telugu, and Urdu is the second official language of the State. Hindi is also spoken and many people can understand English.

Food and beverage

Food and beverage of Hyderabad are noteworthy. Among the various foods available in Hyderabad, Hyderabadi Biryani is specific and indigenous to the city. It is made of Basmati rice and mostly chicken, although originally it was made of lamb mutton. It is beautifully garnished with pudina, fried onion and boiled egg. It is said that it is a combination of Mughal and Andhra cuisines and practised by the Nizams. It has a distinct aroma. It is served mostly with side dishes such as dahi-ki-chutney (a dish made of whipped yoghurt or curd, chopped green chilli, onions and mint and served in a small bucket) and mirchi-ka-salan (dish made of chilli and peanuts).

The Hyderabadi tea, offered at normal hotels, is quite different from a cup of tea offered in Sri Lanka. It is about a half of the usual cup of tea one is offered in Sri Lanka. However, the price is also half of its Sri Lankan counterpart. It was extremely bitter with an excess of tea and is able to provide the stimulus required from a cup of tea. It takes a Sri Lankan at least two weeks to adapt to it.

Judging from some of the price-marked commodities one can deduce that prices are higher than in Sri Lanka. For instance, an anti-bacterial soap available in Sri Lanka for Rs.40 is priced at 20 Indian Rupees in Hyderabad – about 50 Sri Lankan rupees.

Transport


As in Sri Lanka, three-wheeler fares varied largely on the appearance of the passenger and language he or she speaks. Three-wheeler drivers hang around bus stands calling out names of various cities ‘Kondapur’, ‘Madhapur’, in an attempt to coax potential passengers. They proceed when they gather at least eight people for a three-wheeler, four or five at the back and at least three in front excluding the driver. Some take about 12 to 13 people where some are forced to sit on the lap of fellow passengers.

The main mode of transport is bus, under the purview of the Andhra Pradesh State Road Transport Corporation (APSRTC), the state-owned passenger transport service. This is said to be the largest fleet of busses in the world in terms of commuters, carrying 13 million passengers a day. Buses are common and one doesn’t have to wait long to get a bus. However, getting into a bus is not easy, as these buses stop at the middle of the road. People wait for buses on the road, while there is a bus stop behind them, while the buses slowdown giving the passengers a chance to get in. It is not an easy task for the disabled and the ladies. One could not understand whether the crowds were in the middle of the road because the buses refused to stop at the bus stop or the buses didn’t stop at the bus stop because the people refused to wait there.

First four or five rows of the bus on both sides are reserved for women, marked in Telugu or English or in graphic form. A seat or two are allocated for ‘Senior Citizens’ and ‘PHC’ (Physically Handicapped Citizens). The normal practice is for a man to give the seats reserved for ladies, when a woman gets in to the bus. However, some men simply refused to give the seat to women.

Motorcycles are also a common mode of transport. Although helmets are required, riders are seldom seen wearing helmets. When in Hyderabad, the single most important matter a pedestrian has to keep in mind is to cross the road without meeting with an accident. No vehicle had any intention of stopping although there were people waiting to cross the road. The act of crossing the road is considered solely the business of pedestrians. Vehicles slow down rather than stop and people had to cross as soon as possible. It is risky for those of us uninitiated in the ‘system’ of the city.

Sri Lanka

Sri Lankans may not look like outsiders until we speak with them. Many of the city dwellers knew of Sri Lanka. Some of them were aware of the ‘terrorist problem’ which prevailed in Sri Lanka and the provocative acts by Tamil Nadu politicians. A police officer, who said that he was in the security squad of the Sri Lankan cricket team, was very supportive. Meanwhile, kottu roti was showcased in an exhibition of food diversity, as a Sri Lankan cuisine.

http://www.nation.lk/edition/fine/item/12080-hyderabad-the-city-people-and-life.html

Saturday, November 3, 2012

ජගත් පරිසර විමසුම 147 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-10-31, පි. 11
http://www.vidusara.com/2012/10/31/feature3.html

විමසුම - කාර්මික රටවලින් ඈත් වන න්‍යෂ්ටික බලය දියුණු වන රටවලට
ප්‍රමුඛ පුවත - ෆුකුෂිමා ඛේදවාචකයේ ප්‍රතිඵල තවමත්
පුවත් සැකෙවින් - හයිනාවන් හා මිනිසුන් අතර අපූරු 'සහජීවනය'/ ප්‍රවේණික අවදානමක ඇති දුර්ලභ ම බල්ලන්/ ලෝක බලශක්‌ති සංසද සමුළුව


විමසුම
කාර්මික රටවලින් ඈත් වන න්‍යෂ්ටික බලය දියුණු වන රටවලට

විදුලිබල ප්‍රභවයක්‌ ලෙස න්‍යෂ්ටික බලය යොදාගැනීම පිළිබඳව ලෝකයේ ඇති අවධානයේ යම් යම් වෙනස්‌වීම් ඇති වීම ආරම්භ වූයේ 2011 වර්ෂයේ මුල් භාගයේ දී ජපානයේ පිහිටා තිබූ ෆුකුෂිමා බලාගාරයේ ඇති වූ අනතුරින් පසුව ය. ඒ නිසා න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති වූ විරෝධයත්, ඊට ලෝකයේ රටවල් දැක්‌වූ ප්‍රතිචාරයත් ඔස්‌සේ න්‍යෂ්ටික බලයේ යම් වර්ධනයක්‌ ඇති විය හැකි බවත් අපි මින් පෙර පරිසර විමසුම ඔස්‌සේ සාකච්ඡා කළෙමු.

මේ වන විට දැකිය හැකි ආකාරයට න්‍යෂ්ටික බලය භාවිතය දියුණු රටවල යම් ප්‍රමාණයකට අඩු වෙමින් ඇතත්, ඇතැම් දියුණු වන රටවල් මේ බලශක්‌ති ප්‍රභවය කෙරෙහි අවධානය යොමු කිරීමට පෙලැඹී ඇති බව මෑත දී ක්‌ෂේත්‍රයේ ඇති වී තිබෙන ප්‍රවණතා අනුව පෙනේ. මේ ඒ පිළිබඳව කරන විමසුමකි.

කාර්මික රටවල් න්‍යෂ්ටික බලයෙන් ඈත් වීම

න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති වූ අවිනිශ්චිත තත්ත්වය හමුවේ දියුණු කාර්මික රටවල් රැසක්‌ ම ක්‌ෂණිකව හෝ ක්‍රමයෙන් ඉන් ඈත් වීමට තීරණය කර ඇත. ජර්මනිය, බෙල්ජියම හා ඉතාලිය මෙවැනි තීරණයක්‌ ගත් පළමු රටවල් අතර වේ. න්‍යෂ්ටික බලයට දැඩි සහයෝගයක්‌ දැක්‌වූ ප්‍රංශයේ නව නායකත්වය ද එරට න්‍යෂ්ටික බල ධාරිතාව අඩු කිරීමට තීරණය කර තිබේ. ජපානය ද 2040 වන විට න්‍යෂ්ටික බලයෙන් විදුලිය ලබාගැනීම අවසන් කිරීමට තීරණය කර ඇත.

මේ අතර න්‍යෂ්ටික බලාගාර තනන සමාගම්වලට ඒ රටවල ආණ්‌ඩුවල සහයෝගය නොමැති වීම නිසා නව බාලාගාර තැනීම ද ගැටලුසහගත වී තිබේ. නිදසුනක්‌ ලෙස බ්‍රිතාන්‍යයේ නව න්‍යෂ්ටික බලාගාර තැනීම අර්බුදයකට ලක්‌ ව ඇත්තේ මෙවැනි හේතුවක්‌ නිසා ය.

න්‍යෂ්ටික බලය පිළිබඳ ඇති මේ අර්බුදය නිසා න්‍යෂ්ටික බලාගාරවල යොදාගන්නා ප්‍රධාන ඉන්ධනය වන යුරේනියම්වල මිල පහළ වැටී තිබේ. 2007 වර්ෂයේ දී ඩොලර් 138ක්‌ වූ යුරේනියම් රාත්තලක මිල මේ වන විට ඩොලර් 44ක්‌ පමණ දක්‌වා අඩු වී ඇත. මේ මිල පහළ යැම නිසා ඇතැම් සමාගම්, යුරේනියම් කැණීම හා නව පතල් ව්‍යාපෘති ආරම්භ කිරීම නවතා දමා ඇත.

කෙසේ වෙතත් බටහිර කාර්මික රටවල න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති උනන්දුව අඩු වෙමින් ඇතත්, දියුණු වන රටවල එය වර්ධනය වෙමින් ඇති බවක්‌ දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස ඉන්දියාව හා චීනය න්‍යෂ්ටික බලය ගැන උනන්දුවක්‌ දක්‌වයි. මේ සම`ග යුරේනියම් කර්මාන්තය සඳහා යළි යහපත් කාලයක්‌ උදා විය හැකි බව න්‍යෂ්ටික බලශක්‌ති කර්මාන්තයේ යෙදෙන පිsරිස්‌ ද අපේක්‌ෂා කරති.

දියුණු වන රටවල අවධානය


න්‍යෂ්ටික බලශක්‌තිය පිළිබඳව වැඩි උනන්දුවක්‌ දක්‌වන දියුණු වන රටවල් අතර වේගවත් වර්ධනයක්‌ සහිත BRIC රටවල් විශේෂ ය. මේ වන විට ලෝකයේ ඉදි වෙමින් පවත්නා න්‍යෂ්ටික බලාගාර අතරින් සියයට 69%ක්‌ පමණ ඇත්තේ මේ රටවල ය. ඉන් රුසියාව හැර අනෙක්‌ රටවල් තුන වන බ්‍රසීලය, ඉන්දියාව හා චීනය දියුණුවන රටවල් ය.

මේ අතරින් ඉන්දියාව න්‍යෂ්ටික බලය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන්නේ එරට පවත්නා බලශක්‌ති අර්බුදය නිසා ය. මෑත කාලයේ එරට ඇති වූ ශීඝ්‍ර වර්ධනය සඳහා එරට විදුලි සැපයුම ප්‍රමාණවත් නො වන බැවින් රටේ ඇතැම් ප්‍රදේශවල පැය කිහිපයක විදුලි කප්පාදුවක්‌ ක්‍රියාත්මක වේ. න්‍යෂ්ටික බලය මීට විසඳුමක්‌ ලෙස සලකන ඉන්දියාවේ ඉලක්‌කය වන්නේ 2050 වර්ෂය වන විට එරට විදුලි සැපයුමෙන් 50%ක්‌ න්‍යෂ්ටික බලයෙන් ලබා ගැනීම ය. (එය මේ වන විට එය 4%ටත් අඩු ය.) එහෙත් මේ පිළිබඳව ඉන්දියාවේ සිවිල් හා පාරිසරික ක්‍රියාකාරීන් අතර පවතින්නේ දැඩි විරෝධයකි. නිදසුනක්‌ ලෙස තමිල්නාඩුවේ ඉදි කෙරෙමින් පවත්නා කූඩාන්කුලම් න්‍යෂ්ටික බලාගාරය දැක්‌විය හැකි ය.

මේ අතර ජපානයේ ඇති වූ අනතුරින් පසුව තාවකාලිකව නවතා දමා තිබූ චීනයේ න්‍යෂ්ටික බලාගාර සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට අදහස්‌ කර ඇති බව මෑත දී වාර්තා විය. චීනයේ අපේක්‌ෂාව 2020 වර්ෂය වන විට එරට බලශක්‌ති අවශ්‍යතාවෙන් 5%ක්‌ න්‍යෂ්ටික බලයෙන් ලබාගැනීම ය. දැනට එහි න්‍යෂ්ටික බලයෙන් සැපයෙන්නේ 2%ක්‌ පමණි.

කෙසේ වෙතත් දියුණු වන රටවල න්‍යෂ්ටික බලාගාර පිළිබඳව ඒ රටවල බලධාරීන් මෙන්ම සිවිල් හා පාරිසරික ක්‍රියාකාරිකයන් වැඩි වශයෙන් සැලකිලිමත් වීම වැදගත් ය. එයට හේතුව නම්, මේ රටවල යොදාගෙන ඇති තාක්‌ෂණය ඉහළ විය හැකි වුවත්, අනතුරක දී ක්‍රියාත්මක වන ක්‍රියාපටිපාටිය හා න්‍යෂ්ටික ආරක්‌ෂාව පිළිබඳව ගැටලු ඇති නිසා ය. විශේෂයෙන් ජනතාව මෙවැනි අවදානමක්‌ පිළිබඳව දැනුම්වත් කිරීම හා එවැනි අවස්‌ථා සඳහා යම් ක්‍රමානුකූල වැඩපිළිවෙළක්‌ යෙදීම වැදගත් වේ.

ප්‍රමුඛ පුවත
ෆුකුෂිමා ඛේදවාචකයේ ප්‍රතිඵල තවමත්

ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ 2011 වර්ෂයේ දී ඇති වූ න්‍යෂ්ටික අනතුරට හේතු වූ බලාගාරය මේ වන විට වසා දමා ඇතත්, අනතුරෙන් ඇති වූ විකිරණ කාන්දුවේ බලපෑම් තවමත් අවසන් ව නොමැති බව හඟවන අධ්‍යයන වාර්තාවක්‌ පසුගිය දා නිකුත් විය.

එහි දී හෙළි වී ඇති පරිදි ජපානයේ නැඟෙනහිර වෙරළ තීරයේ ෆුකුෂිමා ප්‍රදේශයට ආසන්න ව අල්ලාගන්නා මසුන් ගේ ශරීරවල විකිරණශීලීතාව අධික බැවින් ආහාරයට ගැනීමට නො හැකි තරම් විෂ සහිත වේ. ප්‍රමාණවත්ව දක්‌වන්නේ නම්, ෆුකුෂිමා ප්‍රදේශයෙන් අල්ලාගන්නා මසුන් අතරින් 40%ක්‌ පමණ තවමත් මිනිස්‌ පරිභෝජනය සඳහා යෝග්‍ය නො වේ. මේ තත්ත්වයට වැඩි වශයෙන් ලක්‌ ව ඇත්තේ විශාල මසුන් හා පත්ලේ වාසය කරන ජීවීන් ය.

මසුන් ගේ ශරීර පටකවල සීසියම් සමස්‌ථානික වැඩි කාලයක්‌ නො පවතින බව දක්‌වන අදාළ වාර්තාව, ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරෙන් වසර එක හමාරක පමණ කාලයකට පසුව වුවත් විකිරණශීලී ද්‍රව්‍ය තවමත් පරිසරයට එක්‌වන බව පවසයි. අදාළ බලාගාරයෙන් මේ වන විට විකිරණ පරිසරයට නිකුත් නො වන්නේ නම් එසේ සිදු වන්නේ කෙසේ ද? මේ පිළිබඳව දක්‌වා ඇති හේතු අනුව විෂ සහිත භූගත ජලය අදාළ ප්‍රදේශයේ සිට තවමත් සාගරයට එක්‌ වීම හෝ මුහුදේ තැන්පත් ව ඇති අවසාදිතවල තිබෙන විකිරණශීලී බව මීට හේතු විය හැකි ය.

කෙසේ වෙතත් මේ අනුව පෙනෙන්නේ ඇතැම් විට තවත් දශකයක්‌ පමණ කාලයක්‌ යනතුරු මේ ප්‍රදේශයේ මසුන් ආහාරයට ගැනීමට යෝග්‍ය නො වන බව ය. එසේ ම මේ තත්ත්වය නිසා අදාළ ප්‍රදේශය වසර හෝ දශක ගණනාවක්‌ නිරීක්‌ෂණය කිරීමට ද සිදු විය හැකි ය. මෙය වැදගත් වන්නේ ජපාන වැසියන් ගේ ආහාර වේලෙහි මත්ස්‍ය ආහාරවලට වැදගත් තැනක්‌ හිමි වන නිසා ය. (මූලාශ්‍රය Science,DOI: 10.1126/science.1228250)

පුවත් සැකෙවින්
හයිනාවන් හා මිනිසුන් අතර අපූරු 'සහජීවනය'

හයිනා ගහනයක්‌ හා මිනිසුන් අතර ගැටුම්වලින් තොර පැවැත්මක්‌ තිබිය හැකි බව උතුරු ඉතියෝපියාවේ සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. එහි දී හෙළි වී ඇති ආකාරයට, අවධානයට ලක්‌ වූ තිත් සහිත හයිනා ගහනයක (Crocuta crocuta) ආහාරයෙන් 99%ක්‌ පමණ ගවයන්, බැටළුවන්, එළුවන් හා බූරුවන් වැනි ගෘහාශ්‍රිතකරණය කරන ලද සතුන් විය. එහෙත් එය මිනිසුන්ට බලපෑමක්‌ කර නොමැත. හයිනාවන් විලෝපික හා කුණප භක්‌ෂකයන් වන නිසා එය එක්‌තරා ආකාරයකට වැදගත් තැනක්‌ ගනියි.

උක්‌ත අධ්‍යයනයට පාදක වූ ප්‍රදේශය කෘෂිකර්මයට යොදාගැනීම නිසා හායනයට පත් ප්‍රදේශයකි. හයිනා සතුන් ගේ ස්‌වාභාවික ගොදුරු එහි හමු නො වන නිසා ඔවුන් මානව පරිසරයේ දැකිය හැකි ආහාර සඳහා යොමු වීම සිදු වන්නකි. ඇතැම් විට මේ සතුන් ආහාරයට ගන්නේ මිය ගිය සතුන් වන අතර වසර පහක්‌ ඇතුළත හයිනාවන් විසින් මරා දමනු ලැබ ඇත්තේ සතුන් දෙ සියයක්‌ පමණ ප්‍රමාණයකි. ඒ ප්‍රමාණය ප්‍රදේශවාසීන්ට ගැටලුවක්‌ වී නොමැත.

මෙය එක්‌තරා ආකාරයට අෙන්‍යාන්‍ය සහජීවනයකි. මිනිසුන් බැහැර ලන අපද්‍රව්‍යවලින් හයිනා සතුන්ට ප්‍රයෝජන ලැබෙන අතර, ඔවුන් අපද්‍රව්‍ය ඉවත් කිරීම නිසා මිනිසුන්ට ද ප්‍රයෝජනයක්‌ සැලසේ. (මූලාශ්‍රය: Mammalian Biology,DOI: 10.1016j.mambio.2012.09.001)

ප්‍රවේණික අවදානමක ඇති දුර්ලභ ම බල්ලන්
ලෝකයේ දුර්ලභ ම සුනඛ විශේෂය සේ සැලකෙන ඉතියෝපියානු වෘකයන් (Canis simensis) නම් සුනඛ විශේෂය ප්‍රවේණික වශයෙන් අවදානම් තත්ත්වයක පසු වන බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතියෝපියාවේ කඳුකර ප්‍රදේශවල හුදකලා ගහන ලෙස වාසය කරන මේ විශේෂයේ සතුන් ඇත්තේ පන් සියයකට අඩු ප්‍රමාණයකි. අන්තරාදායක තත්ත්වයේ සිටින මේ සතුන් ගේ ජාන විවිධත්වය, ගහන ව්‍යුහය හා ජාන ගලනය පිළිබඳ සිදු කර ඇති මේ අධ්‍යයනයේ දී ගහන අතර ඇති වන ප්‍රවේණික ගලනය (gene flow) අඩු බව හෙළි වී ඇත.

සාමාන්‍යයෙන් මේ සතුන් ගේ ජාන විවිධත්වය සාපේක්‌ෂව ඉහළ ය. එහෙත් වර්තමානයේ සිදු ව ඇති හුදකලා වීම නිසා එය අඩු වී යා හැකි ය. මේ නිසා රෝගයක්‌ හෝ වාසස්‌ථාන විනාශ වීම හෝ නිසා මේ විශේෂයේ සුනඛයින් වඳ වීමේ දැඩි අවදානමක්‌ පවතී. මේ තර්ජන අදටත් මේ සත්ත්ව විශේෂයට ඇති තර්ජන වේ. මේ අනුව ඔවුන් ආරක්‌ෂා කරගැනීමට කඩිනම් පියවරක්‌ ගත යුතු බව පෙන්වා දී තිබේ. (මූලාශ්‍රයAnimal Conservation,DOI: 10.1111/j.1469-1795.2012.00591.)

ලෝක බලශක්‌ති සංසද සමුළුව

ජගත් පරිසර විමසුම 146 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-10-24, පි. 11
http://www.vidusara.com/2012/10/24/feature3.html


විමසුම - හයිද්‍රාබාද් ජෛව විවිධත්ව සමුළුවේ ප්‍රතිඵල ප්‍රමාණවත් ද?
පුවත් සැකෙවින් - ජෛව ඉන්ධනවල පාරිසරික බලපෑම් අවම කිරීමේ යෝජනාවක්‌/ දකුණු අප්‍රිකාවේ රයිනෝ මරණ වාර්තාගතයි‌/ බ්‍රිතාන්‍යයේ අක්‍රමවත් ම කාලගුණය මේ වර්ෂයේ


විමසුම
හයිද්‍රාබාද් ජෛව විවිධත්ව සමුළුවේ ප්‍රතිඵල ප්‍රමාණවත් ද?

ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ එකොළොස්‌වැනි රැස්‌වීම (COP 11) ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දී පසුගිය සෙනසුරාදා අලුයම අවසන් විය. මේ සම්මුතිය සඳහා ලෝකයේ රටවල් වැඩි ගණනක සහයෝගයක්‌ ලැබෙන සම්මුතියක්‌ වන අතර මේ සමුළුවේ එකඟතා ලෝකයේ ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සම්බන්ධව සෘජුව බලපාන බව පැහැදිලි ය. කෙසේ වෙතත්, දෙසතියක්‌ පුරා පැවැති සමුළුවේ යම් යම් අංශ පිළිබඳව අදාළ පාර්ශ්ව අතර ඇති වෙනස්‌කම් පැහැදිලිව ප්‍රදර්ශනය විය. අවසානයේ දී දික්‌ගැසුණු සාකච්ඡාවලින් ද පසුව හයිද්‍රාබාද් සමුළුවේ දී යම් යම් කරුණු සම්බන්ධව සාධනීය වර්ධනයක්‌ ඇති වී ඇති අතර විවිධ අංශ ගැන තීරණ ගණනාවක්‌ ගෙන ඇත. එහෙත් ලෝකයේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීමට හා 2020 දී සපුරාගැනීමට අදහස්‌ කරන අයිචි ඉලක්‌ක අත්පත් කරගැනීමට එය ප්‍රමාණවත් ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි ව ඇත. මේ ක්‍රියාවලියේ පැහැදිලි ප්‍රමාදයක්‌ දැකිය හැකි ය. හයිද්‍රාබාද් සමුළුවේ දී පැහැදිලි වර්ධනයක්‌ දැකිය හැකි වූ ප්‍රධාන අංශ කිහිපයක්‌ ගැන සලකා බැලීමෙන් ඒ බව පැහැදිලි වේ.

වර්ධනයක්‌ ඇති වූ අංශ

හයිද්‍රාබාද් සමුළුවේ දී සමස්‌තයක්‌ ලෙස විවිධ අංශ පිළිබඳව තීරණ 33කට එළැඹී ඇත. මේ අතර වැදගත් වන තීරණ අතර - අවම වශයෙන් රටවල් අතරින් 75%ක ජාතික ප්‍රමුඛතා හෝ සංවර්ධන න්‍යාය පත්‍රයට ජෛවවිවිධත්ව සංරක්‌ෂණය ඇතුළත් කිරීම, දේශගුණ වෙනස්‌ වීමෙන් ඇති වන බලපෑම් පිළිබඳව අදාළ ආයතන අතර සහයෝගයෙන් ක්‍රියා කිරීම, ආරක්‌ෂිත ප්‍රදේශ පිළිබඳ ඉලක්‌ක, සාගර පරිසර පද්ධති පිළිබඳ කරුණු, පරිසර පද්ධති ප්‍රතිස්‌ථාපනය, ජෛව සම්පත් තිරසර ලෙස භාවිත කිරීම, වන හායනයෙන් සිදු වන වායු විමෝචන අඩු කිරීමේ යාන්ත්‍රණය (REDD+) වැනි අංශ ඇතුළත් වේ. කෙසේ වෙතත් හයිද්‍රාබාද්හි දී එකඟ වූ තීරණ අතරින් ඇතැම් තීරණ ප්‍රමාණාත්මක ඉලක්‌ක ඇතුළත් නො වන ඒවා බව පැහැදිලි ය. එවැනි තීරණ ක්‍රියාත්මක කිරීම ද බොහෝ විට ස්‌වෙච්ඡාවෙන් සිදු වන අතර ඉන් ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා ලැබෙන ප්‍රයෝජනය, අදාළ පාර්ශ්ව ඒ ගැන දක්‌වන උනන්දුව හා කැපවීම මත තීරණය වේ.

සාගර ජෛවවිවිධත්වය හා එහි ආරක්‌ෂාව හයිද්‍රාබාද් සමුළුවේ දී වර්ධනයක්‌ ඇති වූ අංශයකි. සාගරයේ දැකිය හැකි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වශයෙන් වැදගත් ප්‍රදේශ (ecologically and biologically signigicant areas - EBSAs) පිළිබඳ වාර්තා එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලය වෙත යෑවීමට එහි දී එකඟ විය. එවැනි ප්‍රදේශ රැසක්‌ ම රටවලට අයත් මුහුදු සීමාවෙන් පිටත ජාත්‍යන්තර මුහුදේ පිහිටා ඇති බැවින් මෙය වැදගත් වේ. ඉදිරියේ දී සාගර සංරක්‌ෂණය පිළිබඳව පියවරක්‌ ගැනීමට අවස්‌ථාවක්‌ ලැබේ. එසේම සාගර හා වෙරළබඩ ප්‍රදේශවල සංවර්ධන කටයුතු පිළිබඳ පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවල දී ජෛවවිවිධත්වය සම්බන්ධව සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳව ද වැදගත් තීරණ ගෙන තිබේ. එසේම සාගරයේ ඇති වන ශබ්දවලින් ජෛවවිවිධත්වයට ඇති වන බලපෑම් පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්වීමටත්, සාගරයට එක්‌ වන අපද්‍රව්‍ය පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීමටත් එකඟ වී ඇත.

මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ද?

ජෛවවිවිධත්වය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම මේ සමුළුවේ දී වැඩි අවධානයකට ලක්‌ වූ අංශයකි. 'හයිද්‍රාබාද් මඟ සිතියම' (Hyderabad Roadmap) නමින් ද හඳුන්වා දී ඇති එකඟතාව යටතේ, 2015 වන විට ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා දියුණු රටවල් විසින් ලබා දෙනු ලබන ජාත්‍යන්තර ප්‍රතිපාදන දෙගුණයක්‌ කිරීමට එකඟ වී ඇත. මේ අනුව අතිරේක වශයෙන් ඩොලර් බිලියන 5ක්‌ පමණ ලැබෙන අතර සමස්‌තයක්‌ ලෙස ලැබෙන අරමුදල් ප්‍රමාණය වාර්ෂිකව බිලියන 10ක්‌ පමණ වනු ඇත. (එය ගණන් බැලීමට නියමිත ව ඇත්තේ 2006-2010 අතර ලබා දී ඇති අරමුදල්වල සාමාන්‍යය මත ය). මේ ප්‍රමාණය 2020 දක්‌වා පවත්වා ගැනීමට ද නියමිත ය. මේ මුදලින් දියුණු වන රටවල සංරක්‌ෂණ කටයුතු සඳහා ආධාර ලැබේ. ඒ ඒ රටවල ජෛවවිවිධත්වය සඳහා අදාළ රටවල් විසින් වැය කෙරෙන මුදල් ප්‍රමාණය පිළිබඳව ඇති වූ පොදු එකඟතාව අනුව, සැම රටක්‌ ම ජෛවවිවිධත්වය සඳහා වැය කරන අරමුදල් ප්‍රමාණය සැලකිය යුතු තරමින් ඉහළ නැංවීමට එකඟ විය. මේ පිළිබඳව 2014 වර්ෂයේ දී සමාලෝචනයට ලක්‌ කිරීමට නියමිත ය.

ඉදිරි වර්ෂ දෙකක කාලය තුළ සම්මුතියේ සභාපතිත්වය හිමි ව ඇති ඉන්දියාවේ අගමැතිවරයා මේ සමුළුව අමතමින් පොරොන්දු වූයේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීම සඳහා ඩොලර් මිලියන 50ක ප්‍රතිපාදන සැපයීමට ය. 'ජෛව විවිධත්ව ජයග්‍රාහකයන් සඳහා වූ හයිද්‍රාබාද් කැඳවුම් (Hyderabad Call for Biodiversity Champions) යටතේ ඒ ප්‍රතිපාදන ඉන්දියාව තුළ මෙන්ම ජාත්‍යන්තර ආයතනික අවශ්‍යතා සඳහා ද යෙදවීමට අපේක්‌ෂිත බව පෙනේ.

ආර්ථික අර්බුදයක්‌ ඇති කාලයක මේ තත්ත්වය ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීමට රටවල් දක්‌වන කැප වීම පෙන්වන කරුණක්‌ සේ ගත හැකි බව සම්මුතියේ ලේකම්වරයා පවසා ඇත. කෙසේ වෙතත් මේ ප්‍රතිපාදන ප්‍රමාණවත් ද යන්න නම් ගැටලුවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් අප පසුගිය සතියේ විස්‌තර කළ Science සඟරාවේ පළ වූ පර්යේෂණ වාර්තාව අනුව තර්ජනයට ලක්‌ ව ඇති ජීවී විශේෂ ආරක්‌ෂා කරගැනීමට හා ආරක්‌ෂිත ප්‍රදේශ ජාලය පවත්වා ගැනීමට වාර්ෂිකව ඩොලර් බිලියන 76.1ක්‌ පමණ අවශ්‍ය වේ. එහෙත් මේ වන විට ලැබී ඇති අරමුදල් ප්‍රමාණය අනුව ජෛවවිවිධත්වය පිළිබඳ 2020 ඉලක්‌ක අත්පත් කරගැනීමට තවත් බොහෝ වෙහෙස විය යුතු ය. අනෙක්‌ අතට වාර්ෂිකව අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳව මීට වඩා වෙනස්‌ අගයයන් ද ඇති බව අප අමතක නො කළ යුතු ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, WWF ආනතනය පවසන පරිදි වර්ෂයකට ඩොලර් මිලියන 200ක්‌ පමණ අවශ්‍ය වේ.

පුවත් සැකෙවින්
ජෛව ඉන්ධනවල පාරිසරික බලපෑම් අවම කිරීමේ යෝජනාවක්‌

පරිසර හිතකාමී ඉන්ධනයක්‌ ලෙස ප්‍රචලිත ජෛව ඉන්ධන, බලශක්‌ති අර්බුදය සඳහා පිළියමක්‌ ද වේ. පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභවයක්‌ වන නිසා බොහෝ රටවල අවධානය ජෛව ඉන්ධන වෙත යොමු වී ඇත. එහෙත්, ඉන් ඇති විය හැකි පාරිසරික හා වෙනත් බලපෑම් පිළිබඳව හෙළිදරව් වී ඇති කරුණු නිසා ජෛව ඉන්ධනවල සමස්‌ත පරිසර බලපෑම පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ ඇති වී තිබේ.

මේ පිළිබඳව සැලකිලිමත් වූ යුරෝපා කොමිසම ජෛව ඉන්ධනවල දේශගුණ බලපෑම් අවම කිරීම සඳහා වූ යෝජනා කිහිපයක්‌ පසුගිය දා ඉදිරිපත් කළේ ය. එහි අරමුණු වන්නේ ජෛව ඉන්ධන සඳහා ඇති ඉල්ලුම ඉහළ යැමෙන් ස්‌වාභාවික පරිසර පද්ධතිවල වෙනස්‌ වීම් ඇති වීම වැළැක්‌වීම හා ඒ නිසා ඇති විය හැකි හරිතාගාර වායු විමෝචන අඩු කිරීමයි. ජෛව ඉන්ධන වඩා තිරසර ලෙස භාවිත කිරීම, හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම, කෘෂි බිම් යොදාගැනීම හා ලෝක ආහාර නිෂ්පාදනයට ගැටලු ඇති වීම වැළැක්‌වීම මේ යෝජනාවලියෙන් අපේක්‌ෂා කෙරේ.

ඉදිරිපත් ව ඇති යෝජනා අතර, 2020 වන විට යුරෝපයේ ප්‍රවාහන ක්‌ෂේත්‍රයේ පුනර්ජනනය කළ හැකි ඉන්ධන දායකත්වයේ ඉලක්‌කය වන 10%ක ප්‍රමාණයෙන් ආහාර භෝග පාදක කරගත් ජෛව ඉන්ධනවල දායකත්වය 5%ක මට්‌ටමේ පවත්වාගැනීම එක්‌ යෝජනාවකි. ජෛව ඉන්ධන මගින් සිදු වන හරිතාගාර වායු විමෝචන බලපෑම ගණනය කිරීමේ දී වක්‍ර ව සිදු වන භූමි භාවිතයේ වෙනස්‌කම් (indirect land use change) ඇතුළත් කිරීම තවත් යෝජනාවකි. එසේ ම මෙවැනි විමෝචන නොමැති හෝ අවම වූ නව ජෛව ඉන්ධන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සහන හා ප්‍රවර්ධක සපයා දීම තවත් යෝජනාවකි.

පොදුවේ ගත් විට යුරෝපා කොමිසම ඉදිරිපත් කර ඇති යෝජනා මගින් සාම්ප්‍රදායික ජෛව ඉන්ධනවලට වඩා නව පරම්පරාවක ජෛව ඉන්ධන ප්‍රවර්ධනය සඳහා වැඩි අවස්‌ථාවක්‌ ලැබී ඇත. මේ දෙවැනි හා තුන්වැනි පරම්පරාවල ජෛව ඉන්ධන වඩා පරිසර හිතකාමී වේ. නිදසුනක්‌ ලෙස කෘෂි අපද්‍රව්‍ය, පිදුරු හා ඇල්ගා යොදාගනිමින් නිපදවන ජෛව ඉන්ධන දැක්‌විය හැකි ය. කෙසේ වෙතත් මේ යෝජනා ක්‍රියාත්මක වීම සඳහා පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය පිළිබඳ හා ඉන්ධනවල ගුණාත්මකභාවය පිළිබඳ යුරෝපා නීති සංශෝධනය කළ යුතු වේ.

දකුණු අප්‍රිකාවේ රයිනෝ මරණ වාර්තාගතයි

අප්‍රිකාවේ වැඩි ම රයිනෝ ගහනය දැකිය හැකි දකුණු අප්‍රිකාවේ මෑත කාලයේ සිදු වී ඇති වැඩි ම රයිනෝසිරස්‌ ඝාතන ප්‍රමාණය මේ වර්ෂයේ දී වාර්තා වී තිබේ. වාර්තාවලට අනුව පසුගිය සතිය වන විම මේ මරණ ගණන 455ක්‌ පමණ වේ. මේ අතරින් වැඩි ම සතුන් ප්‍රමාණයක්‌ මරා දමා ඇත්තේ කෘගර් ජාතික වනොද්‍යානය තුළ වීම විශේෂිත ය. 2007 වර්ෂයේ දී 13ක්‌ දක්‌වා අඩු වූ රයිනෝ මරා දැමීම් ප්‍රමාණය 2011 වර්ෂයේ දී 448 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

මේ සඳහා හේතු වී ඇත්තේ සාම්ප්‍රදායික ඖෂධ නිෂ්පාදනය සඳහා රයිනෝ සතුන් ගේ අං යොදාගැනීම ය. එය සිදු වන්නේ චීනය හා කලාපයේ වෙනත් රටවල ය. මෑත කාලයේ දී මේ තත්ත්වය ඉහළ ගොස්‌ ඇති බවක්‌ පෙනේ. ඊට එක්‌ හේතුවක්‌ වන්නේ චීනය හා වියට්‌නාමය වැනි රටවල ආර්ථිකයේ ඇති වී තිබෙන ශීඝ්‍ර ආර්ථික වර්ධනයයි.

බ්‍රිතාන්‍යයේ අක්‍රමවත් ම කාලගුණය මේ වර්ෂයේ


මේ වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ පැවැති කාලගුණය එරට කාලගුණ වාර්තා අතර වඩාත් අක්‍රමවත් කාලගුණ තත්ත්වයක්‌ බව පසුගිය සතියේ දී වාර්තා විය. ඒ අනුව වසර සියයක කාලයක්‌ ඇතුළත, එරට පැවැති වියළිතම වසන්තය මේ වර්ෂයේ පැවැති අතර ඉන් පසු ගත වූ අප්‍රේල්-ජුනි අතර කාලය අධිකතම වැසි සහිත කාලය විය. මෙවැනි විචල්‍යතාවක්‌ එතෙක්‌ මෙතෙක්‌ වාර්තා වී නොමැති නිසා එය යම් සුවිශේෂී බවක්‌ ගනියි. මේ නිසා නියඟය හා ගංවතුර වැනි තත්ත්ව සඳහා සැලසුම් කළ යුතු බවට එරට ක්‍රියාත්මක ආයතන තුනක්‌ අනතුරු හැඟවීමක්‌ සිදු කර තිබේ.

http://www.vidusara.com/2012/10/24/feature3.html

ජගත් පරිසර විමසුම 145 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-10-17, පි. 11
http://www.vidusara.com/2012/10/17/feature3.html


විමසුම - ජෛවවිවිධත්ව සංරක්‌ෂණය වෙනුවෙන් කැප වුණු හයිද්‍රාබාද් සමුළුව
පුවත් සැකෙවින් - පිරිසිදු බලශක්‌තියේ නව ප්‍රවණතා/ වායු විමෝචන කපා හැරීමට උපකාරී වන ක්‍රමවේදයක්‌/ නීති විරෝධී මසුන් ඇල්ලීමෙන් මුල්තැන කාටද?


විමසුම
ජෛවවිවිධත්ව සංරක්‌ෂණය වෙනුවෙන් කැප වුණු හයිද්‍රාබාද් සමුළුව



මේ වන විට ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දී හයිටෙක්‌ සිටිහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙමින් තිබේ. මේ පිළිබඳ පසුබිම හා ඒ පිළිබඳ මූලික කරුණු අප මේ තීරය ඔස්‌සේ මින් ඉහත සාකච්ඡා කළෙමු. මෙය ලෝක ජෛවවිවිධත්වය පිළිබඳ තත්ත්වය ඇගැයීම සඳහා පැවැත්වෙන ප්‍රධානතම සමුළුව වේ. විශේෂයෙන් ලෝකයේ ජෛවවිවිධත්වය අද වන විට මුහුණ දී ඇත්තේ බරපතළ තර්ජනයකට බව පැහැදිලි ය. ලෝකයේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කරගැනීම සඳහා ලෝකය අනුගමනය කරන ප්‍රධානතම වැඩපිළිවෙළ වන්නේ 2010 වර්ෂයේ දී නගෝයාහි දී අනුමත කරන ලද අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌කයි. ඊට අනුව 2020 වර්ෂය වන විට අත්පත් කරගත යුතු ඉලක්‌ක විස්‌සක්‌ තිබේ. මේ පිළිබඳව සාකච්ඡාවට ලක්‌ වන පළමු පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම හයිද්‍රාබාද් සමුළුව වේ.

මේ බව බොහෝ රටවල හා ආයතනවල නියෝජිතයන් අවබෝධ කරගෙන තිබූ බව පෙනෙන්නට තිබිණි. ඉන්දියාවේ පරිසර අමාත්‍යවරිය වන ජයන්ති නටරාජන් මේ සමුළුවේ සභාපතිත්වයට පත් වූ අතර ඇය සිය කතාවේ දී ප්‍රකාශ කළේ, නගෝයා රැස්‌වීමේ ප්‍රතිඵල ඉදිරියට ගෙන යැම සඳහා කටයුතු කිරීමේ ඇති වැදගත්කමයි. එසේ ම ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා අරමුදල් සපයාගැනීමේ ඉලක්‌ක පිළිබඳව යම් එකඟතාවක්‌ ඇති කරගැනීමේ අවශ්‍යතාව ඇය අවධාරණයට ලක්‌ කළා ය. තවදුරටත් අදහස්‌ දක්‌වමින් ඇය, දිළිඳු රටවල් තම රටේ දුප්පත්කම දුරලීම හා පාරිසරික කරුණු අතර යම් තුලනයක්‌ පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාව පිළිබඳව ද අදහස්‌ පළ කළා ය.

මේ අතර සමුළුවේ ආරම්භක සැසිවාරයේ දී අදහස්‌ දැක්‌වූ ජෛවවිවිධත්ව සම්මුතියේ මහලේකම් බ්‍රව්ලියෝ ෙµරෙයිරා ද සූසා පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පැවසී ය. අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌ක ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය නිරීක්‌ෂණය කිරීම, ජෛවවිවිධත්ව සම්මුතිය හා එහි සන්ධාන අතර ඇති සම්බන්ධතා දියුණු කිරීමේ ඇති වැදගත්කම, ධාරිතා වර්ධනය කිරීමේ ඇති වැදගත්කම වැනි කරුණු මේ අතර විය.

සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකා

මේ දක්‌වා පැවැති සාකච්ඡාවල දී ඇතැම් කරුණු පිළිබඳව සැලකිය යුතු අවධානයක්‌ ඇති වී තිබේ. විශේෂයෙන් අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌ක වටා ගොනු වී ඇති මේ සාකච්ඡාවල දී තර්ජනයට ලක්‌ ව ඇති විශේෂ ආරක්‌ෂා කරගැනීම, ආරක්‌ෂිත ප්‍රදේශ, දේශගුණ වෙනස්‌ වීම හා වෙනත් සාධක, කෘෂි ජෛවවිවිධත්වය, ස්‌වදේශික හා ප්‍රාදේශීය ජනතාව ගේ අයිතීන් මෙන්ම ජානමය සම්පත් සඳහා ප්‍රවේශය හා ප්‍රතිලාභ බෙදාගැනීම පිළිබඳ නගෝයා සන්ධානය හා ඒ ආශ්‍රිත කරුණු කෙරේ වැඩි අවධානයක්‌ යොමු වී ඇත. මේ පිළිබඳව ප්‍රධාන සමුළුවේ දී මෙන්ම සමුළුවට සමගාමීව වෙනත් සංවිධාන හා ආයතන මගින් සංවිධානය කර ඇති රැස්‌වීම්වල ද සාකච්ඡාවට ලක්‌ වෙමින් පවතී. එසේ ම වෙනත් ආයතන විසින් පවත්වනු ලබන සාකච්ඡාවල දී සාකච්ඡාවට ලක්‌ වන කරුණුවල අධ්‍යාපනික අතින් විශේෂ වැදගත්කමක්‌ ඇත. මෙහි දී අනාවරණය වන දත්ත හා තොරතුරු බොහෝ වන අතර ඒ අනුව පෙනෙන්නට ඇත්තේ ලෝකයේ ජෛවවිවිධත්වය සංරක්‌ෂණය සඳහා ඇති අභියෝග බෙහෙවින් බරපතළ තත්ත්වයේ ඒවා බව ය.

මේ සාකච්ඡාවල දී ඇති කරගන්නා එකඟතා සහ ඒවායේ නියම ප්‍රතිඵල අපට දැකිය හැකි වන්නේ 16 දා සිට 19 දා දක්‌වා පැවැත්වෙන ඉහළ මට්‌ටමේ රැස්‌වීමේ දී ය. ඊට ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශ්වකරුවන් වන රටවල පරිසර අමාත්‍යවරුන් හා ඉහළ මට්‌ටමේ නිලධාරීන් සහභාගි වන අතර, තවත් රටවල් ගණනාවක නායකයන් ද මේ රැස්‌වීමට සහභාගි වනු ඇතැයි අපේක්‌ෂිත ය. සමුළුව 19 වැනි දින අවසන් වීමට නියමිත ය. මීට සම්බන්ධ ව සිටින රාජ්‍ය මට්‌ටමේ මෙන්ම රාජ්‍ය නො වන ක්‍රියාකාරීන් ගේ ද අපේක්‌ෂාව සමුළුවේ දී කිසියම් වැදගත් වර්ධනයක්‌ සිදු වනු ඇතැයි දැකීම ය. පහත විස්‌තර කරන ජෛවවිවිධත්වය සංරක්‌ෂණය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පිළිබඳ අධ්‍යයන වාර්තාව මෙහි ඇති අභියෝගයේ තරම පෙන්වා දෙයි. එය ජෛවවිවිධත්වය පිළිබඳ සාකච්ඡාවල දී අවධානය යොමු ව ඇති ප්‍රධානතම අංශයක්‌ ද වේ.

ජෛවවිවිධත්වය රැකගැනීමට වසරකට ඩොලර් බිලියන 76ක්‌

ඉන්දියාවේ ජෛවවිවිධත්ව සමුළුව පැවැත්වෙන අතර පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකින් ජෛවවිවිධත්වය රැකගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ප්‍රමාණය පෙන්වා දී තිබේ. එහි දී 2020 වර්ෂය වන විට අත්පත් කරගැනීමට අපේක්‌ෂා කරන ජෛවවිවිධත්ව ඉලක්‌ක අතරින්, වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති ජීවීන් ආරක්‌ෂා කර ගැනීම සහ ආරක්‌ෂිත ප්‍රදේශ පවත්වා ගැනීම සඳහා යන වියදම ගණනය කර තිබේ. මෙහි දී අවධානය යොමු ව ඇත්තේ භෞමික පරිසර පද්ධති හා අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත පරිසර පද්ධති පිළිබඳව වන අතර පක්‌ෂි සංරක්‌ෂණය සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කර ඇත. ජෛවවිවිධත්ව සංරක්‌ෂණය සඳහා අවශ්‍ය නිශ්චිත මුදල ගැන පැවැති අපැහැදිලිතාව නිරාකරණය කර ගැනීමට මේ අධ්‍යයනයෙන් යම් ප්‍රයෝජනයක්‌ ලැබී ඇත.

අධ්‍යයනයෙන් අනාවරණය වන තොරතුරු අනුව තර්ජනයට ලක්‌ ව ඇති ජීවී විශේෂ ආරක්‌ෂා කරගැනීම සඳහා පමණක්‌ එක්‌ වර්ෂයක්‌ සඳහා ඩොලර් බිලියන 3.41ත් 4.76ත් අතර මුදලක්‌ අවශ්‍ය වේ. එහෙත් ආරක්‌ෂිත ප්‍රදේශ ජාලයක්‌ ඇති කිරීමට හා පවත්වාගැනීම සඳහා ද අධික වියදමක්‌ වැය වේ. මේ අවශ්‍යතා දෙක ම සඳහා වැය වන මුදල ඩොලර් බිලියන 76.1ක්‌ පමණ තරම් ය. කෙසේ වෙතත් මේ මුදල අදාළ කාර්යය සඳහා වර්තමානයේ දී වැය කරන මුදල මෙන් දස ගුණයක්‌ පමණ වන නිසා එය විශාල මුදලක්‌ සේ පෙනී යා හැකි වුවත් එය ලෝකය මද්‍යසාර නො වන පාන වර්ග සඳහා වැය කරන මුදලෙන් පහෙන් පංගුවක්‌ තරම් අඩු ප්‍රමාණයකි. එසේ ම එය වාර්ෂිකව ලෝකයට අහිමි වන පරිසර පද්ධතිවල වටිනාකමින් සියයට 1ක්‌ තරම් අඩු ය.

කෙසේ වෙතත් තර්ජනයකට ලක්‌ ව ඇති ඇතැම් විශේෂ ආරක්‌ෂා කරගැනීම සඳහා වැය කළ යුතු වන්නේ සාපේක්‌ෂව අඩු මුදලකි. නිදසුනක්‌ ලෙස සීමිත ප්‍රදේශයක ජීවත් වන ජීවීන් සංරක්‌ෂණය මේ සඳහා නිදසුනක්‌ සේ දැක්‌විය හැකි ය. එවැනි ස්‌ථාන ආරක්‌ෂා කිරීමට දැරිය යුතු වැය මෙන්ම ප්‍රයත්නය ද සාපේක්‌ෂව අඩු වන නමුත් ඉන් ලබාගත හැකි ප්‍රතිඵල සාපේක්‌ෂව ඉහළ ය. (මූලාශ්‍රයScience,DOI: 10.1126/science.1229803)


පුවත් සැකෙවින්
පිරිසිදු බලශක්‌තියේ නව ප්‍රවණතා

පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය පිළිබඳ අවධානය මෑත කාලයේ දී කිසියම් පසුබෑමකට ලක්‌ ව පැවැති බව අපි මින් ඉහත දී ද පෙන්වා දී ඇත්තෙමු. පාරිසරික සාකච්ඡාවල ඇති වූ පසුබෑම් මෙන්ම ලෝක ආර්ථික අර්බුදය ද ඊට මූලික විය. කෙසේ වෙතත් මෑත කාලයේ දී වාර්තා වූ පුවත්වලට අනුව පුනර්ජනනය කළ හැකි බලශක්‌තියේ කිසියම් වර්ධනයක්‌ ඉදිරියේ දී ඇති විය හැකි බව පෙනේ. පහත සඳහන් පුවත් ඒ සඳහා සාධක සේ දැක්‌විය හැකි ය.

ඔස්‌ටේ්‍රලියාවේ විශාලතම සූර්ය විදුලි බලාගාරය පසුගිය දා සිය විදුලි සැපයුම ආරම්භ කළේ ය. සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය සඳහා ඉතා යෝග්‍ය ප්‍රදේශයක්‌ වන බටහිර ඔස්‌ටේ්‍රලියාවේ ඉදි කර ඇති මේ සූර්ය බලශක්‌ති බලාගාරය, එරට හරිතාගාර වායු විමෝචන පාලනය කිරීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. එරට බලධාරීන් ගේ ඉලක්‌කය වන්නේ 2020 වර්ෂය වන විට රටේ විදුලිබල සැපයුමෙන් සියයට 20ක්‌ පමණ පුනර්ජනනය කළ හැකි විදුලිබලයෙන් ලබාගැනීම ය. එහෙත් ඇතැම් කර්මාන්ත හා පුනර්ජනනය කළ නොහැකි විදුලිබල අංශ මේ ඉලක්‌කය අඩු කිරීම සඳහා ඉල්ලීම් කර තිබේ.

මේ අතර න්‍යෂ්ටික බලයෙන් ක්‍රමිකව ඈත් වීමට තීරණය කර ඇති ජපානයේ අනාගත බලශක්‌ති අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ දී පුනර්ජනනය කළ හැකි විදුලිබල ප්‍රභව ගැන උනන්දුවක්‌ ඇති නිසා එය පිරිසිදු බලශක්‌තියේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් විය හැකි බවට යම් යම් පාර්ශ්ව විසින් පෙන්වා දී දැනටමත් ජපාන සමාගම් ගණනාවක්‌ මේ අංශයේ ආයෝජනය කර ඇති නමුත් ඇතැම් අංශවලින් ඉදිරියට යැමේ සීමා ජපානයේ තිබේ.

වායු විමෝචන කපා හැරීමට උපකාරී වන ක්‍රමවේදයක්‌

එක්‌ එක්‌ ගොඩනැඟිලි හා මාර්ගවල, ෆොසිල ඉන්ධන භාවිතයෙන් ජනනය වන කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය නිවැරැදිව පැවසිය හැකි ක්‍රමවේදයක්‌ සැකසීමට ඇමෙරිකානු පර්යේෂකයෝ පිරිසක්‌ සමත් ව සිටිති. මේ සඳහා පොදු දත්ත සමුදාය, හා රථවාහන ධාවන දත්ත, වායු දූෂණය සම්බන්ධ දත්ත හා බලශක්‌ති පරිභෝජනය හා සම්බන්ධ ආකෘති මගින් අවශ්‍ය දත්ත ලබාගෙන තිබේ. මෙය ඇමෙරිකාවේ විශාල නගරවල යොදාගත හැකි බව පැවසේ.

උක්‌ත ක්‍රමවේදය වැදගත් වන්නේ එය යොදාගනිමින් හරිතාගාර වායු විමෝචන කපාහැරිය හැකි ස්‌ථාන හඳුනාගැනීම සඳහා හැකියාවක්‌ ඇති නිසා ය. එසේ ම එසේ කපාහැරීමෙන් පසුව ඇති වන බලපෑම පිළිබඳව ද මෙමගින් අදහසක්‌ ලබාගත හැකි වීම විශේෂිත ය. මේ ක්‍රමවේදය හෙස්‌ටියා ව්‍යාපෘතිය (Hestia Project) නමින් හැඳින්වේ. (මූලාශ්‍රයEnvironmental Science and Technology, DOI: 10.1021/es3011282)

නීති විරෝධී මසුන් ඇල්ලීමෙන් මුල්තැන කාටද?

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම අතින් ඉහළින් ම පසු වන්නේ බටහිර අප්‍රිකාව බව බ්‍රිතාන්‍යය පදනම් කරගෙන ක්‍රියාත්මක වන පාරිසරික යුක්‌ති පදනම නම් ආයතනය ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක්‌ හෙළි කරයි. සියෙරා ලියෝන් වැනි රටවල සිදු වන මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම් මීට හේතු වී තිබේ. සාමාන්‍ය ධීවරයන් පළවා හරිමින් මේ මංකොල්ලකරුවෝ ආරක්‌ෂිත සාගර ප්‍රදේශවල පවා කොල්ලකෑම් සිදු කරති. මේ නිසා මත්ස්‍ය සම්පත පමණක්‌ නො ව ධීවර ප්‍රජාව ගේ ජීවනෝපාය ද දැඩි අවදානමකට ලක්‌ වේ.

මේ ආකාරයෙන් මත්ස්‍ය සම්පත මංකොල්ල කෑමෙන් පසු අදාළ මසුන් අපනයනය කරනු ලබන්නේ යුරෝපයට ය. ඒ නිසා ධීවර සම්පත මෙසේ මංකොල්ලකෑම නැවැත්වීම සඳහා යුරෝපා බලධාරීන් කිසියම් පියවරක්‌ ගත යුතු බව මේ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

http://www.vidusara.com/2012/10/17/feature3.html

ජගත් පරිසර විමසුම 144 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම
විදුසර (Vidusara), 2012-10-10, පි. 11
http://www.vidusara.com/2012/10/10/feature3.html

විමසුම - ආක්‌ටික්‌ කලාපය සම්පත් කොල්ලයක්‌ අභියස?
ප්‍රමුඛ පුවත - මහා බාධක පරයෙන් දෙගුණයක්‌ විනාශ වෙලා
පුවත් සැකෙවින් - දේශගුණ වෙනස්‌වීම් නිසා මසුන් කුඩා වේ/ ඊයම් නිසා වැනසෙන බ්‍රිතාන්‍යයේ ජලජ පක්‌ෂීන්/ ජාන විකරණය කළ ආහාර ලේබල් ගැන කැලිෆෝනියාවේ ජනමතය විමසීමට


විමසුම
ආක්‌ටික්‌ කලාපය සම්පත් කොල්ලයක්‌ අභියස?

ආක්‌ටික්‌ ධ්‍රැව ප්‍රදේශය හා ආක්‌ටික්‌ සාගරය පිළිබඳව මෑත කාලයේ දී ලෝකයේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබේ. ඊට හේතු කිහිපයක්‌ තිබේ. ඉන් එකක්‌ වන්නේ අප මේ තීරුව ඔස්‌සේ වරින්වර සාකච්ඡා කර ඇති ආක්‌ටික්‌ සාගරයේ පා වන අයිස්‌ මට්‌ටම වේගයෙන් අඩු වීම ය. ඒ සඳහා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම බලපා ඇති බව විශ්වාස කරනු ලැබේ. මේ සමගම මෑත කාලයේ දී ඇති වී තිබෙන තවත් ගැටලුවක්‌ වන්නේ ආක්‌ටික්‌ ප්‍රදේශ වෙත ලෝකයේ විවිධ රටවල අවධානය බෙහෙවින් ඉහළ ගොස්‌ තිබීම ය.

ප්‍රයෝජනයක්‌ නැති බිමක්‌ සේ සැලකුණු ආක්‌ටික්‌ කලාපය මෑතක්‌ වන තුරු මානව කටයුතු තරමක්‌ අඩු ව තිබූ කලාපයකි. (එහෙත් එහි මානව කටයුතු ඇන්ටාක්‌ටික්‌ කලාපයට වඩා ඉහළ මට්‌ටමක පැවැති බව කිව හැකි ය.) ඊට හේතුව වන්නේ ආක්‌ටික්‌ ප්‍රදේශයේ සැඟවී ඇති විවිධ සම්පත් ය. මේ නිසා ආක්‌ටික්‌ කලාපීය රටවල් මෙන්ම වෙනත් රටවල් ද ඒ ගැන අවධානයක්‌ යොමු කර තිබේ. මේ සතියේ පරිසර විමසුමේ අදහස ද මේ ක්‍රියාමාර්ග පිළිබඳ මදක්‌ විමසීම ය.

ආක්‌ටික්‌ ප්‍රදේශයේ සම්පත්

ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ බොහෝ සම්පත් සැඟව ඇති බව සත්‍යයකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඛනිsජ තෙල්, ස්‌වාභාවික වායු සංචිත ඇති බවට තොරතුරු මේ වන විටත් ලැබී තිබේ. එක්‌ වාර්තාවකට අනුව ලෝකයේ ඇති තෙල් හා ගෑස්‌ නිධිවලින් 22%ක්‌ පිහිටා ඇත්තේ ආක්‌ටික්‌ කලාපයේ ය. මේ ප්‍රදේශයේ තෙල් හා ගෑස්‌ කැණීම් වසර සියයකටත් අධික කාලයක සිට සිදු වන නමුත්, මෑත කාලයේ දී ඒ සඳහා වන උනන්දුව ඉහළ ගොස්‌ ඇත. බොහෝ ප්‍රකට සමාගම් මේ වන විටත් ඒ සඳහා යොමු වී ඇති බව දැකිය හැකි ය.

මේ ප්‍රදේශයේ වෙනත් ඛනිජ නිධි ද දැකිය හැකි ය. සින්ක්‌, රන් හා යකඩ මේ අතරින් දැනටමත් ලබාගන්නා ද්‍රව්‍ය අතර වේ. මේවා ද කාලයක්‌ තිස්‌සේ ලබාගන්නා නමුත්, උෂ්ණත්වය ඉහළ යැම නිසා මේ ප්‍රදේශයේ සම්පත් උකහා ගැනීම තවත් ඉහළ ගොස්‌ තිබේ. ඒ අයිස්‌ මට්‌ටම පහළ යැමත් සමඟ පහසුවෙන් මේ ප්‍රදේශයේ ගමන් කළ හැකි වීම හේතුවෙනි. එසේ ම මිනිසුන්ට ජීවත් වීමට වඩා හොඳ තත්ත්වයක්‌ මේ ප්‍රදේශයේ වර්ධනය වෙමින් ඇත. ආක්‌ටික්‌ කලාපය හරහා සිදු වන නැව් ගමනාගමනය ද ඉහළ ගොස්‌ ඇත. ඊට මේ සම්පත් උකහා ගැනීම මෙන්ම වඩා කෙටි නැව් මාර්ගයක්‌ මේ කලාපය හරහා වැටී තිබීමත් බලපායි. ධීවර කර්මාන්තයේ ද යම් වර්ධනයක්‌ මේ සමඟ සිදු වී තිබේ.

පරිසර ගැටලු හා අනාගතය?


මේ සියලු කටයුතු නිසා ආක්‌ටික්‌ පරිසරයට ඇති විය හැක්‌කේ දැඩි බලපෑමකි. ලෝකයේ වෙනත් ප්‍රදේශවල නිකුත් වන පරිසර දූෂක පවා දැනටමත් මේ ප්‍රදේශයේ ජීවත් වන සතුන් තුළ හා පරිසරයේ හමු වේ. එසේ ම හදිසි අනතුරුක දී තෙල් හෝ වෙනත් ද්‍රව්‍ය පරිසරයට එක්‌ වීම නිසා කලාපයේ බොහෝ ගැටලු ඇති වීමට ඉඩ තිබේ. මේ තත්ත්වය ද පාලනය කිරීම අවශ්‍ය ය.

මේ කලාපයේ රටවල් අටක්‌ එක්‌ ව මේ ප්‍රදේශය පිළිබඳ ප්‍රතිපත්ති සැකසීම සඳහා පිහිටුවාගත් ආක්‌ටික්‌ කවය (Arctic Council) මෙවැනි ලිහිල් ජාත්‍යන්තර ආයතනයකි. එහෙත් ඉන් පිටත ඇති රටවල් ද ආක්‌ටික්‌ කලාපය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන බවක්‌ පෙනේ. ඒ අතර චීනය හා බ්‍රිතාන්‍යය ද වේ. කෙසේ වෙතත් ආක්‌ටික්‌ කලාපයේ සම්පත් උකහාගැනීමට එරෙහි ව ද මතයක්‌ ඇති බව අමතක කළ යුතු නො වේ. ආක්‌ටික්‌ කලාපයේ තෙල් හා ගෑස්‌ ලබා ගන්නා සමාගම්වලට එරෙහි ව බොහෝ පාරිසරික කණ්‌ඩායම් විරෝධතා දක්‌වන බව පසුගිය දිනවල වාර්තා විය.

කෙසේ වෙතත් මේ සම්පත් සඳහා වන උනන්දුව නිසා ආක්‌ටික්‌ කලාපයේ ද කිසියම් ආකාරයක සම්පත් කොල්ලයක්‌ ඇති විය හැකි බව පෙනේ. එය තවත් ගැටලු රැසක ආරම්භය විය හැකි ය. මේ තත්ත්වය පාලනය කරගැනීම සඳහා කිසියම් කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ගයක්‌ අවශ්‍ය බව ඉතා පැහැදිලි ය. 

ප්‍රමුඛ පුවත
මහා බාධක පරයෙන් දෙගුණයක්‌ විනාශ වෙලා

ඔස්‌ටේ්‍රලියාවට ආසන්න ව පිහිටා ඇති මහා බාධක පරය ලෝකයේ විශාලතම හා වඩාත් ජනප්‍රිය කොරල් පරය විය හැකි ය. ජෛවවිවිධත්වය අතින් ඉහළ මේ පරිසරය ලෝක උරුමයක්‌ ද වේ. එහෙත් පසුගිය සතියේ දී වාර්තා වූ අධ්‍යයනයකට අනුව මේ කොරල් පරයේ පිහිටා තිබූ කොරල් ආවරණයෙන් අඩක්‌ පමණ පසුගිය වසර 27ක පමණ කාලය ඇතුළත විනාශ වී තිබේ.

කොරල් පරය සමන්විත වී ඇති පර 214ක්‌ පමණ ප්‍රමාණයක්‌ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන 2,258ක දත්ත විශ්ලේෂණය කරන මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ 1985 දී 28%ක්‌ ව පැවැති මහා බාධක පරයේ කොරල් ආවරණය, 2012 වන විට 13.8%ක්‌ පමණ දක්‌වා අඩු වී ඇති බව ය.

මෙසේ කොරල් ආවරණය අඩු වීම සඳහා හේතු වී ඇති කරුණු තුනක්‌ මෙහි දී පෙන්වා දී තිබේ. ඒවා නම්, කුණාටු, තාරකා මසුන් හා දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වන කොරල් විරංජනයයි. නිවර්තන කලාපීය සුළිකුණාටු 34ක්‌ මේ කාලය තුළ ඇති වී ඇති අතර, ඒවා මේ විනාශයෙන් 48%ක්‌ සඳහා දායක වී තිබේ. එසේ ම, පර තනන ජීවීන් ආහාරයට ගන්නා එක්‌ තාරකා මසුන් විශේෂයක (crown-of-thorns starfish) ව්‍යාප්තිය නිසා කොරල් පරවලින් 42%ක්‌ පමණ විනාශ වී තිබේ. අනෙක්‌ අතට, 1998 හා 2002 යන වර්ෂවල සිදු වූ බරපතළ කොරල් විරංජනය වීම් දෙකක්‌ නිසා කොරල්පරවලින් 10%කට පමණ හානි සිදු වී තිබේ.

කොරල් පරිසරයක ජීව්‍යතාව පවත්වාගැනීම සඳහා කොරල් ජීවීන් ගේ පැවැත්ම ඉතා වැදගත් ය. කොරල් පර ප්‍රමාණය අඩු වීමත් සමඟ, කෙරල්පර පරිසර පද්ධතියේ දැඩි පිරිහීමක්‌ ඇති වේ. මේ තත්ත්වය ඒ පරිසර පද්ධතියේ සමස්‌ත ජීවීන් හට බලපායි. මේ තත්ත්වයෙන් පරය නැවත යථා තත්ත්වයට පත් වීමට අවස්‌ථාව ඇති නමුත්, ඒ සඳහා වසර 10-20ක්‌ තරම් දිගු කාලයක්‌ ගත වේ. එහෙත් මේ කාලය ඇතුළත විවිධ හානිකර තත්ත්ව ඇති වන නිසා පරය සම්පූර්ණ යථා තත්ත්වයට පත් වීමට ඇති අවස්‌ථාවට බාධා ඇති වේ. මේ නිසා දිගුකාලීන වශයෙන් පරයේ සිදු වන්නේ දැඩි විනාශයකි. එසේ ම අදාළ තාරකා මසුන් විශේෂය පාලනය කිරීමෙන්, ජලයේ ගුණාත්මක තත්ත්වය වර්ධනයෙන් හා වෙනත් ක්‍රමවලින් පරයේ ආරක්‌ෂාව සඳහා කටයුතු කළ හැකි නමුත්, ඒවායින් යහපත් ප්‍රතිඵලයක්‌ ලබාගත හැක්‌කේ දේශගුණික තත්ත්ව නිසා වන බලපෑම පාලනය කළ හැකි නම් පමණක්‌ බව මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. (මූලාශ්‍රය Proceedingsof the National Academy of Sciences,DOI: 10.1073/pnas.1208909109&


පුවත් සැකෙවින්
දේශගුණ වෙනස්‌වීම් නිසා මසුන් කුඩා වේ


දේශගුණ වෙනස්‌ වීම සඳහා අනුහුරු වීමක්‌ ලෙස මත්ස්‍යයන් ගේ ශරීර කුඩා වීමක්‌ පෙන්නුම් කරන බව පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ. ප්‍රමාණාත්මකව දක්‌වන්නේ නම්, මසුන් ගේ ශරීර ප්‍රමාණය සියයට 14ත් 24ත් අතර ප්‍රමාණයකින් අඩු වීමට අවස්‌ථාවක්‌ තිබේ.

2000 සිට 2050 දක්‌වා කාලයේ දී මත්ස්‍ය විශේෂ 600ක පමණ ප්‍රමාණයකට ලෝකයේ උණුසුම ඉහළ යැම නිසා ඇති වන බලපෑම ආකෘතියක්‌ ගොඩනඟා ඇත. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ජලයේ උණුසුම ඉහළ යැම නිසා සාගරයේ ඔක්‌සිජන් මට්‌ටම පහළ යැම සඳහා මසුන් ප්‍රතිචාර දක්‌වන ආකාරයයි. මෙහි දී හෙළි වී ඇති පරිදි මේ තත්ත්වය නිසා මත්ස්‍යයන් ගේ ශරීර බර ප්‍රමාණය සැලකිය යුතු තරම් අඩු විය හැකි ය. ඒ සඳහා ව්‍යාප්තියේ හා සුලබතාවේ වෙනස්‌කම් හා ශරීර විද්‍යාත්මක වෙනස්‌වීම් හේතු වේ.

මේ ගැටලුව වඩාත් තදින් බලපානු ඇත්තේ නිවර්තන හා ඒ ආසන්න ප්‍රදේශවලට ය. ඒ ප්‍රදේශවල වාසය කරන මසුන් ගේ කුඩා වීම 20%ක්‌ පමණ විය හැකි ය. මේ තත්ත්වය ලෝකයේ ආහාර සුරක්‌ෂිතතාව සඳහා බලපානු ඇත. ඒ මත්ස්‍ය ප්‍රෝටීන, ලෝකයේ බොහෝ ප්‍රදේශවල ජනතාව ගේ ප්‍රෝටීන අවශ්‍යතාවේ වැදගත් තැනක්‌ ගන්නා නිසා ය. (මූලාශ්‍රය(Nature Climate Change,DOI: 10.1038/nclimate1691&

ඊයම් නිසා වැනසෙන බ්‍රිතාන්‍යයේ ජලජ පක්‌ෂීන්

ඊයම් විෂ වීම නිසා බ්‍රිතාන්‍යයේ වාසය කරන ජලජ පක්‌ෂි විශේෂ විශාල ලෙසින් මරණයට පත් වන බව පෙන්වා දෙන පක්‌ෂීන් සම්බන්ධව කටයුතු කරන ආයතනයක්‌, ඊට හේතු වී ඇති කරුණු වෙනස්‌ කිරීම සඳහා නීති සකස්‌ කරන ලෙස එරට රජයට බල කර තිබේ. මේ අධ්‍යයනයේ දී අනාවරණය වන කරුණු අනුව 1971-2010 අතර කාලයේ දී මිය ගොස්‌ ඇති පක්‌ෂීන් අතරින් 10%ක පමණ ප්‍රමාණයක මරණ සඳහා දායක වී ඇත්තේ මේ විෂ සහිත රසායනික ද්‍රව්‍යයයි. එසේ ම අධ්‍යයනයට ලක්‌ කළ ජීවී පක්‌ෂීන් අතරින් 34%ක පමණ ප්‍රමාණයක ගේ රුධිරයේ ඊයම් මට්‌ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ වී තිබේ.

පක්‌ෂීන් ගේ ශරීරවලට ඊයම් ඇතුළු වීම සඳහා බලපාන ප්‍රධාන සාධකය වී ඇත්තේ, වෙඩි උණ්‌ඩවලට ඊයම් යොදාගැනීම හා මසුන් මරන්නන් ඊයම් යොදාගැනීම ය. මෙහි ඇති අනෙක්‌ වැදගත් කරුණ වන්නේ මෙවැනි පක්‌ෂීන් ආහාරයට ගැනීම නිසා මිනිසුන් ගේ ශරීරවලට ද ඊයම් ඇතුළු වීම ය. (මූලාශ්‍රයEuropean Journal of
Wildlife Research, DOI: 10.1007/s10344-012-0666-7)

ජාන විකරණය කළ ආහාර ලේබල් ගැන කැලිෆෝනියාවේ ජනමතය විමසීමට

ජාන විකරණය කිරීමෙන් සකස්‌ කරන ලද ආහාරවල ඒ බව සඳහන් කිරීම පිළිබඳ නීතිය සම්බන්ධව මහජන මතය ජනමත විචාරණයක්‌ මගින් විමසීමට කැලිෆෝනියාව තීරණය කර තිබේ. ඒ අනුව ලබන මාසයේ දී ඒ පිළිබඳව මහජන මතය විමසීමට නියමිත ය. මේ නව නීති සම්මත වුව හොත් ජාන විකරණය කරන ලද භෝග හෝ සත්ත්ව කොටස්‌ යොදාගනිමින් සකස්‌ කරනු ලබන ආහාරවල ඒ බව සඳහන් කිරීම අවශ්‍ය වන අතර ඒවායේ 'ස්‌වාභාවික' යන විශේෂණය සඳහන් කළ නොහැකි වනු ඇත.

මෙය වැදගත් වන්නේ ජාන වෙනස්‌ කළ ආහාර ලේබල්කරණය මෙතෙක්‌ නීතියක්‌ හරහා සම්මත කිරීමට නොහැකි වී ඇති නිසා ය. මේ ජනමත විමසුමේ දී ආහාර නිෂ්පාදකයන් හා සමාගම් රැසක්‌ ඊට එරෙහි ව ප්‍රචාරක කටයුතු කිරීමට සූදානම් ව සිටින නමුත්, සමීක්‌ෂණවලින් පෙන්වා දෙන්නේ ජනතාව අතරින් වැඩි පිරිසක්‌ ඊට පක්‌ෂ බව ය.

http://www.vidusara.com/2012/10/10/feature3.html

ජගත් පරිසර විමසුම 143 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-10-03, පි. 11
http://www.vidusara.com/2012/10/03/feature3.html



විමසුම - නාගරීකරණයේ වර්ධනය ජෛවවිවිධත්වයට අහිතකරයි
පුවත් සැකෙවින් - වානර වාසස්‌ථාන අඩු වේ/ අලි ඇතුන් රැක ගැනීමට ගූගල් අර්ත් පිහිට/ හයිද්‍රාබාද් ජෛවවිවිධත්ව සමුළුව


විමසුම
 නාගරීකරණයේ වර්ධනය ජෛවවිවිධත්වයට අහිතකරයි

නාගරීකකරණය ලෝකයේ දැකිය හැකි මානව ජනගහන ව්‍යාප්තිය හා සම්බන්ධ කරුණකි. නාගරික පරිසරයක පවත්නා පහසුකම් හා රැකියා හා වෙනත් විවිධ අවස්‌ථා නිසා නාගරික ප්‍රදේශ වර්ධනය වීමේ ප්‍රවණතාවක්‌ ලෝකයේ දැකිය හැකි ය. නාගරීකකරණය නිසා පරිසරයට ඇති වන බලපෑම් බොහෝ ය. විශේෂයෙන් වර්තමාන නාගරික ජීවන රටාවේ දැකිය හැකි අධික සම්පත් පරිභෝජනය සහිත ජීවන පිළිවෙත නිසා ඒ සම්පත් ලබාගන්නා පරිසරයට සැලකිය යුතු ආකාරයේ බලපෑමක්‌ ඇති වේ.

ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ නාගරීකරණයේ දී සිදු වූයේ නාගරික ප්‍රදේශය ව්‍යාප්ත වීමට වඩා සීමිත ප්‍රදේශයක ජන ඝනත්වය ඉහළ යැම ය. එහෙත් මෑත දශක කිහිපය ඇතුළත නාගරික ප්‍රදේශයේ ද වර්ධනයක්‌ වැඩි වශයෙන් දැකිය හැකි ය. මේ වන විට ලෝකයේ නාගරික ප්‍රදේශ ව්‍යාප්ත වීම, ජනගහනය ව්‍යාප්ත වීම මෙන් දෙගුණයක්‌ පමණ වේගයෙන් සිදු වේ. මේ තත්ත්වය නිසා ස්‌වාභාවික පරිසරයට හා ජෛවවිවිධත්වයට දැඩි හා Rජු බලපෑමක්‌ ඇති විය හැකි ය. - මේ පිළිබඳව මෑත දී ප්‍රකාශයට පත් අධ්‍යයනයක්‌ මේ සතියේ පරිසර විමසුමට තෝරා ගතිමි.

නාගරීකකරණය සිදු වන ආකාරය

අපේ අවධානයට ලක්‌ වූ අධ්‍යයනයේ සැලකිල්ලට ලක්‌ ව ඇත්තේ 2030 වර්ෂය වන විට නාගරීකකරණයේ සිදු විය හැකි වර්ධනය පිළිබඳව ය. එහි දී අවධානය යොමු කර ඇති ප්‍රධානතම කරුණ වන්නේ නාගරික ජනගහන වර්ධනය ලෝකයේ කුමන ප්‍රදේශවල සිදු වේ ද යන්නයි. ඒ නිසා මේ ප්‍රදේශවල ජෛවවිවිධත්වයට හා පරිසර පද්ධතිවල පැවැත්මට ඇති විය හැකි බලපෑම් ඔවුන් ගේ අවධානයට ලක්‌ වී ඇති අනෙක්‌ වැදගත් කරුණ වේ.

මේ පර්යේෂණයෙන් අනාවරණය වන කරුණු අනුව වර්තමාන ජන ඝනත්වය ඒ ආකාරයෙන් ම පවතින්නේ නම් හා වර්තමානයේ නාගරීකකරණයක්‌ සිදු වෙමින් ඇති ප්‍රදේශ සියල්ලේ ම නාගරීකරණය දිගට ම සිදු වන්නේ නම්, 2030 වර්ෂය වන විට තවත් වර්ග කිලෝමීටර් මිලියන 1.2ක්‌ පමණ ප්‍රදේශයක්‌ නාගරික ප්‍රදේශ බවට පත් වීමට ඉහළ සම්භාවිතාවක්‌ (high-probability) තිබේ. එනම්, නාගරික භූමි ප්‍රදේශය 2000 වර්ෂයේ පැවැති ප්‍රමාණය මෙන් 185%ක්‌ පමණ ප්‍රමාණයකින් වර්ධනය වීමට වැඩි අවස්‌ථාවක්‌ තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් 2030 වසර වන විට නාගරික භූමි ප්‍රදේශය 2000 වර්ෂයේ දී පැවැති ප්‍රදේශය මෙන් තුන් ගුණයක්‌ පමණ විශාල වනු ඇත. 2030 වන විට ලෝකයේ නාගරික ජනගහනය බිලියන 5ක්‌ පමණ දක්‌වා ඉහළ යනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ.

ඉහත කී ආකාරයට අලුතින් ඇති වන නාගරික ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක්‌ පවතින්නේ ආසියාවේ ය. සමස්‌ත නව නාගරික ප්‍රදේශ අතරින් 55%ක්‌ පමණ චීනයේ හා ඉන්දියාවේ ඇති වන බව පෙන්වා දී තිබේ. වැඩි ම වේගයකින් සිදු වන වර්ධනය දැකිය හැක්‌කේ අප්‍රිකානු රටවල බව ද පුරෝකථනය කර ඇත. එය 2000 වර්ෂයේ පැවැති අගය මෙන් 590% ප්‍රමාණයක වර්ධනයකි. මේ වන විටත් අධික නාගරිකකරණයක්‌ දැකිය හැකි උතුරු ඇමෙරිකාවේ නාගරික භූමි ප්‍රදේශය දෙගුණයකින් පමණ ඉහළ යනු ඇත. මේ කලාපවල නාගරික ප්‍රදේශ ව්‍යාප්ත වන ප්‍රදේශ පවා මේ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. අනෙක්‌ අතට අධ්‍යයනයේ දී සලකා බලන ලද රටවල් අතරින් 48ක පමණ නාගරිකකරණය එතරම් විශාල ව්‍යාප්තියක්‌ පෙන්නුම් නො කිරීම ද වැදගත් වේ.

ජෛවවිවිධත්වයට බලපාන ආකාරය

මේ නාගරික වර්ධනය නිසා ඒ ප්‍රදේශවල ජෛවවිවිධත්වය කිසියම් තර්ජනයකට ලක්‌ වීමට ඉඩක්‌ පවතී. ජෛවවිවිධත්වයට පමණක්‌ නො ව පරිසර පද්ධතිවල නිෂ්පාද්‍යතාවට ද ඉන් බලපෑමක්‌ ඇති කරයි. ඒ වාසස්‌ථාන අහිමි වීම ජෛව ස්‌කන්ධය අඩු වීම හා කාබන් සංචිත ප්‍රමාණය අඩු කිරීමෙනි. මේ නිසා වායුගෝලයට එකතු වන කාබන් විමෝචන ප්‍රමාණය වන විනාශයෙන් හා භූමි හායනයෙන් පරිසරයට එක්‌ වන විමෝචන ප්‍රමාණයෙන් සියයට 5ක්‌ පමණ වේ.

මේ අධ්‍යයනයෙන් හෙළි වන පරිදි, ජනගහන වර්ධනය නිසා ජෛවවිවිධත්වයට හා පරිසර පද්ධතිවලට වැඩි බලපෑමක්‌ ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව සැලකූ විට ජෛවවිවිධත්ව උණුසුම් ප්‍රදේශවල (Biodiversity hotspot) සැලකිය යුතු වෙනස්‌කම් ඇති විය හැකි ය. මෙහි වැඩි ම වෙනස්‌ වීමක්‌ ඇති වීමට ඉඩ ඇත්තේ 2000 වර්ෂය වන විට එතරම් නාගරිකකරණයක්‌ ඇති වී නො තිබුණු ප්‍රදේශවල ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ලෝකයේ ඇති ජෛවවිවිධත්ව උණුසුම් ස්‌ථාන 34ට අයත් සමස්‌ත භූමි ප්‍රමාණයෙන් 2000 වර්ෂය වන විට නාගරීකකරණය වී තිබුණේ සියයට 1ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. 2030 වන විට සිදු වන නාගරීකකරණයේ ව්‍යාප්තිය නිසා තවත් සියයට 1.8ක්‌ පමණ භූමි ප්‍රමාණයක්‌ නාගරීකකරණයට ලක්‌ වනු ඇත. මේ අතරින් වැඩි ම ප්‍රදේශයක්‌ නාගරිකකරණය විය හැකි උණුසුම් ස්‌ථාන හා ඒවායේ නාගරීකකරණය විය හැකි භූමි ප්‍රදේශයේ ප්‍රතිශතය මෙසේ ය( බටහිර අප්‍රිකානු වනාන්තර (6.8%), ජපානය (5.6%), කැරිබියානු දූපත් (3.9%), බටහිර ඝාට්‌ස්‌ හා ශ්‍රී ලංකාව (3.8%) හා පිලිපීනය (3.6%) ඒ ප්‍රදෙAශ වේ.

2000 දී නාගරිකකරණයේ බලපෑමට ලක්‌ ව නො තිබූ ප්‍රදේශ වැඩි වශයෙන් ඉතිහාසයේ දී නාගරිකකරණය විය හැකි උණුසුම් ස්‌ථාන අතරට ශ්‍රී ලංකාව හා බටහිර ඝාට්‌ස්‌ උණුසුම් ස්‌ථානය ද අයත් ය. එහි දී 2000 වර්ෂයේ පැවැති නාගරිකකරණය වූ භූමි ප්‍රමාණය මෙන් සියයට 900ක්‌ පමණ ප්‍රදේශයක්‌ 2030 වන විට නාගරිකකරණය වනු ඇත. ශ්‍රී ලංකාව හා බටහිර ඝාට්‌ස්‌ ඇතුළත් කලාපයේ නාගරිකකරණයට ලක්‌ වූ ප්‍රදේශයේ ව්‍යාප්තිය 2000 වර්ෂය වන විට වර්ග කිලෝමීටර් 825ක්‌ පමණ වූ අතර එය 2020 වන විට වර්ග කිලෝමීටර් 7,500ක්‌ පමණ දක්‌වා ඉහළ යාමට ඉඩ තිබේ.

මේ අධ්‍යයනය හුදෙක්‌ පුරෝකථන පමණක්‌ යෑයි බැහැර නො කර, අනාගතයේ සිදු විය හැකි මේ තත්ත්වය පිළිබඳව දැන් තබා අවධානය යොමු කිරීම වැදගත් බව අපට සිතේ. විශේෂයෙන් අපේ රටේ උණුසුම් ස්‌ථානයට අයත් තෙත් කලාපයේ ජෛවවිවිධත්වය ඉහළ වන අතර වැඩි ම ජනගහන ව්‍යාප්තිය දැකිය හැක්‌කේ ද එහි ය. එසේ ම රටේ නගර අතරින් වැඩි ප්‍රමාණයක්‌ දැකිය හැක්‌කේ ද මේ කලාපයේ ය. එහි පරිසර පද්ධතිවලට දැනටමත් ඇති තර්ජනය නාගරිකකරණයේ ව්‍යාප්තියත් සමඟ වර්ධනය වන බව අමුතුවෙන් කිවයුත්තක්‌ නො වේ. (මූලාශ්‍රයProceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1211658109)

පුවත් සැකෙවින්
වානර වාසස්‌ථාන අඩු වේ


පසුගිය දශක දෙකක පමණ කාලය ඇතුළත, අප්‍රිකාවේ වාසය කරන වානරයන් ගේ ස්‌වාභාවික වාසස්‌ථාන විශාල ලෙස අඩු වී ඇති බව පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. මේ සතුන්ට යෝග්‍ය පාරිසරික තත්ත්ව 1990 දශකයේ සිට මේ දක්‌වා වූ කාලය ඇතුළත වෙනස්‌ වී ඇති ආකාරය ගැන අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 22ක සිදු කරන ලද අධ්‍යයනය මෙය වේ.

ඉන් අනාවරණය වන කරුණු අනුව වැඩි ම තර්ජනයක්‌ ඇත්තේ ගෝරිල්ලන්ට ය. ක්‍රොස්‌ රිවර් ගෝරිල්ලා නම් විශේෂයේ වාසස්‌ථාන 59%කින් පමණ ද නැගෙනහිර ගෝරිල්ලන් ගේ වාසස්‌ථාන 52%කින් පමණ ද, බටහිර ගෝරිල්ලන් ගේ වාසස්‌ථාන 32%කින් ද අඩු වී තිබේ. එසේ ම බොනාබෝ හා චිම්පන්සි විශේෂවල වාසස්‌ථාන ද මේ ආකාරයෙන් අඩු වී ඇති බව ද පෙනේ. මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ මෑත කාලයේ දී වන අතර මිනිසා ගේ ළඟ ම නෑයින් වන මේ වානර විශේෂවල ඉරණම සඳහා මිනිසුන් ද විශාල ලෙස වගකිව යුතු බව පැහැදිලි ය. (මූලාශ්‍රය Diversityand Distributions, DOI: 10.1111/ddi.12005)

අලි ඇතුන් රැක ගැනීමට ගූගල් අර්ත් පිහිට

දඩයම් කිරීම නිසා දැඩි ලෙස තර්ජනයට ලක්‌ ව ඇති අප්‍රිකානු අලි ඇතුන් ආරක්‌ෂා කර ගැනීමට ගූගල් අර්ත් වැඩසටහනේ සහාය ලබා ගැනීමට හැකි ක්‍රමයක්‌ සකස්‌ කර තිබේ. එමගින් ලබාගන්නා දත්ත යොදාගනිමින් අලි පිළිබඳ දත්ත ලබාගැනීමට හා අලි ඇතුන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ ලෝක ජනතාව දැනුවත් කිරීමට ද අදහස්‌ කර ඇත.

එසේ ම අදාළ බලධාරීන්ට ගූගල් අර්ත් යොදාගන්නා නවීන ජංගම උපකරණ භාවිත කරමින් අලි ඇතුන් සිටින ස්‌ථාන අඛණ්‌ඩව නිරීක්‌ෂණය කිරීම සිදු කළ හැකි ය. මේ තොරතුරු යොදාගනිමින් ඒ රටවල අලි ඇතුන් ආරක්‌ෂා කරගැනීමේ යෙදී සිටින නිලධාරීන්ට වැඩි අවස්‌ථාවක්‌ ලැබී ඇත.

එසේ ම අලි සංරක්‌ෂණය සඳහා දැනුම්වත් කිරීමට ද මේ දත්ත යොදාගැනේ. ඒ අනුව වාර්තාවල ඇතුළත් දත්ත යොදාගනිමින්, කාලය සමඟ අලි ගහනයේ වෙනස්‌ වීම් වෙබ් අඩවියක්‌ ඔස්‌සේ කියෑවීමට හැකි ය. අලි ඇතුන් මරාදැමූ ආකාරය ද වාර්ෂිකව මෙහි දක්‌වා තිබේ. ඒ මගින් අදාළ ප්‍රදේශවල අලි ගහනයේ දැකිය හැකි ප්‍රවණතා හඳුනාගැනීමට අවස්‌ථාවක්‌ ලැබේ. එය සංරක්‌ෂණය සඳහා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නො වේ. (මූලාශ්‍රය www.elephantsinperil.org)

හයිද්‍රාබාද් ජෛවවිවිධත්ව සමුළුව

වසර දෙකකට වරක්‌ පැවැත්වෙන ජෛවවිවිධත්වය පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන් ගේ 11 වැනි සමුළුව (COP 11) ලබන සතියේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දී ආරම්භ වීමට නියමිත ය. දින දහයක පමණ කාලයක්‌ පුරා පැවැත්වීමට නියමිත මේ සමුළුව ලෝකයේ ජෛවවිවිධත්වය පිළිබඳව පැවැත්වෙන විශාලතම සමුළුව වේ. ඊට ලෝකය පුරා රටවලින් රාජ්‍ය, රාජ්‍ය නො වන හා වෙනත් අංශවල නියෝජිතයන් හා නිරීක්‌ෂකයන් දස දහසක්‌ පමණ සහභාගි වනු ඇතැයි වාර්තා වේ.

අවසන් වරට 2010 වර්ෂයේ දී ජපානයේ නගෝයාහි දී පැවැති සමුළුවේ දී එතෙක්‌ ජෛවවිවිධත්වය පිළිබඳව ලෝකය පිළිගත් ඉලක්‌කය වූ සහස්‍ර සංවර්ධන අභිමථාර්ථ අත්පත් කරගැනීමට නොහැකි වූ බව පිළිගැනීමට සිදු විය. ඒ අනුව සංශෝධනය කරන ලද ඉලක්‌කය වූයේ 2011-2020 කාලය සඳහා වූ උපායමාර්ගික සැලැස්‌ම හෙවත් අයිචි ජෛවවිවිධත්ව ඉලක්‌ක ය. ඒ පිළිබඳ එකඟ වූ පසුව පැවැත්වෙන පළමු පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීම මෙය වන අතර එදා මෙදා අතර ඇති වූ ප්‍රගතිය ද මෙහි දී සමාලෝචනය කෙරෙනු ඇත. එසේ ම නගෝයාහි දී එකඟ වූ ප්‍රවේණික සම්පත් වෙත ප්‍රවේශය හා ප්‍රතිලාභ සාධාරණ හා යුක්‌ති සහගත ලෙස සම්-භාවිතය පිළිබඳ නගෝයා සන්ධානය පිළිබඳව ද මෙහි දී අවධානයට ලක්‌ වනු ඇත. මේ සන්ධානය තරමක්‌ මතභේදාත්මක වූවක්‌ සේ සැලකෙන අතර එය බලාත්මක බවට පත් කිරීමට අවශ්‍ය තරම් රටවල් ගණනක්‌ එය මෙතෙක්‌ අපරානුමත කර නොමැත.

ඉහත සමුළුවට පෙර දින පහක්‌ පුරා කාටජෙනා සන්ධානයට අදාළ පාර්ශ්වකරුවන් ගේ හයවැනි සමුළුව හයිද්‍රාබාද් නගරයේ දී පැවැත්වේ. එය විකරණය කරන ලද ජීවීන් පිළිබඳව අදාළ වන ජෛව ආරක්‌ෂණය පිළිබඳ වූ සන්ධානයයි.

http://www.vidusara.com/2012/10/03/feature3.html

ජගත් පරිසර විමසුම 142 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම  
විදුසර (Vidusara), 2012-09-26, පි. 11
Vidusara: http://www.vidusara.com/2012/09/26/feature3.html


විමසුම - දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ උත්සාහය -තත්ත්වය සතුටුදායක ද?
ප්‍රමුඛ පුවත - හීලියම් වායුවත් ක්‌ෂය වීමේ තර්ජනයක්‌
පුවත් සැකෙවින් - ආක්‌ටික්‌ සාගර අයිස්‌ ආවරණයේ අඩු ම මට්‌ටම/ පරිසර පද්ධති ආරක්‌ෂා කිරීමෙන් ප්‍රජාවට යහපතක්‌ සැලසේ/ නව හිම ක්‍රීඩාවක්‌ නිසා පිනිමුවන් අනතුරේ


දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ උත්සාහය -තත්ත්වය සතුටුදායක ද?

ජගත් පරිසර විමසුමේ සතියේ ප්‍රධාන මාතෘකාව ලෙස වැඩි වශයෙන් තෝරාගෙන ඇත්තේ දේශගුණ වෙනස්‌ වීම හා එහි බලපෑම් වැනි කරුණු ය. ඊට මූලික හේතුව වන්නේ දේශගුණ වෙනස්‌ වීම අද ලෝකයේ බරපතළ ම ගැටලුව වීම පමණක්‌ නො වේ. ඒ සම්බන්ධව ගෙන ඇති පියවර එතරම් ප්‍රමාණවත් නො වීම ද මේ සඳහා බලපාන හේතුවයි. විශේෂයෙන් වරින් වර පර්යේෂණ මගින් හෙළි වන ආකාරයට දේශගුණ වෙනස්‌ වීමේ විවිධ බලපෑම් දිනෙන් දින වඩාත් බරපතළ වෙමින් පවතී. මෙවැනි තත්ත්වයක දී ඒ තත්ත්වය වැළැක්‌වීමට ගන්නා උත්සාහයේ ප්‍රගතිය විමසීමට අද දවසේ පරිසර විමසුම වෙන් කරමු.

කියෝටෝ සන්ධානයේ අනාගතය?


කියෝටෝ සන්ධානය, ලෝකය එකඟ වී ඇති හරිතාගාර වායු විමෝචන අඩු කිරීම අරමුණු කරගත් එක ම ක්‍රමවේදයයි. එහෙත් එහි සාර්ථකත්වය පිළිබඳව බරපතළ ගැටලු ඇත. ඒ හරහා හරිතාගාර වායු විමෝචන සැබැවින් ම අඩු වන්නේ ද යන්න ද ගැටලුවක්‌ වූ අතර වඩා වැදගත් කරුණ වූයේ ලෝකය හරිතාගාර වායු විමෝචනයෙන් ගලවාගැනීමට ප්‍රමාණවත් තරම් ප්‍රතිඵලයක්‌ සන්ධානයෙන් ඇති නො වීම ය. මේ අතර කියෝටෝ සන්ධානය මේ වර්ෂාවසානයේ දී අවසන් වීමට නියමිත ය.

කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියර පිළිබඳව පවත්නා ජාත්‍යන්තර සාකච්ඡා මේ වන විට තරමක්‌ දියාරු වී ඇති බව ද පෙනේ. දියුණු වන රටවල් පවසන්නේ එය පෙර මෙන්ම දියුණු කාර්මික රටවලට සීමා විය යුතු බවකි. එහෙත් දියුණු රටවල් පවසන්නේ අනෙක්‌ රටවලට (විශේෂයෙන් වේගයෙන් දියුණු වන රටවලට) පමණක්‌ එය අදාළ විය යුතු බවකි. පසුගිය දා අවසන්වූ බැංකොක්‌ සාකච්ඡාවල දී පෙනී ගිය පරිදි සැලකිය යුතු දියුණු රටවල් ගණනාවක්‌ කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියරකට සම්බන්ධ නො වන බව පෙනේ.

දෝහා සමුළුව හා රට රටවල ප්‍රතිපත්ති

මේ වසර අවසානයේ දෝහාවල දී පැවැත්වෙන ලෝක දේශගුණ සමුළුව සඳහා සූදානම් වන ආකාරය පිළිබඳ වාර්තා ද අපට අසන්නට ලැබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් BASIC රටවල් ලෙස හැඳින්වෙන බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා චීනය යන රටවල් ඉදිරියේ පැවැත්වෙන දෝහා සමුළුවේ දී පොදු ස්‌ථාවරයක්‌ ගැනීමට සූදානම් වන බව දැකගත හැකි ය. මේ පිළිබඳ සාකච්ඡා ද වාර්තා විය. මේ රටවල පොදු මතය සේ සැලකිය හැක්‌කේ කියෝටෝ සන්ධානය 2020 වර්ෂය තෙක්‌ දිගු කිරීම, හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ දී වැඩි වගකීමක්‌ දියුණු රටවලට පැවරීම වැනි කරුණු ය. එහෙත් අවාසනාවකට මෙන් ඇතැම් දියුණු රටවල් ඊට විරුද්ධ ය.

දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව ඇමෙරිකාව අනුගමනය කරන පිළිවෙත් ලෝකය පුරා බොහෝ රටවල මෙන්ම පරිසර අංශවල ද විවේචනයට ලක්‌ ව ඇත. මේ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන බව පෙන්වූ වර්තමාන ජනාධිපති ඔබාමා තම ධූරයට පත් වූ පසු පළමුව ඒ ගැන උත්සාහ ගත්ත ද පසුව ඒ උනන්දුව අඩු ව ඇති බව පෙනේ. එසේ ම ළඟ එන ජනාධිපතිවරණයට විපක්‌ෂයෙන් ඉදිරිපත් ව ඇති අපේක්‌ෂකයා මේ පිළිබඳව එතරම් උනන්දුවක්‌ දක්‌වන අයකු බව නො පෙනේ. කෙසේ වෙතත් මේ වර්ෂයේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව ආර්ථික කරුණු බව පැහැදිලි ය.

අනුහුරු වීමේ වැදගත්කම

දේශගුණ වෙනස්‌ වීමට අනුහුරු වීම ඉදිරි දේශගුණ සාකච්ඡාවල දී වැඩි අවධානයක්‌ යොමු කළ යුතු අංගයක්‌ සේ සැලකිය යුතු බව එක්‌සත් ජාතීන් ගේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ රාමුගත සම්මුතියේ ප්‍රධානී ක්‍රිස්‌ටිනා µqගේරා විසින් සිදු කරනු ලැබ ඇති අදහස්‌ දැක්‌වීමකින් පෙනේ. අප්‍රිකානු රටවල් මේ පිළිබඳ සාකච්ඡාවල දී මුල්තැන ගත යුතු බව පෙන්වා දී ඇත. වර්තමාන දේශගුණ වෙනස්‌ වීමට අඩු ම දායකත්වයක්‌ දක්‌වන්නේ අප්‍රිකානු රටවල් ය. (සමස්‌ත අප්‍රිකානු මහාද්වීපයේ ම හරිතාගාර වායු විමෝචන ලෝකයේ සමස්‌ත වායු විමෝචන අතරින් සියයට 4ක්‌ පමණ තරම් ය.) එහෙත් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ ම බලපෑමට මුහුණ දී ඇත්තේ අප්‍රිකානු රටවල් ය. එපමණක්‌ නො ව, අනුහුරු වීමේ දී අවම ආර්ථික හා තාක්‌ෂණික පහසුකම් ඇති රටවල් ද මේ රටවල් වේ.

වර්තමාන තත්ත්වය හමුවේ අනුහුරු වීම සඳහා වැඩි අවධානයක්‌ යොමු විය යුතු බව සත්‍යයක්‌ වන නමුත්, ඒ හා සමග ම හරිතාගාර වායු විමෝචන සීමා කිරීම කෙරෙහි ද වැඩි අවධානයක්‌ යොමු කළ යුතු වේ. නොඑසේ නම් සිදු විය හැකි බලපෑම වඩා බරපතළ විය හැකි ය.

කාබන් වෙළෙඳපොළ

කාබන් වෙළෙඳපොළ ස්‌ථාවරව පවත්වාගෙන යැම තවත් වැදගත් කරුණකි. මේ වන විට කාබන් මිල ගණන් අඩු වී ඇති බැවින් එය ඉතා වැදගත් ය. 2018 වන විට ඔස්‌ටේ්‍රලියානු කාබන් අලෙවි යාන්ත්‍රණය හා යුරෝපා වෙළෙඳපොළ සම්බන්ධ කිරීමට එකඟතාව පළ වී තිබේ.

මේ අතර වායු විමෝචන අලෙවි යාන්ත්‍රණයක්‌ සකස්‌ කිරීම වැනි ව්‍යාපෘති හරහා තම හරිතාගාර වායු අවම කිරීමට චීනය පසුගිය දා යුරෝපා සංගමය සමඟ එකඟතාවකට පැමිණ ඇති බවක්‌ විදෙස්‌ පුවත් සේවා වාර්තා කළේ ය. ලෝකයේ අංක එකේ හරිතාගාර වායු විමෝචකයකු වන චීනය මෙවැනි පියවරකට එළැඹීම ද වැදගත් ය.


හීලියම් වායුවත් ක්‌ෂය වීමේ තර්ජනයක්‌

හීලියම් වායුව අප බොහෝ දෙනා දන්නේ සාමාන්‍ය වාතයට වඩා බරින් අඩු සැහැල්ලු වායුවක්‌ ලෙසිනි. එහෙත් හීලියම් වායුව මිනිසාට වැදගත් ප්‍රයෝජන රැසක්‌ ලබා දෙන වායුවකි. නිදසුනක්‌ ලෙස සෞඛ්‍ය අවශ්‍යතා සඳහා භාවිත කරනු ලබන එම්ආර්අයි ස්‌කෑනර් යන්ත්‍ර සඳහා හීලියම් වායුව විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. එසේ ම අභ්‍යවකාශ යානාවල ඇතැම් කාර්යයන් සඳහා ද හීලියම් යොදාගනු ලැබේ. මේ අතර හීලියම් පිරවූ බැලුන විවිධ උත්සව අවශ්‍යතා සඳහා ද යොදාගනු ලැබේ. විවිධ අවශ්‍යතා සඳහා හීලියම් සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.

එහෙත් ලෝකයේ ඇති හීලියම් සංචිත සීමාසහිත වේ. ලෝකයේ භාවිතයට ගන්නා හීලියම් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක්‌ ලබා ගන්නේ භූගත නිධිවලිනි. සාමාන්‍යයෙන් ස්‌වාභාවික වායු ලබාගැනීමේ දී අතුරු නිෂ්පාදනයක්‌ ලෙස හීලියම් ලැබේ. ඉන් වැඩි ප්‍රමාණයක්‌ ලැබෙන්නේ ඇමෙරිකාවේ ඇති නිධිවලිනි. රුසියාව වැනි වෙනත් රටවල ද හීලියම් නිධි හමු වී ඇතත් අදින් වසර 30ත් 50ත් අතර කාලයක්‌ ඇතුළත අනාගතයේ දී හීලියම් වායුව ක්‌ෂය වීමෙන් යම් ගැටලුවක්‌ ඇති වීමේ ඉඩක්‌ ඇති බව විද්‍යාඥයන් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් වෙනත් කරුණු නිසා මෑත වසර දෙකක කාලයේ ද හීලියම් වායුවේ මිල ගණන් ඉහළ ගොස්‌ ඇති බව පෙනේ.

මේ අනුව හීලියම් වායුව භාවිතය පිළිබඳව යම් යම් සීමා පැනවීමට අනාගතයේ දී සදු විය හැකි බව පෙන්වා දී ඇත. විශේෂයෙන් මෙවැනි සම්පත් භාවිතයේ දී අදාළ භාවිතවල ඇති තිරසරභාවය හා සබුද්ධිකභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. වාසනාවකට මෙන් බොහෝ විට බැලුන පිරවීම සඳහා යොදාගන්නේ වෛද්‍ය වැනි අංශවලින් බැහැර කරනු ලබන හීලියම් ය. ඒවා ඇතැම් විට වෙනත් වායු සමග ද මිශ්‍ර වී තිබේ.


පුවත් සැකෙවින්
ආක්‌ටික්‌ සාගර අයිස්‌ ආවරණයේ අඩු ම මට්‌ටම

ආක්‌ටික්‌ සාගරයේ පා වන අයිස්‌ ආවරණයේ මෙතෙක්‌ වාර්තාගත අඩු ම මට්‌ටම පසුගිය අගෝස්‌තු 26 දා වාර්තා වූ බව අපි සති කිහිපයකට පෙර මේ තීරුවේ සඳහන් කළෙමු. එහෙත් අයිස්‌ ආවරණයේ ප්‍රමාණය තවදුරටත් අඩු වූ අතර, එහි අඩු ම මට්‌ටම සැප්තැම්බර් 16 වැනි දින වාර්තා වී තිබේ. ප්‍රමාණාත්මකව දක්‌වන්නේ නම් වර්ග කිලෝමීටර් මිලියන 3.41ක්‌ තරම් අඩු මට්‌ටමකට අයිස්‌ ආවරණය පැමිණ ඇත. චන්ද්‍රිකා මිනුම් ලබා ගැනීම ආරම්භ වූ පසු මේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 4ට වඩා අඩු වූයේ පළමු වතාවට වන අතර එය 1979-2000 අතර කාලයේ අයිස්‌ ආවරණය පැවැති සාමාන්‍ය අගය මෙන් අඩක්‌ පමණ තරම් ය.

ආක්‌ටික්‌ සාගරයේ අයිස්‌ අඩු වෙමින් ඇති බව පැහැදිලි ය. මෙහි ඇති කණගාටුදායක තත්ත්වය වන්නේ, මේ අතරතුරේ ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ තිබිය හැකි සම්පත් උකහාගැනීම සඳහා විවිධ සමාගම් උත්සාහ කිරීමයි. එය වෙන ම සාකච්ඡා කළ යුතු කරුණකි.

පරිසර පද්ධති ආරක්‌ෂා කිරීමෙන් ප්‍රජාවට යහපතක්‌ සැලසේ

පරිසර පද්ධති ආරක්‌ෂා කිරීමෙන් ලැබෙන පරිසර පද්ධති සේවා මගින් මානව සමාජයට සැලකිය යුතු යහපතක්‌ සැලසෙන බව පෙන්වා දෙන යුරෝපා සංගමයේ ආයතනයකින් සකස්‌ කළ වාර්තාවක්‌ එහි ඇති වැදගත්කම අවධාරණය කරයි. යුරෝපයේ පරිසර පද්ධති පිළිබඳව සිදු කරන ලද මේ අධ්‍යයනයේ දී විවිධ පරිසර පද්ධති මගින් මානව සමාජයට සැලසෙන සේවා පිළිබඳව සලකා බලා තිබේ. මෙහි දී අවධානයට ලක්‌ වූ සේවා අතර, ජල දූෂණය හා ජලයේ ගුණාත්මක බව ආරක්‌ෂා කරගැනීමට සැලසෙන සේවය, ස්‌වභාව සෞන්දර්යය ලබා දීමෙන් ලැබෙන ප්‍රයෝජන, ශාක පරාගණය මගින් කෘෂිකර්මයට සැලසෙන සහාය වැදගත් අංශ හතරකි.

මේ කරුණු සැලකිල්ලට ගෙන උක්‌ත වාර්තාවෙන් ලබා දෙන මූලික පණිවිඩය වන්නේ පරිසර පද්ධති සේවා ප්‍රවේශයක්‌ ස්‌වාභාවික සම්පත් හා පරිසර පද්ධති සඳහා බලපාන යුරෝපා සංගමයේ ප්‍රතිපත්තිවලට එක්‌ කළ යුතු බව ය. (මූලාශ්‍රය: A spatial assessment of ecosystem services in Europe: Methods, casestudies and policy analysis – Phase 2,www.peer.eu/publications)

නව හිම ක්‍රීඩාවක්‌ නිසා පිනිමුවන් අනතුරේ

හිම සරුංගල් පැදීම නම් ක්‍රීඩාව (Snow-kiting) හෙවත් සරුංගලයක්‌ යොදාගනිමින් සිදු කරන හිම මත ලිස්‌සා යැමේ ක්‍රීඩාව නිසා වනගත ව වෙසෙන පිනිමුවන් (Rangifer tarandus tarandus) අවදානමකට ලක්‌ ව ඇති බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවක්‌ පෙන්වා දෙයි. මෙහි දී අදාළ ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයාට වඩා ඈත සිට දැකිය හැකි සරුංගලයට පිනි මුවන් තැතිගැන්වීම සිදු වේ. මෙහි දී සරුංගලයේ ප්‍රමාණය හා එය ගුවනේ දැකිය හැකි ස්‌වභාවය මත, සිදු වන තැතිගැන්වීම තීරණය වේ.

හිම මත ලිස්‌සා යැමේ (skiing) හා හිම සරුංගල් පැදීම යන ක්‍රීඩා දෙකේ යෙදෙන ක්‍රිඩකයින් හමුවේ මුවන් දක්‌වන ප්‍රතිචාර පිළිබඳව මෙහි දී අධ්‍යයනය කර තිබේ. පිනිමුවන් ගේ හැසිරීම - බිය වීම, පළා යැම, හා කෙතරම් කාලයක්‌ ඒ ප්‍රතිචාරය දක්‌වන්නේ ද යන්න ඔවුන් ගේ අවධානයට ලක්‌ විය. ඒ මත සකස්‌ කරන ලද ආකෘතික අධ්‍යයනයක්‌ වන මින් අනාවරණය වන පරිදි, හිම සරුංගල් පැදීමේ ක්‍රීඩාව නිසා පිනිමුවන්ට සිදු වන බලපෑම, හිම මත ලිස්‌සා යැමේ (skiing) ක්‍රීඩාවට වඩා බරපතළ වේ. ඒ අනුව නෝර්වේ වැනි රටවල ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවත්නා මේ නව ක්‍රීඩාවේ යම් පාලනයක්‌ ඇති කිරීම පිනිමුවන් ගේ පැවැත්ම සඳහා වැදගත් බව පෙනේ. (මූලාශ්‍රයAppliedAnimalBehaviourScience,DOI:10.1016/j.applanim.2012.08.009)

http://www.vidusara.com/2012/09/26/feature3.html

Sunday, October 21, 2012

Can biodiversity be conserved? COP 11 Hyderabad

Dhanesh Wisumperuma
The Nation, 21-10-2012, Fine, p.
http://www.nation.lk/edition/fine/item/11578-can-biodiversity-be-conserved?.html

A fish made out of plastics, symbolic of plastic polluting oceans and coasts.

Biodiversity is a topic which is discussed at various levels of the global environmental agenda – international, national, regional as well as at community level. Biological diversity itself and the values and uses of biodiversity have been recognized during the last few decades. However, a considerable loss of biological diversity is taking place around the world. The rate of loss of biodiversity is high, and the failure of the various conservation efforts leaves us with the question – can biodiversity be conserved?


In October 2010, the world admitted that the effort to achieve the biodiversity target of the Millennium Development Goals – a significant reduction in the rate of biodiversity loss – was missed. Fortunately, a new target was set at the biodiversity summit held in Nagoya, Japan with renewed commitment. Although it was a postponement of targets to a future date, there was no other way to revive the effort to conserve biodiversity. The main result of that summit was the formulation of ‘Aichi Biodiversity Targets’.

This is the major concern of the global meeting on biodiversity conservation that is currently taking place in Hyderabad, India. It is the eleventh Conference of Parties of the Convention on Biological Diversity (COP 11), which is held once in two years. This meeting could be described as the largest gathering or the key meeting related to biodiversity. It is being held with participation of about 10,000 people around the world, including state delegates, NGO representatives, observers as well as community representatives.

Result of Hyderabad?

Hyderabad summit is the first such meeting of the convention, after the Aichi Targets were agreed upon as well as the first after the Decade of Biodiversity, launched in 2011. This is an opportunity to evaluate the progress of the conservation effort as well as to rethink where the world stands. The discussions on certain issues are ongoing and it is too early to say what the outcome of the summit could be.

Meanwhile, there was a number of burning issues discussed at other forums such as side events, which are held parallel to the meeting, such as threats to biodiversity, difficulty and success stories in achieving some of the Aichi Targets. For instance, it was shown that some developing countries are able to increase the forest cover while it is not the same in other countries. For instance, Costa Rica has been able to increase their forest cover from 21 percent to 52 percent between 1987 and 2012.

A widely discussed topic during the side events was the agro-biodiversity and the threats faced by the sector. Crop diversity and the rights for seeds and commercialization of agriculture could eventually reduce the diversity of crops and thereby diversity of food. The world renowned environmentalist Vandana Shiva pointed out that the monoculture threatens crop diversity as well as food security. She also pointed out that people have to eat food made out of crop to protect the diversity of those crops, as lack of cultivation could cause the extinction.

The COP 11 is a showcase of successful initiatives of sustainable use of biodiversity, some of which are community led initiatives. These success stories included some innovative measures as well as use of traditional technology – some Indian examples were exhibited at the exhibition titled ‘Biodiversity Haat’. Meanwhile the international examples that were recognized by the award of The Equator Prize presented their achievements to a global level audience. Three organizations from Sri Lanka have won the award since 2004.

Funding for conservation

Funding needed for biodiversity conservation is an issue that has been under consideration for a long period. It is among the Aichi Targets as well as among the major causes of the failure in conservation efforts. A recently released research study pointed out that an annual amount of $ 76.1 billion is required to protect threatened species and protected areas in the world. It is also mentioned that this sum is not a huge amount as the world spends five times that amount on soft drinks in a year. However, the authors say that conservation funding needs to be increased at least enough to meet the target.

Meanwhile, addressing the high level segment of the COP 11, Indian Prime Minister, Dr Manmohan Singh said, “I am pleased to launch the Hyderabad Pledge and announce that our government has decided to earmark a sum of $50 million during India’s presidency of the Conference of Parties to the Convention on Biological Diversity to strengthen the institutional mechanism for biodiversity conservation in India.” He expected that other countries will follow a similar action.

What are Aichi Biodiversity Targets?
Aichi biodiversity targets are a set of 20 targets gathered to five strategic goals to be achieved in 2020. The world agreed in 2010 at the biodiversity summit held in Nagoya, in Aichi Prefecture, Japan, where the world agreed that they were unable to achieve the Millennium Development Goal targets related to biodiversity, despite the global efforts of biodiversity conservation. All countries of the world as well as the civil society are working to achieve these targets.

The themes of the Aichi targets could be summarized as follows:
1. Increase of awareness
2. Integration of biodiversity values into strategies, planning processes, etc
3. Reforming incentives including subsidies
4. Sustainable consumption and production
5. Halving the rate of loss of all natural habitats
6. Sustainable management of marine living resources
7. Sustainable agriculture, aquaculture and forestry
8. Reduction of pollution
9. Prevention and control of invasive alien species
10. Reduction of the pressures on vulnerable ecosystems
11. Increase and the improvement of Protected Areas
12. Prevention of the extinction
13. Maintenance of genetic diversity
14. Safeguarding ecosystems and essential services
15. Restoration of ecosystems and enhancing resilience
16. Nagoya Protocol in force and operational
17. Adoption of National Biodiversity Strategy and Action Plans as policy instrument
18. Respecting traditional knowledge
19. Improvement, sharing and application of Knowledge
20. Increase of all financial resources
(Go to www.cbd.int/sp/targets/ for detailed targets)

http://www.nation.lk/edition/fine/item/11578-can-biodiversity-be-conserved?.html